සුළු ජාතික ඡන්ද කැඩීමට ගෝඨාගේ කුමන්ත්‍රණ

Mayaratne

Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    සුළු ජාතික ඡන්ද කැඩීමට ගෝඨාගේ කුමන්ත්‍රණ

    බොබසේ මෛත්‍රීට හේත්තු කර කපන්න බැරි අත ඉඹින්න යයි: පොදු අපේක්ෂකයාගේ සුළු ජාතික ඡන්ද කැඩීමට ගෝඨාගේ කුමන්ත්‍රණයක්: නිකම් දුන්නත් බේබදු සිවුරුකාරයන්ගේ සහාය එපා -පොදු සන්ධාන ප්‍රකාශකයෙක් කියයි

    Nikan_Dunath_epa.jpg


    (ලංකා ඊ නිව්ස් -2014.නොවැ.25, ප.ව.2.00) ජාත්‍යන්තරය ත්‍රස්තවාදී සංවිධායනයක් ලෙස නම් කර තිබෙන අපරාධ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ විසින් මෙහෙයවන ඔහුගේ අතුරු හමුදාවක් වූ ශ්‍රී ලංකාවේ කුප්‍රකට සිවුරුකාර අන්තවාදීන් කණ්ඩායමක් වන බොදු බල සේනා සංවිධානය විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේනට ජනාධිපතිවරණයේදී සහාය දක්වන බව හෙට ප්‍රකාශ කිරීමට යන බව ලංකා ඊ නිව්ස් අභ්‍යන්තර තොරතුරු සේවය වෙත වාර්තා වේ.

    තමන් මෙම ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂට සහාය දෙන බව අද මාධ්‍ය හමුවක් තබා ප්‍රකාශයට පත් කිරීමට සූදානම්ව සිටි බොදු බල සේනාවට අවසන් මොහොතේ දී රාජපක්ෂ රෙජීමය විසින් උපදෙස් දී ඇත්තේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේනට සහාය දෙන ලෙස හෙට ප්‍රකාශයට පත් කරන ලෙසයි. ඊට හේතුව නම් බොදු බල සේනා වැනි අන්තවාදී සංවිධානයක් සහාය දෙන බව කී විට දැනටමත් සුළු ජාතීන් ගේ විශ්වාසය දිනා සිටින පොදු අපේක්ෂකයා කෙරෙහි සුළු ජාතීන් කලකිරවීමයි. විශේෂයන්ම මුස්ලිම් කොන්ග්‍රසය සහ පොදු සන්ධානයේ පක්ෂ අතර මේ වන විටත් සිදුවෙමින් පවතින සාකච්ඡා කඩා කප්පල් කරවීමයි.

    මෙම කුමන්ත්‍රණයේ පූර්ව ප්‍රචාරයක් ලෙස ඊයේ ආණ්ඩුවේ මඩ මාධ්‍ය මගින් කියා සිටියේ මෛත්‍රීපාල සිරිසේන සහ බොදු බල සේනා අතර සාකච්ඡාවක් පැවැත්වීමට යන බවකි. ලංකා ඊ නිව්ස් විසින් සොයා බැලූ විට එවැනි සාකච්ඡාවක් ගැන සාංකාවක් මෛත්‍රීපාල සිරිසේන හෝ එම සන්ධානයේ පක්ෂ හෝ නොදනී. එය පට්ට පල් කෙබරයකි.

    පොදු සන්ධානයේ ප්‍රකාශකයෙක් ලංකා ඊ නිව්ස් වෙත කියා සිටියේ බොදු බල සේනා වැනි අන්තවාදී මිනීමරු මෙන්ම බේබදු චීවරධාරීන්ගේ සහාය පොදු සන්ධානයට අනවශ්‍ය බවයි. එසේ නොවුනද මල්වතු අස්ගිරි පාර්ශවයන් ඇතුළු ත්‍රෛයි නිකායික මහානායක හිමිවරුන්ගේද, මාදුලුවාවේ සෝභිත, අතුරලියේ රතන, ගිරාඹේ ආනන්ද, ආදී අති විශාල බහුතරයක් වන සුජාත බුද්ධ පුත්‍රයන් වහන්සේලා ප්‍රමුඛ බෞද්ධ සංවිධාන රාශියකගේද සහාය පොදු අපේක්ෂකයා ප්‍රමුඛ සන්ධානයට දැනටමත් ලැබී තිබෙන බව පොදු සන්ධාන ප්‍රකාශකයා කියා සිටියේය.