සඳු හිරු කලාපය කීප වතාවක්ම සෙනසුරු ගැන සාකච්ඡා කර ඇත. කොපමණ කතා කළත් ඇතිවීමක් නම් නැත. සෙනසුරුට ඒ තරම්ම විවිධ සහ විෂම ගුණ ඇත.
මෙහිදී වැඩි මනක්ම ප්‍රචලිතව ඇත්තේ නුහුගුණමය. ඕනෑම කෙනෙකුට ඕනෑම දුෂ්කරතාවයක් ඇතිවූයේ නම් එහි හේතුව බැරවන්නේ සෙනසුරුගේ ගිණුමටය.
නවග්‍රහයන් අතරෙන් වඩාත්ම හෙමින් ගමන් කරන්නේ සෙනසුරුය. එක රාශියකින් තවත් රාශියකට යාම සඳහා අවුරුදු දෙකහමාරක් පමණ ගතවේ. සෙනසුරු මෙහෙම හෙමින් ගෝචර වන නිසා කරන දෙයක් දැනෙන්නම කරයි.
කල් පවතින හෝ වේදනා ගෙනදෙන රෝග, මුත්‍රා හෝ ලේ ආදිය හිරවීම, දද, වන හා කුෂ්ඨ, අස්ථි බිඳීම, හිරේ විලංගුවේ වැටීම, ප්‍රියයන්ගෙන් වෙන්වීම, අප්‍රියයන් හා එක්වීම, වැඩකටයුතු ඉටුවීම පමාවීම, හමේ වර්ණය වෙනස්වීම නිසා රූපය විරූප වීම සහ දුෂ්කර ක්‍රියා ආදිය සෙනසුරුගේ බලපෑම නිසා සිදුවන බවට විශ්වාසයකි.
මෙම ලිපියෙන් අදහස් කරන්නේ සෙනසුරුගේ අපල සඳහා ඉතාම ගුණදායක මෙන්ම අප්‍රකට ශාන්ති කර්ම කීපයක් ගැන කතා කිරීමය.
සෙනසුරාදා දවස්වල උපවාස ශීලය රකිමින් තම ආහාර වේල දුගී මගී යාචකාදීන්ට දෙන්න. මෙහිදී කන්න නැතත් නම්බුව නිසා හිඟන්න බැරි කෙනෙකු සොයාගත හැකි නම් විශේෂයෙන් යහපත්ය. මොවුන් හන්වන්නේ පුලන්නන් හැටියටය. ඔබ දෙන දෙය පිරිමහල කරන්න එපා. ලබන්නා උපරිමයෙන්ම සතුටුවන ආකාරයට එය දානය කරන්න.
තල, කොල්ලු සහ උඳු යන ධාන්‍ය වර්ග දන් දෙන්න. ඒවා නොපිසූ ආහාර හැටියට දුන්නත් කමක් නැත. නමුත් මෙහිදී පොතු නොහරින ලද කළු තලම භාවිතයට ගන්න.
ඔබේ ගෙදර උයන්න පිහන්න භාවිතා කරන තෙල් වර්ගයෙන් හැකි ප්‍රමාණයක් දුප්පත් අයට බෙදා දෙන්න. මෙයත් සෙනසුරාදා දවස්වල කළහැකි නම් ඉතා යහපත්ය. දෙන්නන් වාලේ නොව පිරිසිදු භාජනවල අසුරා හොඳ හිතින් කිරීම අවශ්‍යයි.
සෙනසුරාදා දවසක නුග වෘක්ෂයක් අවට පිරිසිදු කරන්න. පැන් කලයකින් නාවන්න. නුග ගහ ළඟ තල තෙල් පහනක් දල්වන්න. මෙය සෙනසුරාදාට එළිය වැටෙද්දී හෝ රාත්‍රී කාලයේදී කරන්න.
පාන් කැබලි කීපයක තලතෙල් ස්වල්පයක් තවරා කපුටන්ට සහ සුනඛයන්ට කන්න දෙන්න. මෙහිදී බොහෝ දෙනා භාවිත කරන්නේ එළඟිතෙල්ය. නමුත් ඔබ භාවිතා කළයුත්තේ තලතෙල්ය.
නුග ගසක් අවට පිරිසිදු කර සීනි ස්වල්පයක් මිශ්‍ර කළ කිරි එහි මුල් මතට වක්කරන්න. එම කිරි වලින් තෙත්වූ “මඩ” හෙවත් පස් ස්වල්පයක් දකුණු අතේ වෙදඟිල්ලට ගෙන තම නලල මත තිලකයක් සේ තබන්න.
පෙර සඳහන් ශාන්ති කර්ම දවසක් හෝ දෙකක් පමණ කිරීම නොසෑහේ. කාලයක්ම කරන්න. එවිට සෙනසුරු ඔබට කරන බවට කවුරුන් විසින් හෝ කියන ලද අපල උපද්‍රා ඵල නොදී යනවා සිකුරුය.
සෙනසුරු අපල සඳහා ඉතා ගුණදායක මෙන්ම සරල යන්ත්‍රයක් මෙම ලිපියේ මුල දැක්වේ. එය ඊයම් තහඩුවක අඳින්න. එහෙම නැත්නම් අන්දවා ගන්න. හරි හතරැස් තහඩුවක් ඒ සඳහා භාවිතා කරන්න. එසේ අන්දවා ගත් යන්ත්‍රය ඔබ වඳින පුදින තැනක තබා වන්දනා මාන කරන්න.
චතුර් භුජෝ - භාන චාපා
කග්ග හස්තෝ - වරප්රද්රා
ගෘධාර වාහනෝ ගතෝ - නිත්යාම්
සංකරෝතූ - ශනීෂ්වරා
යන ස්තේරා්තය බෝ මළුවකදී හෝ දිනපතා වන්දනා මාන කරන ස්ථානයක ගායනා කිරීම ඉතාම ගුණදායකය.
සෙනසුරුගේ අපල ගැන පමණක්ම කීම ජ්‍යෝතිෂය නොවේ. ඒ සඳහා සුදුසු ශාන්ති කර්මද නියම කළ යුතුය. එය ප්රතිකාරමය ජ්‍යෝතිෂය වේ.