සෙන්ටිනල්_දූපතේ මිනී කන ගෝත්‍රිකයෝ

dimuthmike

Well-known member
  • Jan 26, 2010
    15,924
    9,751
    113
    සෙන්ටිනල්_දූපතේ මිනී කන ගෝත්‍රිකයෝ

    ඉන්දියන් සාගරයේ අන්දමන් දූපත් ආසන්නයේ පිහිටි උතුරු සෙන්ටිනල් දූපතේ ලෝකයෙන් හුදකලා වූ ගෝත්‍රික පිරිසක් සිටින බව විදෙස් මාද්‍ය ප්‍රකාශ කරයි. කොරල්පරවලින් වටවූ මේ දූපත යාත්‍රා ගොඩබැස්සවිය හැකි ස්ථානයක් නොවන බැවින් එය වසර 60,000ක පමණ කාලයක සිට හුදකලා වූ දූපතක් බව පර්යේෂකයෝ කියති.

    වර්ග කිලෝ මීටර 72ක් පමණ විශාල මේ දූපතේ සිටින ගෝත්‍රිකයන් සෙන්ටිනෙල්ස් නමින් හඳුන්වයි. නව ශිලා යුගයේ සිටි මිනිසුන්ට සමාන හැසිරීමක් හා ජීවන රටාවක් ඔවුන් පෙන්වන බවත් දූපතේ ගෝත්‍රිකයන් 400ක් පමණ සිටින බවත් ඒ සම්බන්ධයෙන් තොරතුරු වාර්තා කරන්නෝ කියති.
    ඔවුන් බාහිර ලෝකය සමග කිසිදු සබඳතාවක් පවත්වන්නේ නැත. මාධ්‍ය වාර්තා අනුව 2006 ජනවාරි මස 26 දින සෙන්ටිනල් දූපත අසළ කකුළුන් ඇල්ලීමට ගිය ධීවරයන් පිරිසක් ගෝත්‍රිකයන්ට කොටුවූ බවට ලැබුණු තොරතුරකට අනුව ඉන්දීය වෙරළාරක්ෂක බලකායේ හෙලිකොප්ටරයක් එහි ගියේය.
    හෙලිකොප්ටරය පහතින් පියාසර කරමින් ගෝත්‍රිකයන්ට හසු වූ ධීවරයන් සොයා ගැනීමට උත්සාහ ගන්නා විට හෙලිකොප්ටරයට ඊතල හා හිරිගල් කැට ප්‍රහාරයක් එල්ල විය. එදා ධීවරයන් බේරාගැනීමට ගිය වෙරළාරක්ෂකයන් පසුව දැනුම් දී ඇත්තේ ධීවරයන් මේ ගෝත්‍රික පිරිමි ජනයාගේ කුසට ආහාරයක් වන්නට ඇති බවයි.

    අතීතයේ පැවති ගල් යුගයේ මිනිසුන් වැනි ගෝත්‍රිකයන් දැක බලා ගැනීමට සංචාරකයන් එහි යාමට උනන්දුවක් දැක්වුව ද ආගන්තුකයන්ට ගල් ගසා හෝ ඊතලයෙන් විද මරා දැමීමට උත්සාහ ගන්නා මේ හුදකලා ගෝත්‍රිකයන් දක්නට යාම පවා බිහිසුණු බව ඉන්දීය වෙරළාරක්ෂකයෝ කියති.


    27CB4A8000000578-3049022-This_satellite_image_shows_the_untouched_North_Sentinel_Island_w-a-21_1429631756822.jpg


    27D8D2B200000578-3049022-image-a-5_1429687103227.jpg


    27D0056500000578-3049022-Sentinelese_tribespeople_gather_on_the_shore_of_North_Sentinel_I-a-20_1429631756805.jpg


    89209338.jpg






    ලංකාදීප​