~~සූෆි උපමා කතා~~

EK KILLER

Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    සමහරු අසයි නේ උපමා කතා අහන්න.. ඔන්න එහෙනං පොඩි උපමා කතා ටිකක් අරගෙන ආවා.. කියවන්න...​

    බලවන්තයා

    හමුදාවක එක් ජනරාල්වරයෙක් තම කණ්ඩායමෙන් වෙන් ව වල්මත් වී රට හරහා යන්නේ එක් කුඩා ගමකට ආවේය. ඔහු යායුතු මග සොයා ගත නොහැකිව සිටියද තම තත්වය අමතක කර සිටියේ නැත.

    ගැමියෝ ඔහු වටා රොක් වූහ. ඔහු අණ දුන්නේය. තම අශ්වයාට ආහාර දෙන්නැයි ඔහු ගැමියන්ට අණ දුන්නේය. ඔවුන් ඒ අණ පිළිපැද්දේ නැත. අශ්වයා සඳහා ස්තාලයක් පිළියෙල කරන්නැයිද තමාට ජලය හා පොරෝණා සපයන්නැයිද ඔහු නියෝග කළේය. ඒත් කිසිවෙක් ඔහු කී දේ කරන්නට ඉදිරිපත් නොවූහ.

    ‘නුඹලා මේ මොහොතේ ම මගේ අණ පිළිපැද්දේ නැති නම් මම නුඹලාට දැඩි දඬුවම් පමණුවනවා’ ජනරාල්වරයා රැුස්ව සිටි පිරිසට තර්ජනය කරමින් මොර දුන්නේය.

    ගැමිනායකයා මෙහිදී ඉදිරියට ආවේය. ‘‘මට පෙනෙන්නෙ නෑ ඔහේ එච්චර බලවන්තයෙක් කියල. ඉතින් ඔහේ කොහොමද ඒ වගේ දෙයක් අපට කරන්නෙ’’ ඔහු ජනරාල්වරයාගෙන් ඇසීය.

    ජනරාල්වරයා එයින් වඩාත් කෝපාවිෂ්ට විය. ‘‘මං තමුසෙලට මොකුත් කරනව නෙමෙයි, මං අණ දෙනවා’’ ඔහු දැඩි ස්වරයෙන් කීවේය.

    ‘‘අණ දෙනව කිව්වේ මොකක්ද?’’ ගැමිනායකයා ඇසීය.

    ‘‘මං කියනව කර්නල්ට, කර්නල් කියනව මේජර්ට, මේජර් කියනවා කපිතන්ට, කපිතන්
    කියනවා ලූතිනන්ට, ලූතිනන් කියනව සාජන්ට්ට, සාජන්ට් අරන් එනව භට පිරිසක්. ඇවිත් නුඹලාව බිත්තියක් ඉස්සරහින් පෙළ ගස්සලා වෙඩි තියල මරලා දානව එක පාරින්ම. තේරුණාද?’’ ජනරාල්වරයා ගුගුලේය.

    දැන් තමයි ඔහේ කියන දේ අපට තේරුණේ. ඔය සාර්ජන්ට් කියන කෙනා නම් ඇත්තෙන්ට ම බලවත් අයෙක් වෙන්න ඕනෑ. තාමත් අපි දැක්කෙ ඔහෙව විතරයි. අප සාර්ජන්ට්ව මුල ඉඳල ම මුණ ගැහුනා නම් මේ තරම් කරදර වෙන්නෙ නෑ නෙ.’’ ගැමිනායකයා කීවේය.


    ලතාවේ කතාව

    එකමත් එක රටක ගෙයක් තිබුණේය. ඒ ගෙය අසලින් මතු වූ ලතාවක් (වැලක්) ගෙයි බිත්තිය දිගේ ඉහළට නඟින්නට විය.

    වසර කීපයක් ගත විය. ඒ ලතාව මුළු ගෙය ම වසා ගෙන වැඩුණේය. ගෙයක් ඇති බව පමණක් පෙනෙන පරිදි වට රේඛාවක් පමණක් එහි විය. මුළු ගෙය ම නිල්ලෙන් වැසී ගියේය. පිටතින් බලන්නකුට ඒ තුළ ගෙයක් ඇති බව වටහා ගත හැකි වූයේ එහි හැඩයෙන් පමණි.

    ඒ ගෙය තුළට යාම හෝ ඉන් පිටතට පැමිණීම හෝ එන්න එන්නම අසීරු වන්නට විය. ලතාවෙහි පැතිරීම එන්න එන්නම වැඩි විය. නිවැසියෝ ලතාවෙහි අතු-ඉති ඈත් මෑත් කරමින් ඉතා අමාරුවෙන් ජීවත් වූහ. එහෙත් ලතාව නොකඩවා වැඩෙමින් ඔවුනට එහි ජීවත් වීම තව තවත් අසීරු කරවීය. තවදුරටත් එහි රැුඳිය නොහැකි වූ තැන නිවැසියෝ එය අතහැර ගියහ. ලතාව නොනැවතී වැඩුණේය. අන්තිමේ දී එහි වට රේඛාව ද වෙනස් විය. එහි ගෙයක් ඇති බව පිටතට නොපෙනුණේය.

    තවත් කාලයක් ගත විය. ගෙය මුළුමනින් ගරා වැටුණේය. එය ලතාවකින් වසා ගත් පස් ගොඩක් පමණක් විය. ඉඳහිට එය දෙස බලන අයෙක් එහි ඇත්තේ කුමක්දැයි සිතා ගත නොහැකිව අන්දමන්ද වෙති. එහෙත් ඒ ගැන තැකීමක් ද වැඩි දෙනකු තුළ නොවීය.

    ලතාව පමණක් ඒ ගැන මහත් සේ කම්පාවට පත් විය. ඒ ගැන අකම්පහළ වූ ලතාව මෙසේ කීය:

    ‘‘කොතරම් අකෘතඥ මන්දිරයක් ද. මං කොච්චර කාලයක් අල්ලා ගෙන හිටියාද? වසර ගානක් ම වැටෙන්නට නොදී බදා ගෙන හිටියා. ඒත් ඒක විහින් ම කඩා වැටුණා, මගේ උත්සාහයවත්
    ගණනකට නොගෙන.’’ කී ලතාව තවදුරටත් අවට ප‍්‍රදේශය පුරා පැතිර යන්නට විය.


    වැරදි පැත්ත​

    එක් සූෆිවරයෙක් දේශනයක් පවත්වමින් අතීතයේ විසූ ශ්‍රේෂ්ඨ ගුරුවරුන්ගේ හපන්කම් විදහා පාමින් ඒ පිළිබඳ අපූරු කතාන්තර ගෙන හැර දක්වමින් සිටියේය. එහි සිටි එක් සිසුවෙක් නැඟී සිට ඒ කතාවට බාධා කරමින් ප‍්‍රශ්නයක් ඇසුවේය.

    ”මේ අවස්ථාවේදී ප‍්‍රශ්නයක් අසා බාධා කරන්න මං කැමතියි. ඒ මට තොරතුරු දැන ගන්න අවශ්‍ය නිසයි. ඊට ඔබතුමාගේ අවසරය ලැබෙතැයි මං විශ්වාස කරනවා. මෙහෙම අතර මග දී ප‍්‍රශ්න නැඟීම මෙවැනි සභාවකදී කළයුත්තක් නො වන බව මා දන්නවා. එසේ ම එය ශ‍්‍රාවකයකුගේ චර්යාවටත් පටහැනි බවත් මා දන්නවා. ඒත් මේ ප‍්‍රශ්නය නො අසා සිටින්නට මට බැහැ”
    සූෆීවරයා මෙසේ කීය.

    ”අපි හැමවිටම ඔබට සවන්දීමට සූදානම්. මේ ආකාරයෙන් මෙවැනි විටෙක නඟන ප‍්‍රශ්නයකින් ඔබට හෝ අපට හෝ ප‍්‍රයෝජනයක් වෙතැයි සිතීම උගහට වුවත් අපි ඔබට සවන් දීමට කැමැත්තෙමු. කෙසේ වෙතත් ඔබේ අවශ්‍යතාව අපට බාධා කිරීමයි. කාරි නෑ ඔබේ ප‍්‍රශ්නය අසන්න.”
    සිසුවා සූෆිවරයාට තුති පුදමින් තවදුරටත් කතා කරන්නට විය.

    ”මගේ ප‍්‍රශ්නය නම් මෙයයි. අපට හැම විට ම අසන්නට ලැබෙන්නේ අතීත සූෆි ගුරුවරුන්ගේ සමර්ථකම් හා ඔවුන්ගේ සාර්ථක සාක්ෂාත්කර ගැනීම් පමණයි. සූෆිවරුන්ගේ බුද්ධිමහිමයන් හා ශ්‍රේෂ්ඨත්වයන් ගැන පමණයි. ඇයි අපට අසන්ට නො ලැබෙන්නෙ, ඔවුන්ට වැරදුණු තැන් ගැන, ඔවුනගේ අසාර්ථක වූ ප‍්‍රයත්නයන් ගැන, ඒ වගේ ම ඔවුන්ට බලාපොරොත්තු කඩ කර ගැනීමට සිදුවූ තැන් ගැන. එහෙම වුනා නම් මේ කතාවල සමබරතාවක් තියෙනවා නේද?” සිසුවා ප‍්‍රශ්න කළේය.

    ඊට පිළිතුරු වශයෙන් ඒ සූෆිවරයා කීවේ මෙවන් කතාවකි:

    ”පලතුරු වෙළෙන්දෝ නරක් වූ ඇපල් ගබඩා කර තබා නො ගනිති. ඒවා ඉවත විසි කර දමති. වෛද්‍යවරයකුගෙන් මියගිය රෝගීන් ගැන අසන්නට යන්නේ නැහැ. ඒකට සොහොන් බිමකට යන්න ඕනෑ. මේ ලෝකයේ කුණු පරීක්ෂා කරන්න ඔබට ඕනෑ නම් ඒ සඳහා කසළ ශෝධකයකුගේ මග පෙන්වීම ලබා ගන්න ඕනෑ. අපි හැම විටම ඍජු රේඛා ගැන ඉගෙන ගන්න ඇද ඉරි දිහා බලන්නේ නැහැ ඒ ලෝකය ඇද ඉරිවලින් පිරී ඇති නිසා. ශිෂ්‍යයා හැම විට ම උත්සාහ කරන්න ඕනෑ, ඍජු රේඛාවක් අඳින්න පමණයි. ඒ එවැන්නකට තමන් තුළ ඇති හැකියාව තේරුම් ගන්නයි.

    ”ඔබේ ප‍්‍රශ්නය ලෝකයේ ඉතාමත් පැරණි ප‍්‍රශ්නවලින් එකක්. ඒකට පිළිතුරු දෙන්න තමයි, මෙන්න මේ සිද්ධාන්තය බිහි කරලා තියෙන්නෙ. ඇද ඉරක් දකින්න ඔබට ඕනෑ නම් රූලක් සොයන්න එපා!”


    අන්තිම දා​

    එක් මිනිසෙක් මිනිස් වර්ගයාගේ අවසානය සිදු වන දිනය පිළිබඳ ව දැන ගත්තේය. ඒ දිනය ළංවෙත් ම ඊට මුහුණ දිය යුතු හොඳම විධිය ගැන ඔහු කල්පනා කළේය.

    ඔහු තමන්ගේ බහට අවනත වන හැම කෙනකු ම එක තැනකට රැස් කර ගත්තේය. එදා අන්තිම දා ඔහු ඒ හැම දෙනා ම කැටුව එක්තරා කන්දක් මුදුනට නැග්ගේය. ඔවුන් හැම දෙනා ම කඳු මුදුනට එක් රැස් වූ වහාම ඔවුන් සැම දෙනාගේ ම බර එකතු වී ඇති කෙරුණු බලපෑම නිසා කඳු මුදුනේ පස් තට්ටුව පුපුරා ඔවුන් හැම දෙන ම ඒ කඳු මුදුනේ වූ ගිනි කන්ද තුළට කඩා වැටුණේය. ඇත්තෙන් ම ඒ ඔවුන්ගේ අන්තිම දා විය.


    වැරදි විනිශ්චය​

    එකමත් එක කාලෙක ලොකු අනුගාමික පිරිසක් සිටි සාධු වරයෙක් සිටියා. ඒ වගේ ම බොහෝ සතුරු පිරිසක් ද ඒ සාධුවරයාට සිටියා.

    ඔහුගේ සතුරන් ඔහු නසනු පිණිස නොයෙක් උපා යෙදුවා. ඕනෑම කෙනෙකුට ඔහුගේ නිවසට ඇතුළුව නිදහසේ ඇවිදීමට ඉඩ හැර තිබෙන බව සතුරන්ට දැන ගන්නට ලැබුණා. ඔවුන් ඒ සාධුවරයා නසන්නට සිතා ඇපල් ගෙඩිවලට වස දමා කාමරයක් කාමරයක් පාසා තැන තැන දැමුවා.

    මේ උපක‍්‍රමය කීපවතාවක් ම කළත් මාස කීපයකට පසුත් සතුරන් මවිතයට පත් වූයේ සාධුවරයා ජීවතුන් අතර සිටිනු දකින්නට ලැබීම ගැනයි.

    මේ නිසා ඇතැම් අය ඔහු සාන්තුවරයෙකැයි කිව්වා. ඔහුට සියුම් දේ ගැන, සැඟවුණු දේ ගැන, ගුප්ත දේ ගැන දැන ගැනීමේ ශක්තියක් ඇතැයි ඔවුන් තීරණය කළා. ඔහුට හැම දේ ගැනම නිවැරදි දැනීමක් ඇතැයි ඔවුන් විශ්වාස කළා. ඒ වස දැමූ ඇපල් මඟ හැරීමට හෝ අනතුරක් නැතිව ඒවා කෑමට හෝ ඔහුට හැකියාව ලැබුණේ ඔහු සතු ඒ ශක්තිය නිසා යයි ඔවුන් පිළිගත්තා.

    ඔවුන් ඔහු සොයා ගොස් දණින් වැටී මෙසේ ආයාචනය කළා. ‘අපට හැඟී ගිහින් තියෙනවා ඔබ තුමා ශාන්තුවරයෙක් බව. අපට ඔබ තුමාගේ ගෝලයන් වීමට අවසර දෙන්න.’

    ‘මං සාන්තුවරයෙක්ය කිය ඔබලා හිතන හේතුව මට නං අල්ලන්නෙ නෑ. ඔබලා ඇත්තට ම මගේ ගෝලයන් වෙන්න උනන්දුවක් දක්වනවා නම් මං කියන්න කැමතියි, ඔහෙලා මාව මරන්න හදපු උපායෙන් මං බේරුණේ ගෙයි තැනින් තැන වැටිල තියෙන පලතුරු මං ආහාරයට නොගන්න නිසයි.’ සාධුවරයා පිළිතුරු වශයෙන් කීවා.


    මාළුන් තුන්දෙනා - පුන්නුවණා, අඩනුවණා හා නුනුවණා

    එකමත් එක රටක මාළු තුන්දෙනෙක් හිටියා. ඔවුන්ගේ එකකුගේ නම පුන්නුවණා, අනෙකා අඩනුවණා වූ අතර තුන්වැන්නා නුනුවණා නම් වුණා. අනික් ඕනෑම තැනක ඉන්නා මාළුන්ගේ මෙන් මේ මාළුන්ගේ ජීවිත සාමාන්‍ය විදියට ගෙවිලා ගියා. ඔහොම කල් යන කොට දවසක් මිනිසෙක් දැලකුත් අතින් අරන් විල දිහාට ආවා. පුන් නුවණා ජලය විනිවිද මිනිසා එනු දුටුවා. ඌ එතෙක් ලත් අත්දැකීම්, අසා ඇති දේ මෙන් ම තමන් සතු බුද්ධිය ද මෙහෙයවා අනතුරක් ළඟ එන බව තේරුම් ගත්තා. එයින් ගැළවීමට වහා කි‍්‍රයාත්මක විය යුතු යැයි පුන් නුවණා තීරණය කළා.

    ‘‘මේ පුංචි විලේ හැංගෙන්න තැන් ඒ තරම් නෑ. ඒ නිසා මං මළා වාගේ ඉන්න ඕනෑ.’’ පුන් නුවණා කල්පනා කළා.

    පුන්නුවණා උගේ මුළු ශක්තියම යොදා විලෙන් ගොඩට පැන හුස්ම අල්ලා ගෙන මළාක් මෙන් සිටියා. විල ළඟට ආ මිනිසා තමාගේ දෙපා ඉදිරියේ වැටී මියගිය මේ මාළුවා පිරික්සා බලා හුස්ම නොගන්නා බව තේරුම් ගෙන විමතියෙන් යුතුව උගේ වලිගයෙන් අල්ලා ආපසු විලට විසි කළා. වතුරට වැටුණු පුන්නුවණා මොහොතක් මළාක් මෙන් සිට හෙමින් සීරුවේ වතුර යටට ගිහින් ඉවුරේ කුඩා සිදුරකට රිංගා සැඟවුණා.

    දෙවැන්නා වූ අඩනුවණාට ඒක එකපාරටම තේරුණේ නෑ. ඌ පුන්නුවණා වෙත පිහිනා ගොස් ඒ ගැන විමසුවා.

    ‘‘මං ගොඩට පැනලා මළාක් වාගේ හිටියා. ඉතින් එයා ආපහු විලට විසි කළා.’’ පුන්නුවණා කීවා.

    ඉතින් අඩනුවණාත් කළේ වහාම දියෙන් ගොඩට පැන මිනිසාගේ දෙපා මුලට වැටීමයි.

    ‘‘හරි පුදුමයි, මේ විලේ මාළු හැමතැනින් ම ගොඩටට පනිනවා.’’ මිනිසා තමාට ම කියා ගත්තා.

    මිනිසාගේ දෙපා මුලට වැටුණත් අඩනුවණාට පුන්නුවණා කී විදියට හුස්ම අල්ලා සිටීමට අමතක වුණා. පාත් වී බැලූ මිනිසාට ඌ හුස්ම ගන්නා බව පෙනුණා. ඒ නිසා ඔහු අඩනුවණා අල්ලා හිණෙහි වූ මල්ල තුළට දැම්මා. මාළුන් දෙන්නකුම ගොඩ පිනූ නිසා ඔහුගේ මොළය අවුල් ව ගියෙන් ඔහුට මල්ලෙහි කට වැසීමට අමතක වුණා. ඔහු තවත් මාළු ඇද්දැයි විලට එබී බලන අතරේ අඩනුවණා හෙමින් සීරුවේ මල්ලෙන් ඉවතට පැන යළිත් දියට රිංගා ගැනීමට සමත් වුණා. පුන්නුවණා සැඟවී සිටි ගුල අසලට ගිය ඌ වෙනත් ගුලකට රිංගා ගත්තා.

    දැන් ආවේ තුන්වැන්නා වූ නුනුවණාගේ වාරයයි. ඌ නමට ම සරිලන ආකාරයේ මෝඩයකු වුණා. අනෙක් මාළුන් දෙන්නා ඔවුන්ගේ අත්දැකීම් විස්තර කළත් ඌට ඒවා තේරුම් ගන්න පුළුවන්කමක් තිබුණේ නෑ. මිනිසාගෙන් ගැලවීමට නම් මළාක් මෙන් සිටීමට අත්‍යවශ්‍ය බවත් ඒ සඳහා හුස්ම අල්ලා ගෙන සිටිය යුතු බවත් ඒ මාළුන් දෙන්නා කීවා. කීපවරක් ම කියා දුන් පසු තමන්ට එය හොඳින් වැටහුණු බව නුනුවණා පිළිගත්තා.

    ‘‘බොහොම ස්තුතියි, මට දැන් තේරෙනවා’’ නුනුවණා කීවා. ඒ විගස ම ඌ දිය මතු පිටට අවුත් එක්වර ම ගොඩ බිමට පැන මිනිසාගේ දෙපා අසලින් වැතිරුණා. ඌ අනෙක් දෙදෙනා කී විදියට ම හුස්ම අල්ලා ගෙන මළාක් මෙන් සිටියා. දැනටමත් මාළුන් දෙදෙනකු අහිමි වීම ගැන සිත් තැවුලෙන් සිටි මිනිසා නුනුවුණා මළ බවවත් නොවිමසාම ඌ මල්ල තුළට දමා එහි කට හොඳින් වසා දැම්මා.

    ඉන්පසු මිනිසා තවත් මාළුන් අල්ලා ගන්නට වෙහෙසුණත් තවත් කිසිම මාළුවකු ඔහු අහු වුණේ නෑ. මුලින් ම අසුවී දියට දැමූ දෙදෙනාවත් ඔහුට අල්ලා ගන්න බැරි වුණා. තවත් එක මාළුවකුවත් අල්ලා ගත නොහැකි වූ තැන ඔහු සිය උත්සාහය අත්හැරියා. දැලත් අකුලා ගෙන යන්නට හැරුණු ඔහු අන්තිමේ දී හිණෙහි වූ මල්ල ඇර බැලූවා. මල්ල තුළ ඉන්නා මාළුවා හුස්ම නොගන්නා බව දැක ඌ යළිත් විලට විසි කරන්නට සිතූ ඔහු මඳක් කල්පනා කර, ‘‘ඔන්න ඔහෙ බල්ලට දෙන්නවත් ගෙදර ගෙනියනවා’’ යැයි තමාටම කියා ගත් ඔහු ඒ මාළුවා ගෙදර අරගෙන ගියා.


    පර්සි ජයමාන්නගේ ‘සූෆි උපමා කතා’ නම් ග‍්‍රන්ථයෙනි
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    සියලු යහපත් ප්‍රාර්ථනා ඉශ්ට වෙන සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා.......... :love::love::love::love:
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    පොඩි කාලේ ඉඳලම මේ කතා කියවන්න හෙන ආසයි..
    ඊසෝප්ගේ උපමා කතා කියලා පොතකුත් තිබුණා..
    ත්‍රෙඩ් දෙකෙන් එකකටවත් රෙප් දෙන්න බෑ කියහංකෝ..
    You must spread some Reputation around before giving it to EK KILLER again.[/CENTER]
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    පොඩි කාලේ ඉඳලම මේ කතා කියවන්න හෙන ආසයි..
    ඊසෝප්ගේ උපමා කතා කියලා පොතකුත් තිබුණා..
    ත්‍රෙඩ් දෙකෙන් එකකටවත් රෙප් දෙන්න බෑ කියහංකෝ..
    You must spread some Reputation around before giving it to EK KILLER again.[/CENTER]

    හම්මට ඊසොප් ඉස්සර පිස්සුවෙන් වගේ කියෙව්වා පුස්තකාලෙන් අරන්..... එකත් හොයල දාන්නන්..