සූර්ය බලාගාර ව්‍යාපෘතියක්
විදුලි බල අමාත්‍යාංශයෙන්
සූර්ය බලාගාර ව්‍යාපෘතියක්
රසී වීරසිංහ
විදුලි පාරිභෝගිකයන්ගේ නිවසේ වහලය මත සූර්ය බලාගාර ඉදිකිරීමේ ජාතික වැඩසටහන් හඳුන්වා දීමට විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය තීරණය කර තිබේ. රටේ විදුලි පාරිභෝගිකයන්ගෙන් 20% ක් විදුලි නිෂ්පාදකයන් බවට පත් කිරීමට ඇරඹෙන මෙම ව්‍යාපෘතිය මගින් ශ්‍රී ලංකාවේ අඩු ආදායම්ලාභී පවුල් ලක්ෂ 2 ක් විදුලි නිෂ්පාදකයන් බවට පත්වනු ඇත.
මෙම ව්‍යාපෘතියේදී අවම පොලී අනුපාත යටතේ බැංකු ණය ක්‍රමයක් හඳුන්වාදෙනු ලබන අතර එමගින් තමන්ගේ නිවසේ වහලයේ සූර්ය පැනල සවිකර එමගින් උත්පාදනය වන විදුලිබලය විදුලිබල මණ්ඩලය විසින් මිලදී ගනී. මෙහිදී පළමු අවුරුදු 7 තුළදී කිලෝ වොට් පැය 1 ක් (1 නඅය) සඳහා රු. 22 ක් අවුරුදු 8 සිට 20 දක්වා ඉතිරි කාල සීමාවේදී කිලෝවොට් පැය 1 ක් සඳහා රු. 15.50 ක් විදුලිබල මණ්ඩලය මගින් විදුලි පාරිභෝගිකයන්ට ගෙවනු ලබයි. මෙම සූර්ය බලාගාර ව්‍යාපෘතිය පාරිභෝගිකයාගේ වහලයේa ප්‍රමාණය මතක විශාල කර ගැනීමටද හැකියාව තිබේ.
මෙම ව්‍යාපෘතිය මගින් 2020 වන විට මෙගාවොට් 200 ක්ද, 2028 වන විට මෙගාවොට් 1000 ක්ද ජාතික විදුලිබල පද්ධතියට එකතු කර ගැනීමට විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශයේ අපේක්ෂාවයි.
http://www.divaina.com/2016/08/09/news13.html