සූර්යයාට අසාමාන්‍ය දෙයක් සිදුවෙලා

AHINSAKA111

Member
Feb 19, 2013
53
45
0
KIRIBATHGODA
සූර්යයාට අසාමාන්‍ය දෙයක් සිදුවෙලා

සූර්යයාට අසාමාන්‍ය දෙයක් සිදුවෙමින් ඇති බව නාසා පවසයි. මේ වර්ෂය සූර්යයාගේ වසර 11 ක උච්ඡවීමේ චක‍්‍රයේ උපරිම අවස්ථාව වන නමුත් සූර්ය ක‍්‍රියාකාරීත්වය සාපේක්ෂව අඩු බව ඡයාරූප වලින් පෙනෙයි. සූර්ය ලප සාපේක්ෂව අඩු වී ඇති අතර සූර්ය ගිණිදැල් ද අක‍්‍රමවත් යයි නාසා කියයි.

නාසා හි ඡුායාරූප උපකරණ භාවිතා කර 2013 පෙබරවාරි 28 ලබාගත් සූර්යයාගේ පෘථිවිය දෙසට ඇති මුහුණතේ ඡුායාරූපයක් දැක්වෙයි. එහි පෙනෙන්නේ සූර්ය ලප කිහිපයක් පමණි.

මෙය බලාපොරොත්තු වූ තත්වයට වඩා වෙනස් යයි නාසා හි ගොඩාඞ් අභ්‍යවකාශ යානා මධ්‍යස්ථානයේ ඞීන් පෙස්නෙල් කියා සිටියේය. සූර්ය උපරිමය වැඩිවී යලි අඩුවී යලිත් වැඩිවී ඇතැයි ඔහු පවසයි. 1989 සහ 2001 දී තිබූ එක් උපරිමය වෙනුවට මෙවර උපරිමයන් දෙකක් ඇතිවූ බව නිරීක්ෂණය වී ඇත.

2011 දී සූර්ය ලප ගණනය වැඩි වු අතර 2013 දී තවත් උච්ඡුයක් ඇතිවී 2014 දක්වා පවතිනු ඇතැයි පෙස්නෙල් අපේක්ෂා කරයි. 20 වන සියවසේ සිදු වූ 14 වන හා 24 වන සූර්ය චක‍්‍ර අතර සමානකමක්ද ඔහු දක්වා ඇත.


http://www.dailymail.co.uk/sciencet...ing-Sun-year-supposed-peak-sunspot-cycle.html

article-0-18857F98000005DC-277_634x633.jpg


article-0-1885C54E000005DC-549_634x632.jpg