සෙනසුරු මාරුව (අනිවා කියවන්න)
බොහෝ දෙනෙකු ඉකුත් කාලය පුරා වැඩි වශයෙන් කතාබහ කරන ලද්දේ, ඉකුත් විසිහය වෙනි දා සිදු වූ සෙනසුරු ග්‍රහ මාරුවත් සමඟ රටටත්, ජනතාවටත්, සිදුවිය හැකි යැයි පැවසුන දේවල් පිළිබඳව ය. ඇතැමුන් පවසන ලද්දේ, ඉන් රටේ අනාගතයට ඉතාම අභාග්‍යසම්පන්න දේ සිදුවන බවය. කෙසේ වෙතත්, ස්වාභාවිකව සිදුවන ග්‍රහ මාරුවකින් රටට හෝ ජනතාවට එලෙස විවිධ අකටයුතුකම් වේද, මෙය සැබවින්ම බුදුදහමට එකඟ කාරණාවක්ද යන්න පිළිබඳව, රත්මලාන ධර්ම පර්යේෂණාලයේ අධ්‍යක්ෂ හෑගොඩ විපස්සි හිමියන් මෙසේ අදහස් දක්වන ලදී.
සෙනසුරු මාරුවෙන් ජනතාව නොමඟ යවා ජනතාව අමාරුවේ දමන්නේ කවුද?.
ඇත්තට ම මෙවැනි මිත්‍යා මත ජනතාවගේ ඔළුවට ඇතුළු කර ඒ මත ජනතාව ජීවත් කිරීමට උත්සාහ දැරීම විශාල ව්‍යසනයක් බවට අද පත් වී ඇත. ජ්‍යොතිර්වේදීන් පවසන අන්දමට ධනු ලග්නයෙන් උදා වූ මේ වසර ලංකා කේන්ද්‍රයේ ලග්නාධිපතිව සිට සෙනසුරු පීඩිත ජනතාව නියෝජනය කරන බව ය. මෙම ග්‍රහ බලපෑම හේතුවෙන් රට තුළ විවිධ භූ විෂමතා තත්ත්වයන්, නියං තත්ත්වයන්, දිගු කාලීන වර්ෂා තත්ත්වයන ආදිය ඇතිවන බවට මත පළ විය. එහෙත් මේවා අනාවැකි ලෙස පළ කළ යුතු ඒවා ද යන ගැටලුව ද අපට ඇත. මන් ද යත් මෙවැනි දේ ජ්‍යොතිර්වේදී න්‍යායයන් මත පිහිටා නොව කුඩා දරුවෙකුට පවා පැවසිය හැකි දේවල් වන බැවිනි.
සෙනසුරු යනු සෞරග්‍රහ මණ්ඩලයේ දවෛනි විශාලතම ග්‍රහයා යි. සූර්යයාගේ සිට කිලෝ මීටර 1427000000 දුරින් සෙනසුරු ග්‍රහයා පිහිටා ඇත. සෙනසුරු ග්‍රහ වස්තුවක් වන අතර, එය රිද්මයානුකූල ගමන් ස්වභාවයකින් යුක්තය. භාරතීය භූගෝලීය චින්තනය අනුව ද සෙනසුරු වූ කලි, යම් රිද්මයකට අනුව පෘථීවිය වටා ගමන් කරයි. එය ස්වාභාවික සිදුවන ක්‍රියාවලියකි. ඉර හඳ පෑයීම, ඉපදීම, මියයාම, වර්ෂාව ඇති වීම, වර්ෂාව නැති කල නියඟ ඇති වීම යන
සියල්ලම එලෙස ස්වාභාවිකව සිදුවන ක්‍රියාදාමයන් මිස අනාවැකිවලින් කිව හැකි දේවල් නොවේ. ඒ කිසිවක් සෙනසුරු හෝ වෙනත් කිසිදු ග්‍රහ වස්තුවක බලපෑමක් නිසා වෙනස් කළ හැකි දේවල්ද නොවේ.
එහෙත් දිනෙන් දින මේ මිත්‍යා සංකල්ප ජනගත වෙමින් පවතී, සංස්කෘත පඩිවරුන්ගේ අදහස අනුව මෝඩයාට, ශෝක වීමට හේතු දහස් ගණනිනුත්, බව වීමට හේතු සිය ගණනිනුත් ඇති වේ. එමෙන්ම යම් සමාජයක යම් අදහසක් වඩාත් ප්‍රචලිත වන විට එම අදහස අදාළ සමාජය තුළ රජකරවයි. ඒ අනුව, මේ කාලය තුළ වඩාත් සමාජය තුළ ප්‍රචලිත වන්නේ මිත්‍යා මත පමණයි. එමනිසාම මේ හැසිරීම් රටාවන්වලට අනුව සමාජය තුළ සියලු කටයුතු සිදුවන්නට පටන් ගනී. එමනිසාම එම මත සමාජය තුළ ජනප්‍රිය වන අතර, මිනිසුන් ඒවා පිළිගන්නට ද යොමු වේ.
එහෙත් බුදුරජාණන් වහන්සේ මෙවැනි දේ හඳුන්වන ලද්දේ, සෘතු විපර්යාස ලෙසිනි. එහෙත් නව ග්‍රහ දෝෂ ලෙස විවිධ දේ හඳුන්වාගෙන තම කාලය, ධනය, ශක්තිය සියල්ල විනාශ කරගන්නා පිරිස් අද සමාජය තුළ බහුල ය. ත්‍රිපිටකයේ හෝ කිසිදු තැනක මෙවැනි නව ග්‍රහ දෝෂ සම්බන්ධයෙන් සඳහන් වන්නේ නැත. එහෙත් ඇතැම් විහාරස්ථානවල පවා එවැනි දේ සම්බන්ධයෙන් විවිධ යාතිකා, පුද පූජාවන් සිදුවීම සැබවින්ම කනගාටුදායක කාරණාවකි. ජනතාව පවා කිසිදු විටෙක එවැනි දෑ විහාරස්ථානවල සිදුවීම සම්බන්ධයෙන් කිසිදු ආකාරයක ප්‍රශ්න කිරීමක් කරන්නට විචක්ෂණශීලීව කටයුතු කරන්නේ නැත. එමනිසාම අද වන විට මේ දේවල් මහා ධනස්කන්ධයක් උපයන ජාවාරම් බවට පත්ව තිබේ.
සැබවින්ම නවග්‍රහ දෝෂ යනු මොනවාද? “සුශ්‍රැත සංහිතා” නම් ඉපැරණි ග්‍රන්ථයේ සඳහන් වන පරිදි, එකල විසූ විශේෂඥ වෛද්‍යවරු (සෘෂිවරු ලෙස හැඳින්වුණු අය) විසින් පුද්ගලයන්ට වැළඳෙන රෝගයන්, කාණ්ඩ නවයකට වර්ග කර දක්වා ඇත. ඔවුන්ට අනුව “නවග්‍රහ දෝෂ” යනු එම වර්ග නවය යි.
ඉන් පළමුවැන්න වනුයේ ස්කන්දාපස්මාරග්‍රහ ය. ශබ්දය සහිතව මළපහ වීම, වෙව්ලීම, සිහිනැති වීම, බඩ පිපුම ආදිය එහි රෝග ලක්ෂණයන් ය. දෙවැන්න ශකුනිග්‍රහය. වැගිරෙන බිබිලි, පැසවීම්, දැවිලි සහිත තත්ත්වයන් ආදී රෝග ඊට උදාහරණය. රේවතීග්‍රහ යනු තෙවැන්නයි. උණ ගැනීම, කටතොල වණවීම එහි රෝගී තත්ත්වයන්ය. පූතනග්‍රහ යන්න සිව්වැන්න වන අතර බඩේ අමාරු, වමනය, නින්ද නොයෑම රෝගී තත්ත්වයන් වේ. පස්වැන්න අන්ධපූතනාග්‍රහ වේ. වමනය, අතීසාරය, උණ එහි රෝගී තත්ත්වයන් ය. සයවැන්න සීතපූතනාග්‍රහ වන අතර එහි රෝගී තත්ත්වයන් වන්නේ තදින් මළපහ වීම, වෙව්ලීම, ආදිය යි. හත්වැන්න මුඛමණ්ඩිකාග්‍රහ ය. අතපය රෝගී වීම, වෙව්ලීම, ශරීරය අප්‍රාණික වීම ඒ අනුව හට ගනී. ෙනෙගමේෂග්‍රහ නම් අටවැන්න මත වමනය, ඇඟ ක්ෂය වීම ආදිය ඇති වේ. ස්කන්දග්‍රහ යනු නවවැන්න යි. කට ඇද වීම, නිතර හැඩීම, මලබද්ධය ඇති වීම ඒ අනුව හට ගනී.
විවිධ ගස්වල පොතු තම්බා පානය කිරීම, හුමාලය ඇල්ලීම ආදී වශයෙන් මෙවැනි රෝගී තත්ත්වයන්ට කළ යුතු ප්‍රතිකර්ම පිළිබඳව ද එහි සඳහන් කර ඇත. එහෙත් එකල පැවතියේ බමුණු ආධිපත්‍යය යි. නිවාස තැනීම, විවාහ කටයුතු ආදී සියලු දේ වෙනුවෙන් උපදෙස් දුන් බමුණන්, මෙම වෛද්‍ය විද්‍යාවට ද මැදිහත් වී ඇත. ඒ අනුව රෝගවලට මෙම ප්‍රතිකාර කරද්දී, ජප කිරීම සඳහා ඔවුන් විවිධ සංස්කෘත ශ්ලෝක හඳුන්වා දී ඇත. ඒ පිළිබඳව ද සුශ්‍රැත සංහිතාවේ පැහැදිලිව සඳහන් කර තිබේ. ඉන් බමුණන්ට අවශ්‍ය වී තිබුණේ, රෝග සුව වන්නේ ඖෂධ බලයෙන් නොව, තම මන්තර බලයෙන් බව සමාජය තුළ තහවුරු කරන්නට ය. ඉවත් කළ නොහැකි ලෙස විවිධ මිත්‍යා මතයන් සමාජය තුළ අදටත් මුල් බැසගෙන ඇත්තේ ඒ අනුව ය.
එබැවින් මෙවැනි මිත්‍යා මත පසුපස ලුහුබැඳ යාමෙන් සමාජය තුළ මහත් ව්‍යසනකාරී තත්ත්වයක් හට ගන්නා බව අප මතක තබා ගත යුතු ය. රෝගී වූ කල, ඊට නිසි ප්‍රතිකාර නොගෙන බමුණු මතවල එල්ලීගෙන සිටීමෙන් කිසිදු ඵලක් නොවන බව මිනිසා තේරුම් ගත යුතු ය. බුදුරජාණන් වහන්සේ පවා රෝගී වූ අවස්ථාවල නිසි ප්‍රතිකාර කරවා ගත්තා මිස, තම ආනුභාවයෙන් රෝග සුව කර ගන්නට හැකි යැයි කිසිදු විටෙක දේශනා කළේ නැත.
අන්තර්ජාලය කෙතරම් ඇසුරු කළ ද, තාක්ෂණය ඔස්සේ විවිධ සොයා ගැනීම් කළ ද, තවමත් අපේ මිනිසා ඌන බුද්ධියකින් පෙළෙන බව අපට සිහිගන්වන්නේ මෙවැනි මිත්‍යා මතයන් ය. මෙම මිත්‍යා මත අනුව ලෝකය පාලනය වනවා නම්, ජනතාවට ඒ කියන ආකාරයේ බලපෑම් ඇති වෙනවා නම්, මෙම මත පළ කරන්නන්ගේ සේවය වඩාත් වැදගත් වන්නේ අපේ රටට නොව ඇමරිකාවේ නාසා ආයතනයට ය. ඔවුන්ගේ උපදෙස් නාසා ආයතනයට ලබා දී එමඟින් විශාල විදේශ විනිමයක් උපයා ගන්නට ද අපට හැකියාව ඇත.
එබැවින් ඔවුන් පවසන මේ මිත්‍යාව අප හොඳින් තේරුම් ගත යුතු වේ. එසේ නොවුණහොත්, අපේ ජීවිතවල සියලු කාරණා මෙම මිත්‍යා මත පමණක් සිදුකරන්නට අපට සිදුවනු ඇත.
Lakbima