සෙමින් එන්න...

Nisala88

Well-known member
  • Oct 24, 2006
    4,206
    736
    113
    ~Madhouse~
    සෙමින් එන්න...
    මාත් එක්ක හිනා වෙන්න...
    ඇඟිලි තුඩග අල්ලාගෙන,
    මා දෑසට එබී ඉන්න...
    ම ආදරෙයි
    එකම වරක් මට කියන්න...

    සෙමින් එන්න...
    සුළං රොදක සඟවාලා,
    මා දිවියම අරන් යන්න...
    ඔබෙ සෙනෙහස මෙහි සතපා,
    සුවඳ දෙන්න සැඟවීලා...

    සෙමින් එන්න...
    මගේ සිහින මනාලී,
    මහද වෙතට අරන් එන්න...
    සුළඟ වගේ ළඟට එන්න...
    ඔච්චම් කර හිනා වෙන්න...

    සෙමින් එන්න...
    පාද ගිගිරි සලන්නෙපා...
    රැහැයියනේ හඬන්නෙපා...
    අනේ මගේ පුංචි කුමරි,
    සුර ලෝකේ සිටින්නී...
    දෑස් පියා හඬන්නී...
    නිසංසලේ නිදන්නී...

    සෙමින් එන්න...
    පා නොතබා අඳුර මැදින්,
    සුළඟ වගේ ළඟට එන්න...
    මගේ හීන පුංචි මැදුර,
    කඳුළු වලින් පුරවාලා,
    සුළඟ වගේ ඇදී යන්න...



    මේක මගේ නිර්මාණයක් නම් නෙමෙයි, උපුටා ගත්තෙ දිනේෂ් කොළඹගේ ගෙ සුළඟ වගේ ඇවිදින් කියන පොතෙන්
    ලස්සනයි කියල හිතුන නිසා එලකිරි එකේ යාළුවොත් එක්ක බෙදා ගන්න හිතුන


    ඔයාලටත් ලස්සනයි කියල හිතෙනව නම් comment එකක් දාල යන්න
     
    • Like
    Reactions: cspmaxx