සුසන්ත ශාන් හළඹ
(ලංකා ඊ නිව්ස් -2015.ඔක්.30)
ව්‍යාපාරික ලෝකයේ ඔස්කා සම්මානය සේ සැලකෙන ‘ස්ටීවි‘ රන් සම්මානයකින් ශ්‍රී ලාංකිකයෙකු පිදුම් ලබයි..!
ලෝකයේ සිනමා සම්මාන අතර අග්‍රගන්‍ය සම්මානය ලෙස ඔස්කා සම්මානය පිලිගැනෙනවා සේ ලෝකයේ ව්‍යාපාරික සම්මාන අතර ඔස්කා සම්මානය ලෙස ගණන් ගැනෙන සම්මානය වන්නේ ‘ස්ටීවි‘ සම්මානයයි. පසුගියදා පැවැති ස්ටීවි සම්මාන උළෙලේදී වසරේ හොඳම විධායකයාට හිමි ස්ටීව් රන් සම්මානය ලබා ගැනීමට ශ්‍රී ලාංකිකයෙකු සමත් වී තිබේ.
ඇමරිකාවේ සේහින්ස් ලින්ක් ජාත්‍යන්තර සමාගමේ සහ රියෝකොකෝ ලංකා පුද්ගලික සමාගමේ ප්‍රධාන ව්‍යවසායක වන සුසන්ත ශාන් හළඹ මහතා 2015 වසරේ නිෂ්පාදන අංශයේ හොඳම විධායක කළමණාරනයට හිමි ස්ටීවි රන් සම්මානයෙන් පිදුම් ලැබීමට වාසනාවන්ත වී තිබේ. මෙම සම්මානයක් හිමිකරගත් ප්‍රථම ශ්‍රී ලාංකිකයා ද ශාන් හළඹ මහතා ය.
පසුගිය ඔක්තෝම්බර් 23 දා කැනඩාවේ ටොරන්ටෝ හි රිට්ස්-කාල්ටන් හෝටලයේ දී මෙම සම්මාන ප්රදානෝත්සවය අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණ. ‘ස්ටීවි‘ යන නාමය මෙම සම්මානයට දී ඇත්තේ ‘අභිෂේක‘ යන ග්‍රීක අර්ථය අනුවය. අප පෙර කීවා සේම ලෝකයේ ප්‍රමුඛතම ජාත්‍යන්තර ව්‍යාපාරික සම්මාන උළෙල මෙයයි. විවිධ කාණ්ඩ හා ප්රමාණවල ව්‍යාපාර හා ඒවා නගා සිටුවීමට කැපවෙන කළමනාකරන කාර්ය මණ්ඩලයන්ගේ කාර්යයන් අගය කරමින් මෙම සම්මාන ප්රදානය සිදු කෙරේ. මෙවර සම්මාන සඳහා රටවල් 60 කින් අපේක්ෂකයන් 3700 ක ගේ පමණ නාමයෝජනා විවිධ ජාත්‍යන්තර සමාගම් විසින් ඉදිරිපත් කර තිබිණ. මෙම සම්මාන උළෙලේ වඩාත්ම වැදගත් සාධකය නම් විනිසුරු මඩුල්ලට 200 කට අධික ජාත්‍යන්තර විනිසුරුවරුන් සහභාගී වීමයි. එවන් තරඟකාරී තත්ත්වයකින් ශ්‍රී ලාංකිකයෙකුට සම්මානයක් ලැබීම සත්‍ය වශයෙන්ම රටක් ලෙස සියළු ශ්‍රී ලාංකිකයන් සතුටු වන කාරණයක් වනවාට සැකයක් නැත.
ස්ටීවි සම්මාන උළෙලේ සංවිධායක මණ්ඩලයේ සභාපති මයිකල් ගැලිගර් අතින් ශාන් හලඹ මහතාට සම්මාන පුදමින් විනිසුරුවරුන් හළඹ මහතා අගය කරමින් මෙසේ කියා තිබිණ. ඇමරිකා එක්සත් ජනපදයේ වැඩි වන ආහාර අර්බුදයට පිළියමක් ලෙස ශ්‍රී ලංකාවේ වගා ක්‍රම උපයෝගී කර ගත හැකි බවත් හළඹ මහතා තම භාණ්ඩ නිපදවා සංවර්ධනය කර දැනට රටවල් 30 කට අධිකව බෙදා හරිමින් ජාත්‍යන්තර ව්‍යාපාර ජාලයක් බිහි කිරීමට සමත්ව ඇති බවත් ඔහු අති විශිෂ්ඨ තරුණ ව්‍යවසායකයෙක් බවත් විනිසුරුවරුන් කියා තිබිණ.
ඇමරිකාවේ පිහිටුවා ඇති ලංකාවේ කර්මාන්ත ශාලා ඇති ශාන් හළඹ මහතාගේ සේහින්ස් ලින්ක් ජාත්‍යන්තර සමාගම සහ රියෝකොකෝ ලංකා පුද්ගලික සමාගම විසින් ලොව පුරා ඇති හරිතාගාර, සිරස් වගා සහ නාගරික ගොවිපොලවල් සඳහා පොල් කැබලි හා කොහු බත් ආශ්රිත වගා මාධ්‍යයක් බෙදා හරී.
ශාන් හළඹ මහතා මීට පෙරද විවිධ සම්මාන වලින් පිදුම් ලබා තිබේ. 2015 සැප්තැම්බර් මාසයේදී ශ්‍රී ලංකාවේ පිහිටුවා ඇති රියෝකොකෝ සමාගමට ජාතික අපනයන කරුවන්ගේ මණ්ඩලය විසින් හොඳම අපනයනකරු සහ අගයන් එකතු කළ කෘෂිකාර්මික අපනයන නිෂ්පාදන සඳහා ද්විත්ව රන් සම්මාන පිරිනැමුවේය. තවත් වරෙක ටෙක්සාස් ප්‍රාන්තයේ වසරේ හොඳම ජාත්‍යන්තර ව්‍යාපාරිකයා ලෙස සම්මානයෙන් පිදුම් ලැබුවේය. තවත් වරෙක ටෙක්සාස් ප්‍රාන්තයේ සුළු ජාතික ව්‍යාපාර නියමුවා ලෙසද අති විශිෂ්ඨ තරුණ ව්‍යවසායකයා ලෙසද සම්මාන වලින් පිදුම් ලැබුවේය.
දේශපාලන තල්ලු නැතිව, මහා විශාල ව්‍යාපාරික පරම්පරා ද නැතිව තනිව ව්‍යාපාර ලෝකය ජයගන්නේ කෙසේද යන්න ගැන තවම වයස අවුරුදු 40 ක් හෝ සපුරා නැති සුසන්ත ශාන් හළඹ මහතාගෙන් තරුණ ශ්‍රී ලාංකික ව්‍යවසායකයන්ට ලබා ගත හැකි ආදර්ශ බොහෝ ය. ලංකා ඊ නිව්ස් ඔහුට සුබ පතන්නෙමු..!

Last edited: