කාන්තාවන් වද භාවයට පත් කරන සතකුප්ප නැමති ද්‍රව්‍ය මිශ‍්‍රකර සූදුරු අලෙවි කරන ස්ථාන පරීක්ෂාවට ලක් කරන ලෙස වෙළඳ අමාත්‍ය ජොන්ස්ටන් ප‍්‍රනාන්දු පාරිභෝගික අධිකාරියට නියෝග කර තිබෙනවා. ඒ, මෙම ද්‍රව්‍ය මිශ‍්‍ර කරන ලද සූදුරු කිලෝග‍්‍රෑම් 22000 ක තොගයක් පිටකොටුවේ කුළු බඩු අලෙවි කරන අලෙවි සැල් කිහිපයකින් හමුවීමත් සමගයි.
පසුව මෙහි සාම්පල පරීක්ෂා කිරීමේදී කාන්තාවන් වද භාවයට පත් කෙරෙන සතකුප්ප නැමති ද්‍රව්‍ය එහි අඩංගු වී ඇති බවට කරුණු තහවුරු වී තිබෙනවා. කාන්තාවන් වඳ භාවයට පත්වීමට මෙන්ම ගර්භනී මව්වරුන්ගේ දරු ඵල අහිමිවීමටද සතකුප්ප නැමති ද්‍රව්‍ය බලපා ඇති බව ආයුර්වේද වෛද්‍යවරුන්ගේ අදහසයි. සතකුප්ප, සූදුරුවලට වර්ණයෙන් හා හැඩයෙන් එක හා සමාන බැවින් ඒවා පාරිභෝගකයන්ට එකවර හඳුනාගැනීමට නොහැකියි. එසේ වුවත් මේවා සූදුරුවලට වඩා දිගින් අඩු මහතින් වැඩි අතර තිත්ත රසයකින්ද යුක්ත වන බව පාරිභෝගික සේවා අධිකාරිය ප‍්‍රකාශ කළා. විශේෂයෙන් පකිස්ථානයෙන් මෙරටට ආනයනය කරන සූදුරුවල මෙම සතකුප්ප වැඩි වශයෙන් අන්තර්ගතවන බවයි එම අධිකාරිය තවදුරටත් ප‍්‍රකාශ කළේ.

නොදකින්......