සුළි සුළඟක උපත

saturn

Well-known member
  • Mar 21, 2015
    5,343
    9,107
    113
    Around the world
    සුළි සුළඟක උපත

    සුළි සුළඟක් ලෙස හැඳින්වෙන්නේ වායුගෝලයේ අඩු පීඩන ප්‍රදේශයක මධ්‍ය ලක්ෂයන් වටා කරකැවෙන සර්පිලාකාර සුළං රටාවකි. මෙම සුළි සුළඟ ඇතැම්විට ඉතාමත් ප්‍රබල විය හැකිය. හානි රැසක් ඇති කල හැකිය.
    cyclone.jpg


    [FONT=&quot]සුළි සුළඟක් හටගන්නා ප්‍රදේශය අනුව එනම් එහි උපත සිදුවන ප්‍රදේශය අනුව විවිධ නම් වලින් හැඳින්වේ. ඒ අනුව බෙංගාල බොක්කේ හටගන්නා සුළි සුළං නිවර්ථන සුළි සුළං නමි. උතුරු පැසිපික් සාගරය ආශ්‍රිතව හටගන්නා සුළි සුළං ටයිෆුන් සුළි සුළං නම්වේ. උතුරු අත්ලාන්තික් සාගරය ආශ්‍රිතව හට ගන්නා සුළි සුළං හරිකේන් නම් වේ. ටෝනේඩෝ නම් වූ සුළි සුළං ගොඩබිම් ප්‍රදේශයකට පමණක් බලපායි.[/FONT]
    [FONT=&quot]පෘථිවියේ උතුරු අර්ධ ගෝලයේ හටගන්නා සුළි සුළං වාමාවර්තව ද දකුණු අර්ධගෝලයේ හටගන්නා සුළි සුළං දක්ෂිණාවර්තව ද භ්‍රමණය වේ.[/FONT]
    [FONT=&quot]සුළි සුළඟක් ඇති වීමට බලපාන හේතු කිහිපයකි. ‍ඒවා නම්, මුහුද මතුපිට උෂ්ණත්වය සහ ගැඹුර මීටර් හැට දක්වා ජලයෙහි උෂ්ණත්වය 26 [/FONT][FONT=&quot]C [/FONT][FONT=&quot]ට ‍වැඩිවීම, පද්ධතිය වර්ධනය වන ස්ථානය සමකයට අංශක 3 ක් හෝ ඊට වැඩියෙන් උතුරට හෝ දකුණටත් බරව පිහිටා තිබීම හා පොළව මතුපිට සිට කිලෝමීටර 7 – 8 දක්වා ඉහළට වායුගෝලයේ ආර්ද්‍රතාවය 60% ට වැඩි වීම.[/FONT]
    [FONT=&quot]නිවර්තන සුළි සුළඟ සැලකූ විට එය වර්ධනය වන්නේ සමකය ආසන්නයේ උණුසුම් මුහුදු ප්‍රදේශවලය. මෙහිදී සූර්යතාපය හේතුවෙන් මුහුද මතු පිට ඇති වාතය රත්වී ඉහලට ගමන්කරයි. එවිට එහි අඩු පීඩන ප්‍රදේශයක් හට ගනී. එමෙන්ම රත්වූ වාතය සමඟ ජල වාෂ්ප ඉහලට ගමන් කර ඝනීභවනය වී වළාකුළු ඇති කරයි. අවට ප්‍රදේශයෙන් මෙම අඩු පීඩන කේන්ද්‍රයට ‍වාතය ගලා එන අතර පෘථිවියේ භ්‍රමණය හේතුවෙන් ගලා එන වාතය සර්පිලාකාරව ගමන් කරමින් සුළි සුළඟක් ඇතිවේ.[/FONT]
    [FONT=&quot]සුළි සුළඟක් වර්ධනය වීම අවධි කිහිපයකින් සිදු විය හැක. පලමු වැන්න අඩු පීඩන ප්‍රදේශයයි. එහි උපරිම සුළං වේගය පැයට කිලෝමීටර 35 කට අඩුය. මෙමඟින් ගස්වලට හා වගාවන්ට හානි විය හැකිමුත් විශාල හානි ඇති නොකරයි. නිවාස හානි අඩුයි‍.[/FONT]
    [FONT=&quot]දෙවන අවධිය පීඩන අවපාතයයි. මෙහිදී සුළගේ උපරිම වේගය පැයට කිලෝමීටර 35 -65 පමණ වේ. මෙමඟින් නිවාස වලට සුළු හානි ඇති කල හැකිය. නමුත් වගාවන්ට සැලකිය යුතු හානි ඇති කරයි.
    [/FONT]
    cyclone2.jpg

    [FONT=&quot]තුන්වන අවධිය සුළි කුණාටුවයි. මෙහිදී සුළ‍ඟේ උපරිම වේගය පැයට කිලෝමීටර 65 – 125 අතර වේ. නිවාස වලට තරමක හානියක් ඇති කරන අතර විදුලි පද්ධතියට ද හානි ඇති කරයි.[/FONT] [FONT=&quot]හතර වන අවධිය සුළි සුළං වන අතර එහිදී පැයට කිලෝමීටර 125 ය වඩා වැඩි වූ සුළං වේගයක් දැකිය හැකිය. නිවාසවලට තදබල හානි ඇතිකරයි‍. විදුලි පද්ධතියට ද විශාල හානි ඇති කරයි.[/FONT]
    [FONT=&quot]ශ්‍රී ලංකාවට වැඩිපුරම සුළි සුළං බලපානුයේ නොවැම්බර් හා දෙසැම්බර් මාස වලය.[/FONT]
    [FONT=&quot]සුළි සුළං ආපදාවට ලක්විය හැකි ප්‍රදේශයක ජීවත් වන්නේ නම් නිවසේ වහල හොඳින් සවිකර ඇද්දැයි සොයා බැලීම, එය ශක්තිමත්ව සවිකර ගැනීම, අනතුරු දායක ගස් කපා ඉවත් කිරීම , සුළි සුළඟක් ඇති වීම නිසා විය හැකි මුහුද ගොඩගැලීමකින් හෝ ගංවතුරකින් ද ආරක්ෂාව සැපයිය හැකි උස් ස්ථාන හඳුනා ගෙන සිටීම, අවශ්‍ය විටකදී රැගෙන යාමට හැකි පානීය ජල බෝතල්, ප්‍රථමාධාර ද්‍රව්‍ය, වියළි ආහාර ද්‍රව්‍ය, පොරවන රෙදි, බැටරියෙන් ක්‍රියාකරන කුඩා රේඩියෝවක්, බැටරි යෙදූ විදුලි පන්දම, ගිනිපෙට්ටි හා ලන්තෑරුමක් වැනි ද්‍රව්‍ය අඩංගු ආපදා මල්ලක් සකස් කර තැබිය යුතුය.[/FONT]
    [FONT=&quot]සුළි සුළං අනතුරු ඇඟවීමක් කර ඇත්නම් හා ඉවත් වීමේ අනතුරු ඇඟවීමක් කර ඇත්නම් තද සුළඟක් හෝ ජල ගැලීම් ඇති වීමට පෙර එම ප්‍රදේශයෙන් ඉවත් විය යුතුය. ඉවත් වීමට පෙර විදුලිය විසන්ධි කළ යුතුය.[/FONT]
    [FONT=&quot]ඉවත්වීමේ අනතුරු ඇඟවීමක් කිරීමට පෙර සුළිසුළඟක් ඇතිවූයේ නම් සියළුම විදුලි උපකරණ විසන්ධි කර නිවසේ ශක්තිමත්ම කොටසේ රැදී සිටිය යුතුය. එමඟින් සුළි සුළඟකින් වන ජීවිත හානි අවම කර ගැනීමට හැකිවේ.

    (Internet)
    [/FONT]
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,967
    6,341
    113
    වෙන රටවල්වලනම් සුලිසුලගක් එන්න දවස් පහකට කලින් විතර මිනිස්සු දැනුවත් කරවනවා.ට්‍රැක් එක මොන පැත්තෙන්ද යන්නේ,වේගය,පටන් ගත්තේ කොතනින්ද,ඉවර වෙන්නේ කොතනින්ද වගේ ඒවා හරියටම කියනවා..අපේ රටේ නම් තාම එහෙම තාක්ෂණයක් නැහැ.:(දැනට ආපු ලොකුම සුළි සුළග තමා 2013 පිලිපීනෙ හරහා ගිය HAIYAN සුළි කුනාටුව.පැයට කිලෝමීටර් 315 km/h ක වේගෙන් තමා ඇවිත් තියෙන්නේ.පිලිපීනෙ විතරක් මිනිස්සු දහදාහක් මැරුණා..




    typhoon-haiyan-lead.jpg


    131108033731-haiyan-track-map-3-story-top.jpg


    avn-animated.gif



    579969-131110airport.jpg


    2015-11-08-1446966588-3318050-haiyanfull.jpg


    7ab0970d7036af77c3140d7983289450.jpg
     

    senarath

    Well-known member
  • Dec 2, 2006
    4,312
    1,223
    113
    47
    ඩවුන් සවුත්
    වෙන රටවල්වලනම් සුලිසුලගක් එන්න දවස් පහකට කලින් විතර මිනිස්සු දැනුවත් කරවනවා.ට්‍රැක් එක මොන පැත්තෙන්ද යන්නේ,වේගය,පටන් ගත්තේ කොතනින්ද,ඉවර වෙන්නේ කොතනින්ද වගේ ඒවා හරියටම කියනවා..අපේ රටේ නම් තාම එහෙම තාක්ෂණයක් නැහැ.:(දැනට ආපු ලොකුම සුළි සුළග තමා 2013 පිලිපීනෙ හරහා ගිය HAIYAN සුළි කුනාටුව.පැයට කිලෝමීටර් 315 km/h ක වේගෙන් තමා ඇවිත් තියෙන්නේ.පිලිපීනෙ විතරක් මිනිස්සු දහදාහක් මැරුණා..




    typhoon-haiyan-lead.jpg


    131108033731-haiyan-track-map-3-story-top.jpg


    avn-animated.gif



    579969-131110airport.jpg


    2015-11-08-1446966588-3318050-haiyanfull.jpg


    7ab0970d7036af77c3140d7983289450.jpg

    Yako tsunami awata hapan ne..
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,967
    6,341
    113
    Yako tsunami awata hapan ne..

    ඔව් බන්.සුළි සුළග එක්කම මුහුදු රැල්ල ඇවිත් තියෙනවා අඩි විස්සක් විතර උඩින්.:(