වාහන විකුනන ඇඩ්වල කමෙන්ට්ස් දාන ගංබිත්තර ඔට්ටපාලු කුනකටුවො..
1. සුපිරියක්.. අඩුවටනම් දෙන්න එපා
මේක දාලා තිබ්බේ අපේ සීයා ඉපදෙන්න කිරිවෙහෙරට වෙච්ච බාරේ ඔප්පුකරන්න මුත්තම්මා අලුත උපන් සීයව අරන් කිරි වෙහෙර වදින්න ගිය ෆ්ලැට් රූෆ් ඉසුසු ජර්නියකට. යකෝ!!! ලක්ශ 10 නෙමේ ඕවා කිලෝ එක රුපියල් 50ට වඩා යන එකම උබලට මදිද? මයෙ කිරි පුතේ මම කියන්නේ ලංකාවෙන් පිටට කියලා වෙන ලොකු ලොකු රටවලට ඕන නෑ උබලෑ කිරි අම්ම දඹදිව යන වෙලාවක දඹදිවවත් ගිහින් වරෙන් මයෙ අම්ම දූපතෙන් පිටට...
2. අඩෝ ප්‍රෙමියෝ එක ලක්ශ 100ට යන වෙලේ මේක ලාබයි බං..
මේක දාලා තිබ්බේ ක්‍රයිස්ලර් කාර් එකකට.. බොල මාමයිට් කිරි පුතේ.. ඔය ක්‍රයිස්ලර් ත්‍රී හන්ඩ්‍රඩ් ටූ හන්ඩ්‍රඩ් කියන්නේ මේ වර්තමාන මනුශ්‍ය වර්ගයා ඉන්නව නේ, අන්න උන්ගෙන් ඇමරිකාවේ ඉන්න උන් මේ මෑත ඉතිහාසේ හදාපු රිලයබිලිටිය කියලා නාමයක්ම නැති පතුල නැති සල්ලි වලකට. ඕවා වෙන රටවල ස්ක්‍රැප් එකකටවත් ගන්නෑ. ඒත් ඒ රටවලම ඒ නිශ්පාදිත වර්ශයේම කොරොල්ලා එක ඕව වගේ හතර පස් ගුනේකට විකිනෙනවා යූස්ඩ් කාර් මාකට් එකේ. නිකාන් කමෙන්ට්ස් කොට කොටා ඉන්නැතුව දෑවැද්දට හම්බ උන ඉඩමක් හරි තියේනම් විකුනලා එකක් ගෙනල්ලා බලහං.. නංගිලා දෙක තුනක් ඉන්න, මාමණ්ඩියා කුලියට ඉන්න පවුලකින් කසාදයක් කරගත්තා වගේ තමා.. ආයෙ ඉතින් මේ කපේ ගොඩ ඒමක් නෑ. මම දන්න එක ලංකාවෙම ප්‍රසිද්ද ක්‍රයිස්ලර් කාර් එකක් තියේ ඌ ඒකට කෑලි ගෙනල්ලා අමුනලා දූවිලි පිහල අරන් මාසයක් වගේ ටික්ටොක් කරනවා වීඩියෝ දානවා එක විකාරයයි.. ආයේ මාස 11ක් කාර් එක කොට උඩ.. ආයෙම කෑලි ගෙනල්ලා අමුනලා ටික් ටොක් කරනවා. කාර් එකක් තියෙනවා කියන චිත්තඃප්‍රීතිය විතරයි.
3. ජපන් වැගන් ආර් එකකුත් 50ට යන වෙලේ මේක සුපිරි බං
මේක දාලා තිබ්බේ 2000හේ විතර හදාපු අව්රුදු 22ක් පරන වොල්වෝ තඩියකට. යකෝ ඔය අලුත් වැගන් ආර් වගේ ඒවා පාරේ දුවන්න පුලුවන්. රෝද කැරකෙනවා. නාකි වෙච්ච බත් කන අලියෙක් නිළමෙ කෙනෙක්ට වැඩක් නැති උනාම විකුනලා දානකොට හේනෙ මාමගේ පුතා ගෙනාවා කියල ඌ නිලමෙ කෙනෙක් වෙන්නෙත් නෑ, ඇතාට බත් කන්න දෙන්නත් බෑ, ඇතා බත් කාලා ඉස්සර වගේ වැඩක් පලක් කරල දෙන්නෙත් නෑ.. ලංකාවෙ වාහනයක් ගන්නකොට මොන මරනයක් හරි කමක් නෑ බජාර් එකේ සුලභව තියෙන මොඩල් එකක් ගනින්. නැත්නම් ශොක් හතරක් හොයන්න ලංකාවෙ හතර කොනේ ලේන්සු එලන්න වෙනවා
4. අනේ ඇයි අයියේ ඕක විකුනන්නේ. පට්ට දුකයි අනේ..
මේක දාලා තිබ්බෙ ජපානේ මිට්සුබිෂි සමාගමෙන් ඒ දවස්වල හදපු කෑලි 20%ක් විතර ඉතුරු, ඉතිරි හරිය තායිවාන්/ චයිනීස් ඩුප්ලිකේට් ස්පෙයාපාර්ට් 40%කුයි ඉතුරු ටිකෙන් 30% කැට්ලොවියි ඉතුරු දහය කොම්පෝස්ට් පෝරයි තියෙන ලක්ශ 8කට විකුනන්න දාපු ලාන්සර් බොක්ස් එකකට... මේ වගේ ගෑනි මලා වගේ අඩන උන් බොහෝ වෙලාවට ඉන්නේ ඩයි හාර්ඩ් ෆෑන් ගෲප් වල.. බොලං අතිරස කව්ඩෝ.. ඔය දරවාට්ටුව වික්ක කියලා තමිල්නාඩුවේ බාලසුන්දරම් ඇවිල්ලා ඕක ඉන්දියාවට ගෙනියන්නෑ. ඕක ගන්නෙත් ලංකාවෙම ඉන්න උබ වගේම ඉත්තෑවෙක් දුවන උදේට පුන්නක්කු එක්ක පොල් රොටී කන එකෙක් තමා. ඌ ඕක අරගෙන ඕක තියෙන්නෙත් මේ ලංකාව ඇතුලෙම තමා. උබට අපල කාලයක් ආවහම බලලා ගෙයක් දොරක් උකස් කරලා නිදහසේ ඕක අරන් වරෙන් උගෙන් ඉතින්.. ඕක ලංකාවෙන් කොහෙටවත් අතුරුදහන් වෙන්නෑ. අඩන්න එපා
5. අනේ අයියේ ඕක විකුනන්න එපා.. ඇයි විකුනන්නේ
මේක දාලා තිබ්බේ කැට්ලොවි බාස්කට් හත අටක් තුනීකරලා උඩින් ස්ටිකර් ටිකක් ගහලා ක්‍රෝම් කෑලි ටිකක් අලෝලා ලැට් බාල්දියේ ඉදලා එල්ලපු සිල්වර් පාට ශෙල් මොඩක් හයිඒස් එකකට.. ඇයි විකුනන්නේ කිව්වොත් ඉතින් හේතුව මේකයි.. තොට නොතේරුනාට ඌට දැං තේරිලා තියෙන්නේ එල්ලල තියෙන සෙල්ලකතරගම පෙට්ටිකඩ අයිටම් ටිකෙනුයි වින්ඩ්ස්ක්‍රීන් එකේ එල්ලපු ලැට් බාල්දි කොකු ටිකෙනුයි මේක දුවන්න බෑ, හදිස්සියකට ජැක් එකක් ගහන්න මේ මගුලේ ජැක් පොයින්ට් එකක් නෑ ජැක් එක දිරපු බොඩිය කඩං බහිනවා කියලා... උබට ඔච්චරම අමාරුම් හිච්චිපුතේ උබ පලයන් ඌ හයර් එකක් දුවන වෙලාවට ඌ එක්ක. මතක ඇතුව ඇන බාල්දියක, ටූල් කිට් එකක ඉදන් එඩරුතෙල් කාලක් දක්වාම අරං පලයං පිරිමැහෙන්න..
6. අපෝ ඇල්ටෝ එකක් ගන්නවට වඩා මේකක් සුපිරි..
ඕක දාලා තිබ්බේ තුන්වෙනි බුවනෙකබාහු රජතුමා දුනු කෙලියේ ගිය කාර් එකකට.. වාහන කියන්නේ බං මග කඩං වැටෙන්නැතුව රෝද කැරකෙන ගමන් බිමන් ගිහින් ඇවිල්ලා පාක් කරලා පහුවෙනිදට ආයේ ගමන යන ඒවට. නැතුව කතරගම ගිහින් ඇවිල්ලා රේඩියේටරේ දාලා නුවර ගිහින් ඇවිල්ලා ගියර් බොක්ස් එක හදලා හලාවත යනකොට එන්ජිම හීට් වෙලා මීගමුවෙන් ගෑස්කට් දාං එන වට බාගයක් ස්ටීරින් වීල් එක ප්ලේ ගල් මරන වලට නෙමේ. අලුත් ඇල්ටෝ කියන්නේ මයෙ වස්තුවේ රෙන්ට් අ කාර් කම්පැනි වල දවසට කිලෝමීටර් 100න් එහා දුවන කාර් එකක්. ඒ දුවන දිවිල්ල ඔය ගෙයි පැත්තෙන් පුවක් කනු හතරක් හිටෝලා වහලයක් ගහල පාක් කරන් ඉටිකොල වලිනුත් වහල බයික් එකේ ගමන් බිමන් යන උන් ගාව තියෙන ඉලක්කම් දෙකේ ඩෑශ් එකක් දිව්වොත් තේ දලු කඩන ගෑනු දෙන්නෙක් කූඩ එල්ලන් පස්සෙන් යන්න ඕන කෑලි එකතු කරන්න. හෙනටම කනහනවනම් මේ යන ගිනි ගනන් දීලා එකක් ගෙනල්ල බලපං ආතල් එක..
7. අඩෝ ඒකනම් සුපිරියක් ඈ.. සුපිරි කන්ඩිශන්. ඇක්සියෝ එකක් ගන්න වෙලේ මේකක් ගත්තනම් මරු ඈ
මේ මේක දාලා තිබ්බේ ක්‍රෝම් කෑලි ටික බැබලෙන පේන්ට් එක ටීං ගාන්න තියෙන දාතුසේන රජ්ජුරුවෝ කලාවැවට ගල් ඇද්ද පරන පලාත්සබා පජෙරෝ එකකට. සුදු මල්ලියේ මට මැටි කලයක් ගෙනත් දියං හොද පේන්ට් ලීටර් එකකුයි ක්ලියර් ලැකර් එකකුයි අනික් බඩු ටිකයි එක්ක පේන්ට් එකක් ගහල දෙන්න.. යකූ ඔය පේන්ට් එකට යටින් තියෙන්නේ වසර 40ක් විතර මේ ස්භාවදර්මයේ නීතියට අනුව ඛාදනය වෙච්ච ගෙවිච්ච කැඩිච්ච අභාවෙට ගිය මැකෑනිකල් කෑලි 20000ක විතර එකතුවක්. ඕවා ඇවිල්ලා සංසාර චක්‍රය වගේ හදන්න ගත්තහම. අනික ඔය බැබලෙන බොඩියට ලාම්පුවක් ඇල්ලුවනම් සලාස් ගාලා බොඩිය බිම ඉදලෙන් අතුගාලා ලූනු ගෝනි හතරකට එකතු කලෑකි බොඩිය..
8. අනේ මචං සල්ලි තිබ්බනම් මම ගන්නවා මේක..සුපිරියක් ඈ
මේක දාලා තිබ්බේ වයස 40ක වගේ පොරක් ලක්ශ 80කට විතර විකුනන්න දාලා තිබ්බ වන්සික්ස්ටි සීරීස් කොට මොඩල් නිසාන් පැට්‍රෝල් එකක පොතකට වයිසික්ස්ටි ෆ්ලැට් රූෆ් බොඩියක් තියලා ඒ බොඩියත් දොර පහක එකක් තිබ්බ එකකට. ඕවා නඩු භාන්ඩ නෙමේ.. ඕවා මාට්ටු උන වෙලේක හතර වෙනි තට්ටුවට ගෙනිහිල්ලා ටැට දෙක ලාච්චුවට දාන්නෙත් නෑ.. පොලිසියෙන් කරන්නේ ටැට දෙක ලාච්චුවට නොදා උබව දානවා ලාච්චුව ඇතුලට... දාලා උබ ලාච්චුවේ ඉද්දි ටැට දෙක විතරක් දානවා ලාච්චුවෙන් එලියට.. ලගින් යන පොලිස් මාමලා ඊට පස්සේ ඕකට ගගහ යනව දකින දකින පාරට. ඒකත් පැත්තක තියාංකො.. වයස 40 වෙනකන් හම්බ කරන වයස අව්රුදු 20ක් විතර තිබිලත් උබේ අතේ ලීසින් එකක් දාලා හරි ඕක ගන්න සල්ලි නැත්‍තේ මොකෝ දන්නවද? මොකද උබ ඒ අව්රුදු 20ම කරල තියෙන්නේ මේ වගේ ගොං මරි වැඩ තමා.. පුලුවන් වෙලේක නෝනගේ පොටෝ එකක් දාහං බලන්න ඔය වගේ ගිහින් කෝවගේ එකක්ද කරගහලා තියෙන්නෙ බලාගන්න..
9. අනේ එයාව දෙන්නේ කොහොමද හිත හදාන අයියේ? ඔය සල්ලි ටිකට වඩා වාහනේ වටිනවා අයියේ
මේක දාලා තිබ්බේ ඉස්සර ලක්ශ 5ට විතර ගිය ඩේවූ ලෙජසි මගුලක් ලක්ශ විසි ගානකට විකුනන්න දාපු එකකට.. යකෝ... මේ අහපං.. ඌ ඕක මේ වාහන ගනන් ගිය වෙලේ හත් මාසයක් ලෝකේ පුරාම එයාෆ්ලෝ සෙන්සරේ හොයලා දාගෙන යන්තම් ස්ටාර්ට් කරගෙන උබ වගේ හාවෙක් අල්ලලා වාහනේ කරේ ගහලා එන සල්ලි වලින් ගෙවල් කෑල්ලක් අරන් කුලියට දීලා ගානක් හොයාහන්න බලන්නේ. උබට වගේ ඌට පයිත්තියං නෑ. මේ වෙලාවෙත් කොට්ටාව මාලබේ පන්නිපිටිය දෙහිවල මාලඹේ පැත්තේ සේල් කාරයෝ ලක්ශ 800-900යේ රේන්ජ්රෝවර් ලෑන්ඩ්කෲසර් විකුනලා සද්දේ වහලා හවස අඩියක් ගහලා කොත්තුවක් කාලා දත් අස්සෙ තියෙන මස් කෑලි දත් කූරකින් හාරන ගමන් ෆේස්බුක් ඇවිල්ලා මේ කමෙන්ට් එක බලන්න ඉඩ තියෙනවා.මේව දැක්කොත් උං සේල් කරන එක නවත්තලා යනවා පිටකොටුවේ මුට්ට කරගහන්න.. ඒ වගේ අවදානම් වැඩ කරන්න එපා බං..
10. අපෝ බට්ට වෑන් එකකුත් මේ ගාන වෙනවනේ දැන්.. මේක වටිනවා
මේක දාලා තිබ්බේ පරන LH30කට. දැන් ඔය LH30යේ මේ වෙද්දි ජපානෙන් ආව දේකට කියලා දහයේ නට් එකක් වත් ඉතුරු නෑ. නාමෙ නොදිරනා කුනු කය දිරනා අරුමෙකි ටොයොටා සංසාරේ තමා.. බට්ට වෑන් එකක් හරි අලුත් වාහනයක් ඒ මිලට ගත්තොත් උබට වෑන් එකක් ගත්තා කියන චිත්තඃප්‍රීතියට අමතරව පාරේ යන්න පුලුවන්, ගමනක් යන්න පුලුවන් වෑන් එකකුත් හම්බ වෙනවා. අරකේ තියෙන්නේ වෑන් එකක් ගත්තා කියන චිත්තඃප්‍රීතිය විතරයි. එතන වෑන් එකක් නෑ.
ලීෆ් ෆෑන්ස්ලගෙන් ආතල් ගන්නෑ.. ඒවා මහ පව් වැඩ
ඉතින් මේ විහිලුවෙන් කිව්වේ උබලගේ දේවත්වයෙන් අදහන් ඉන්න යකඩගොඩට අපහාසයක් නෙමේ. මේ වෙලාවේ වාහන මිල කෘතීමව වැඩිවීම එක්ක ඉලුක් වැවි වැවී තලගොයි පැටව් දම දමා උන්න මරනත් අකුල් වලින් එලියට ඇදල අරන් කැට්ලොවි ටිකක් උලලා පේන්ට් කරලා ස්ටිකර් ටිකක් ගහලා ගැටගහලා යන්තම් හය පාරට ස්ටාර්ට් කරලා විකුනනවා. ඒ අස්සේ ඉස්සර බල්ලෙක් කකුල උස්සලා චූ නොකරපු සමහර සදාකාලික ගල් මරන ලොකු ගනන් වලට කෑශ් කරගන්න දගලනවා. උබල වාහන රිස්ටෝ ප්‍රොජෙක්ට් එකක් හරි කහන සල්ලියක් හරි ඒ වාහනේම ඕන කියන ආසාව හරි තියේනම් ගනිල්ලා අව්ලක් නෑ. ඒත් එක එකාගේ ගැට වලට අහුවෙලා අතේ තියෙන තුට්ටු දෙක කෘතීම බබල් එකක් තියෙන මාකට් එකකට ලීසින් එකක් දාලා අනාගතෙත් උකස් තියලා දාන්න එපා.. බටර් නැතුව දෙකේ කාසිය වැලි වලින් පොගෝලා කෙලවෙන්නේ....
එහෙනම් ජය වේවා.. කියවලා ආතල් එකක් ගත්තනම්, දෙයක් හිතට ගත්තනම් එච්චරයි
- කෝසල එදිරිසිංහ
කෝසල එදිරිසින්හ කියන්නේ රත්තරං ද ?