කෙටියෙන් සත්‍යාවබෝධය කිරීම
එක්තරා ව්‍යාපාරිකයෙක් සෙන් ගුරුතුමාණන් හමුවට පැමිණ මෙසේ දන්වා සිටියේය:
"මට වෙලාවක් නැහැ පැය ගණන් දේශනවලට සවන් දෙන්න. ඒ නිසා ධර්මය හොඳට සංක්ෂිප්ත කරල, වාක්‍ය කීපයකින් කියල දෙන්න කොහොමද සත්‍යාවබෝධය කරන්නෙ කියල."
"ආ, මට ඊටත් වඩා හොඳට ඒක කරන්න පුලුවන්." සෙන් ගුරුතුමාණෝ දන්වා සිටියහ." මං ඒක එක වචනයකින් කියන්නම්."
"ඇත්තට?" ව්‍යාපාරිකයා ප්‍රීතියෙන් විමසීය." ඉතිං මොකක්ද ඒ වචනෙ?"
"නිශ්ශබ්දතාවය." ගුරුතුමාණෝ පැවසූහ.
"හ්ම්ම්ම්, එතකොට කොහොමද කෙනෙක් නිශ්ශබ්දතාවය ඇති කරගන්නෙ?" ව්‍යාපාරිකයා විමසීය.
"භාවනාවෙන්." ගුරුතුමාණෝ පැවසූහ.
"එතකොට, කොහොමද භාවනා කරන්නෙ?" ව්‍යාපාරිකයා විමසීය.
"නිශ්ශබ්ද වීමෙන්" යි පිළිතුරු දුන් ගුරුතුමාණෝ පිටව ගියහ.