සෙනසුරු මාරුව 2020 ජනවාරි
සෙනසුරු මාරුව 2020 ජනවාරි
මිතුන ලග්නය
මිතුන ලග්නයෙන් උපන් ඔබට ඉදිරි වසර තුනක කාලය අශ්ටම ඒරාශ්ටක අපලයට ලක්වීමට සිදුවන අතර 2020 ජනවාරි 2023 ජනවාරි අතර කාලයේ සෙනසුරු ලග්නයෙන් අටවැන්නේ ගමන් කරයි. අටවැන්න තුල ශනි රාශි බලයෙන් යුතු වන නමුත් අපලය ස්තිරවම ඇතිකරයි.
තමාගේ වැඩකටයුතු පිලිබදව නොයෙක් ආකාරයේ ගැටලු ප්‍රශ්ණ ඇතිකරනු ඇති අතර සතුරු කරද පීඩා , මිත්‍රත්වයෙන් සිටි අයගේ වෙනස්කම් , වෙනස්වීම් හෝ අමනාපයන් ඇතිවනවා ඇත.තම තත්වය ගෞරවය වටිනාකම , පිලිගැනීම ආදියට ගැටලු ඇතිවන අතර තම චරිතය ගුණය වෙනසකට ලක්වනවා ඇත.
අයහපත් හිතමිත්‍ර ඇසුරකට ලක්විය හැකි අතර ඉගෙනීම් ආදියට අසුබ බලපෑම් ඇතිකරයි.හිතුවක්කාර කේන්ති සහිත බවක් මෙම කාලයේ ඇතිවේ. කේන්තිය හදිසි කෝපය වැනි තත්වයන් හේතුවෙන් හදිසි ගැටලු ඇතිකරයි.
රැකියාවද , ආදායම් මිලමුදල් තත්වයන්ටද අයහපත්වන අතර දුෂ්කරතාවයන්ට අපහසුතාවයන්ට පත්වීමට සිදුවනවා ඇත,ණයවීමද නයට දීම ආදියෙන්ද විශේෂයෙන් ඉදිරි වසර තුන පුරාවට වැලකී හෝ ප්‍රවේසම්වී කටයුතු කිරීම යහපත්වනු ඇත.
මවට පියාට පවුලේ වැඩිහිටියන්ට අයහපත්වේ. විශේෂයෙන් පියා සම්බන්ධව විශේෂ රෝග ගැටලු , හදිසි අනතුරු මාරක ආදිය ඇතිවීමට අවස්තාව පවතී.විවාහ පවුල් ජීවිත ගතකරනය අයට 2020 නොවැම්බර් සිට ඉදිරියට කාලය අයහපත් වන අතර මතබේධ , වාද විවාද ඇතිවනවා ඇත.විස්වාසය බිදවැටීමට සැකය ඇතිවීමට , එය පවුල් ජීවිතයේ ස්තාවරත්වයන්ට හානි කිරීමට ඉදිරි කාලය තුල අවස්තාව පවතී.
එමෙන්ම කේලම් කටකතා ඇසීමට සිදුවිය හැකි අතර තත්වය ගෞරවය වටිනාකමට හානිවනදේ සිදුවනවා ඇත.අයහපත් සමාජ හිතවත්කම් ඇතිවිය හැකි අතර වැඩි වශයෙන් සමාජයට ඇලුම් කරයි.නව හිතමිත්‍රයන් හමුවන අතර ඔවුන් නිසා බොහෝ පාඩු අලාබයන්ට ලක්වීමට සිදුවනවා ඇත.
තමාගේ රහස් හෙලිවිය හැකි අතර අවසානයේ සමාජයෙන් දුරස්වීමට විශේෂ සිදුවීමක් සිදුවිය හැක.බුද්ධිය වටිනාකම දුර දක්නා ඤාණ ශක්තීන් වෙනදා තත්වයට වඩා පහත වැටීමට ලක්වන අතර හදිසි තීරණ ගන්නා කලබලයෙන් හදිසියෙන් කටයුතු කරනා කාලයක් වනු ඇත.
ඉගෙනීම් ආදිය පිලිබදව විශේෂ ගැටලු ඇතිනොවන අතර සාම්ප්‍රදායික හෝ ආගමික සංකෘතික හෝ ගුප්තමය ඉගෙනීමකට හැදෑරීමකට අවස්තාව හෝ අදහස මතුවනු ඇත.
ආගමික අවබෝධයන් ලැබීමට අවස්තාව ලැබෙනවා ඇත.විදෙස්ගතවීම් , දුර බැහැර සංචාර ආදියේ බලාපොරොත්තු ප්‍රමාදයෙන් යුතුව හෝ අවසානයේ හදිසියේ සිදුවනු ඇත.දුර බැහැර ගමනක් අතර තුර කිසියම් විශේෂ කරදරයකට ගැටලුවකට මුහුණදීමට සිදුවනු ඇති අතර වටිනා කියනදේ නැතිවීම , ගමන් ගන්නා රතය අතරමග දෝශයට ලක්වීම ආදී ඕනෑම කරදරකාරී අවස්තාවකට ලක්වීමට මුහුණ දීමට සිදුවනු ඇත.
මානසික වශයෙන් වෙනදා පැවති සහනය දුරුවී අසහනකාරී ගති ඇතිවනු ඇති අතර ධනයද , පවුල් ජීවිතයද , රැකියාවද , හිතමිත්‍ර සබදතා ආදියද ප්‍රධාන වශයෙන් ගැටලු මතුකරන සාධක වනු ඇත.හදිසි අනතුරු තුවාල , තැලීම් , වැටීම් , බිදීම් ආදියද , උදරගතව සහ උගුර බෙල්ල , ඇස සම්බන්ධවද රෝග , රෝගාබාධයන්ට ලක්වීමට අවස්තාව සහිතවේ.බෝවන රෝග , ඩෙංගු වැනි උණ තත්වයන් , වසවිස ශරීරගතවීම් ආදියද ජලයෙන් අනතුරු විපත්ද සිදුවිය හැක. තම උප්පත්ති ග්‍රහබල තත්වය හෙවත් කර්ම බල වේගයන්ට යටත්ව සියලු විපාක සුබ අසුබ ලෙස වෙනසකට ලක්වනු ඇත.
මිතුන ලග්නයෙන් උපන් ඔබට 2020 - 2023 අතර කාලයේ ලග්න අශ්ටම ඒරාශ්ටක අපලයට ලක්වීමට ස්තිර වශයෙන්ම සිදුවන අතර , සදු ග්‍රහයාගේ පිහිටීම ලග්නයේ යෙදේ නම් ලග්න අශ්ටම සහ ජම්ම අශ්ටම එරාශ්ටක අපලය යන අපල දෙකට එකවිට ලක්වීමට සිදුවේ.
මේ ලෙසම සදු ග්‍රහයාගේ පිහිටීම මකර රාශිය වූ අටවැන්නේ මාරකස්තානයේ වේ නම් , ලග්න අශ්ටම සහ ජම්ම යන ඒරාශ්ටක අපල දෙකට එකවිට ලක්වීමට සිදුවනු ඇත.
සෙනසුරු ඒරාෂ්ටක අපලයකදී පහත සඳහන් පරිදි අපලය විපාක දෙයි.
ළඟම ඥාතිනීගේ මරණ, ශෝක වේදනා, නින්දා අපහාස, චෝදනා එල්ලවීම්, හදිසි අනතුරු ඇතිවීම, රැකී රක්‌ෂා අහිමිවීම, දරන තනතුරෙන් හා තත්ත්වයෙන් පහත වැටීම, කායික, මානසික දුක් පීඩා හා කරදර යෙදීම, සම්රෝග, වාත රෝග, අඹුදරු ඥාති හිතමිතුරන්ගේ ප්‍රශ්න, කරදර ඇසීමට දැකීමට සිදුවීම, සොර සතුරු කරදර, උන්හිටිතැන් අහිමිවීම, දුක් විඳින කල්පවතින රෝග ඇතිවීම සැප ලැබීමේ වාසනාව තිබුණත් ඒවා විඳීමේ වාසනාව යටපත්වීම ද, සේවාදායක දායකකාරකාදීන්ගෙන් ප්‍රශ්න, කරදර ඇතිවීම, කරන්නට සැරසෙන හැම කටයුත්තකටම බොහෝ සේ බාධා ඇතිවීම මතකය කල්පනාව අඩුවීම, අනුවන ක්‍රියා සිදුකිරීම, අලසවීම හා උදාසීන ගතිද ඇති කරයි.
Janaka P kumara-
Last edited:


