සෙන් කතා

ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
නවකයා ගුරුතුමාගෙන් මෙසේ විමසීය:
"ඔබ දෙවියන් විශ්වාස කරනවද?"
"ඇපල්" ගුරුතුමා පිළිතුරු දුන්නේය.
"ඒ කියන්නෙ," පැටලුණු සිතින් නවකයා නැවත ප්‍රශ්න කළේය."ඔබතුමා අදේවවාදියෙක්ද?"
"බොහෝදුරට නිල්පාටයි." ගුරුතුමා පිළිතුරු දුන්නේය.
"මොනවද ඔබ මේ කියන්නෙ??" අවුලෙන් අවුලට පත් නවකයා විමසීය.
"මොනවද ඔබ මේ අහන්නෙ?" ගුරුතමා පිළිතුරු දුන්නේය.

හඃ එළකිරි!:rofl:
 

mensoft2003

Member
Sep 12, 2007
1,776
152
0
වනයේ ඇවිද ගිය මිනිසකු පසුපස කොටියෙක් පන්නන්නට විය. හෙතෙම දිව ගොස් නතර වූයේ ගල් කුලක් මතය. කොටියා ළඟ ළඟම එයි. බේරීමට අන් මගක් නුදුටු හෙතෙම ගල් කුළින් පහළට බැසෙන වැලක් දිගේ පහළට බැස එල්ලෙන්නට විය. ඔහු පසුපස පැන්නූ කොටියා ගිරි කුළ මත සිට ඔහු දෙස බලා හිඳී. පහත බැලූ කල ඔහු දුටුවේ තවත් කොටියෙකු කුරුමානම් අල්ලමින් පහළින් රැක සිටින බවය. මේ අතර සුදු සහ කලු පැහැ මීයන් දෙදෙනෙක්, ඔහු එල්ලී සිටි වැල විකා දමන්නට වූහ.

වැලේ එල්ලෙමින් සිටි මිනිසා තමා අසල වූ අත්තක පිහිටි මිහිරි පලතුරක් දකින්නේ මේ අතරතුරය. එක අතකින් වැලේ එල්ලී හිඳ අනික් අතින් එම පලතුර නෙලා ගන්නා ඔහු එය අනුභව කරයි.

"අහා, කෙතරම් මිහිරිද?"


මරන තුනක් අති මිනිසෙක් පනි කෑය
 

sudunone

Member
May 23, 2009
3,781
121
0
ආගමික දර්ශනය

ආගමික දර්ශනය පිළිබඳ විශාරදයෙක් ආචාර්යතුමාණන් හමු වීමට පැමිණියේය.

"ඔබ මොකද මෙතරම් ආගමික දර්ශනයට විරුද්ධ?" ඔහුගේ ප්‍රශ්නය විය.

"මම දර්ශනයට විරුද්ධ නෑ." ආචාර්යතුමාණෝ පැහැදිලි කළහ. "මම විරුද්ධ දර්ශනය පත් වෙලා තියෙන තැනටයි; එය දැන් භාවිතා වෙන විදිහටයි; එය තේරුම් ගන්නා විදිහටයි."

"ඒ කිව්වෙ?" විශාරදයා විමසීය.

"මෙහෙමයි" ආචාර්යවරයාණෝ පැහැදිලි කළහ. "ආගමික දර්ශනයන් ඇති වුණේ මිනිසා තම පරිසරය ගවේෂණය කරන්න පටන් ගත් නිසා; ඔහු සත්‍යය වඩා හොඳින් තේරුම් ගන්න මහන්සි වූ නිසා. නමුත් අද ආගමික දර්ශනය ඊට වඩා බොහොම වෙනස්. අද එහි ඉලක්කය සත්‍යය සෙවීම නොවේ."

"එහෙනම්" විශාරදයා විමසීය. "මොකක්ද අද එහි ඉලක්කය?"

"විශ්වාසයන් පද්ධතියක් ආරක්ෂා කිරීම."
 

sudunone

Member
May 23, 2009
3,781
121
0
කෙටියෙන් සත්‍යාවබෝධය කිරීම

එක්තරා ව්‍යාපාරිකයෙක් සෙන් ගුරුතුමාණන් හමුවට පැමිණ මෙසේ දන්වා සිටියේය:
"මට වෙලාවක් නැහැ පැය ගණන් දේශනවලට සවන් දෙන්න. ඒ නිසා ධර්මය හොඳට සංක්ෂිප්ත කරල, වාක්‍ය කීපයකින් කියල දෙන්න කොහොමද සත්‍යාවබෝධය කරන්නෙ කියල."
"ආ, මට ඊටත් වඩා හොඳට ඒක කරන්න පුලුවන්." සෙන් ගුරුතුමාණෝ දන්වා සිටියහ." මං ඒක එක වචනයකින් කියන්නම්."
"ඇත්තට?" ව්‍යාපාරිකයා ප්‍රීතියෙන් විමසීය." ඉතිං මොකක්ද ඒ වචනෙ?"
"නිශ්ශබ්දතාවය." ගුරුතුමාණෝ පැවසූහ.
"හ්ම්ම්ම්, එතකොට කොහොමද කෙනෙක් නිශ්ශබ්දතාවය ඇති කරගන්නෙ?" ව්‍යාපාරිකයා විමසීය.
"භාවනාවෙන්." ගුරුතුමාණෝ පැවසූහ.
"එතකොට, කොහොමද භාවනා කරන්නෙ?" ව්‍යාපාරිකයා විමසීය.
"නිශ්ශබ්ද වීමෙන්" යි පිළිතුරු දුන් ගුරුතුමාණෝ පිටව ගියහ.