මම දවසක් ගියා අපේ කම්පැනි එකේ අලුතින් ගත්ත ලෑන්ඩ් එකක ඉලෙක්ට්‍රික් කනෙක්ෂන් එකට අදාළ වැඩකට අදාළ CEB ඔෆිස් එකට. ඉඩම බණ්ඩාරගම වුනාට ඒක අයිති මිල්ලනිය විදුලි අධිකාරී කාර්යාලයට. මිල්ලනිය තියෙන්නේ බණ්ඩාරගම ඉඳන් මහා ලොකු දුරකිනුත් නෙවෙයි. නමුත් ඒවායේ මිනිස්සු හෙන ග්‍රාමීය මනුස්සයෝ. මම සල්ලි වගයක් මාරු කරගන්න මිල්ලනිය මහජන බැංකුවට ගියා. අම්මට සිරි ඇතුලට යනකොට දොර ළඟ සෙරෙප්පු ජෝඩු දහයක් විතර තියෙනවා. මම බැලුව පන්සලකටද යකෝ වැරදිලා ආවේ කියල. බැලිනම් ටයිල් අල්ලලා තියෙන නිසා ඒ පැත්තේ මිනිස්සු සෙරෙප්පු ගලවල තමා බැංකුව ඇතුලට යන්නේ.