සූර්යබල විදුලි ණය සහන

bravehearts

Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    l4dHlUP.png

    Manoj S Baddegama
    Rs. 760000.00.

    Anuruddha Gunarathne
    725000

    Wathsala Rumesh
    Call me 0703300603 SAW ENGINEERING pvt Ltd

    Thushara Bandara
    Please call Syntrex Pvt Ltd
    0764009887

    Priyanth Padmakumara Padmakumara
    Singer solar power.Rs1010000/

    Thushan C. Thilakawardhana
    Call more details 0767392288

    Nipun Darshana Silva
    730, 000

    Lahiru Adikaram
    785,000/= with China Inverter
    920,00/= with Germany Inverter

    Rohana Dasanayaka
    730 walata dennam 0718513125

    Sanjeewa Jayawardena
    0777183074 සංජීව call me

    Suranjith Prasanna
    7/70 call m 0762334090

    Sonal Dileepa
    775000/- Solis inverter Longi mono crystalline panels
    Contact us
    0740122224
    0740122223

    hushara Ranasinghe
    Call us elcardo 0718721620

    Chamindu Jayamal
    For More Information
    0766729711 Simpex solar solutions
     
    Last edited:

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    131293777_2164624160338906_4605477155506689810_o.jpg


    131373459_2164624387005550_7923645265080184971_o.jpg



    පියැසිමත සූර්ය පැනල සවිකිරීම !
    එය හොද ආයෝජනයක්ද ?
    පියැසිමත සූර්ය පැනල නිසි ලෙස සවිකර ගන්නේ කෙසේද?
    Learn from the experts.
    Please click on the link below to register for the Webinar session.

    https://us02web.zoom.us/.../reg.../WN_ItQ_VyBMRtOiMbfHkFLEzg


    Rooftop solar?
    Is it a good investment?
    How to get a rooftop system done properly!
    Learn from the experts.
    Please click on the link below to register for the Webinar session.

    https://us02web.zoom.us/.../reg.../WN_ItQ_VyBMRtOiMbfHkFLEzg


    Learn from experts..!
     
    • Like
    Reactions: NRTG and hancok

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    1. Quality of the Components - සංරචකවල ගුණාත්මකභාවය.
    ඇත්තෙන්ම මෙය හරයයි. ඕනෑම කාර්මික භාණ්ඩක් මෙන්, සූර්ය මොඩියුලවල සේවා කාලය ඒවායේ සංරචකවල ගුණාත්මක භාවයට සමීපව සම්බන්ධ වේ. බොහෝ සූර්ය පැනල පහත සඳහන් සංරචක වලින් සාදා ඇති අතර ඒවා සියල්ලම විභව අසාර්ථකත්වයට යටත් වේ.
    a. වීදුරු - එය යාන්ත්‍රික ආතතිය යටතේ කැඩී යා හැක, ඉදිරිපස ආලේපනය (anti-reflective coating) කාලයත් සමඟ පිරිහීමට ලක්විය හැකිය.
    b. ඇලුමිනියම් රාමුව - දුර්වල ලෙස සැලසුම් කරන ලද අඩු ඝණකමින් යුතු රාමු අධික සුළඟ හා කටුක කාලගුණය කෙරෙහි බලපෑම, අධික සීතල දේශවල දී හිම වැනි අධික බර යටතේ බිඳීම්.
    c. සූර්ය කෝෂ - ඒවාට ක්ෂුද්‍ර ඉරිතැලීම් (Micro cracks), උණුසුම් ස්ථාන (Hot spots).
    d. අභ්‍යන්තර පොලිමර් ස්ථර (Encapsulants - EVA Foils) - දිරාපත් විය හැක.
    කාලයාගේ ඇවෑමෙන් හොඳම නිෂ්පාදකයින් IEC 61215 වැනි අන්තර්ජාතික සහතික කිරීම් වලින් ඔබ්බට ගොස් වඩාත් දැඩි වඩාත් හොද තෝරා ගැනීමේ ක්‍රම දියුණු කර ඇත. ඔවුන් සාමාන්‍යයෙන් භාවිතා කරනුයේ අපේක්ශිත ජීවිත කාලය තුළ සූර්ය පැනල නිරාවරණය වන ආතතිය අනුකරණය කරන ක්‍රම වේ. උෂ්ණත්ව උච්චාවචනයන්, පාරජම්බුල කිරණ, ආර්ද්‍රතාවය සහ යාන්ත්‍රික ආතතියේ බලපෑම සංයුක්තව පරීක්ෂා කෙරේ. සියලුම සංරචක දිගු කාලීනව ආතතියට වෙනස් ලෙස ප්‍රථික්‍රියා කරන අතර සූර්ය මොඩියුලවල දීර්ඝායුෂ සේවා කාලයක් සහතික කිරීම සඳහා වන පළමු අභියෝගය වන්නේ නිවැරදි කොටස් ලැයිස්තුව තෝරා ගැනීමයි.
    ලෝක සෝලා පැනල නිශ්පාදන කර්මාන්තයේ සැපයුම්කරුවන් විශාල සංඛ්යාවක් සිටින බැවින්, සැපයුම්කරුගේ සමාගම් වෙළද නාම හෝ ස්ථාපිත සහතික මත විශ්වාසය තබා හොඳ මිලක් සොයා ගැනීම පමණක් ප්‍රමාණවත් නොවේ.
    🙂
    මතු සම්බන්ධයි..
    The quality of the components is of course the core of the durability of the solar module. Like any industrial good, the service life of solar modules is closely related to the quality of their components. Most solar panels are built with the following components, all of which are subject to potential failure:
    a. Glass - It can break under mechanical stress, the coating on the front can deteriorate over time.
    b. Aluminum Frames - Poorly designed frames allow freezing in winter, Fractures under heavy loads such as snow.
    c. Solar cells - They can have micro-cracks, hot spots.
    d. Encapsulants (EVA foils) - Can delaminate.
    The best manufacturers over time have developed rigorous selection methods beyond what is normally required by international certifications such as IEC 61215. They typically use methods that simulate the stress that the solar panels will be exposed to during their expected life. The influence of temperature fluctuations, UV, humidity, and mechanical stress are tested in combination.
    All components react differently to the stress in the long term and so the first challenge to ensure a long service life of solar modules is to select the correct parts list. With a large number of suppliers in the industry, it is not enough to just rely on the supplier's established certifications and then find a good price. Without an established internal test and selection processes, the risks are significantly increased.
    🙂
    To be contd; www.fb.com/elevensolar
     
    • Like
    Reactions: topkollek
    Sep 5, 2020
    3
    0
    1
    Lakshitha Wickramanayake

    මේක කොරියන්..අවුරුදු දෙකකට කලින් ගහලා තියෙන්නෙ. එ්ත් මේක කරපු කම්පැනි එක හොයාගන්න බැරි වුණා. දැනට ගොඩක් ඉන්වරටර්ස් චයිනා, ජර්මන් නිසා මේ කොරියන් එක කරන කම්පැනි එක මොකක්ද කියලා දන්න කෙනෙක් ඉන්නවද..?


    129954247_10161168648238636_4058484353220169702_n.jpg



    Sb Bandara
    මේ කොරියන් කම්පැණි එකෙ. එක්කෙනෙක් ඉන්නෙ නාවලපිටියෙ ගෙදර තියන තැන නම් හරියටම දන්නෙ නැ හොයන්න වෙනවා


    Rajesh Sundaram
    Korean Cleantech Lanka Pvt LTD. Pls coll 0761403418
     

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    සාමාන්‍ය ගෙදරක සවි කල හැකි solar system එකේ උපරිම kw ප්‍රමාණය කොපමණද ?

    Dhanushka Dissanayake

    CEB Single Phase Inverter Maximum - 5kW
    LECO Single Phase Inverter Maximum - 7kW
    CEB/ LECO 3 Phase 30A Inverter Maximum - 21kW
    CEB/ LECO 3 Phase 60A Inverter Maximum - 42kW
    CEB/ LECO 3 Phase 90A Inverter Maximum - 63kW


    oyaa approval eka ganna ooni oyaage area ekee service provider gen, CEB area ekee nam oyaage thana ethakota approval ekath CEB eken ma thamai ganna ooni, LECO eken baa


    131898423_10223799206704240_5051118402520598050_o.jpg
     
    Last edited:
    Sep 5, 2020
    3
    0
    1
    හරිත බලශක්ති නිෂ්පාදනයකට අනුව රටේ විදුලි ජනන සැලැස්ම සකස් කරනවා

    - ඇමැති දුමින්ද දිසානායක
    fea6 2


    කතිකාව - ජගත් කණහැරආරච්චි

    අමාත්‍ය දුමින්ද දිසානායක මහතා රාජ්‍ය ඇමැති ධුරය දරන සූර්ය බල, සුළං, ජලවිදුලි ජනන ව්‍යපෘති සංවර්ධන අමාත්‍යාංශය රටට අලූතෙන්ම එක්වූ විෂය ක්ෂේත‍්‍රයකි. එමෙන්ම, බලශක්ති අවශ්‍යතාව සපුරා ගැනීම සඳහා වූ එක්සත් ජාතීන්ගේ තිරසර සංවර්ධන ඉලක්ක ජයගැනීම සඳහාවන හරිත බලශක්තිය අනුව යෑමකි. මෙම අමාත්‍යාංශයේ කාර්යභාරය සහ ශ‍්‍රී ලංකාවේ ඉදිරි පුනර්ජනනීය බලශක්ති ඉලක්ක ජයගැනීම සඳහාවන නව රජයේ සැලසුම් පිළිබඳව දැනගැනීම සඳහා අමාත්‍ය දුමින්ද දිසානායක මහතා සමග තිරසර කතිකාව මෙසේ ගොඩ නැෙඟ්.

    ප‍්‍රශ්නය - ඔබට ලැබී ඇති අමාත්‍යාංශය මේ රටට අලූත්ම විෂය ක්ෂේත‍්‍රයක් සහිත එකක්. එවන් අමාත්‍යාංශයක් ඔබට ලැබීම ගැන ඔබ තෘප්තිමත්ද..? මේ ගැන ඔබේ අදහස කොයි වගේද.....? ජනාධිපතිතුමා සහ රජය බලාපොරොත්තුවන එහි පරමාර්ථ සහ වගකීම ඔබ ඉටුකරන්නේ කොයි ආකාරයෙන්ද...?

    kathikawa1
    සැබැවින්ම මම තෘප්තිමත් වගේම මම ඉතා සතුටුවෙනවා. මම පාර්ලිමේන්තුවට එන්නේ වයස අවුරුදු 21 දී. මේ ගතවුණු කාලය තුළ අමාත්‍ය ධුර රැසක් මම හොබවලා තියනවා. සාමාන්‍යයෙන් මන්ත‍්‍රීවරයකුට වයසට ගිහිල්ල ලැබෙන භාරදූර අමාත්‍යධුර පවා මේ ටික කාලේදී මගේ තරුණ කාලයේදී මට ලැබිල තියනවා. මේ අමාත්‍යාංශය ඔබ කිව්වා වගේ රටේ තිරසර සංවර්ධනයට කෙළින්ම බලපාන, අලූත් විදිහට හිතල අලූත් අත්දැකීම් එක්ක කරන්න තියෙන අලූත්ම විෂය ක්ෂේත‍්‍රයක්. ජනාධිපතිතුමා මා ගැන විශ්වසයක් ඇතිව තමයි පුනර්ජනනීය බලශක්තිය වේගයෙන් ජාතික විදුලිබල පද්ධතියට එකතුකිරීමේ වගකීම මට දෙන්න ඇත්තෙ. මේ වගකීම උපරිමයෙන් මම සිදුකරනවා.

    ප‍්‍රශ්නය - පුනර්ජනනීය බලශක්ති විෂය, එහෙමත් නැතිනම් සුර්ය, සුළං හා ජලවිදුලි බලශක්තිය ප‍්‍රවර්ධනය තිරසර සංවර්ධන මාවතේ එක ප‍්‍රධාන සන්ධිස්ථානයක්. මේ විද්‍යාත්මක අභියෝගය ජය ගැනීම සඳහා ඔබට සැලැස්මක් තිබේද...? ඒ සඳහා ඔබට උපදෙස් දෙන, සහාය දෙන විද්වතුන්, විශ්වවිද්‍යාල සිටිනවාද...?

    ඔව්. පැහැදිලි සැලැස්මක් තියනවා. ඒ වගේම මේ සඳහා අපට දැනුම ලබාදෙන්න උපදෙස් දෙන්න විශාල පිරිසක් ඉන්නවා. මේ පිරිස ලංකාව තුළත්, ලංකාවෙන් බැහැරවත් ඉන්න ශ‍්‍රී ලාංකිකයන් බව කිව යුතුයි. දැනටමත් ඊට අදාළ තොරතුරු හා දැනුම බෙදාහදා ගැනීම සිදුකරනවා. පැහැදිලි පුනර්ජනනීය ජනන සැලැස්මක් අප සතුව තියනවා. විශ්වවිද්‍යාලවල සහාය ලබාගන්න අපේ කිසිදු පැකිලීමක් නැහැ.

    ප‍්‍රශ්නය - මේ වනවිට අමාත්‍යාංශයක් ලෙස, ඇමැතිවරයා ලෙස හා රටක් වශයෙන් සූර්ය, සුළං හා ජලවිදුලි බල ක්ෂේත‍්‍රය ලබා ඇති ජයග‍්‍රහණ හෝ ප‍්‍රගතිය මොනවගේද...?

    අපි දැනටමත් මෙගාවොට් 100 ක රජයට අයත් සුළං විදුලි බලාගාරයක් අපගේ ජාතික විදුලි පද්ධතියට එකතුකරලා වැඩි දවසක් නැහැ. නමුත් අපි තේරුම් ගන්න ඕනෙ මේ බලාගාරයට කැබිනට් අනුමැතිය ලැබුණේ 2014 වසරේදී. ඉදිකරන්න පටන් ගත්තේ 2019 දී. හදල ඉවර වුණේ 2020 දෙසැම්බර්වල. මේ සඳහා වසර හයකට වැඩි කාලයක් ගිහිල්ල තියනවා. පුනර්ජනනීය බලශක්තිය හැටියට ප‍්‍රධාන ජලවිදුලි බලාගාරවලින් නිපදවන මෙගාවොට් 1400 ක ප‍්‍රමාණය පැත්තකින් තිබ්බොත් මම මේ අමාත්‍යාංශය භාර ගන්නකොට අනෙකුත් සියලූ පුනර්ජනනීය ප‍්‍රභවවලින් නිෂ්පාදනය වෙන්නේ මෙගාවොට් 900 ක් විතර ප‍්‍රමාණයක්.

    නමුත් මම අමාත්‍යාංශය භාරගෙන ලබන වසර තුනට පමණක් ව්‍යාපෘති දෙකකින් අපි සැලසුම් කරල තියනවා මෙගාවොට් 1500 ක්. නිවාස දශලක්ෂයේ ව්‍යාපෘතිය තුළින් (දුප්පත්කම නැතිකරන හා විදුලි බිල නොමිලේ ලබාගන්න යන වැඩසටහන යටතේ. ) මෙගාවොට් 500 ක්. ගමට විදුලිය කියන වැඩසටහන යටතේ තවත් මෙගාවොට් 1000 ක් ජාතික පද්ධතියට එකතු කරන්න සැලසුම් කරලා තියෙනවා. අමතරව අපි ප‍්‍රධාන ව්‍යාපෘති තුනක් සැලසුම් කරලා තියෙනවා මොනරාගල, පුනරීන් හා මන්නාරම වශයෙන් සුළං සහ සූර්ය බලය සඳහා. මෙගාවොට් 800 ක් ඒ මගින් ජාතික පද්ධතියට එකතු කරනවා.

    අමතරව, මුහුදේ සවිකරන ලද කුලූනු මත ඉදිවන සුළං බලාගාර මගින් තවත් මෙගාවොට් 1000 ක් සහ මුහුදේ පාවෙන බලාගාරවලින් මෙගාවොට් 500කට වැඩි ප‍්‍රමාණයක් බලාපොරොත්තු වෙනවා. පුනර්ජනනීය බලශක්ති ඉතිහාසය තුළ අලූතින් එකතුවෙලා තියෙන්නේ මෙගාවොට් 1000කට අඩුවෙන්. නමුත් අපේ සැලැස්ම අනුව ඉදිරි කාලයේදී මෙගාවොට් 3000-4000 ක ප‍්‍රමාණයක් ජාතික පද්ධතියට එකතු කිරීමට අදාළ සැලසුම් අපි හදල තියනවා. මේ දිනවල ඊට අදාළව ව්‍යාපෘති කල්දාන්නෙ නැතිව කඩිනම් කිරීමේ කටයුතු හා නීතිමය කටයුතු අපි සකසමින් ඉන්නවා.

    ප‍්‍රශ්නය - ඔබට මතක ඇති පසුගිය රජය මගින් සාම්පූර් ප‍්‍රදේශයේ ගල් අඟුරු බලාගාරයක් හදන්න සැලසුම් කරලා තිබුණා. නමුත් ඊට ජනතා විරෝධයක් පැන නැඟුණා. අනතුරුව මෙහි සූර්ය බලාගාරයක් හදන්න හිටපු ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාගේ අවධානය යොමු වුණා. ඉන්දියාව සමගත් මේ පිළිබඳව කතා කළා. මේ පිළිබඳ වත්මන් තත්ත්වය කුමක්ද...? ඔබ ඒ ගැන අවධානය යොමුකරලා තියනවද....?

    නැහැ, ඒ ගැන දැනට කිසිදු සාකච්ඡුාවක් වෙන්නේ නැහැ.

    ප‍්‍රශ්නය - සුර්ය බලය ඇතුළු පුනර්ජනනීය විදුලිබලය පිළිබඳව ඔබගේ දිගුකාලීන සැලසුම් මොන වගේද......?

    ඉතිහාසයේ අපි සියයට සියයක්ම පුනර්ජනනීය බලශක්තියෙන් ස්වයංපෝෂිත රාජ්‍යයක්. ක‍්‍රමයෙන් ජනගහනය වැඩිවීම, ලෝකය සමග ඉදිරියට යෑම නිසාත් අපි පුනර්ජනනීය බලශක්තියට වඩා ඉන්ධන වැනි බලාගාර මත යැපෙන්න පටන්ගත්තා. උදාහරණයකට කිව්වොත් අද නිෂ්පාදනය කරන විදුලියෙන් සියයට 60-70 ක් ම පොසිල ඉන්ධන දහනයෙන් ලබා ගන්නා විදුලිය තමයි අපි භාවිත කරන්නේ. මේ අතරට තමයි ගල් අඟුරු බලාගාරයත් එකතු වෙන්නේ. අපේ අවසාන බලාපොරොත්තුව වෙන්නේ 2030 වෙනකොට සියයට 80 ක් පුනර්ජනනීය බලශක්තියෙන් ලබා ගැනීම. ලෝකයේ අනෙක් රටවල් ගැන බැලූවත් ඒ හැමෝගෙ ම බලාපොරොත්තුව වෙන්නේ සියයට සියයක්ම පුනර්ජනනීය බලශක්තියෙන් ස්වයංපෝෂිත වීම. එහෙමත් නැතිනම් ලෝක තිරසර සංවර්ධන ඉලක්ක අනුව යමින් ලෝකයේ නැඹුරුව වෙලා තියෙන්නේ හරිත එහෙමත් නැතිනම් පුනර්ජනනීය බලශක්තිය කියන තේමාවට. ඉතින් අපේ බලාපොරොත්තුව හා වගකීම වෙන්නේ 2030 වනවිට උපරිම වශයෙන් පුනර්ජනනීය බලශක්තිය ප‍්‍රමාණයක් ජාතික විදුලිබල පද්ධතියට එකතුකරල එක පැත්තකින් පරිසරය විනාශ වීම වළක්වාගෙන මිනිස්සුන්ට නිදහසේ හුස්ම ගන්න පුළුවන් රටක් බවට මේ රට පත්කිරීමයි. උදාහරණයකට ගත්තොත් පවුල් ලක්ෂයකට විදුලිය නොමිලේ ලබාදීමත්, ගමට බලාගාරයක් කියන වැඩසටහන් දෙක මගින් පමණක් වර්ෂයකට කාබන්ඩයොක්සයිඞ් ටොන් ලක්ෂ 15 ක් පරිසරයට නිදහස් කිරීම වළක්වාලනු ලබන බවට ගණන් බලා තිබෙනවා. මන්ද, විදුලිය නිපදවීම සඳහා පොසිල ඉන්ධන (තෙල් හා ගල් අඟුරු* ආනයනයට පිටරටට ගලාගෙන යන මුදල ඉතිරි වෙනවා. තව පැත්තකින් තෙල් දහනය නිසා පරිසරයට සිදුවන හානිය නොහොත් දූෂණය නැති වෙනවා. එනම් පරිසරයට එකතුවන කාබන් මෙටි‍්‍රක් ටොන් ලක්ෂ 15 ක් මේ මගින් පරිසරයට එකතුවෙන එක වළක්වනවා. ඒ වගේම විදුලි ඒකකයකට යන පිරිවැයත් අවම කරනවා.

    විශේෂයෙන්ම මින්පසු රටේ විදුලිය ජනනය සඳහා වැයකරන මුදල පිටරටට යවන්නේ නැතිව නැවත වතාවක් රට තුළම ඉතිරිවීමත් මේ නිසා සිදුවෙනවා. එහෙම වුණොත් මේ ඔස්සේ රටේ විශාල ආර්ථික ප‍්‍රබෝධයක් ඇතිවෙනවා. මේක විදුලි විප්ලවයක්. ඒ සඳහා තමයි අපේ සැලසුම් සකස්වන්නේ.

    ප‍්‍රශ්නය - පුනර්ජනනීය විදුලි සැපයුම සඳහා විදේශ තාක්ෂණික සහාය, මූල්‍යාධාර ලබා ගැනීමේ සැලසුම කොයි වගේද....? එසේම, ජනතාවට අඩු පිරිවැයකින් සුර්ය බල කට්ටලයක් මිලදීගැනීම සඳහා වැඩපිළිවෙළක් හා රට තුළම සූර්ය පැනල, බැටරි වැනි දේ නිෂ්පාදනය සඳහා දේශීය වැඩපිළිවෙළක් සැලසුම් කර තිබේද...?

    මේ වෙනකොට සුර්ය ශක්තිය ගබඩාකරන්න අවශ්‍ය බැටරි ලංකාව තුළ නිෂ්පාදනය කිරීමට අදාළ සාකච්ඡුා අපි සිදුකරලා තියනවා. මේ සඳහා විශ්වවිද්‍යාල කිහිපයක්, සින්ටෙක් ආයතනය හා පුද්ගලික ව්‍යාපාරිකයන් කීපදෙනෙක් වගේම අමාත්‍යාංශයේ සුනිත්‍ය බලශක්ති අධිකාරියත් ඉදිරිපත්වෙලා ඉන්නවා. අමතරව, මොරටුව විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලැබූ, එංගලන්තයේ පේටන්ට් බලපත‍්‍ර හිමි තරුණයින් දෙදෙනෙක් මේ වෙනකොටත් බැටරි නිෂ්පාදනය කරනවා. මේ අයත් සමග ලබන ජනවාරි වෙනකොට ශ‍්‍රී ලංකාවේදී මේ සූර්ය බල බැටරි නිෂ්පාදනය පටන්ගන්න අපි කටයුතු කරනවා.

    පවුල් ලක්ෂයේ ව්‍යාපෘතියත්, ගමට බලාගාරයක් ව්‍යාපෘතියත් දේශීය බැංකු හා දේශීය ආයෝජකයින්ගේ උදව්වෙන් තමයි ක‍්‍රියාත්මක කරන්නේ. ඒ වගේම මොණරාගල. පුනරින් හා මන්නාරමේ ක‍්‍රියාත්මක කිරීමට නියමිත විශාල ව්‍යාපෘතිය සඳහා ලංකාව තුළ ඉන්න මහා පරිමාණයේ ආයෝජකයින්ට අවස්තාව දෙන ගමන්, අන්තර්ජාතික මට්ටමේ අයටත් අවස්තාව ලබා දෙනවා. ලංකාවේ සමාගම්වලට ප‍්‍රමුඛතාව දෙනවා.

    ඒ වගේම වෙරළෙන් ඈත මුහුදේ සිදුකිරීමට සැලසුම්කර ඇති සුළං බලාගාර සඳහා තාක්ෂණික දැනුම ඇති සමාගම් අද ලෝකයේ ඉන්නවා. ඒ සඳහා අවස්තාව දෙන්න පුළුවන්. ඒ කියන්නේ රට තුළ හා මුහුදේ සුළං ව්‍යාපෘති පුද්ගලික අංශයේ ආයෝජන ව්‍යාපෘති විදිහට තමයි ක‍්‍රියාත්මක වන්නේ.

    ප‍්‍රශ්නය - බොහෝ සමාගම් වසර ගණනාවක සිට බලන් ඉන්නවා සූර්ය බලාගාර ඉදිකරන්න. නමුත් විදුලි බල මණ්ඩලය ඇතුළු ඇතැම් විදුලි ඉංජිනේරුවරුන්ගේ තියන ඒකාධිකාරය නිසා පසු ගිය රජය කාලයේදී ඊට අවස්තාවක් ලැබුණේ නැහැ. මේ සඳහා ඔබගේ සැලසුම් තුළ අවස්තාවක් තියනවද...?

    ඔව්. ඒ ඔබ ඒ කියන කාරණය හරි. විදුලි බල මණ්ඩල පනත 2013 සංශෝධනය වීමත් සමග 2017 සිට පුනර්ජනනීය විදුලිය මිලදී ගැනීම සඳහා ටෙන්ඩර් පටිපාටිය ඔස්සේ යන්න ඕන කියල සඳහන් වෙනවා. ඒ අනුව අයදුම්පත් යොමුකරලා ආයෝජන අවස්ථා බලාපොරොත්තුව සිටි විශාල පිරිසක් ඉන්නවා

    බලාගාර හදන්න බැරිව. ඒ අය වෙනුවෙන් සාධාරණත්වයක් කරන්න අපේ අමාත්‍යාංශයේ ලේකම්තුමාගේ ප‍්‍රධානත්වයෙන් කමිටුවක් පත්කරලා ඒ අයගේ දුක්ගැනවිල්ල අහන්නත්, ඒ අයට සාධාරණයක් කරන්නත් අපි ක‍්‍රමවේදයක් සකස්කරලා තියනවා. මේ පිළිබඳව අපි අපගේ පළමු ප‍්‍රගති සමාලෝචන

    රැුස්වීමේදී ජනාධිපතිතුමාටත් දැනුම් දුන්නා. එතුමා පැහැදිලිව කිව්වා ඒ ව්‍යාපෘති වෙනුවෙන් මේ ක්ෂේත‍්‍රයට සම්බන්ධවෙලා ඉන්න, මේ වෙනුවෙන් කාලය, ධනය කැපකරලා ඉන්න අයගේ ව්‍යාපෘති ක‍්‍රියාත්මක කරල ඒ විදුලිය කඩිනමින් ජාතික විදුලි පද්ධතියට ලබාගන්න කියල. අපේ පැත්තෙන් ඊට අදාළ සහනය ලබාදෙන්න අපි කටයුතු කරලා තියනවා.

    ප‍්‍රශ්නය - රටේ ජාතික විදුලි ජනන සැලැස්ම තාමත් හදන්නේ විදුලි ඉංජිනේරුවන් පිරිසක් එකතුවෙලා. මේ සමහරුන්ට පුද්ගලික තාප බලාගාර සම්බන්ධතා ඇති බවට චෝදනා තිබියදීත් තාම ජාතික ජනන සැලැස්ම හදන්නේ ඔවුන්. මේ සැලසුම්වල පුනර්ජනනීය විදුලි නිෂ්පාදනයට ඉඩක් නැති තරම්. ඇයි රජය මේ සැලැස්ම හදන්න වෙනත් ක්ෂේත‍්‍රවල විද්වතුන්ගෙන් සමන්විත සුසංයෝගයක් ගන්නේ නැත්තේ. ඔබට මේ පරණ සැලසුම් සමග කටයුතු ුකරන්න ඉඩක් තියෙයිද...?

    ඇත්තට ම විදුලි ජනන සැලැස්ම සැදීම සඳහා විදුලිබල අමාත්‍යාංශය මගින් අවශ්‍ය නිර්දේශ ලබාදිය යුතුයි. මේ වසරේ අයවැය සම්මතවූ වහාම පුනර්ජනනීය බලශක්තිය සියයට 70 ක් මේ තුළ තිබිය යුතු බවට අපි ගැසට් කරනවා. ඉන් පසු විදුලි බල මණ්ඩලය මහජන උපයෝගිතා කොමිසම සහ ජනන සැලසුම හදන ඔය කියන කමිටුව එක්ව අලූත් ජනන සැලැස්මක් හදන්න ඕන. ඔබ කියන කාරණය හරි. අපි මොනවා ගැන කතා කළත් ජනන සැලැස්මේ තාමත් තියෙන්නේ කලින් ගැසට් කරපු විදිහේ තාප බලාගාර සලසුමක්. ගැසට් එකත් එක්ක ජනන සැලැස්ම අනිවාර්යයෙන් අලූත්වෙන්න නියමිතයි.
     

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    132004183_10215498322886259_581836221321366921_n.jpg


    මේ ගමට දෙන විදුලි බලාගාරේ ඕනේ කෙනෙක්ට ගහන්න පුලුවන්ද ?
     

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    ආයෝජන අවස්ථා හොයන කෙනෙක්ට වැදගත් වෙයි



    131338334_10215500978112638_2454101573983512984_n.jpg
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    මුල් අවුරුදු 7 UNIT එකකට රු 22 බැගින් හා ඉතිරි අවුරුදු 13 රු 15.50 බැගින් CEB එකෙන් ගෙවනවා කියල ඒකේ තිබුනා.

    උද්දමනයෙ හැටියට ඔය කන්ට්‍රෑක්ට් එක වාසිද පාඩුද long term