සූදු කෙලිය

kalharabest

Well-known member
  • Sep 21, 2008
    1,193
    553
    113
    Colombo
    court-hammer2.jpg

    මේක ඇවිල්ලා එක්දහස් නවසීය බර ගනන් වල වෙච්චි සීන්කෝන් එකක්. ඒ කාලේ අර සූදු පණතද මොකක්ද එක ඇවිල්ලත් නැහැ. කතා ඇති…දැන් වැඩේට බහිමුකෝ…

    ඔන්න ඉස්සර අවුරුදු තිහක තිස්පහක විතර කොලු ගැටයො ටිකක් උන්ගේ තියෙන කොලුකමට කැලෑවක සූදු කෙල කෙල හිටියලු. දන්නැද්ද ඉතින් කොලුකමට කරන වැඩනේ.කොහොම හරි මුන්ගේ පෙර කරපු ආනන්තරීය පාපකර්මයකට පින් සිද්ද වෙන්න පොලීසිය පැනලා මුන් ටිකව කුදලගෙන ගියාලු පොලීසියට.

    කොහොම හරි ඉතින් පොලීසි කූඩුවෙ දවස් දෙක තුනක් ලැගලා හිටියට පස්සේ මුන්ටිකව අරගෙන ගියාලු උසාවියට දඩ නියම කොරන්ට.ඔන්න ඉතින් චූදිතයෝ එකා එකා කූඩුවට නග්ගලා ප්‍රශ්න අහලා දඩ නියම කොරනවා.හරිම සිම්පල් කේස් එකක්.

    ඔන්න පලවෙනියා..
    නඩුකාර උන්නාන්සේ: “තමා සූදු කෙලියද?”
    සූදු පොර1: “කෙලියා ස්වාමීනී”
    නඩුකාර උන්නාන්සේ: “දඩය සිලි0 තුනයි”
    මිනිහා බැහැලා යනවා….ඊලඟට අනිත් එකා ඒනවා…

    නඩුකාර උන්නාන්සේ: “තමා සූදු කෙලියද?”
    සූදු පොර2: “කෙලියා ස්වාමීනී”
    නඩුකාර උන්නාන්සේ: “දඩය සිලි0 තුනයි
    ඔහොම ඔහොම එකා එකා ඇවිල්ලා දඩේ කාලා යනවා.

    ඊලඟට හිටියේ අපේ පහලගම ඩයල් එක. මිනිහා කල්පනාකොලා නිකන් බොරුවට මෙහෙම දඩ ගෙවන්නේ මොකටද කියලා.මෑන්ස්ට ආවා නියම අයිඩියාස් පාරක්.ඔන්න ඉතින් අපේ කතා නායකයත් නැග්ගා විත්ති කූඩුවට.

    නඩුකාර උන්නාන්සෙත් ඉතින් පරන පුරුදු ප්‍රශ්නාවලියම කන්ටිනිව් කරා.

    නඩුකාර උන්නාන්සේ: “තමා සූදු කෙලියද?”

    පහලගම පොර: “නැහැ ස්වාමීනී..”
    නඩුකාර උන්නාන්සේ: “එහෙනම් මෙතනට ආවේ..”
    පහලගම පොර: “මම හාමුදුරුවනේ බලන් හිටියා විතරයි”
    නඩුකාර උන්නාන්සේ: “උසාවිය බොරු සාක්ෂිදී නොමග යැව්වාට දඩය සිලි0 හතරයි”

    අරූව එකපාරටම උඩ ගිහින් බිම වැටුනා.
    පහලගම පොර: “නෑ හමුදුරුවනේ …කෙලියා හාමුදුරුවනේ කෙලියා”
    නඩුකාර උන්නාන්සේ: “උසාවියට අපහාස කලාට සිලි0 දෙකයි.”

    අනිත් එවුන් සිලි0 තුනක් දඩ ගෙවද්දී මේ යකාට අන්තිමට සිලි0 හයක් ගෙවන්න වුනා.

    “මොරාල් ඔෆ් ද ස්ටෝරි: සූදු කෙලියත් එකයි, බලන් හිටියත් එකයි”​

    Untitled-4.jpg


    click

    Post your comments & REP​
     
    • Like
    Reactions: Ribbons