සෙරෙප්පු දාගෙන ආව කියලා දණ ගස්සවලා...

amilasadaruwan4455

Well-known member
  • Nov 3, 2016
    368
    354
    63
    සෙරෙප්පු දාගෙන ආව කියලා දණ ගස්සවලා ඉන්න දරුවො ඉන්න රටක සිට ලියමි.

    පින්ලන්තය, මිනිසුන් සතුටින්ම සිටින රටවල් කීපයෙන් එකකි. එසේ වීමට හේතුව එම රටෙහි අධ්‍යාපනයයි.
    එක වසරේ ළමෙක්ට පෝලිමේ යන්නෙ නෑ කියලා ගැහුවාම එදා ඉදන් බයට පෝලිමේ යනවා. එදා නීතියට පොලිසියට බය වෙනවා. දහම් පාසලේ චතුරාර්‍ය සත්‍ය අමතක උනොත් දණගහගෙන ඉන්නඕන. එතකොට ආගමට බය වෙනවා. වේදිකාවේ ප්‍රසංගයකට පේලියට ආවෙ නෑ කියලා ඒ ළමයට බනින හැටි, ගාණක් වැරදුනා කියලා කණ මිරිකණ හැටි, සැලලිහිණිය කටපාඩම් නෑ කියලා පන්තියෙන් එලියට දාල අව්වෙ ඉන්න ලමයි. අකුරු කැතයි කියලා පන්තියෙ අනිත් ලමයි ඉස්සරහා මෝඩයෙක් වගේ බැනුම් අහන ලමයි මම ඇතිවෙන්න දැකලා තියනවා. දඩුවම එකම උත්තරේද? බය කිරීම එකම ක්‍රමයද?

    දරුවන්ට දඬුවම් නොකරන්න යැයි පින්ලන්තය පවසන්නේ අවබෝධයෙනි, අත්දැකීමෙනි. මේ ගැන ලංකා සිසු දැක්ම නම් ගුරුවරු ගහල හැදුවේ නැත්නම් අපි තාම හිරේ යන්නය. ගුරුවරු සද් සිතින් කියන්නේ මුන්ව මකලා හරි හදන බවය. නැතහොත් කියන්නේ හරි හරි අපි පැත්තකට වෙලා ඉන්නං ඔයාගෙ ලමයා හිරේ ගියාම එන්නකො අඩාගෙන ආදී දෙබස් ය. අම්මලා තාත්තලා බහුතරයක්, ගුරුවරයා විසින් තම ළමයාට බැනීම, පහරදීම ආදිය සාධාරණ ඉගැන්වීම් ක්‍රමයක් ලෙස පිලිගනියි. ගහල හරි හදාගන්න ඕන මැඩම්. මම නං ඇහැක් ඇරලා බලන්නේ නැහැ. ඒ අම්මලා සහ තාත්තලාය. එහි වරදක් නැත. ඔවුන්ද පාසල් වියේ දීම දඩුවම සාධාරණ බවට පිලිගෙන ඇති නිසාය. සියලු දෙනාට වැදගත් කරුණක් මගහැරී ඇත.
    සිසුවා විසින් සියලු විනය රීති, විභාග සමත්වීම, පාඩම් නිම කිරීම් ආදිය කරන්නේ දඩුවමට ඇති අකමැත්ත හෝ බිය නිසා බව කිසිවෙක් නොසිතයි. උලෙන් හෝ පිලෙන් විභාගය සමත්වීම පමණක් සිසුවා අගයන බැවින් ඔහු ඇය විභාග සමත්වීම කෙරෙහිම අවධානය යොමු කරයි. ඒ සමාජ පීඩාවෙන් ගැලවීමට ඇති එකම මග නිසාය. මේ ලමයා ඉස්සර හොදට වැඩ කලා දැං තමයි කිසි උනන්දුවක් නැතැයි ගුරුවරු කියන අයුරු නිතර අසා ඇත්තෙමි. එහි වරද කොතනද ඉස්සර හොදට වැඩකලේ ඇයිදැයි සිසුවා නොදනී. ඒ ඔහු කැමැත්තෙන් උගත් කාලයයි. දැන් එසේ නොවන්නේ කාගේ වරදකින්ද ? ඔහුට අකමැත්ත ලඟාවුයේ කෙසේද ?

    මොන්ටිසෝරිය
    පූර්ව ළමාවිය සංවර්ධනය යනු යහපත් පුරුදු, කණ්ඩායම් හැඟීම, සහකම්පනය, සමාජ ජීවිතය තේරුම් ගැනීම, නිර්මාණ සදහා හුරු කිරීම ආදියට වෙන්වුනු කාලයයි. ලංකාවේ අම්මලා හෝම් වර්ක් කරන, රටේ ඇති සියලුම පූජා වර්ග පවත්වන, තාත්තලා ගේ ස්ටේටස් පෙන්වන. කාලයයි. ජපානය සහ පින්ලන්තය මේ කාලයේදී එක අකුරක් උගන්වන්නේ නැත. අපේ උන් එලකියුෂන්ද යවයි. අපිත් ආස නෑ අයියෝ, ඒත් ලමයි අතර හරි තරගෙනෙ අප්පා. යහපත් පුරවැසියෙක් තැනීම පසෙකලා මොන්ටිසෝරියෙන්ම ඩිග්‍රිය ආරම්භ වන්නේ එසේය. ළමයා තවදුරටත් ජීවිතය විඳින්නේ නැත.

    සිස්සත්තේ
    ගියපාර සිස්සත්ත ප්‍රතිඵල වලට වඩා මේ පාර තිබ්බ යුතු බව කලාපෙන් කියයි. ඒ නිසා විදුහල්පති ඉදිරියේ නෝන්ඩි වීමට වඩා මහත්සේ දුක්විඳ තම සවස්වරු පවා කැප කර ගුරුවරු දරුවන්ට උගන්වන්නේ සිස්සත්තේ සමත් කරවීමටය. අම්මලාට ඒ මදිය. පොඩි එකා නිදිපැදුර පිටින්ම උදේ පහේ පන්තියට දමා සවස ඉස්කෝල පන්තිය සහ සවස 7 පන්තියට අමතරව සෙනසුරාදා පුල් ඩේ එකකුත් පන්තිය. ඉරිදා උදේ දහම් පාසල් සහ සවස ආයෙත් පන්තිය. ඉන්පස්සේ, අනේ කියන කිසිදෙයක් අහන්නෙ නෑ අක්කේ, රන්ඩුවෙනවා අප්පා, ය. ලෙඩේ හොද වෙන්නේ විභාගය දවසට ජප කරපු පෑනක් අතට දී ඉතිරි කාලය බෝධි පූජාවෙන් ගත කිරීමෙන්‍ ය. ඒත දරුවන්ට දවසකට මතක තබාගත හැක්කේ පැය දෙකක් හෝ තුනක ඉගෙනුම් බව කාටත් මතක නැත. ළමයා සොම්බියෙක් කිරීම මෙයින් ඇරඹේ.
    (සියලු පාසල්වලට සමාන පහසුකම් නොදී ලොකු පාසල් පොඩි පාසල් සෑදීම සහ ඒකටත් විභාග තැබීම ගැන කාටත් අමතකය. අසමත් පාලකයන්ගේ දූෂිත තීරණයක් නිසා දශක කීයක් පොඩි උන් දුක් විඳිනවාද)

    සාපෙ සහ උපෙ
    සාපෙ අවසන් වෙනතුරු සිසුන් සියලු විෂයන් උගත යුතුය. ජපානය සහ පින්ලන්තය ඒ වනවිටත් දරුවන්ගේ දක්ෂතා සොයාගෙන එම වෘත්තීන්හි නිපුනයන් සමග එක්ව අදාල වෘත්තීන් වෙත යොමු කර අවසන්‍ ය. සාපෙට මේ සියලු විෂයයන් උගෙන ගන්නට වී ඇත්තේ දරුවාගේ දක්ෂතාව නිරාවරණය කරගත නොහැකිවීම නිසාය.

    ඩිගිරිය
    උසස් අධ්‍යාපනයේ අරමුණු ද්විමාර්ගිකය
    ශාස්ත්‍රීය/පර්යේෂණ මූලික වෘත්තීන්
    සේවා මූලික වෘත්තීන්
    කෙරෙහි යොමු කිරීම සහ අන්‍යොන්‍ය ප්‍රයෝජන ලැබීම ඕනෑම රටක අවශ්‍යතාවයයි. වෘත්තීන්හි සමාජ තතත්ත්ව පරතරයක් පින්ලන්තයේ නැත. ඒකට ලංකාවේ.... , අපේ උපාධිධාරීන් බහුතරයක් ශාස්ත්‍රීය කොටසේය. සේවා කොටස අතුරුදන්ය. උපාධිය හදාරණ සමයේ පන්තියේ ප්‍රශ්න අසන හෝ ගැටලු ඉදිරිපත්කරන විද්‍යාර්ථීන් අඩුය. හේතුව මොන්ටිසෝරියෙන්ම ඇයි හෝ මොකද ප්‍රශ්න ඇසීම තහනම් කර ඇති නිසාය.

    අධ්‍යාපන ක්‍රම වල පරම අරමුණු (මම නොවෙයි පින්ලන්තෙ කියන්නෙ)

    මොන්ටිසෝරිය - සමාජනුයෝජනය, ලෝකය තේරුම් ගැනීම, ආකල්ප වර්ධනය
    ප්‍රාථමික පන්ති - යහපත් පුරවැසි ලක්ෂණ සංවර්ධනය, මූලික අධ්‍යාපනය , කුසලතා හඳුනාගැනීම (කියවීම , ලිවීම, නවෝත්පාදනය)
    සාමාන්‍ය පෙළ - දරුවා දක්ෂ විෂය ක්ෂේත්‍රයට අදාළ දැනුම කුසලතා වර්ධනය
    උසස් පෙළ - දරුවා පුහුනු වී ඇති විෂය ක්ෂේත්‍රයෙහි විශේෂ ධාරාවක් පිලිබදව න්‍යායික සහ ප්‍රායෝගිකව අධ්‍යයනය කිරීම
    සාමාන්‍ය උපාධිය - වෘත්තීයභාවය උදෙසා අධ්‍යයනය කිරීම
    ගෞරව උපාධිය - වෘත්තීයෙහි කොටසක් පිලිබදව අමතර අධ්‍යයනය
    ආචාර්ය උපාධිය - තම වෘත්තීය වෙනුවෙන් නවෝත්පාදනය

    ලස්සනම කතාව ඒක නොවෙයි. ජපානය කියනවා ලමයෙක් වරදක් කලොත් හේතුව හොයාගෙන ඒකට ප්‍රතිකර්මය කරන්න ලු. ගැහුවාම ප්‍රශ්නෙ විසදෙනවද අහනව.
    පින්ලන්තය කියනවා දරුවන්ට වරදින්නේ ඔවුන් ලෝකය ගැන තවම නොදන්නා නිසා බව. ඉතින් වැරදුනාම හදාගන්න උදව් කරන්න ලු.

    ඕන කෙනෙක්ගෙන් අහල බලන්න තමන් කැමති ආදරෙන් උගන්නපු ගුරුවරුන්ටද නැත්නම් වේවැල් කෝටු නාරං සියඹලා අතුවලට ද කියලා.
    උත්තරේ ඔබත් දන්නවා.
    අධ්‍යාපනයේ සිස්ටම් එක වැරදිතමයි. හොඳම දේ දරුවන්ට නම් ගුරුවරුන්ට පුලුවන් දරුවන්ට උදව් කරන්න. වැරදිවලට දඩුවම් කිරීම නොවෙයි. ඒවා හදාගන්න උදව් කරන්න.

    (මේ අදහසට එකඟ නැත්නම්, මේක කියෙව්වම තරහ එනවානම්. ඔබට තව බොහෝකල් යාවි අධ්‍යාපනය තේරුම් ගන්න)

    Finland education system

    https://okm.fi/en/education-system
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    ළමයි කැමති ගහපු ගුරුවරුන්ට
    එහෙමත් නැත්තම් රැග් කරපු උන්ට
    කෙල්ලො කැමති ගහන බනින කොල්ලන්ට
    ඕකට කියන්නේ ස්ටොක්හෝම් සින්ඩ්‍රම්
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,819
    113
    127.0.0.1
    meka godak issara matath hithata wada dunna prashnayak una.
    eetapasse prashneta uththara hoyanawa wenuwata prashnema nathi una
    no kids no worries nisa
    :D

    now im a simple man.
    So, I have a cock.
    I fuck pussies.
    Die in peace.
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,799
    1
    51,701
    113
    ප*යාගල
    sorry.com
    මාවත් දනගස්සල තියෙනව සෙරෙප්පු දාගෙන ඉස්කොලෙ ගිහිපු හින්දා. තාත්ත නැති උනාම අම්ම බොහොම අමාරුවෙන් අපිව ඉස්කොලෙ යැව්වෙ. සපත්තු දෙකක් ගන්න පරක්කු උනා ඒ අවුරුද්දෙ. මම ඉස්කොලෙ ගියාම උදෙ රැස්වීමෙදි ඇදල ගත්ත සෙරෙප්පු දාගෙන ආපු සෙට් එකම . ඊට්පස්සෙ අර කෙල්ලො ඉස්ස්සර්හම දන්ගස්සල තිබ්බ.

    සෙරෙප්පු දාගෙන එන්න ඕනෙ නම් ග්‍රාම සේවක ගෙන් ලියුමක් අරන් එන්න කිව්ව සපත්තු ගන්න සල්ලි නෑ කියල.

    කාලකන්නි ගුරුවරු.අද වෙද්දි ඒ එකෙකුටවත් කිසි වගතුවක් වෙලා නෑ තාම ඒ කාලෙ ඉදපු ගූ ගොඩෙ
     

    mastech

    Well-known member
  • Oct 16, 2023
    1,177
    1,645
    113
    ගෙවල් ලග
    ලන්කාවෙ දැන් ඉන්න මිනිස්සුන්ට හිතන්න බැ

    කකුල් දෙකෙන් නෙවෙයි ඉගෙන ගන්නෙ කියලවත් හිතන්න බැරි මිනිස්සු ඉන්න රටක්

    ඔය එකක් විතරයි

    කිසිම අර්තයක් නැති දෙවල්

    අනිත් එක ඔච්චර ඉගෙන ගෙන මොකක්ද අපි කරලා තියෙන්නෙ
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,242
    1
    61,666
    113
    Mother Earth
    meka godak issara matath hithata wada dunna prashnayak una.
    eetapasse prashneta uththara hoyanawa wenuwata prashnema nathi una
    no kids no worries nisa
    :D

    now im a simple man.
    So, I have a cock.
    I fuck pussies.
    Die in peace.
    උබ බැන්දෙ නෑද්ද බන් ? ළමයි නොහැදුවත් බැඳපන්.
     

    Djice

    Well-known member
  • Jan 17, 2011
    4,426
    3,801
    113
    out of fucked up land
    meheth ohoma thama. man hitahnne eu wala godak aratawal oya wage.
    mata gahapu kari huttige teacher puthala hambunoth nam galak wath ganawa dan. ape gewal paththe pakek innawa ilanga para asikilantheta giyama rata gihin car ekata galak wath kelala enda one