සූකර කර්මාන්තය නඟාසිටුවීමට කාර්ය සාධක බළකායක් 🐖🐷🐽

Jihadi john

Well-known member
  • Aug 22, 2024
    4,373
    8,519
    113
    සූකර කර්මාන්තය නඟාසිටුවීමට කාර්ය සාධක බළකායක්


    අප්‍රිකානු සූකර උණ හේතුවෙන් කඩා වැටී ඇති සූකර කර්මාන්තය නඟාසිටුවීමට කාර්ය සාධක බළකායක් පත්කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

    2024 ඔක්තෝබර් මාසයේ දී අධි ව්‍යාධිජනක වසංගත රෝගයක් ලෙස අප්‍රිකානු සූකර උණ ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට බස්නාහිර පළාතෙන් වාර්තා වූ අතර පසුව එය සෙසු පළාත්වලට ව්‍යාප්ත වුණි.

    මෙම රෝගය හේතුවෙන් ආසාදිත ගොවිපොළක සතුන්ගේ මරණ අනුපාතය 100% දක්වා ඉහළ යෑමේ හැකියාවක් පවතී.

    මේ වනවිට වාර්තා වී ඇති දත්ත අනුව සූකර ගොවිපොළ 1,594ක රෝගය වාර්තා වී ඇති අතර, ඌරන් 61,695ක් මරණයට පත්ව ඇත.

    එමෙන්ම මෙම රෝගය වනාන්තර ආශ්‍රිත වල් ඌරන්ට ද ආසාදනය වී වල් ඌරන් විශාල සංඛ්‍යාවක් මරණයට පත්ව ඇතැයි වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව වාර්තා කර තිබේ.

    මේ වනවිටත් රෝගයේ ව්‍යාප්තිය හා රෝග කාරක වෛරස පරිසරය තුළ සංසරණය වීම හා රෝග ව්‍යාප්තිය පිළිබඳව නිවැරදි විද්‍යාත්මක තොරතුරු නොමැති වීම හේතුවෙන් සූකර ගොවිපොළ නැවත ආරම්භ කිරීම දැඩි අවදානම් සහිත තත්ත්වයට පත්ව ඇතැයි රජය සඳහන් කරයි.

    එබැවින් සූකර කර්මාන්තය යළි නඟාසිටුවීමට කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශයේ ලේකම් සහ ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිලේක ලේකම්ගේ සම සභාපතීත්වයෙන් යුතුව සහ අදාළ අනෙකුත් පාර්ශවයන්ගේ නියෝජනයෙන් සමන්විතව කාර්ය සාධක බළකායක් පත්කිරීම සඳහා කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,909
    18,779
    113
    ඒව නම් වටින වැඩ. ඌරන්ගෙන් අඩුපාඩුවක් වෙන්න දෙන්න හොද නෑ
     
    • Like
    Reactions: wpril5

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,332
    1
    101,189
    113
    34
    Kalutara
    කොලෙස්ටරෝල්වැඩිකරගන්නේනැතුවඌරුමස්කන්නේකොහොමදකියලහොයාගෙනනෑනේතාමමේඡ්චාරවිද්‍යාවදියුනුවෙලත්... 😣
     

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,014
    11
    3,560
    113
    කොලෙස්ටරෝල්වැඩිකරගන්නේනැතුවඌරුමස්කන්නේකොහොමදකියලහොයාගෙනනෑනේතාමමේඡ්චාරවිද්‍යාවදියුනුවෙලත්... 😣
    💉 ගන්න
     
    • Wow
    Reactions: Heshan Daminda

    Bigspin

    Well-known member
  • May 27, 2007
    4,241
    3,798
    113
    LONDON
    කොලෙස්ටරෝල්වැඩිකරගන්නේනැතුවඌරුමස්කන්නේකොහොමදකියලහොයාගෙනනෑනේතාමමේඡ්චාරවිද්‍යාවදියුනුවෙලත්... 😣
    Keto diet. I eat fried pork, butter, ghee everyday and loosing my body fat. 😁
     
    • Wow
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,332
    1
    101,189
    113
    34
    Kalutara
    me utto toge space key eka weda nedda
    ඉන්පුට්ටූල්ස්වලටස්පේස්ඒකවැඩකරනෙනැතුවගියා...


    Keto diet. I eat fried pork, butter, ghee everyday and loosing my body fat. 😁
    කොහොමදබන්හොඳකොලෙස්ටරෝල්වැඩිකරගන්නේ? මගේඑව්වාඅඩුවෙලානේ..