සෙන් කතා

thilzz

Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    ලෝබ සිත්තරා

    ලෝබ සිත්තරා

    ගෙස්‌සෙන් සිත්තර හිමි නමකි. චිත්‍රයක්‌ ඇඳීමට පළමුව අත්තිකාරම් මුදලක්‌ ඉල්ලා සිටීම ඔහුගේ සිරිත වූ අතර ගාස්‌තුව ද ඉතා අධික විය. එහෙයින් ඔහුට ලෝබ සිත්තරා යෑයි නමක්‌ ද පටබැඳුණේය.

    එක්‌ ගේෂාවියක්‌ ඔහු ලවා චිත්‍ර අන්දවා ගැනීමට ඇණවුමක්‌ බාර දුන්නාය.


    "ඔබට කොච්චර ගෙවන්න පුළුවන්ද?"

    "ඔබ අය කරන ඕනෑම ගණනක්‌. ඒ එක්‌කම ඔබ මා ඉදිරිපිටම චිත්‍රය අඳින්නත් ඕනෑ"

    කොන්තරාත්තුව පිළිගත් ගෙස්‌සෙන් දිනක්‌ චිත්‍රය ඇඳීම පිණිස ඇයගේ නිවසට ගියේය. හෙතෙම ඉතා ලස්‌සන චිත්‍රයක්‌ ඇන්දේය. චිත්‍රය නිම වූ විගස ඔහු එකල චිත්‍රයට අය නොකළ තරමේ ඉහළ මිලක්‌ ඉල්ලා සිටියේ ය. ගේෂාවිය එම මුදල ගෙව්වාය.

    "මේ සිත්තරාට ඕනෑ සල්ලි විතරයි. මිනිහගෙ චිත්‍ර බොහොම ලස්‌සනයි. ඒත් හිත බොහොම කැතයි, අවලස්‌සනයි. සල්ලිවලින් මිනිහගෙ හිත දූෂණය වෙලා. මෙ වගේ කැත හිතකින් අඳින චිත්‍ර ප්‍රදර්ශනයට වටින්නේ නෑ. ඒවා හොඳ මගේ යටගවුමටයි".

    මෙසේ පැවැසූ ගේෂාවිය සිය යටගවුම ගලවා සිත්තරාට දී එහි පිටුපස පැත්තේ චිත්‍රයක්‌ අඳින්න යෑයි නියම කළාය.

    "කොච්චර ගෙවනවද?" සිත්තරා ඇසීය.

    "ඕ...... ඕන ගණනක්‌...."
    ගේෂාවිය පිළිතුරු දුන්නාය.

    සිත්තරා ඉතා අධික මිලක්‌ අය කොට ඒ චිත්‍රය ද ඇඳ දී ගියේය. පසුව දැනගන්නට ලැබුණු පරිදි ගෙස්‌සෙන් මේ විදිහට මුදල් අය කෙළේ කරුණු තුනක්‌ සඳහා බව පෙනී ගොස්‌ ඇත.

    "ඔහු ජීවත්වුණු පෙදෙසට නිරතුරුව සාගතයෙන් කරදර ඇති විය. ඒ පළාතෙහි පෝසත්තු දුප්පතුන්ට උපකාර නොකළහ. මේ නිසා දුප්පතුන්ට උපකාර කිරීම පිණිස ධාන්‍ය පිරවීමට විශාල රහස්‌ ගබඩාවක්‌ ඇති කිරීමට ඔහුට අවශ්‍ය වී තිබිනි.

    ඔහුගේ ගමේ සිය ජාතික මහා විහාරයට වැටී තිබුණ පාර ඉතා අබලන් විය. ඒ නිසා මගීන්ට මහත් ගැහැට සිදු විය. වඩා හොඳ පාරක්‌ තනන්නට ඔහුට අවශ්‍ය වී තිබිණ.

    ඔහුගේ ගුරුතුමා මියගියේ විශාල පන්සලක්‌ හැදීමේ ආශාව මස්‌තකප්‍රාප්ත කරගන්න බැරිවය.
    ගුරුවරයාගේ ආශාව මුදුන්පත් කරන්නට ගෝලයාට අවශ්‍ය වී තිබිණි."


    මේ අදහස්‌ තුන සාර්ථකව මුදුන්පත් කරගත් පසු ගෙස්‌සෙන් පින්සල් සහ පාටපෙට්‌ටි ඉවත දමා වනගත වූයේ ය. ඉන්පසු ඔහු චිත්‍ර ඇන්දේ ද නැත.
     
    • Like
    Reactions: sudunone

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    කීකරුකම

    කීකරුකම

    බන්කේයි සමිඳුන්ගේ දම්දෙසුම් ශ්‍රවණය සඳහා සෙන් සිසුන් පමණක්‌ පැමිණියේ නොවේ. අන්නිකායන්හි අය ද එම දේශනයන්ට අභිරුචියක්‌ දැක්‌වූහ.
    එතුමෝ සාටෝප සාඩම්බර වාංමාලාවකින් අටුවා ටීකා ඇසුරින් නොතේරෙන බණ නො වදාළහ. තමන් පසක්‌ කොට ගත් දහම අවංක ලෙස සරල වාංමාලාවකින් ශ්‍රාවකයාට අවබෝධ කොට දුන්හ.

    දිනක්‌ ධර්ම ශ්‍රවණය පිණිස උන්වහන්සේ වෙත ඇදී එන දහස්‌ ගණන් මහාසේනාව දුටු නිචිරෙන් නිකායික සඟනමක්‌ ඊර්ෂ්‍යාපරවශව පන්සල වෙත පැමිණ අවලාද නැගීය.

    "ඒයි සෙන් ගුරුන්නාන්සෙ, මොහොතකට ඉන්නවා. උන්නාන්සෙට කවුරු ගරු කළත් කීකරු වුණත් කමක්‌ නැහැ. මං වගේ උත්තමයො තමුන්නාන්සෙට ගරු කරන්නෙ නැහැ. තමුන්නාන්සෙ මහලොකු හපනෙක්‌ නම් මාව කීකරු කර ගන්නවා".

    "හා.... හා... එන්න එන්න. මේ මං ගාවට එන්න" බන්කෙයි අඬගැසීය.

    ඒ ඇසූ අහංකාර තරුණ සඟනම පිරිස පීරාගෙන එතුමා වෙත ගියේය. බන්කේයි මඳහසින්, "එන්න, එන්න, මේ වම්පැත්තට එන්න" යි පැවැසීය. සඟනම වම් පැත්තට ගියේය.
    "නෑ නෑ මට වඩාත් ලේසියි. තමුන්නාන්සේ දකුණු පැත්තෙන් හිටියොත්. අපට වඩාත් හොඳින් කතාබහ කරගන්න පුළුවන්. වඩින්න මේ පැත්තට".

    තරුණ සඟනම අහංකාර ලීලාවෙන් දකුණු පැත්තට ආයේය.

    බන්කේයි,
    "බලන්න, ඔබ වහන්සේ බොහොම කීකරුයි. මට පේනවා. තමුන්නාන්සේ බොහොම හොඳ කෙනෙක්‌ බව. දැන් වාඩිවෙන්න මං කියන දේට හොඳින් සවන් දෙන්න"යි පැවැසීය.
     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    කලා ශිල්පිනිය

    කලා ශිල්පිනිය

    නාගසාකී නුවර කාමී, දුම් කබල් තැනීමෙහි කීර්තිමත් කාන්තාවකි. දුම් කබල් ජපානයේ ඉතා වැදගත් තැනක්‌ උසුලන කලා කෘතියකි. මනහර ලෙස නිම වූ දුම් කබල් තේ බොන කාමරයෙහි සහ විහාර ගෙයි පමණක්‌ පාවිච්චි කරනු ලැබේ.

    කාමී සුරාවෙහි ලොල්ය. පුරුෂයන් ඇසුරට කෑදරය. සුළු මුදලක්‌ හෝ ලත් විට ඇය කලාකරුවන්, කවියන් සහ වඩුවන් වැනි නා නා වෘත්තීන්හි නියෑලියන් කැඳවා ප්‍රිය සම්භාෂණ පවත්වයි. කාමීට මනරම් දුම් කබල් පිළිබඳ සැලසුම් සිතට ගලා එන්නේ මෙවන් සම්භාෂණවලදීය.
    කාමී වැඩ කළේ ඉතා හෙමිනි. එහෙත් ඇය කලා කෘතියක්‌ නිම කළ විට ඉතා ශ්‍රේෂ්ඨ වූ අග්‍රගන්‍යයෙහි නිර්මාණයක්‌ බවට පත්විය.
    කිසිකලෙක මත්පැන් නොබෙන, දුම් නොබෙන, දුසිරිතෙහි නොයෙදෙන කතුන් වැසි නිවෙස්‌වල පවා ඇයගේ කලාත්මක දුම් කබල් මහත් ආශාවෙන් තබාගනු ලැබිණ.

    වරක්‌ නාගසාකී පුරපතිතුමා දුම් කබලක්‌ සෑදීමට ඇයට ඇණවුමක්‌ බාර දුන්නේය. හය මාසයක්‌ ගත වන තුරුත් ඇය එහි වැඩට අත නොතැබුවාය. පුරපතිතුමා වෙන පළාතකට මාරුව ගියේය. එහි දී ද මේ ගැන මතක්‌ වී ඇය සොයා ආයේය.

    මෙයින් පසු දුම් කබලක්‌ නිර්මාණය කිරීමට පටන් ගත් කාමී, එහි වැඩ නිමවා මේසය මත තැබුවා ය. මුළු දවසම එදෙස බලා සිටියා ය. අවසන මිටියක්‌ අතට ගත් කාමී, එය තූ තූ කඩ වෙන තෙක්‌ තැළුවාය.

    ඇය පැතූ පරිසමාප්ත කලාකෘතිය එය නොවේ යැයි ඇයට හැඟිණ.


    සියළුම කතා
    මහාචාර්ය චන්දිම විජයබණ්‌ඩාර
    එච්. එම්. මොරටුවේගම
    ජපන්සෙන් කතා කෘතියෙනි.

     

    wmsaneera

    Member
    Nov 21, 2009
    503
    94
    0
    මම අදයි මේක දැක්කේ. ගොඩක් හොද ක්‍රියාවක්. :yes: :)
     

    Jamison

    Member
    May 19, 2009
    287
    7
    0
    Homagama
    හ්ම්ම්..... මාත් අදයි දැක්කෙ මේ ත්‍රෙඩ් එක.... වටිනවා.
     

    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    පිළිතුර

    සිය ගුරුවරයා පිරික්සීමට සිතූ තරුණයෙක් කුඩා කුරුල්ලෙකු අල්ලාගෙන, සිය මිටෙහි සිර කැර ගත්තේය. මිටි කළ අත් පිටුපසින් බැඳගෙන ඔහු ගුරුවරයා ප්‍රශ්න කළේය.
    "ගුරුතුමනි, මගේ අතේ ඉන්න කුරුල්ලා, මැරිලද, නැත්නම් පණපිටින්ද?"
    තරුණයාගේ අරමුණ වූයේ ගුරුතුමා කුරුල්ලා මැරී ඇති බව පැවසුවොත් ඌ මුදා හැරීමය; එතුමා ඌ පනපිටින් බව පැවසුවොත් අත් තවත් සිර කර කුරුල්ලා මරා දැමීමය; මොන පිළිතුර දුන්නත් ඊට ප්‍රතිවිරුද්ධ දෙය පෙන්නීමටය.
    ගුරුතුමා කලබලයකින් තොරව මෙසේ කීවේය.
    "පිළිතුර ඇත්තේ ඔබගේ අතේයි."

     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    ජයග්‍රහණය

    ජයග්‍රහණය

    එක්‌ කලෙක ජපානයේ පන්සල්වල කදිම සිරිතක්‌ විය. කිසියම් සංචාරක භික්‌ෂූන් වහන්සේ නමකට පන්සලක දිගට නවාතැන් ගැනීමට අවශ්‍ය නම් එම පන්සලේ හිමිවරුන් වාද කොට පරාජය කළ යුතු වූයේය. වාදයෙන් ඔවුන් පරාජය කිරීමට අපොහොසත් වූවොත් සංචාරක භික්‌ෂුව එහි නොනැවැතී පිටත් විය යුතුය.

    උතුරු ජපානයෙහි එක්‌ පන්සලක සහෝදර හිමිවරුන් දෙනමක්‌ වාසය කළහ. වැඩිමහල් භික්‌ෂූව උගතෙකි. බාලයා නූගතෙකි. එකැස්‌ කණෙකි.

    දිනක්‌ සංචාරක භික්‌ෂුවක්‌ නවාතැන් ඉල්ලමින් පැමිණ චාරිත්‍රානුකූලව වාදයට අභියෝග ද කළේය.

    එදින වැඩි මහල් භික්‌ෂුව ඉගැන්වීමෙහි යෙදීමෙන් හෙම්බත් වී සිටියෙන් වාද කිරීම බාල හිsමියන් වෙත පවරණ ලදී.

    "පුළුවන් තරම් නිශ්ශබ්දව වාදය දිනාගන්න බලන්න." යෑයි වැඩිමලා බාලයාට උපදෙස්‌ දුන්නේය.

    වාදය සඳහා දෙනම විහාර ගෙට ගොස්‌ වාඩි වූහ. මඳ වේලාවකින් සංචාරක භික්‌ෂූන් වහන්සේ වැඩි මහල් හිsමියන් වෙත දුව විත්.

    "තමුන්නාන්සේගේ බාල සහෝදරයා පුදුමාකාර කෙනෙක් එතුමා මාව පැරැද්දුවා" යි පැවැසූහ.

    "කරුණාකරල මට කියන්න ඇති වෙච්ච සංවාදය මොකක්‌ද කියලා"

    "මං මුලින්ම බුදුන්වහන්සේ අදහස්‌ කරගෙන තනි ඇඟිල්ලක්‌ ඉස්‌සුවා. එවිට උන්වහන්සේ බුදුන්වහන්සේ සහ ධර්මය සංකේතවත් කරමින් ඇඟිලි දෙකක්‌ ඉස්‌සුවා. මම ඇඟිලි තුනක්‌ම උස්‌සලා බුදුන්වහන්සේත් ධර්මයත් ආර්ය සංඝ රත්නයත් ඒකාග්‍ර බව පෙන්නුම් කළා. එතකොට උන්වහන්සේ අත මිට මොළවා මගේ මූණ ළඟට කිට්‌ටු කළා. එයින් පෙන්නුම් කෙළේ ත්‍රිවිධරත්නයම එකම බෝධියකින් මතුවෙන මූර්තීන් බවයි. ඉතින් උන්වහන්සේ දිනුම්. මට මෙහි නවතින්න බලයක්‌ නෑ"යි පැවසූ සංචාරක භික්‌ෂූව ආරාමයෙන් පිටත් වූයේය.

    "කෝ මේ සූරයා" යි පවසමින් වැඩිමහල් හිමියෝ බාලයා සොයා දුවගෙන ගියහ.

    "මට ආරංචියි, ඔබ වාදය දිනුව කියල?" "දිනුව? කෙහෙම්මල? මං මේ හදන්නේ එයාට හොඳවයින් දෙකක්‌ තුනක්‌ බෙදන්නයි."

    "කියන්න, කියන්න, මොකක්‌ද සිද්ධවුණේ?"

    "වුණේද......? මෙන්න මේකයි, මිනිහා මට අපහාස කරන්න තනි ඇඟිල්ලක්‌ උස්‌සලා, මට තියෙන්නේ එක ඇහැක්‌ බව සංකේතවත් කළා. එයා ආගන්තුකයෙක්‌ නිසා මං කෝප නොවී බොහොම ශිලාචාර විදිහට ඇඟිලි දෙකක්‌ උස්‌සලා තමුන්නාන්සේට ඇස්‌ දෙකක්‌ තිබීම ලොකු වාසනාවක්‌. ඒකට මගේ සුබ පැතුම් කියන අදහස සංකේත මගින් ඇඟෙව්වා. ඒ අශීලාචාර අකාරුණික මනුස්‌සයා ඊළඟට මොකද දන්නවද කළේ? ඇඟිලි තුනක්‌ ඉස්‌සුවා. ඒ කිව්වේ අප දෙන්නගෙම ඇස්‌ එකතු කළහම තියෙන්නේ ඇස්‌ තුනක්‌ විතරය කියන එකයි. ඔන්න ඔතෙන්දි මට ඉහිලුම් නැතිව ගියා. මම අත මිට මොළවලා මිනිහගෙ මූණ පොඩි කරන්න හදන කොට මිනිහා පැනලා දිව්වා. ඔන්න ඔහොමයි වුණේ."
     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    කොඩිය

    කොඩිය

    භික්‌ෂූන් වහන්සේ දෙනමක්‌ කොඩියක්‌ ගැන වාද කරමින් සිටියහ. එක්‌ නමක්‌ කොඩිය වැනෙනවා" යි කීය.

    අනිත් නම, "නෑ නෑ, වැනෙන්නෙ හුළඟ" යි පැවැසීය.

    එතැනින් ගමන් කළ හයවැනි සංඝපීතෲන් වහන්සේ එම දෙනමට මෙසේ වදාළහ.

    "හුළඟවත් කොඩියවත් නෙවෙයි, හිතයි වැනෙන්නේ"
     

    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    සැඟවුණු රහතන්වහන්සේ

    එක්තරා ආරණ්‍යයක විසූ සිසුවෝ එකිනෙකා කෙරෙහි ගරු සැළකිල්ලක් නැතිව හැසිරුණහ; ශික්ෂාපද නිතර කඩ කළහ; ගුරු හිමියන් කෙරෙහිවත් සැළකිල්ලක් නොදැක්වූහ. ඇතැම් භික්ෂූන් සිවුරු හැර ගිය අතර දායකයෝ වෙනත් පන්සල් කරා ගියහ.

    කළකිරීමට පත් නායක හිමියන් නැණවත් සිල්වත් උතුමකු සොයා ගියේ උපදෙස් ලබා ගැනීමටය.
    "ඔබ අතර රහතන්වහන්සේනමක් පහළ වෙලා ඉන්නවා. උන්වහන්සේට නිසි ගරු සැලකිලි නොදැක්වූ නිසා තමයි ඔහොම වෙලා තියෙන්නෙ." උන්වහන්සේ කීහ.

    නායක හිමියන් නැවත ආරණ්‍යයට ආවේ හිස ගිනිගෙනය.
    "කවුරු වෙන්න පුළුවන්ද රහතන්වහන්සේ?"
    සිසු හිමිවරු එක්‍ රැස් කෙරිණි; දායකයන් රැස් කෙරිණි.
    "මෙතන රහතන්වහන්සේනමක් වැඩ ඉන්නවා. උන්වහන්සේට නිසි සැළකිලි දැක්විය යුතුයි. කවුද කියල උන්වහන්සෙ කියන්නෙ නැහැ."

    රහතන්වහන්සේ කවුදැයි හඳුනාගත නොහැකි නිසා හැම දෙනාම අනෙක් හැම කෙනෙක්ටම ගරු සත්කාර කරන්නට වූහ; තමන්ගෙ සිතේ ඇති දේ උන්වහන්සේ දැන ගැනීමට ඉඩ ඇති නිසා සිතින් පවා සංවර වෙන්නට මහන්සි ගත්හ.

    ආරණ්‍යය නැවත සිල්වත්, ගුණවත් භික්ෂූන්ගේ නවාතැනක් විය.
     

    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    එක්තරා ආරණ්‍යයක විසූ සිසුවෝ එකිනෙකා කෙරෙහි ගරු සැළකිල්ලක් නැතිව හැසිරුණහ; ශික්ෂාපද නිතර කඩ කළහ; ගුරු හිමියන් කෙරෙහිවත් සැළකිල්ලක් නොදැක්වූහ. ඇතැම් භික්ෂූන් සිවුරු හැර ගිය අතර දායකයෝ වෙනත් පන්සල් කරා ගියහ.

    කළකිරීමට පත් නායක හිමියන් නැණවත් සිල්වත් උතුමකු සොයා ගියේ උපදෙස් ලබා ගැනීමටය.
    "ඔබ අතර රහතන්වහන්සේනමක් පහළ වෙලා ඉන්නවා. උන්වහන්සේට නිසි ගරු සැලකිලි නොදැක්වූ නිසා තමයි ඔහොම වෙලා තියෙන්නෙ." උන්වහන්සේ කීහ.

    නායක හිමියන් නැවත ආරණ්‍යයට ආවේ හිස ගිනිගෙනය.
    "කවුරු වෙන්න පුළුවන්ද රහතන්වහන්සේ?"
    සිසු හිමිවරු එක්‍ රැස් කෙරිණි; දායකයන් රැස් කෙරිණි.
    "මෙතන රහතන්වහන්සේනමක් වැඩ ඉන්නවා. උන්වහන්සේට නිසි සැළකිලි දැක්විය යුතුයි. කවුද කියල උන්වහන්සෙ කියන්නෙ නැහැ."

    රහතන්වහන්සේ කවුදැයි හඳුනාගත නොහැකි නිසා හැම දෙනාම අනෙක් හැම කෙනෙක්ටම ගරු සත්කාර කරන්නට වූහ; තමන්ගෙ සිතේ ඇති දේ උන්වහන්සේ දැන ගැනීමට ඉඩ ඇති නිසා සිතින් පවා සංවර වෙන්නට මහන්සි ගත්හ.

    ආරණ්‍යය නැවත සිල්වත්, ගුණවත් භික්ෂූන්ගේ නවාතැනක් විය.

    :yes::yes:
     

    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    සැබෑ නායකයා

    නායකයන් වර්ග සතරකි.

    පහත්ම පන්තියේ නායකයා හෙළා දකිනු ලබයි; ඔහු නායකත්වය ලබා ගන්නේ පරපුරෙන් ලද උරුමයක් ලෙසය; නොඑසේනම් අදමිටු දේශපාලන බලපෑම් හෝ තත්ත්වය හේතු කරගෙනය.

    ඊළඟ වර්ගය භීතිය පතුරන නායකයායි. දැඩි නීති රීති යටතේ පාලනය ගෙන යන ඔහු, තමාට විරුද්ධ වන කවරකුට වුවද දැඩි දඬුවම් පමුණුවයි.

    ඊළඟට ඉහළින් සිටින්නේ අනුගාමිකයන් විසින් ආදරය කරනු ලබන නායකයායි: ඔහු මිනිසුන්ගේ දුක සැප බෙදා ගනියි; ඔවුන්ගේ ප්‍රශ්න, කරදර තේරුම් ගනියි; ඉතා පිරිසිදු හදවතකින් යුතු වේ.

    නමුත් හොඳම නායකයානම් තමන්ව හුවා දැක්වීමෙන් වැළකී, මිනිසුන්ගේ හැකියාවන් කෙරෙහි විශ්වාසය තබන්නාය; ඔවුන්ගේ හැකියාවන් වර්ධනය කර ගැනීමට උදව් දී, යුතුකම් හා වගකීම් සැපිරීමේ බලයත් ශක්තියත් මිනිසුන් අතට දෙන තැනැත්තායතොහුගේ නායකත්වය තව තවත් නායකයන් බිහි කරයි; අන්‍යයන්ගේ සහභාගිත්වය වැඩි කරයි.

    මිනිසුන්ව අවිශ්වාස කිරීමෙන් ඔවුන් අවිශ්වාසසහගත බවට ඇද දමන බව ඔහු දනී; ඔවුන්ට කරුණාව මෛත්‍රිය නොදැක්වීම මගින් ඔවුන්ව අකාරුණිකභාවය තුළට ඇද දමන බව ඔහු දනී; ඔවුන්ගේ පුද්ගලික නිදහස, ස්වෛරීභාවය අගය නොකිරීමෙන් ඔවුන් හීන දීන මානසිකත්වයකින් යුත් බෙලහීන පුද්ගලයන් වන බව ඔහු දනී.

    මේ නායකයා අඩුවෙන් කතා කරයි; වැඩියෙන් වැඩ කරයි; තමා වෙනුවෙන් කතා කිරීමට තම ක්‍රියාවන්ට ඉඩ හරී.

    ඔහු සිය කාර්යභාරය අවසන් කළවිට, ඔහුගේ සාර්ථකත්වයේ හිණිපෙත්තට ළඟාවූවිට, ඔහුගේ මිනිස්සු මෙසේ කියත්:
    "අපි එය ඉටු කළෙමු; අපි එය තනිවම ඉටු කළෙමු."
     

    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    පොතෙහි සටහන් වූ ප්‍රඥාව

    එක වයෝවෘද්ධ හිමිනමක් සිය නගරයෙහි සුපතළ වූයේ අවස්ථාවෝචිත, නැණවත් අවවාද අනුශාසනා ලබා දීම නිසාය. අනෙක් භික්ෂූන් වහන්සේලා පමණක් නොව, නායක තෙරවරුන් පවා සිය ගැටළු නිරාකරණය කර ගනු පිණිස මේ හිමිනම සොයා පැමිණියහ. කෙතරම් පහසුවකින් උන්වහන්සේ ඒවාට පිළිතුරු සොයාගනීද යන්න විසින් ඔවුහු විශ්මයට පත් වූහ.

    කාලයාගේ ඇවෑමෙන් මේ නැණවත් හිමිනම රෝගාතුර වූහ. ඉතා වයෝවෘද්ධ වූ නිසා උන්වහන්සේ නැවත සුවය ලබන බවට විශ්වාස කළ නොහැකි විය. කවුරුත් ශෝක වූයේ උන්වහන්සේ ගේ ඇවෑමෙන් පසු තමන් උපදෙස් පතා යන්නේ කා වෙතද යනු සිහි කරමිනි. ගිලන්ව සිටි හිමිනමට මේ කතාබහ අසන්නට ලැබිණි. ඔවුන් කැඳවූ වයෝවෘද්ධ හිමිනම මෙසේ කීහ:

    " මම මගේ සියළු ඥාන සම්භාරය පොතක සටහන් කරන්නම්; එවිට මා නැති වුණත් ඔබට මග පෙන්වීමට එය ඉතිරි වේවි. නමුත් මට එක පොරොන්දුවක් විය යුතුයි: මා මිය ගිය පසුව පමණක් ඒ පොත විවෘත කරන්න."

    අනෙක් භික්ෂූහු වහා උන් වහන්සේට ඝන පොතක්ද පෑනක්ද ලබා දුන්හ.
    එතැන් පටන් නිරතුරුවම වයෝවෘද්ධ භික්ෂූන්වහන්සේ අසල පොත හා පෑන දක්නට ලැබිණි. උන්වහන්සේගේ කාර්යයට තමන්ගෙන් බාධා පැමිණෙනු ඇතැයි බිය වූ අන්‍ය භික්ෂූහු උන්වහන්සේ අසල ගෙවන කාලය සීමා කළහ.

    සති තුනකට පසු එක් උදෑසනක පොතද අතෙහි තබාගෙන යළි නොනැගිටින නින්දක සිටි නුවණැති හිමියන් ඔවුන් විසින් දක්නා ලදී. ආරාමයේ නායක හිමියන් පැමිණ ඉතා ගෞරවයෙන් උන් වහන්සේ අත වූ පොත රැගෙන පෙරළා බලන ලදී. කාගේත් විශ්මයට එහි සියළු පිටු හිස් විය; අවසන් පිටුවේ පමණක් පහත වැකි කිහිපය සටහන් කර තිබුණි:

    " මා තුළ යමක් ඇද්ද, එය ඔබ තුළද ඇත්තේය.
    ඔබ මට වැඩි කෙනෙකු නොවේ; මමද ඔබට වැඩි කෙනෙක් නොවෙමි.
    ඔබ තුළම බලන්න; ඔබ තුළම සොයන්න.
    සියළු ප්‍රඥාව ඔබ තුළම වෙයි."
     

    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    ලෞකික සැප අත් හැරීම

    සෙන් ආචාර්යවරයා ගමන් කරමින් සිටි මග අසල පූජකවරයෙක් සිය අනුගාමිකයින්ට ලෞකික සැපයෙන් ඈත් වීමේ යහගුණය ගැන අනුශාසනය කරමින් සිටියේය:
    "අපේ සම්පත ඇත්තේ මේ පොළොව මත නොවෙයි; ස්වර්ගයේ වෙසෙන දෙවියන් ළඟයි. සියළු ලෞකික සැප සම්පත් කැප කරන්න. ඒ වෙනුවට ඔබට ස්වර්ගයේ මාළිගා පහල වනු ඇත; ඔබ ප්‍රිය කරන සියළු සැප සම්පත් එහිදී දෙවියන් විසින් ඔබට දෙනු ඇත.."

    "බොහොම සිත් ගන්නා සුලුයි." සෙන් ආචාර්යවරයා සිය අදහස කියා පෑය.
    "ඔබ ලෞකික සම්පත් අත හරින්න කියනවා, නමුත් ඒ වෙනුවට තව ගොඩක් ලෞකික සම්පත් දෙන්නම් කියලත් පොරොන්දු වෙනවා; මේ ජීවිතයේ ලෞකික සම්පත්වලට මදිවට ඊළඟ ජීවිතයේ ලෞකික සම්පත්වලටත් ආශාවක් ඇති කරනවා. ඔබ දුවන්නෙ ඉන්ද්‍රියයන්ට හසුවන මායිමේ තියෙන තෑග්ගක් පසුපස නොවෙයි, එනමුත් යම් විදිහක තෑග්ගක් පසුපසම තමයි. ඉතින් ඕකෙ මොකක්ද තියෙන යහගුණය?"
     

    dilankandy

    Member
    Oct 11, 2006
    1,137
    78
    0
    සෙන් ආචාර්යවරයා ගමන් කරමින් සිටි මග අසල පූජකවරයෙක් සිය අනුගාමිකයින්ට ලෞකික සැපයෙන් ඈත් වීමේ යහගුණය ගැන අනුශාසනය කරමින් සිටියේය:
    "අපේ සම්පත ඇත්තේ මේ පොළොව මත නොවෙයි; ස්වර්ගයේ වෙසෙන දෙවියන් ළඟයි. සියළු ලෞකික සැප සම්පත් කැප කරන්න. ඒ වෙනුවට ඔබට ස්වර්ගයේ මාළිගා පහල වනු ඇත; ඔබ ප්‍රිය කරන සියළු සැප සම්පත් එහිදී දෙවියන් විසින් ඔබට දෙනු ඇත.."

    "බොහොම සිත් ගන්නා සුලුයි." සෙන් ආචාර්යවරයා සිය අදහස කියා පෑය.
    "ඔබ ලෞකික සම්පත් අත හරින්න කියනවා, නමුත් ඒ වෙනුවට තව ගොඩක් ලෞකික සම්පත් දෙන්නම් කියලත් පොරොන්දු වෙනවා; මේ ජීවිතයේ ලෞකික සම්පත්වලට මදිවට ඊළඟ ජීවිතයේ ලෞකික සම්පත්වලටත් ආශාවක් ඇති කරනවා. ඔබ දුවන්නෙ ඉන්ද්‍රියයන්ට හසුවන මායිමේ තියෙන තෑග්ගක් පසුපස නොවෙයි, එනමුත් යම් විදිහක තෑග්ගක් පසුපසම තමයි. ඉතින් ඕකෙ මොකක්ද තියෙන යහගුණය?"

    සීනී බෝල තියරිය..:D:D
     

    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    කොහෙද යන්නෙ?

    ඒ සෙන් ආචාර්යවරයාණන් ජීවත් වූයේ ඉතා අධාර්මික පාලකයනුත්, නීතිය තමන්ට රිසි පරිදි හසුරුවන දූෂිත නිලධාරීනුත් සිටි රටකය. එසේ වුවද, එතුමා සෑම උදෑසනකම සිය නිවසින් පිට වී අසළ පිට්ටනියක් මැද්දෙහි වූ සුවිසල් වෘක්ෂයක් යටට ගොස් භාවනා කිරීමට පුරුදුව සිටියේය.

    දිනක් සුපුරුදු පරිදි වෘක්ෂය වෙත ගමන් කරමින් සිටි ආචාර්යවරයා වෙත පැමිණි නිලධාරියෙක් සැර පරුෂ ලෙස මෙසේ විමසීය.
    " කොහෙද තමුන් යන්නෙ"
    "දන්නෙ නැහැ." ආචාර්යවරයා පිළිතුරු දිනි.
    "අහා!" නිලධරයා වියරු සිනහවක් පෑයේය. "පහුගිය සති දෙකේම මං තමුසෙ ගැන හොඳින් ඇහැ ගහගෙන හිටියෙ. හැමදාම තමුසෙ යන්නෙ අර පිට්ටනියෙ තියෙන මහ ගහ යටට. අහන්න දෙයක් නෑ. අදත් යන්නෙ එතනටමයි. ඒත් තමුසෙ දැන් මට බොරුවක් කිව්වා යන තැන දන්නෙ නෑ කියල. ඒ කියන්නෙ තමුසෙ මොකක් හරි පොටකට තමා අර අදින්නෙ. හිතුව මදි! වර යන්න මා එක්ක."
    මෙසේ පැවසූ නිලධරයා ආචාර්යතුමාව ඇදගෙන ගොස් සිර මැදිරියෙහි ලා අගුල් ලෑවේය. අගුල දමා ඉවත්වන්නට සැරසෙත්ම ආචාර්යතුමා මෙසේ කීය.

    "ඔන්න ඕක තමා මං කිව්වෙ අද යන තැන දන්නෙ නෑ කියල."

     

    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    ප්‍රශ්න සහ පිළිතුරු

    නවකයා ගුරුතුමාගෙන් මෙසේ විමසීය:
    "ඔබ දෙවියන් විශ්වාස කරනවද?"
    "ඇපල්" ගුරුතුමා පිළිතුරු දුන්නේය.
    "ඒ කියන්නෙ," පැටලුණු සිතින් නවකයා නැවත ප්‍රශ්න කළේය."ඔබතුමා අදේවවාදියෙක්ද?"
    "බොහෝදුරට නිල්පාටයි." ගුරුතුමා පිළිතුරු දුන්නේය.
    "මොනවද ඔබ මේ කියන්නෙ??" අවුලෙන් අවුලට පත් නවකයා විමසීය.
    "මොනවද ඔබ මේ අහන්නෙ?" ගුරුතමා පිළිතුරු දුන්නේය.
     
    • Like
    Reactions: amila_90210

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    නවකයා ගුරුතුමාගෙන් මෙසේ විමසීය:
    "ඔබ දෙවියන් විශ්වාස කරනවද?"
    "ඇපල්" ගුරුතුමා පිළිතුරු දුන්නේය.
    "ඒ කියන්නෙ," පැටලුණු සිතින් නවකයා නැවත ප්‍රශ්න කළේය."ඔබතුමා අදේවවාදියෙක්ද?"
    "බොහෝදුරට නිල්පාටයි." ගුරුතුමා පිළිතුරු දුන්නේය.
    "මොනවද ඔබ මේ කියන්නෙ??" අවුලෙන් අවුලට පත් නවකයා විමසීය.
    "මොනවද ඔබ මේ අහන්නෙ?" ගුරුතමා පිළිතුරු දුන්නේය.
    මේක සිග්නේචර් එකට දාගන්න ඕන