සුසුකි මෝටර් රථ
සුසුකි මෝටර් රථ ඉතිහාසය
ජපන් මෝටර් රථ නිෂ්පාදකයා වන සුසුකි මෝටර් රථ සමාගමට වසර108 ක කාලය තුළ දිවෙන පොහොසත් ඉතිහාසයක් ඇත.සුසුකි ඉතිහාසය ආරම්භයේ සිටම එම සමාගම විශ්වාසනීය මෝටර් රථ සපයන්නෙකුලෙස හඳුනාගෙන තිබේ.මුල් කාලයේ කුඩා පවුල් ව්‍යාපාර ලෙස ආරම්භ කරන ලද එය අද ජාත්‍යන්තර සමාගමක් ලෙස බවට පත්ව ඇත.
1902 දී සුසුකි සමාගම Michio Suzuki මගින් සංස්ථාගත කරන ලද අතර මුලදී එය 'සුසුකි ලූම් වැඩ'(Suzuki Loom Works’) ලෙස හඳුන්වන ලදී.ජපානයේ සේද කර්මාන්තය සඳහා ලූම් නිෂ්පාදනය කළේය.සමාගම විශාලෙස සාර්ථක වූ අතර1920 දී සමාගම ප්‍රතිසංවිධානයකර ප්‍රධාන විධායක ලෙස Michio Suzuk පත් වූ අතර ' සුසුකි ලූම් නිෂ්පාදනය' ලෙස සංස්ථාගත කරන ලදී.1922 වන විට එම සමාගම නව සොයාගැනීම් හේතුවෙන් සහ කොටස් වෙළඳපල තුල සිය සුපිරි ගුණාත්මකභාවය නිසා ඊටත් වඩා වර්ධනය වී ඇත.
වසර ගණනක් සමාගම අඛණ්ඩව ලූම් නිෂ්පාදනය පවත්වාගෙන ගිය අතර 1942 දී එම සමාගම Kami-Mura හි තමන්ගේම නිෂ්පාදන බලාගාරයකට ද හිමිකම් කීය.වර්ෂ 1942 දී දෙවන ලෝක යුද්ධය නිසාවෙන් සමාගමට බරපතල හානි සිදුවූ අතර 1945 දී ඔවුන්ගේ කාර්‍ය්‍යාලය වෙනත් ස්ථානයක් වෙත මාරු කිරීමට සිදුවිය.වර්ෂ 1950 දී කම්කරු දුෂ්කරතා සහ මූල්‍ය දුෂ්කරතා හේතුවෙන් සමාගම ලූම් නිෂ්පාදනය නවතා දැමූ අතර මෝටර් රථ නිෂ්පාදනය සඳහා ප්‍රවාහන වෙළෙඳපලට ඇතුල්විය.
ඒ අනුව 1952 දී සමාගම යතුරු පැදි කර්මාන්තයට ද ඇතුල්වී Power Free සහ Diamond Free යතුරැපැදි හඳුන්වා දෙන ලදී.ඉන් වසර දෙකකට පසු සමාගම 'Suzuki Motor Co' ලෙස සිය නම වෙනස් කළේය.අවසානයේ සමාගම වාහන නිෂ්පාදන කර්මාන්තය පිළිබඳ අවධානය යොමු කිරීමට තීරණය කළ අතර1955 දී එම සමාගම සිය පළමු මෝටර් රථය ලෙස Suzulight මෝටර් රථය හඳුන්වා දුන්නේය.
සිය පළමු මෝටර් රථයේ සාර්ථකත්වයත් සමඟ ඔවුන් සිය ආයතනික ලාංඡනය ලෙස 'S' ලකුණ සම්මත කලේය.1959 දී සමාගම විසින් Suzulight 360cc,2-Cycle වර්ගයේ කුඩා වාණිජ මෝටර් රථ ද හඳුන්වා දුන් අතර අනෙක් අතට යතුරැපැදි නිෂ්පාදනය ද එලෙසම පවත්වා ගෙන ගියේය.එහි ප්‍රථිඵලයක් ලෙස විදුලි පණගැන්වීම් සහිත ප්‍රසිද්ධ Colleda Sel Twin 125cc යතුරැ පැදිය හඳුන්වා දුනනේය.ඉන් වසර කිහිපයකට පසු සමාගම සැහැල්ලු ට්‍රක් රථ සඳහා Toyokawa, Aichi ශාඛාවක් ස්ථාපිත කරන ලදී.ඒ අනුව සුසුකි වාණිජ මෝටර් රථ නිෂ්පාදනය ද ආරම්භ විය.1960 දශකය පුරාම සමාගමේ යතුරු පැදි අංශයේ ද ඉතා සාර්ථක වූ අතර නව යතුරැපැදි බොහෝමයක් හඳුන්වා දෙන ලදී.1967 දී ටූ-ස්ට්‍රෝක් වර්ගයේ කුඩා මෝටර් රථයක් වූ ප්‍රසිද්ධ Fronte 360cc හඳුන්වා දෙන ලද අතර ඒ අනුව1970 දී සමාගම විසින් Kosai, Shizuoka හි මෝටර් රථ නිෂ්පාදන බලාගාරයක් ඉදි කිරීමට තීරණය කරන ලදී.එම වසරේදීම සමාගම පළමු දේශීය 4 × 4 කුඩා කාර් රථයක් වූ LJ10 නිෂ්පාදනය කල අතර එය 360cc සිලින්ඩර දෙකේ වායූ සිසිලනය සහිත ටූ-ස්ට්‍රෝක් වර්ගයේ එන්ජින්මකින් සමනවිත විය.වර්ෂ 1972 දී සමාගම අමතර කොටස් විකිණීමට තීරණයකල අතර සුසුකි අමතර කොටස් නිෂ්පාදන සමාගම පිහිටුවීම මගින් ඊටත් වඩා එහි ව්‍යාපාර පුළුල් කෙරුණි.කෙසේ වෙතත්1975 වන විට මෝටර් රථය වායු විමෝචන රෙගුලාසි වලට අනුකූල ප්‍රමාදයන් සමග සමාගම බොහෝ දුෂ්කරතාවයන්ට මුහුණ දීමට සිදුවිය.
වර්ෂ 1976 දී සුසුකි එහි නව ටූ-ස්ට්‍රෝක් වර්ගයේ මෝටර් රථයක් වූ Fronte 7S 450cc කුඩා කාර් රථයක් සහ GS කාණ්ඩයේ යතුරු පැදි මාලාවක් නිකුත් කරන ලදී.ඉන් වසරකට පසු සියලුම කාලයන්ට ප්‍රසිද්ධ Cervo 550cc කුඩා මෝටර් රථය නිවේදනය කරන ලද අතර එය ප්‍රසිද්ධ LJ80 ෆෝර්-ස්ට්‍රෝක් 800cc ජල සිසිල් එන්ජිමකින් සමන්විත විය.1979 දී සුසුකි ඇල්ටෝ ටූ-ස්ට්‍රෝක් මෝටර් රථය නිවේදනය කරන ලදී.
සුසුකි මෝටර් රථ ලොව පුරා සාර්ථක ලෙස පැතිර යාමත් සමඟ ජපානයේ ඉහළ මෝටර් රථ නිෂ්පාදකයන් අතර 7 වන ස්ථානයට සුසුකි මෝටර් රථ සමාගම ඔසවා තැබීමට සමත්විය.1980 දී Suzuki Australia Private Limited සමාගම ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නගරයේ සංස්ථාගත කරන ලදී.ඊළඟ වසරේ දී ඔවුන්ගේ ඒකාබද්ධ අලෙවිය යෙන් බිලියන 500 ක් ඉක්මවාලූ අතර නව Jimmy 4 × 4 කුඩා මෝටර් රථය හඳුන්වා දෙන ලදී.
1982 දී සමාගම විසින් ඉන්දියාවේ මරුටි Maruti Udyog Limited in India සමඟ ගිවිසුම්ගත ඒකාබද්ධ ව්‍යාපාරයක් ආරම්භකර දැන් ජනප්‍රිය 'මරුටි සුසුකි' ලෙස හැඳින්වෙන මෝටර් රථය නිර්මාණය කරන ලදී.එම වසරේ දීම මේ ආකාරයටම Pakistan Automobile Corporation (PACO) සමඟ ගිවිසුමක් අත්සන් කර පකිස්ථාන් සුසුකි ස්ථාපිත කරන ලදී.1983 දී සංයුක්ත මෝටර් රථ සඳහා දෙවන මෝටර් රථ බලාගාරය Kosai, Shizuoka හි ඉදිකර Mighty Box 550cc හඳුන්වා දෙන ලදී.
ඉන් වසර දෙකකට පසු American Suzuki Motor Corporation ස්ථාපිත කරන ලද අතර ඇල්ටෝ දෙවැනි පරම්පරාවේ විකුණුම් ඒකක මිලියනයක් ඉක්මවා තිබිණ.මීට අමතරව සමාගම ස්පාඤ්ඤයේ සන්ටානා(Santana,Spain)හි මෝටර් රථ නිෂ්පාදනය ආරම්භ කළේය.
1986 දී සුසුකි කැනඩාවේ ජෙනරල් මෝටර්ස් සමග ගිවිසුමකට අත්සන් තබා ඒකාබද්ධ ව්‍යාපාර සමාගමක් පිහිටුවන ලදී.ඉන් වසරකට පසු ඔවුන්ගේ වාර්ෂික ගෝලීය මෝටර් රථ අලෙවි ජපානයේ ඒකක මිලියනයක් සහ මෝටර් රථ අපනයන ඒකක මිලියන දෙක ඉක්මවිය.මීට අමතරව ප්‍රසිද්ධ මෝටර් රථ වන Cultus, Swift, Escudo සහ Vitara ද හඳුන්වා දෙන ලදී.මේ කාලය තුළ දී සියලුම සුසුකි මෝටර් රථ ලොව පුරා විශාල සාර්ථකත්වයක් අත්කරගත්තේය.
1990 දී සමාගම Suzuki Motor Corporation ලෙස එහි නම වෙනස් කළ අතර ඒකාබද්ධ අලෙවි යෙන් ට්‍රිලියනයක් දක්වා ළඟාවිය.1994 වන විට ජපාන සමාගම විසින් අලෙවි කල සමස්ථ මෝටර් රථ විකුණුම් ඒකක මිලියන 10 ඉක්මවාලීය.ඉන් වසරකට පසු සමාගමේ වාර්තා බිඳ දමමින් එහි අලෙවිය තවත් වැඩි වූ අතර නව සියවස ආරම්භයේ දී එනම්,2000 දී සුසුකි සමාගම එහි 80 වැනි සංවත්සරය සැමරීය.
2003 දී එම සමාගමේ සමස්ථ විකුණුම් ඒකක ගණන මිලියන 30 ක් ඉක්මවූ අතර එම වසරේ දීම සුසුකි දෙවැනි පරම්පරාවේ Swift මෝටර් රථ සඳහා එහි නව සංකල්පයක් හඳුන්වා දී ඇත.2009 දී එම සමාගම සිය 100 වැනි සංවත්සරය සැමරෑ අතර ප්‍රසිද්ධ පිකප් ට්‍රක් රථ යුරෝපයට හඳුන්වා දෙන ලදී.2012 වසරේදී සමාගම විසින් Intelligent Energy of Loughborough සමග වාණිජ මෝටර් රථ
සඳහා ශූන්‍ය වායු විමෝචක කඩිනම් කිරීමේ ගිවිසුමකට අත්සන් තබන ලදී.
අද සුසුකි ලෝකයේ විශාලතම මෝටර් රථ නිෂ්පාදකයන් එකකි.ලෝකයේ ප්‍රධාන මෝටර් රථ වෙලඳපොලවල් තුල සිය ව්‍යාපාර ව්‍යාප්ත කර ඇති අතර එම සමාගම මෝටර් රථ 2,878,000 හා ATVs හා යතුරු පැදි 2,269,000 කට වඩා වාර්ෂික නිෂ්පාදන අනුපාතය ඇත.මීට අමතරව Suzuki China, American Suzuki Motor, Suzuki Canada, Pak Suzuki Motor, Magyar Suzuki and Maruti Suzuki ලෙස සමාගමේ බද්ධ ව්‍යාපාර රාශියක් ද ඇත.
සුසුකි ඉතිහාසය දැක ගැනීමට හැකි වන පරිදි එම සමාගම ඉතා බුද්ධිමත්ව කටයුතු කළේය.ලූම් නිෂ්පාදනයේ සිට එම සමාගම දැන් ලොව ප්‍රමුඛ පෙළේ සහ ඉහල මෝටර් රථ නිෂ්පාදකයන්ගෙන් එකක් බවට පත්ව ඇත.
(චන්ද්‍රසිරි ජයවික්‍රම විසිනි)
(03/10/2017)