සෙන්පති ජානක පෙරෙරා ගැන මතකද ?

HANDY.MERLIN

Well-known member
  • Aug 14, 2013
    1,183
    423
    83
    සෙන්පති ජානක පෙරෙරා ගැන මතකද ?

    *********උපුටා ගැනීම නෙට්ටුවෙන් *********


    JanakaPerera02.jpg

    ජානක පෙරේරා. ඒ නම දැන් දැන් රටේ ඇසෙන්නේ ඉඳහිටය. එනමුත් මීට වසර කීපයකට ඉහතදී නම් ජානක පෙරේරා වූකලී රටේ මහත් ආන්දෝලනයට ලක් වූ චරිතයක් විය. යුද හමුදාවේ හුන් කාලයේ ද හමුදා සේවයට සමු දී විශ්‍රාම සුවෙන් හුන් කාලයේ ද ඔහු පිළිබඳ රටේ ඇති වූ ආන්දෝලනයේ වෙනසක් නොවීය. එපමණක් නොව මීට පස් වසරකට ඉහත දී ඔහු ඝාතනය වූ අවස්ථාවේ ද ඒ සිද්ධිය පිළිබඳ රට්ටු අතරේ පැතිරුණු කයිකතන්දර ජානක පෙරේරා පිළිබඳ තිබූ ආන්දෝලනය දෙගුණ තෙගුණ කළේය. ඔහුගේ මරණය වූ මොහොතේ එක්සත් ජාතික පක්ෂය කෙළින්ම ඇඟිල්ල දිගු කළේ ආණ්ඩුවටය. ජානක පෙරේරා මැරුනා නොව ආණ්ඩුව ඔහු මරා ගත්තා යැයි එජාපය චෝදනා කළේය. ආණ්ඩුවේ පාලනයට අභියෝග කළ ජනප්‍රිය චරිතයක් වූ ඔහු ඉදිරියේ තමන්ට අභියෝගයක් වීම නතර කර ගැනීමට ඔහු ඝාතනය කළ බවට ආණ්ඩුවට චෝදනා එල්ල විය. එනමුත් ඩෙන්සිල් කොබ්බෑකඩුව මෙන්ම ජානක පෙරේරා ඝාතනවල දී එල්ලවූ මේ චෝදනා දේශපාලන සටන් පාඨ මිසක් පදනමක් නැති කතා විය.
    කෙසේ නමුදු ජානක පෙරේරා ආණ්ඩුවේ ඡන්ද පදනමට විශාල අභියෝගයක් වනු ඇති බව ඔහු තමා ඉදිරිපත්වූ මුල්ම ඡන්දයේදීම මොනවට ඔප්පු කළේය. ඒ බර්ටි ප්‍රේමලාල් දිසානායක මනාප සටනින් පරාජය කරමිනි.
    බර්ටි ප්‍රේමලාල්ගේ එම රාජධානියට අභියෝග කළ ජානක පෙරේරා දෙදහස් අටේ උතුරුමැද ඡන්දයේදී මනාප එක්ලක්ෂ දහසය දහස් හාරසිය තිහක් දිනාගත්තේය. මීට පස් වසරකට ඉහත දී ඔහු ඝාතනයට ලක්වූයේ උතුරුමැද විපක්ෂ නායක ධුරයට පත් වී සිය කාර්යාලය විවෘත කළ දවසේදීය. ඇතැම්විට ඔහු එදා දේශපාලනයට නොආවේ නම් තවමත් ඔහු ජීවතුන් අතර සිටීමට තිබෙන ඉඩකඩ බොහෝ වැඩිය.
    Janaka-perera2යුද හමුදාවේ කොයිකා අතරත් ගරු සම්භාවනාවට පාත්‍රවූ කීර්තිමත් යුද සෙන්පතියකු වූ මේජර් ජෙනරාල් ජානක පෙරේරා දේශපාලනය තෝරාගැනීම අහඹු සිද්ධියක්ද? ඒ කාරණාව අහඹු සිද්ධියක් වුවත් නොවූවත් හොඳට හෝ නරකට දේශපාලනය සමග ඔහුගේ නම ඔහුගේ හමුදා ජීවිතය පුරාම ගෑවී තිබුණේය. විශේෂයෙන්ම ජානක පෙරේරාට වැඩි වැඩියෙන් උසස්වීම් ලැබුණේද අතිවිශේෂ මෙහෙයුම්වලදී ඔහුගේ නම ජනප්‍රියත්වයට පත්වූයේ ද එජාප පාලන සමයේ බැවින් දේශපාලනඥයන් ඔහුව හැඳින්වූයේ 'යූඇන්පීකාරයකු ලෙසය. ඇතැම් විට ඔහුව එසේ හංවඩු ගසන්නට හැත්තෑහතේ ජේ.ආර්. ජයවර්ධන බලයට පත්වූ මොහොතේවූ සිද්ධියක් ද හේතුවන්නට ඇත.
    මහ මැතිවරණයෙන් ජයගත් ජේ.ආර්.ජයවර්ධනගේ ජීවිතාරක්ෂාව තර්ජනයට මුහුණපා ඇති බව කනවැකුණු විගස එකල තරුණ කපිතාන්වරයකුවූ ජානක පෙරේරා තමා යටතේ හුන් සෙබළුන් පිරිසක් සමග වෝර්ඩ් පෙදෙසේ ජේ.ආර්.ගේ නිවස මුරකරන්නට ස්වේච්ඡාවෙන් ඉදිරිපත් විය.
    කෙසේ නමුදු යූ.ඇන්.පී.කාරයකු ලෙස හංවඩු ගැසීම නිසා ඔහුට සිය වෘත්තීය ජීවිතයේ බොහෝ දෑ අහිමි විය. ඔහු තිස්හතර වසරක සිය වෘත්තීය දිවියට සමුදුන්නේ හමුදාපති පුටුව පෙනි පෙනීය. දෙදහස් එකේදී මේජර් ජෙනරාල් ජානක පෙරේරා විශ්‍රාම ලබන විට ඔහු දරමින් හුන්නේ යුද හමුදාවේ දෙවැනියා නොහොත් මාණ්ඩලික ප්‍රධානී තනතුරය.
    චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ජනාධිපතිනිය ජානක පෙරේරාට යුද හමුදාපති ධුරය නොදුන්නේ වෙන කිසිදු හේතුවක් නිසා නොව ඔහු හමුදා කුමන්ත්‍රණයකින් රටේ බලය අල්ලා ගනිතැයි පැතුරුණු කතන්දරවලට බියේය. 'යූඇන්පීකාරයකු' ලෙස වැදී තිබූ ‍ලේබලය මෙන්ම ජනතාව අතරේ ඔහුගේ නමට තිබූ පිළිගැනීම හේතුකොට ආණ්ඩුව ඔහු කෙරෙහි විශ්වාසය නොතැබිය. හැරත් එකල ආරක්ෂක නියෝජ්‍ය ඇමැතිවරයා වූ අනුරුද්ධ රත්වත්තේ ජානක පෙරේරාට පල නොකියා පලා බෙදීමේ ප්‍රතිපත්තියක් අනුගමනය කළ බවද පැවසිනි.
    මේ සියලුදේට හේතුව වූයේ ජානක පෙරේරා රටේ ජනප්‍රිය හමුදා නායකයකු වීමය. ඊට පෙර ඒ සා පිළිගැනීමක් තිබුණේ ඩෙන්සිල් කොබ්බෑකඩුව හා විජය විමලරත්නට පමණි. ඔවුන්ගේ වීරත්වය වැඩි වීමට එක් හේතුවක් වූයේ ඔවුන් මුහුණදුන් අනපේක්ෂිත මරණයය. එනමුත් ජානක පෙරේරා තරුණ හමුදා නිලධාරියකුව හුන් කාලයේ පටන්ම රට්ටු අතර ජනප්‍රියත්වයට පත්ව සිටියේය. ඊට හොඳම උදාහරණය වැලිඔය 'ජනකපුර' ගමට නම ලැබූ හැටිය.
    ගාමිණී දිසානායක මහවැලි ඇමැතිව හුන් කාලයේ වැලිඔය හමුදා සම්බන්ධීකරණ නිලධාරියා වූයේ එවකට ලුතිනන් කර්නල්වරයකු වූ ජානක පෙරේරාය. පසුකලක කොමාන්ඩෝ රෙජිමේන්තුවේ විශිෂ්ටයකු වුවද ජානක පෙරේරාගේ මව් රෙජිමේන්තුව වන්නේ ඉංජිනේරු රෙජිමේන්තුවය. ඒ පසුබිම නිසා ඔහු වැලිඔයට අලුතෙන් වැව් හතක් හැදුවේය. මහවැලියේ නිලධාරීහු වැලිඔය හැදූ ගමට නම් තැබුවේ 'ගාමිණීපුර' යනුවෙනි. ඒ තම ඇමැතිවරයා ගාමිණී දිසානායක බැවිනි. ගම විවෘත කිරීමට පැමිණි ඇමැතිවරයා සමරු ඵලකය විවෘත කරන විට දුටුවේ තම නමට උඩින් අඟුරු කැබැල්ලකින් 'ජනකපුර' යනුවෙන් ලියා තිබෙන අන්දමය.
    මේ කාරණාව ගැන ඇමැතිවරයා ගම්මුන්ගෙන් විමසූ කල්හි ඔවුන් දුන්නේ අපූරු උත්තරයකි. 'ගම හැදුවේ ජානක පෙරේරා සර්' ඔවුහු කීහ. ගම්මුන්ගේ කතාවට ගරු කළ ඇමැතිවරයා තමාගේ නම වෙනුවට ගමට 'ජනකපුර' යනුවෙන් නම් තබන ලෙස උපදෙස් දුන්නේය. එදා තැබූ නම අදටත් 'ජනකපුරය'.

    Janaka-perera1නම ජානක වී ගම ජනකපුර යනුවෙන් නම් වූයේ ඔහුගේ උප්පැන්නයට අනුව නිවැරදි නම ජනක බැවිනි. ජනක ජානක ලෙස වැහැරුවෝ රට්ටුය. මේ නිසා ජනක පෙරේරා ද රට්ටුන්ගේ හැඳින්වීම අනුව ජානක පෙරේරා බවට පත්විය. මරණයෙන් පසුවද ඔහු ජානක පෙරේරාම විය.
    නම මෙන්ම හමුදාවේ ඔහුගේ නිලය ගැන අපූරු කතාවක් ඇත්තේය. විශ්‍රාම ලබන විට ඔහු මේජර් ජෙනරාල්වරයකු හෙවත් තරු දෙකේ ජෙනරාල්වරයෙක් විය. එනමුත් රට්ටුන්ගේ මතකයේ ඇත්තේ මේජර් ජෙනරාල් ජානක පෙරේරා නොව බ්‍රිගේඩියර් ජානක පෙරේරාය. ඒ ඔහු වෘත්තීය ජීවිතයේ සිය චරිත සහතිකය හොඳින්ම ලියා ගත්තේ බ්‍රිගේඩියර් නිලය උසුලමින් හුන් කාලයේ බැවිනි. බ්‍රිගේඩියර් නිලය දැරීමට පෙර ඔහු කර්නල්වරයකු විය. සයවසක් යටිබිම්ගත රහස් දිවියක් ගතකරමින් හුන් ජවිපෙ නායක රෝහණ විජේවීර ජානක පෙරේරා අල්ලාගනු ලැබුවේ ඔහු කර්නල් නිලය දරමින් සිටි කාලයේය.
    දේශපාලනඥයන් විසින් 'යූඇන්පීකාරයකු' ලෙස ජානක පෙරේරා නම්කර හුන්නද ඔහු කලක් චන්ද්‍රිකා බණ්ඩාරනායකගේ ආරක්ෂක කටයුතු ද භාරව හුන්නේය. අනූතුනේදී චන්ද්‍රිකා බස්නාහිර මහ ඇමැති වී පත්වූ කාලයේදී ඇගේ ආරක්ෂාව පිළිබඳ බරපතළ තර්ජන එල්ලවෙමින් තිබුණේය. ඒ දුෂ්කර කාලයේදී චන්ද්‍රිකාගේ වටේ හුන් කායාරක්ෂකයන්ට ආණ්ඩුවට හොරා ප්‍රභූ ආරක්ෂාව පිළිබඳ විශේෂ පුහුණුව දුන්නේ ඒ විෂය පිළිබඳ ප්‍රවීණයකු වූ ජානක පෙරේරාය. චන්ද්‍රිකා ජනාධිපති වූ මුල් කාලයේ ජානක පෙරේරා ඇගේ ආරක්ෂාව භාරව හුන්නේය.
    ජානක පෙරේරා කොතැන හුන්නද එතැන ජයග්‍රහණය මිසක් පරාජයක් නම් අත්නොවන බව සෙබළුන් ඇදහුවේ දේව වාක්‍යයක් මෙනි.
    ඔහු නායකත්වය දුන් හමුදා සෙබළු වැලිඔයදී එල්.ටී.ටී.ඊ. සාමාජිකයෝ පන්සීයක් මරා දැමුවෝය. ඒ කාලයේ යුද හමුදාව දැක්වූ විශිෂ්ටතම දස්කම ලෙස යුද ඉතිහාස ‍පොතේ ලියවුණේ වැලිඔය සටනය. අනූපහේදී රිවිරැස මෙහෙයුමේදී යාපනය නගරය අල්ලාගැනීමට නායකත්වය දුන්නේ බ්‍රිගේඩියර් ජානක පෙරේරාය. එකල ඔහු යුද හමුදාවේ ප්‍රධානතම ප්‍රහාරක සේනාංකය වූ පනස්තුන්වැනි සේනාංකාධිපතිවරයාය. දෙදහයේ දී අලිමංකඩ කඳවුර ‍පොළොවට සමතලා කර යාපනයේ හුන් තිස් දහසක් සෙබළුන්ගේ මරණ සහතිකය ලිවීමට එල්.ටී.ටී.ඊ. ය පිඹුරු පත් සකසන විට ඔවුන් බේරා ගැනීමට චන්ද්‍රිකා ආණ්ඩුවට මතක් වූයේ හමුදා මූලස්ථානයේ පැත්තට විසිකර දමා සිටි ජානක පෙරේරාය. පැය කීපයක් ඇතුළත ඔහු උතුරේ ඒකාබද්ධ මෙහෙයුම් ආඥාපති ලෙස පත් කෙරුණි.
    දෙදහස්එකේදී ඔහු යුද හමුදාවෙන් විශ්‍රාම ලැබූ පසු ආණ්ඩුව ඔහුට ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ධුරය දුන්නේය. ඉක්බිතිව ඔහු ඉන්දුනීසියාවේ ශ්‍රී ලංකා තානාපති විය. දෙදහස් හතේදී ආණ්ඩුව මේජර් ජෙනරාල් ජානක පෙරේරාට නියම කළේ සිය පැවැරුම අතරමග නවතා වහාම ලංකාවට එන ලෙසය. ඔහු ලංකාවට ආවේය. එතැන් සිට යළිත් වරක් ජානක පෙරේරා භීතිකාව පැතිරුණේය.
    මේ අතර කියවුණේ ජානක පෙරේරා දේශපාලනයට පැමිණෙන බවය. සිංහල බෞද්ධ පදනමක් තිබෙන පක්ෂයක් ජානක පෙරේරා තමා සතු කර ගැනීමට බොහෝ උත්සාහ ගත්තේය. එනමුත් ඔහු නතර වූයේ එක්සත් ජාතික පක්ෂයේය. බැලූ බැල්මටම ඔහුට පක්ෂයේ ලොකු ගමනක් යාමට මාවත විවෘත වී තිබුණි. ඒ එජාපයට රටේ මාර්කට් කළ හැකි චරිතයක් සොයමින් හුන්නේ බොහෝ කලක සිටම වීම නිසාය.
    මේ කාලයේ දී ජානක පෙරේරා ස්වකීය ආරක්ෂාව ගැන බරපතළ ප්‍රශ්නයකට මැදිව හුන්නේය. ඔහු ආණ්ඩුවෙන් ආරක්ෂාව ඉල්ලීය. නමුත් ආණ්ඩුව කීවේ ඔහුට තර්ජනයන් නැති බවය. සිය ආරක්ෂාව පතා ජානක පෙරේරාට ශේ්‍රෂ්ඨාධිකරණයට යාමට සිද්ධ විය. අධිකරණය නියම කළේ ඇමැති ආරක්ෂකයන් අටදෙනෙකු දෙන ලෙසය. මේ ප්‍රශ්න යන අතරතුරේදී මේජර් ජෙනරාල් ජානක පෙර්රා උතුරුමැද පළාතට එජාපයෙන් තරග කළේය. ඔහු සන්ධානයේ මහ ඇමැති අපේක්ෂකයාට වඩා මනාප ලැබුණද බලය ගැනීමට තරම් මන්ත්‍රීවරුන් එජාපයෙන් පත් නොවීය. මේ නිසා ඔහුට ලැබුණේ උතුරුමැද පළාත් විපක්ෂ නායක ධුරයය. ඔහු සිය කාර්යාලය විවෘත කළේ අනුරාධපුර පැරණි නගරයේ සමුපකාර මාවතේ ගොඩනැගිල්ලකය. එම කාර්යාලය විවෘත කෙරුණේ දෙදහස්අටේ ඔක්තෝබර් හයවැනිදා උදේ වරුවේය. විවෘත කිරීමේ උළෙලට ජානක පෙරේරා මෙන්ම ඔහුගේ බිරියවූ වජිරාත් ආවාය. වජිරා යුද හමුදාවේ හිටපු ලුතිනන්වරියකි. ශ්‍රී ලංකා යුද හමුදාව එක්දහස්නමසිය අසූවේදී කාන්තා බළකායක් මුල්වරට ආරම්භ කළ අවස්ථාවේදී එම බළකායේ ආරම්භක නිලධාරිනියන් , හය දෙනාගෙන් එක් අයෙකු වූවේ වජිරාය. විපක්ෂ නායක කාර්යාලය විවෘත කිරීමේ උළෙලට වජිරා මෙන්ම බොහෝ පිරිසක් සහභාගි වූවෝය. අනුරාධපුරයේ එජාප මන්ත්‍රීවරු ඇතුළු ක්‍රියාකාරිකයෝද එහි හුන්හ. උදේ අටයි හතළිහට පමණ උත්සවය නිමාවූ විට ජානක පෙරේරා පැමිණි සිටි සියල්ලන්ටම තේ මේසයට ආරාධනා කළේය. ඒ අවස්ථාවේදී සෙනග අතරින් කලබලයෙන් මෙන් පැමිණි තරුණයෙක් ජානක පෙරේරා සමීපයට ළඟා වෙනවාත් සමග මුළු ප්‍රදේශයම මහ හඬකින් දෙදරුම් දුන්නේය. තේ මේසය අවම සිටියෝ ක්ෂණයෙන් කපා හෙලූ කෙසෙල් කඳන් මෙන් බිමට වැටුණහ. ජානක පෙරේරා යුවළගේ සිරුරු සීසීකඩ වෙන් වීලාය. ඔවුහු නිහඬය. තුවාල ලැබුවෝ දිවිය යදිමින් විලාප නගමින් මොර දුන්හ.
    ජානක පෙරේරා ඉලක්ක කර ගනිමින් ස්වයං ඝාතන බෝම්බයක් පිපිරුණු බව ප්‍රහාරය සියැසින් දුටුවෝ තේරුම් ගත්හ. තිස් දෙනෙකුගේ පමණ සිරුරු තැන් තැන්වල වැටී තිබුණි. අනූවකට වැඩි පිරිසක් අනුරාධපුර රෝහලට ඇතුළත් කෙරුණි.
    මේ ප්‍රහාරය එල්ල කරනු ලැබුවේ කොටි සංවිධානය විසින් බව මූලික පරීක්ෂණවලදීම ආරක්ෂක නිලධාරීහු තක්සේරු කළහ. ඒ ස්වයං ඝාතන බෝම්බ ප්‍රහාර එල්ල කරන්නේ එල්.ටී.ටී.ඊ. ය නිසා බැවිනි. කෙසේ නමුදු කොටින්ගේ ගිණුමට එම ප්‍රහාරය බැර වුණද ජානක පෙරේරාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් අනුගමනය කළ ඇල්මැරුණු ආරක්ෂක වැඩපිළිවෙළ ගැන සැකසංකා තිබූ අය මේ සිද්ධියේ ඇඟිල්ල දිගු කළේ ආණ්ඩුවටය.
    විශ්‍රාමික හමුදා නිලධාරියකු ඝාතනය කිරීමට කොටි සංවිධානය කල්පනා කළේ ඇයි. එල්.ටී.ටී.ඊ.ය ජානක පෙරේරාට පෙරද විශ්‍රාමික හමුදා නිලධාරියකු ඝාතනය කළේය. ඔහු යුද හමුදාවේ හිටපු මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් ලකී අල්ගමය. ජානක පෙරේරා මෙන්ම ඔහුටද යූඇන්පී ‍ලේබලය වැදී තිබුණි. දෙදෙනාටම හමුදාපති ධුරය ලැබිමට තිබුණද චන්ද්‍රිකා ආණ්ඩුව ඊට හරස්කැපීය. ලකී අල්ගම හා ජානක පෙරේරා යන දෙදෙනාම යුද බිමේ දස්කම් දැක්වූ විශිෂ්ටයෝ වූහ. හමුදා සේවයෙන් විශ්‍රාම ලැබූ පසුවද ඔවුන්ට රටේ තිබූ ගෞරවයේ වැඩිවීමක් මිස අඩුවීමක් නම් නොවීය. මේ නිසා එල්ටීටීඊයේ තක්සේරුව වී තිබුණේ අනූනවයේ ජනාධිපතිවරණයෙන් රනිල් වික්‍රමසිංහ ජය ලැබුවේ නම් ඊළඟ එජාප ආණ්ඩුවක ලකී අල්ගම ආරක්ෂක ඇමැති ආරක්ෂක අමාත්‍යංශ ‍ලේකම් ධුරය හෝ දරනු ඇති බවය. මේ නිසා එල්.ටී.ටී.ඊ.ය නිය‍පොත්තෙන් කැඩිය හැකිදෙයක් ‍පොරොවෙන් කපන තුරා බලන්හුන්නේ නැත. ජනාධිපතිවරණයේ ජාඇල පැවැති අවසාන රැළියකදී ලකී අල්ගම ඉලක්ක කර ස්වං ඝාතන ප්‍රහාරයක් එල්ල කෙරුණි.
    ජානක පෙරේරා අරබයාද එල්ටීටීඊයට තිබුණේ ලකී අල්ගමට තිබූ තක්සේරුවමය. අනාගත එජාප ආණ්ඩුවක ජානක පෙරේරාගේ නියෝජනය තම සංවිධානයට බරපතළ ප්‍රශ්නයක් වනු ඇති බව එල්.ටී.ටී.ඊ.ය කල්පනා කරන්නට ඇත. මේ නිසා ජානක පෙරේරාගේ නම කොටි සංවිධානයේ ඝාතන ලැයිස්තුවට ඇතුළු විය.
    ජානක පෙරේරා ඝාතනය කිරීමට එල්ටීටීඊය තෝරාගත් ස්වයං ඝාතකයා වූයේ වසන්තන්ය. ඔහු ඇතුළු ප්‍රහාරයට සම්බන්ධ සියලු තොරතුරු අනාවරණය වන්නේ මැදවච්චිය ඊකිරියගොල්‍ලේදී සැකකරුවෙකු අල්ලාගැනීමත් සමගය. ඔහු අල්ලා ගැනුනේ ‍පොලීසියට ලැබුණු තොරතුරකිනි. ජානක පෙරේරා ඝාතනයට ස්වයං ඝාතකයා වන්නියේ සිට අනුරාධපුරයට රැගෙන ආවේ ඔහුය. එතැන් සිට ප්‍රහාරය එල්ල වනතෙක් ස්වයං ඝාතකයා රැක බලාගෙන ඇත්තේද ඔහුය. එපමණක් නොව ජානක පෙරේරා ඝාතනය කිරීමට වසන්තන් යතුරු පැදියක නංවාගෙන උතුරු මැද විපක්ෂ නායක කාර්යාලය දක්වා රැගෙන ගියේද ඔහුය. ඒ වෙනුවෙන් එල්ටීටීඊ සංවිධානය එම පුද්ගලයාට ලක්ෂ තිස් පහක මුදලක් ගෙවා ඇති බවද ‍පොලිස් පරීක්ෂණවලදී හෙළිවිය. ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ පැවැත්වූ රහස් ‍පොලීසිය අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේ ජානක පෙරේරා ඝාතනයට සම්බන්ධ අයට ප්‍රභාකරන් තෑගිබෝග පවා පිරිනමා තිබෙන බවය. පිස්තෝලයක් හා අත්ඔරලෝසුවක් ද ඒ තෑගි බෝග අතර තිබෙන බව ‍පොලීසිය කීවේය.
    මේ සියලු තොරතුරු හෙළිවීමත් සමග ‍පොලීසිය ජානක පෙරේරා ඝාතනයට සම්බන්ධ විත්තිකරුවන්ට එරෙහිව අනුරාධපුර මහාධිකරණයේ නඩු පැවරුවේය. එම නඩුව තවමත් මහාධිකරණයේ විභාග වෙමින් පවතී.
     

    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    It's so sad to see that he was finally fucked up by UNP leader Ponil....
    Ponil did the same to SF too..