සුළි-කුණාටුව

signshop

Well-known member
  • May 30, 2011
    12,163
    8,873
    113
    Dubai
    අද පෙරවරු 11.30ත් 11.40ත් අතර කාලයේ දී යාපනයට සුළිකුණාටුව එල්ල විය හැකි බව ඇමෙරිකානු නාවික හා ගුවන් එකාබද්ධ ආපදා අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය අනතුරු අඟවයි.

    යාපනයේ සිට මුලතිව් දක්වා වන වෙරළ තීරයේ ජීවත්වන ජනතාව වෙත ඇති වී ඇති කාලගුණික අවදානම හේතුවෙන් මීටර් 100ක් ගොඩබිම තුළට හැකි ඉක්මණින් යන ලෙසට ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය අනතුරු අඟවා තිබේ. බෝට්ටු, වාහන හා සිය වටිනා භාණ්ඩ ද හැකිතාක් ගොඩබිම තුළට රැගෙන යන ලෙසට එම මධ්‍යස්ථානයේ මාධ්‍ය අධ්‍යක්ෂ සරත් ලාල් කුමාර මහතා ඉල්ලීමක් කර සිටියි.

    මන්නාරම සිට කන්කසන්තුරේ හරහා මුලතිව් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප‍්‍රදේශවල සුළං වේගය පැයට කිලෝමීටර් 100කට අධික තද සුළං සහිත සුළි සුළං තත්ත්වයක් බලපෑ හැකි බව කාලගුණ විද්‍යා දෙපාරතමේන්තුව අනතුරු අඟවා තිබේ. එමෙන්ම උතුරු නැෙඟනහිර ප‍්‍රදේශවලට මිලිමීටර් 200කට අධික වැසි ඇති විය හැකි බව ද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

    ගැඹුරු පීඩන අවපාතය තවමත් ත‍්‍රිකුණාමලය සිට කි.මි. 200ක් පමණ නැගෙනහිර දෙසින් පවතී. එය අද දිනයේ යාපනය අර්ධද්වීපය හරහා හෝ ඉතා ආසන්නයෙන් ගමන් කරනු ඇති බවට අපේක්ෂා කෙරේ.

    එ ආශ‍්‍රිත ජනතාව හැකි ඉක්මණින් ගොඩබිම දෙසට යන ලෙසට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දෙයි.


    640x546_01042055_india.jpg



    Source: Rivira
     
    Last edited: