ලෝබ සිත්තරා
ලෝබ සිත්තරා
ගෙස්‌සෙන් සිත්තර හිමි නමකි. චිත්‍රයක් ඇඳීමට පළමුව අත්තිකාරම් මුදලක් ඉල්ලා සිටීම ඔහුගේ සිරිත වූ අතර ගාස්‌තුව ද ඉතා අධික විය. එහෙයින් ඔහුට ලෝබ සිත්තරා යෑයි නමක් ද පටබැඳුණේය.
එක් ගේෂාවියක් ඔහු ලවා චිත්‍ර අන්දවා ගැනීමට ඇණවුමක් බාර දුන්නාය.
"ඔබට කොච්චර ගෙවන්න පුළුවන්ද?"
"ඔබ අය කරන ඕනෑම ගණනක්. ඒ එක්‌කම ඔබ මා ඉදිරිපිටම චිත්‍රය අඳින්නත් ඕනෑ"
කොන්තරාත්තුව පිළිගත් ගෙස්‌සෙන් දිනක් චිත්‍රය ඇඳීම පිණිස ඇයගේ නිවසට ගියේය. හෙතෙම ඉතා ලස්‌සන චිත්‍රයක් ඇන්දේය. චිත්‍රය නිම වූ විගස ඔහු එකල චිත්‍රයට අය නොකළ තරමේ ඉහළ මිලක් ඉල්ලා සිටියේ ය. ගේෂාවිය එම මුදල ගෙව්වාය.
"මේ සිත්තරාට ඕනෑ සල්ලි විතරයි. මිනිහගෙ චිත්‍ර බොහොම ලස්‌සනයි. ඒත් හිත බොහොම කැතයි, අවලස්‌සනයි. සල්ලිවලින් මිනිහගෙ හිත දූෂණය වෙලා. මෙ වගේ කැත හිතකින් අඳින චිත්‍ර ප්‍රදර්ශනයට වටින්නේ නෑ. ඒවා හොඳ මගේ යටගවුමටයි".
මෙසේ පැවැසූ ගේෂාවිය සිය යටගවුම ගලවා සිත්තරාට දී එහි පිටුපස පැත්තේ චිත්‍රයක් අඳින්න යෑයි නියම කළාය.
"කොච්චර ගෙවනවද?" සිත්තරා ඇසීය.
"ඕ...... ඕන ගණනක්...."
ගේෂාවිය පිළිතුරු දුන්නාය.
සිත්තරා ඉතා අධික මිලක් අය කොට ඒ චිත්‍රය ද ඇඳ දී ගියේය. පසුව දැනගන්නට ලැබුණු පරිදි ගෙස්‌සෙන් මේ විදිහට මුදල් අය කෙළේ කරුණු තුනක් සඳහා බව පෙනී ගොස් ඇත.
"ඔහු ජීවත්වුණු පෙදෙසට නිරතුරුව සාගතයෙන් කරදර ඇති විය. ඒ පළාතෙහි පෝසත්තු දුප්පතුන්ට උපකාර නොකළහ. මේ නිසා දුප්පතුන්ට උපකාර කිරීම පිණිස ධාන්‍ය පිරවීමට විශාල රහස් ගබඩාවක් ඇති කිරීමට ඔහුට අවශ්‍ය වී තිබිනි.
ඔහුගේ ගමේ සිය ජාතික මහා විහාරයට වැටී තිබුණ පාර ඉතා අබලන් විය. ඒ නිසා මගීන්ට මහත් ගැහැට සිදු විය. වඩා හොඳ පාරක් තනන්නට ඔහුට අවශ්‍ය වී තිබිණ.
ඔහුගේ ගුරුතුමා මියගියේ විශාල පන්සලක් හැදීමේ ආශාව මස්‌තකප්‍රාප්ත කරගන්න බැරිවය.
ගුරුවරයාගේ ආශාව මුදුන්පත් කරන්නට ගෝලයාට අවශ්‍ය වී තිබිණි."
මේ අදහස් තුන සාර්ථකව මුදුන්පත් කරගත් පසු ගෙස්‌සෙන් පින්සල් සහ පාටපෙට්‌ටි ඉවත දමා වනගත වූයේ ය. ඉන්පසු ඔහු චිත්‍ර ඇන්දේ ද නැත.