සූර්ය බලාගාර ව්‍යාපෘතියක්‌

thilinatta

Active member
  • Apr 5, 2009
    360
    92
    43
    සූර්ය බලාගාර ව්‍යාපෘතියක්‌

    විදුලි බල අමාත්‍යාංශයෙන්
    සූර්ය බලාගාර ව්‍යාපෘතියක්‌

    රසී වීරසිංහ

    විදුලි පාරිභෝගිකයන්ගේ නිවසේ වහලය මත සූර්ය බලාගාර ඉදිකිරීමේ ජාතික වැඩසටහන් හඳුන්වා දීමට විදුලිබල හා පුනර්ජනනීය බලශක්‌ති අමාත්‍යාංශය තීරණය කර තිබේ. රටේ විදුලි පාරිභෝගිකයන්ගෙන් 20% ක්‌ විදුලි නිෂ්පාදකයන් බවට පත් කිරීමට ඇරඹෙන මෙම ව්‍යාපෘතිය මගින් ශ්‍රී ලංකාවේ අඩු ආදායම්ලාභී පවුල් ලක්‍ෂ 2 ක්‌ විදුලි නිෂ්පාදකයන් බවට පත්වනු ඇත.

    මෙම ව්‍යාපෘතියේදී අවම පොලී අනුපාත යටතේ බැංකු ණය ක්‍රමයක්‌ හඳුන්වාදෙනු ලබන අතර එමගින් තමන්ගේ නිවසේ වහලයේ සූර්ය පැනල සවිකර එමගින් උත්පාදනය වන විදුලිබලය විදුලිබල මණ්‌ඩලය විසින් මිලදී ගනී. මෙහිදී පළමු අවුරුදු 7 තුළදී කිලෝ වොට්‌ පැය 1 ක්‌ (1 නඅය) සඳහා රු. 22 ක්‌ අවුරුදු 8 සිට 20 දක්‌වා ඉතිරි කාල සීමාවේදී කිලෝවොට්‌ පැය 1 ක්‌ සඳහා රු. 15.50 ක්‌ විදුලිබල මණ්‌ඩලය මගින් විදුලි පාරිභෝගිකයන්ට ගෙවනු ලබයි. මෙම සූර්ය බලාගාර ව්‍යාපෘතිය පාරිභෝගිකයාගේ වහලයේa ප්‍රමාණය මතක විශාල කර ගැනීමටද හැකියාව තිබේ.

    මෙම ව්‍යාපෘතිය මගින් 2020 වන විට මෙගාවොට්‌ 200 ක්‌ද, 2028 වන විට මෙගාවොට්‌ 1000 ක්‌ද ජාතික විදුලිබල පද්ධතියට එකතු කර ගැනීමට විදුලිබල හා පුනර්ජනනීය බලශක්‌ති අමාත්‍යාංශයේ අපේක්‍ෂාවයි.



    http://www.divaina.com/2016/08/09/news13.html
     
    • Like
    Reactions: DangerMan119

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    එළ එළ, අන්න නියම වැඩක්. දෙගොල්ලෝටම හොදයි. ලංකාවේ ගොඩක් වහල් වල් වලට දාලා තියෙන්නේ ශීට් නිසා මේක රස්නයත් අඩුවෙයි. ඔන්න උබලගේ ගෙවල් රස්නේ නම්, විදුලි බල මණ්ඩලයට කියලා සූර්ය කෝෂ සෙට් කරගනින්, ඒකෙන් ගේ ඇතුලේ රස්නයත් ටිකක් අඩු වෙනවා, අතට ගාණකුත් ලැබෙනවා.

     
    • Like
    Reactions: thilinatta

    pathumdc

    Member
    Apr 20, 2008
    14,077
    457
    0
    :yes::yes::yes::yes:
    එළ එළ, අන්න නියම වැඩක්. දෙගොල්ලෝටම හොදයි. ලංකාවේ ගොඩක් වහල් වල් වලට දාලා තියෙන්නේ ශීට් නිසා මේක රස්නයත් අඩුවෙයි. ඔන්න උබලගේ ගෙවල් රස්නේ නම්, විදුලි බල මණ්ඩලයට කියලා සූර්ය කෝෂ සෙට් කරගනින්, ඒකෙන් ගේ ඇතුලේ රස්නයත් ටිකක් අඩු වෙනවා, අතට ගාණකුත් ලැබෙනවා.

     

    pmmali

    Well-known member
  • Jul 22, 2008
    1,015
    312
    83
    පිටරට ඉන්දලා සෝලාර් පැනල් එකක් ගෙනාවොත් ඩියුටි ගහනවා. හරිනම් සූර්ය බලයෙන් වැඩකරන උපකරන​, සූර්ය විදුලිය නිපදවන උපකරනවලට ඩියුටි ෆ්‍රී කරන්න ඔනේ