කොහෙද බන් මහින්ද යුද්ද කරපු එක වැරදි කියල කියල තියෙන්නේ මම. ඕක තමයි මචං උබලගේ වැරැද්ද මොකක හරි හේතුවක් නිසා ගැටුනම යුද විරෝදී රණවිරු විරෝදී කොටි ලේබල් ගහනවා. මහින්දගේ වැරැද්දක් කිව්වර්ත් 'මචං යුද්ද කරපු සෙබළුන්ට අගෞරව කරන්න එපා කියල උබල කියන්නේ'
මම පුද්ගලිකව යුද්දේ කරන්න ගියේ නැති එක ඇත්ත මචං. එත් රටේ සියලුම මිනිසුන් යුද්දෙට දායක වෙලා තියනවා. උබල නිසා යුද්දේ දිනන කියල කියාගන්න ඕනි නම් කියගනින් එක නම් ප්‍රශ්නයක් නැහැ. එත් මහින්දගේ වැරැද්දක් කියපු පමණින් යුද විරෝදී කොටි ලෙබල ගහන්න එන්න එපා. එම මහා බල වැඩක්
"එත් රටේ සියලුම මිනිසුන් යුද්දෙට දායක වෙලා තියනවා." මේක මං කියලා තියෙනවා.
"මහින්දගේ වැරැද්දක් කිව්වර්ත් 'මචං යුද්ද කරපු සෙබළුන්ට අගෞරව කරන්න එපා කියල උබල කියන්නේ" ඔව්
ඒ වගේම මොන අඩුපාඩු තිබ්බත් (යුද්දේ ඇතුලේ පවා) මහින්දව යුද්දයේ මාතෘකාවේදී අවතක්සේරු කරන්න එපා. මහින්දට බනින්න වෙන ඕන තරම් කාරණා තියෙනවා. වෙන කාරණා වලදී මහින්දට බැන්න ඒවාට කොටි ලේබලේ අලවන්න අවොත් ඒ මෝඩ තර්ක.කවුද බන් එහෙම කියන්නේ අපි හින්දම යුද්දේ දින්නා කියලා එක පිටිපස්සේ JVP, JHU දේශපාලකයන් වගේම UNP සමහර දේශපාලකයොත් හිටියා. මේ රටේ ගොඩක් මිනිස්සු පක්ෂ ජාති බේද වලින් තොරව එතන හිටියා.
මන් ලියපු පරණ නුලක ඇති අපේ හිටපු ගොඩක් ජනදිපතිවරු යුද්දේ ඉවර කරන්න බැලුවා ඒක ඒ හැමෝගෙම හිතේ තිබ්බා. මහින්ද ඒ වැඩේ හරියට කරා.බලන්න බොරු නම් මහින්ද නැති උනත් මේ රටේ ගොඩක් මිනිස්සු මහින්දව මතක් කරයි.
අපි කතා කරන්නේ නැවත යුද්දයක් අතිනොවෙන තැනට කටයුතු කරන්නේ කොහොම ඔහොමද ඉයන එක මිසා යුද්දේ සයන් වින්දනය කර කර ඉන්න එක නෙවෙයි. ඔය කහ හ්ගහන කට්ටිය බහුතරය යුද්දෙට මුහුණ දීලා එකෙන් බැටකාපු මිනිස්සු (අපේ හමුදා සෙබළුන්, විවිල් වැසියන්, ltte සාමාජිකයන්) ඇසුරු කරපු කට්ටිය නොවෙයි.
කදුරුවත් අයි යුද්දයක් ඇතිවුනේ කියලා පසු විපරමක් කරන්නේ නැ. LTTE යෙන් වැඩිපුරම බටකාවේ දෙමලා සමාජය. උන් කළා තෙල බැස්ස හඳුන් යුද්දකලේ නැ. මගේ පවුලේත් හමුදා සෙබල ඉන්නව එකෙන් හැර අනිත් ඔක්කොම අතුරුදහන් මියහිය හා දරුණ අබාදිතයෝ. ඒවගෙන මම LTTE කාඩර් ලත් ඇසුරු කරන්න් ලැබිලා තියනවා (at university time).
දැන් සිංහල දේශපලුවේ උන්ගේ බදවද ගන්න අපිව කුල්ල්පු කරනවා වගේ දෙමල දේශපලුවොත් දෙමල මින්ස්සු අයිත් කුලප්පු කරකර ඉන්නවා මැරෙන්නේ අහින්දක දෙමලු, අරුණගේ පවුල් ඔක්කොම කැනඩාව, යුරෝපයේ අපේ දෙඅපලුවෝ වගේ තමයි. කවදා හරි අයිත් යුද්දයක් එපා කියලා සිංහලයි දෙමලයි එකට පහනක් පත්තු කරන්න පුලුවන්නම් එක තමයි විජයග්‍රහණය තම ඒ තත්වයට එන්න තියා හිතලවත් නැ. 2009 පසේ කරන්න මැ ඕන දේවල් ටික මහින්ද කලේ නැ උ යුද්දේ දිනුම අපිට ස්වයං වින්දනය කරකර ඉන්න පුරුදු කරලා උ උගේ බඩ වැදගත්ත. අනික ඔය කැගහන UNP එකත් මතක තියා ගන්න ඕන ඔවුන් ගේ අතීත ආණ්ඩු තමයි දෙමල බෙදුම් වාදය වසර 30ක කුරිරු යුද්දයක් තත්වුයට එන්න පිදුරු දැම්මේ.
මට 100% විෂව්සයි මෙයන් විදියට ලංකාව බෙදෙන එක වලක්වන්න් බැ. තව දෙයක් මම මතක් කරන්නම් දෙමල බෙදුම් වදයට ලොකුම හානිය කලේ ප්‍රබාකරන්. ඔහු තමයි දෙමල බෙදුම්වාදී අරහලය ත්‍රස්තවාදී අරහල්යක් කරලා අපිට එක ලෙයින් යකඩින් මර්දනය කරන්න සාදාරන අවස්ථාවක් සලසල්ල් දුන්නේ. දෙමක බෙදුම් වාදය නිරායුද අරගලයක් වුනානම් එක නවත්වන්නැ අපිට ලේචි වෙන්නේනැ.
ඔන්න මෙතන වැදගත් කරුණු කියල තියෙනවා. යුද්දේ ඉවර කරේ මහින්දගේ පාලනය කාලේ අනික බහුතරයක් සිංහල මිනිස්සු මහින්දට කැමතියි එක නිසා මහින්දට අම්බානකට බැනලා දෙමල බෙදුම්වාදයට උත්තර හොයන්න බෑ
ඒ වගේම මහින්ද විරෝදී ඔක්කොම පැත්තකට කරලත් දෙමල බෙදුම්වාදයට උත්තර හොයන්න බෑ මේ දෙගොල්ලොගෙන් බහුතරය එක මතයකට අවොත් හරි
මේ ප්‍රශ්නෙට ඔයාලා දෙන විසදුම මොකද්ද ? එක එක කෙනාට බනින්නේ නැතුව විසදුම මොකද්ද කියල වෙන නුලකින් දන්නා එතැනදී මහින්ද වාදීන් බැන්නොත් ඉවසල ඉන්න SLFP, UNP,JVP මෙකි නොකී මොකා බැන්නත් ඉවසල නුලේ හරය උන දෙමල බෙදුම් වාදයට උත්තර හොයන්න බලමු. බනින අයටත් එයාලගේ උත්තරේ මොකද්ද කියන එක විතරක් අහන්න දන්නා දන්නා සාමාජිකයන්ට වීවුර්තව අඩගහන්න PM දාන්න. වාහන ඔස්තාර්ලා phone ඔස්තාර්ලා තවත් විවිද කණ්ඩායම් වල ඉන්න නම ගිය ek සාමාජිකයන් නුලට කැදවන්න. පුලුවන්නම් ADMIN ට නුල පටන් ගන්න කියන්න. දිනපතා සාරාංශයක් පළමු පිටුවට දෙන්න. FB වල ප්‍රසිද්දිය දෙන්න ek නොවන යෝජනා ගන්න ක්‍රමයක් හදන්න.
යුද්දෙට වඩා ලොකු සේවයක් රටට කරන්න පුළුවන් වෙයි හොද ජනමතයක් හැදුවොත් EK එකත් රන් අකුරෙන් ලිය වෙයි එදාට.
SF ට හා මයිත්‍රී ට පුලුවන්නම් තරහ අමතක කරලා මහින්ද ගාවට යන්න මහින්දට පුලුවන්නම් ඒ අයට තමන්ගෙන් උන වැරදි වලට සමාවෙන්න කියන්න, කට්ටියම එකතු වෙලා චන්ද්‍රිකා ලගට යන්න එතනින් අනුරයි රනිලුයි හම්බෙන්න පාටලී විමල් ගම්මන්පිල එකතු කරගන්න, එකතු වෙලා මේ ගැන කතා කරගන්න. ඊට පස්සේ දෙමල අය හම්බෙන්න අන්න එදාට මේ ඔක්කොම දිනුවා තමයි.
මේ නායකයෝ එහෙම වෙන්නේ නැත්නම් එහෙම වෙන්න කියල නිර්පාක්ෂික ජන මතයක් ඇති කරන්න අපිට පුළුවන් උනොත් ඒක අපි යුද්ද 100ක් දින්නා වගේ තියෙයි.
එදාට අපිට ආඩම්බර වෙන්න පුළුවන් අපි තමා syber යුද්දේ හිටිය සෙබළු කියල.


හැබැයි උපහාරේ ඉතින් Admin ට තමා....




