අමුතුවෙන් පොළඹවන්න දෙයක් නෑ බන්.මිනිස්සු හොඳ දේට වඩා නරක දේට තමයි ඇබ්බැහි වෙන්නේ.මිනිස්සු දුම්පානය සුරාවට පෙළඹෙන්නේ ඒවායේ ආදීනව නොදැන නෙමෙයි නේ.
කවුරු පිළිගත්තත් නැතත් සමාජය යමින් තියෙන්නේ අගාධයට.මිනිස්සු පංචඉන්ද්රියන් පිනවන්න අලුත් අලුත් දේ හොයාගෙන යමින් තියෙන්නේ..අද අවිචාරවත් ,අසභ්යයයි කියලා පිළිකුල් කරන දේවල් හෙට නීතිගත කරන්න කියලා මිනිස්සු පාරටත් බහියි.කොට නිහාල් බෑන් කලා කියලා සමාජය යන පාර වෙනස් වෙන්නේ නෑ.හැබැයි පොඩි ප්රමාදයක් ඇති කරන්න පුලුවන් වෙයි.
මොනවා වුනත් තවම මිනිස්සුන්ගේ හොඳ නරක තෝරා ගැනීමේ හැකියාව නැති වෙල නෑනේ.ඕන කමක් තියෙනවා නම් මිනිස්සු තමන්ට හොඳ දේ විතරක් ගනියි.