"සුහුරුපාය" දක්වා අතුරු මාර්ගයක්
මේ දවස්වල ඉතින් රාජගිරිය දිහාට යන්න යන වෙලාව දන්නවනේ.. පට්ටම එපා වෙනවා උදේට..
බලමුකෝ මේක වේවිද කියල ඉක්මනට....
බත්තරමුල්ල මංසන්දියේ පවතින දැඩි මාර්ග තදබදය සැලකිල්ලට ගෙන පොල්දූව මංසන්දියේ සිට "සුහුරුපාය" පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තු ගොඩනැගිල්ල දක්වා ඉදිකරනු ලබන අතුරු මාර්ගය උඩුමුල්ල මංසන්ධිය දක්වා දීර්ඝ කිරීමට රජය තීරණය කොට ඇති අතර ඒ සඳහා රුපියල් මිලියන 250ක් වෙන් කොට තිබේ.
මෙම ව්‍යාපෘතියේ මුල් අදියර වන පොල්දූව මංසන්ධියේ සිට "සුහුරුපාය" පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තු ගොඩනැගිල්ල දක්වා ඉදිකිරීමට කැබිනට් මණ්ල අනුමැතිය අනුව නාගරික සංවර්ධන අධිකාරියෙන් රුපියල් මිලියන 167ක් ද මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යංශ "සුඛිත පුරවර" වැඩසටහන හරහා රුපියල් 400ක් ද වෙන් කොට ඇත.
රජයේ ප්‍රතිපත්තිමය තීරණයකට අනුව කොළඹ නගරය තුළ පිහිටා ඇති සියලු රාජ්‍ය ආයතන බත්තරමුල්ල, ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පරිපාලන නගරය තුළ ප්‍රතිස්ථාපනය කිරීමට යෝජිතව ඇත. මේ අනුව බත්තරමුල්ල හා තදාසන්න ප්‍රදේශවල කඩිනම් දියුණුවක් සිදුවෙමින් පවතින අතර ඒ සඳහා අවශ්‍ය මාර්ග ගමනාගමන වැනි යටිතල පහසුකම් සැපයිය යුතුව ඇත.
මෙම කඩිනම් සංවර්ධනය සැලකිල්ලට ගෙන නාගරික සංවර්ධන අධිකාරිය මගින් බොරැල්ල - කඩුවෙල මහාමාර්ගයට සමාන්තව තවත් මාර්ගයක් යෝජනා කර ඇත. තවද, කැලණි පාලමේ සිට පිටත වටරවුම් මාර්ගය දක්වාද මාර්ගයක් යෝජනා කර ඇත. මෙම මාර්ග පද්ධිතයේ ප්‍රථම අදියර ලෙස කිලෝමීටර් 4ක් දිග මාර්ගයක් පොල්දූව මංසන්ධියේ සිට කොස්වත්ත මංසන්ධිය දක්වා යෝජනා කර ඇත. මෙම මාර්ගය මගින් විගණකාධිපති දෙපාර්තමේන්තුව, ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව, සුහුරුපාය ගොඩනැගිල්ල, වෝටර්ස් එජ් හෝටලය, මහාමාර්ග අධිකාරියේ ගොඩනැගිල්ල හා සෙත්සිරිපාය අදියර 111 යෝජිත ගොඩනැගිල්ල සඳහා පහසු ප්‍රවේශයක් ලබාගත හැකිය.
උපුටාගැනීමකි..
http://sinhala.news.lk/news/world-3/item/20411-2016-11-18-09-42-01