සෘණාත්මක

Dishta Didin

Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    වේගය

    වේගවත් වීම වීරකමක් නොවේ.
    වේගය නිසාම එතෙක් මෙතෙක් කාලය තුළ මිනිසා ඇතුළු සත්ත්වයන්
    අති විශාල ප්‍රමාණයකගේ ජීවිත හානි වන්නට ඇති... :(

    උදාහරණයකට හෙට උදෑසන "සෘණුලි" හමුවීමට යා යුතු යැයි සිතමු.
    සාමාන්‍ය පරිදි පසුදින අවදිව යන ගමනේදී "වේගයේ පිහිට පැතීම" නොව කළ යුතු...

    පෙර දින රාත්‍රියේ සෘණාත්මක චින්තනය මෙහෙයවා,
    "හෙට දින 'සෘණුලි' හමුවීමට යන ගමනේදී ඇති විය හැකි බාධාවන් සිතා බලා,
    එම බාධාවන්ට හා ගමනට ගතවන කාලය ගණනය කර "වේගවත් නොවන ගමනක්" සඳහා
    පසු දින වේලාසනින් ගමන පිටත්වීමයි.

    වේගයට සෘණ කීම යනු ප්‍රමාද වීම නොවන බව සිහියේ තබාගත යුතු...! :)
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,748
    1
    60,445
    113
    Mother Earth

    හිච්චි නගේ බාලේ හිඳ ඩිෂ්ටි ඩිඩින්..
    ළපටි සිතින් මට මතකයි ඩිෂ්ටි ඩිඩින්..
    හිතට හොරා මල් පිපුණා ඩිෂ්ටි ඩිඩින්..
    අද මොකදෝ මං දුටුවම ඩිෂ්ටි ඩිඩින්..
    :D
     
    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    හිච්චි නගේ බාලේ හිඳ ඩිෂ්ටි ඩිඩින්..
    ළපටි සිතින් මට මතකයි ඩිෂ්ටි ඩිඩින්..
    හිතට හොරා මල් පිපුණා ඩිෂ්ටි ඩිඩින්..
    අද මොකදෝ මං දුටුවම ඩිෂ්ටි ඩිඩින්..
    :D

    :D
     
    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    positive attitude ekak thiyenna one. negative thoughts thiyenneth one nathnam kohamda improve wenne.

    ධනාත්මක චින්තනය කියලා අද බොහෝදුරට කෙරෙන්නේ තමන්ගේ වාසියට
    මිනිස්සු හීන ලෝකෙක ගිල්ලවන එක.
    එක එක වෙළඳ භාණ්ඩ ඇඟේ ගහන එක.
    මේ විදියට මිනිස්සුන්ගේ බුද්ධිය පැත්තකට කරලා හැඟීම්බර මිනිස්සු ටිකක් හදන එක තුළින් තමයි
    ඒ වෙළඳ භාණ්ඩ බෙදාහැරීම පහසු වෙන්නේ. ඒ ආයතන, සමාගම් වල පැවැත්ම තහවුරු වෙන්නේ. :(

    සෘණාත්මක කියලා අන්තවාදී වෙන්න නෙවෙයි මේ කියන්නේ.
    ඕනේම දෙයක් දිහා "සෘණ" විදියට බැලුවාම තමයි ඒකේ වැරදි පේන්නේ.
    උඩින් තියන බොරු මායාව පේන්නේ. (මට තේරෙන විදියට)
    ඒ වැරදි, බොරුව දැකලා ඉන්පස්සෙයි මම තීරණය කරන්නේ ඒ දේ ළංකරගන්නවාද, නැද්ද,
    ඒ දෙයින් ඉස්සරහට යනවාද, නැද්ද කියලා...
    මට ලැබුන අවස්ථා (අනිත් අය වටිනා විදියට සලකන) මං අතහැරලා තියනවා මට නිදහස ඕනේ නිසා.
    මං ධනාත්මකව හිතලා ඒ දේවල් සාමාන්‍ය කෙනෙක් වගේ බදාගත්තා නම්
    මෙලහකට බොහෝ දෙනා වගේ මෝඩ හැඟීම්බර ජීවිතයක් ගෙවමින් ඉඳියි. :D
    අර කොටස් දහස් ගණන් වල ටෙලි නාට්‍ය කට ඇරගෙන බලාගෙන,
    කෙල්ලෙකුට පණදීගෙන ආදරේ කරගෙන, මහා ප්‍රබන්ධයක් වූ කසාදයක් බැඳගෙන...
    ළමයි හදාගෙන, උන්ට කඹුර කඹුර... :rofl:
    මට හරියන දේ වෙන කෙනෙකුට හරියන්නේ නැති වෙන්නත් පුළුවන්.
    බොහෝ අය මෙහෙම නෙවෙයි. නමුත් මම දකින නිදහස් ජීවිතය තමයි මේ. :yes:

    ආයෙත් කියනවා, මේ කියන්නේ අන්තවාදීව සෘණාත්මක වෙන්න නෙවෙයි.
    සාමාන්‍යයෙන් ඕනේම දේක ඇත්ත දකින්න පුළුවන් මට්ටමට සෘණාත්මක වෙන්න.
    ධනාත්මක නම් මම දන්නේ නෑ. ඒකේ කිසිම හොඳක් මට පේන්නේ නෑ.
    (සාමාන්‍ය මනුස්සයෙක්ට තියන දියුණුවට කරා යාමේ අවශ්‍යතාව තිබුනම ඇති)
    සෘණාත්මක නොවුනත් ගුණාත්මක වෙන්න. :yes:
     
    හුටා! :shocked:
    මොනවාද නෝනේ මේ කියලා තියෙන්නේ?
    සෘණාත්මක නොවුනත් ගුණාත්මක වෙන්නලු... :lol:

    මිත්‍රවරුනි, මේ අපේ නෝනා දාපු පෝස්ට් එකක්. :yes:
    සෘණාත්මක වුනාම "රෙප් ටිකත්" සෘණ වෙයි කියලා එයා බයේ ඉන්නේ.
    ඒක නිසා මේ ත්‍රෙඩ් එක දැම්මට මට බැන්නත් එක්ක.
    මොකද අනාගතේ අපේ දරුවන්ට දායාද කරන්න එයා "රෙප්" එකතු කරනවා. :dull:

    මං කියන සෘණ කතා සාධාරණීකරණය කරන්නයි අපේ නෝනා මෙහෙම කතා කියන්නේ...
    අහුවෙන්න එපා...! :dull:

    මේ thread එකේ මේවගේ පණ්ඩිත කතා කියලා තියනම් ඒ නෝනා තමා. මම නෙවේ... :no:
     
    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    බැරි වැඩ පුළුවන්ද දත් මිටි කෑවාට... :rofl:

    [මම කැමතිම පාට "කළු" ත්‍රීවිල් එකක පිටිපස්සේ ගහලා තිබුනේ...]
     
    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    හුටා! :shocked:
    මොනවාද නෝනේ මේ කියලා තියෙන්නේ?
    සෘණාත්මක නොවුනත් ගුණාත්මක වෙන්නලු... :lol:

    මිත්‍රවරුනි, මේ අපේ නෝනා දාපු පෝස්ට් එකක්. :yes:
    සෘණාත්මක වුනාම "රෙප් ටිකත්" සෘණ වෙයි කියලා එයා බයේ ඉන්නේ.
    ඒක නිසා මේ ත්‍රෙඩ් එක දැම්මට මට බැන්නත් එක්ක.
    මොකද අනාගතේ අපේ දරුවන්ට දායාද කරන්න එයා "රෙප්" එකතු කරනවා. :dull:

    මං කියන සෘණ කතා සාධාරණීකරණය කරන්නයි අපේ නෝනා මෙහෙම කතා කියන්නේ...
    අහුවෙන්න එපා...! :dull:

    මේ thread එකේ මේවගේ පණ්ඩිත කතා කියලා තියනම් ඒ නෝනා තමා. මම නෙවේ... :no:

    ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ
    මෙහෙම මෝඩ මනුස්සයෙක් මං දැක්කමයි... මගේම කරුමේ ඉතින්...
    බැඳගත්තා නම් බෙරේ ගහන්නම එපැයි...! :frown:
     
    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    ස්වභාවදහමට අනුව ජීවත් වීම එකකි.
    ස්වභාවදහමේ මායාවන්ට හසු වීම වෙනකකි.
    ලෝකයේ පැවැත්ම පිණිස ස්වභාවදහම හඳුන්වාදුන් "ආදරය" යනු ස්වභාවදහමේ මායාවකි... උගුලකි.
    ඒ මායාවට බහුතරය හසු නොවන්නේ නම් ලෝකයේ පැවැත්මක් කොහිද... :D

    බාඳුරා මලට හසු වන කෘමීන් නිසා එහි පැවැත්ම සුරැකේ.
    නමුත් බාඳුරා මලෙහි යථාර්තය දැනගත් එක්තරා කෘමියෙක් ඊට හසු නොවී සිටිය ද, එය බාඳුරා මලට ගැටළුවක් නොවේ.
    කිමද යත්, තවත් ඇති තරම් කෘමීන් තාවකාලික සුවයක් පතා ඒ "උගුලට" හසුවීමට සැදී පැහැදී බලා සිටින නිසාවෙනි. :)
     
    • Like
    Reactions: Pessimist

    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    "ඉඩෝරයට හුරුවුනාම වසන්තය ආවත් එකයි නාවත් එකයි..."
    :)
    (දින කිහිපයකට පෙරාතුව යෙදුනු ගමනකදී ත්‍රීරෝද රථයක දකින්නට ලැබුනු වදනක්...)
     
    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    මිනිසා විසින් පරිසරය රැකීමට අමුතුවෙන් වෙහෙස විය යුතු නොවේ.
    පරිසරය වැනසීමෙන් වැළකීම ප්‍රමාණවත් ය.

    මිනිසාගේම යහපතට බව කියමින් දියුණුව නම් වූ මුලාවට හසු වූ කළ
    මිනිසා සිදු කරනුයේ දැන හෝ නොදැන ස්වභාවදහම පරයා යාමට තැත් කිරීමකි.
    එහි ප්‍රතිඵල වර්තමානයේ පැහැදිලිව විද්‍යාමාන වේ.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,748
    1
    60,445
    113
    Mother Earth
    "ඉඩෝරයට හුරුවුනාම වසන්තය ආවත් එකයි නාවත් එකයි..."
    :)
    (දින කිහිපයකට පෙරාතුව යෙදුනු ගමනකදී ත්‍රීරෝද රථයක දකින්නට ලැබුනු වදනක්...)

    වසන්තය ? ඒ කවුද බන් ත්‍රීවිල් එකේ අයිතිකාරයද ?:confused: