සෙල්ලං ගෙදර අගමැති මං

Jul 5, 2012
1,773
265
0
සෙල්ලං ගෙදර අගමැති මං

00-Sellan_Gedara_Agmethi_man.jpg


සෙල්ලං ගෙදර අගමැති මං.., ලොකු අයියා ගුවන් ඇමැති.., ලොකු කොල්ලා විදෙස් ඇමැති.., අපි උයන්නෙ හිරගෙයි බත්.., අපි නගින්නෙ කොළ නැති ගස්..

අද උදෑසන වඳුරන් රංචුවක් බක බක ගා සිනාසෙනු අසා නින්දෙන් අවදිවීමි. ගෙබ්බන් බක බක ගෑවද වඳුරන් බක බක ගානු අසා නොතිබූ බැවින් පුදුමයෙන් නිවස අසල ගස් දෙස බැලූ විට අතු වල බල්ටි ගසමින් බඩ අල්ලා ගනිමින් සිනාසෙමින් සිටි වඳුරු රංචුවෙන් එකෙක් කොළ 3 ක් මවෙත දමා ගසා වැටී වැටී සිනා සෙමින් පැන දිව්වේය. කොළ 3 කියැවූ මට වඳුරන්ට ද සිනා පහල වූ කාරණාව තේරිණ. කොළ වල තිබුනේ මැදමූලනේ පර්සි මහේන්ද්‍ර අගමැතිට ඇඳ කැබිනට් මණ්ඩලයක්ද පත් කර ගත් බවකි. එම කොළ තුන මෙහි දැක්වේ...

පොඩිවුන් නොදරු සංදියේදී සෙල්ලම් ගෙවල් හදා අම්මාට අඳිති. සෙල්ලම් බත් උයති. තාත්තාට අඳිති. බෝනික්කන් වඩාගෙන දොස්තර ගෙදර යති. ටීචර්ට අඳිති. පොඩි සිඤ්ඤ මරං ගස්වලට කෝටුවලින් ගසමින් සැර කරමින් උගන්වති. මැදමුලනේ පර්සි මහේන්ද්‍ර ද සෙල්ලං ගෙදරක් හදා අගමැතිට ඇඳ ගෝල බාල හොරු රොත්තටම ඇමැතිකම් දී ඇත. ඒ ගෝල බාලයන් මෛත්‍රී ලඟට යෑම වැළැක්වීමට සහ බැසිල්ගේ අගමැති සිහිනය බිඳීමට ය.

ඡායා කැබිනට්ටු පත් කිරීමට පෙර විපක්ෂයක් විය යුතුය. රටේ විපක්ෂයක් වීමට හෝ බැරි මෝඩ වාහෙලා ඡායා කැබිනට්ටු හදාගෙනය.

මෙයින් ගත හැකි සාධනීය කාරණාද තිබේ.

පළමු කාරණාව නම් මැදමූලනේ පර්සි මහින්දගේ ඔලුවෙන් ජනාධිපති පිස්සුව හොඳ වී ඇති බවය. මිනිහාට දැන් යලි කවදාවත් ජනාධිපති වීමට බැරි වග තේරුම් ගොස් තිබේ. ලඟදීම ලසන්ත ඝාතනයට හෝ එක්නැලිගොඩ ඝාතනයට හෝ තජුඩීන් ඝාතනයට හෝ වරද කරු වූ විට යලි කවදාවත් අගමැතිවීමටවත් බැරි වන බව තේරුම් ගිය දිනක අගමැති පිස්සුව ද සනීප වනු ඇත.

තවත් සාධනීය කාරණයක් වන්නේ රාජපක්ෂලාට යලි බලයක් ලැබුනහොත් පෙර සේම සහෝදරයන් සහ පුත්තු ටිකට හොඳ හොඳ ඇමැතිකම් බෙදා ගන්නා බව පසක් කර දීම ය. අතේ ඇඟිලි කීයක් තිබේදැයි නොදන්නා ගොබ්බ නාමල් රාජපක්ෂට විදේශ ඇමැතිකම දී තිබේ. ආතල්ය. එනම් ජී.ඇල්.පීරිස් පැන්ෂන් යවන බවය. ඔහුට සෙල්ලං ගෙදරවත් කිසිවක් දී නැත.

අතීතයේ දවසක කොළඹ කටුගෙයි තිබෙන රාජසිංහ රජුගේ සිංහාසනයේ මිනිහෙක් හොරෙන් වාඩි වූයේ ය. පසුව බැලූවිට මිනිහාට පිස්සු ය. අංගොඩ දැමූවද පිස්සුව හොඳ වුනේම නැත. පිස්සන් කොටුවේදීම මිය ගිය ඔහු මැරෙන තුරා සිතා සිටියේ මිනිහා රජෙක් කියා ය.

පර්සි මහේන්ද්‍ර රාජපක්ෂටද සිදුව ඇත්තේ ඒ සන්තෑසියම ය.
 
Jul 5, 2012
1,773
265
0
මරා සෙල්ලං ගෙදර අගමැති කමෙන් අයින් වෙලා..!


මරා සෙල්ලං ගෙදර අගමැති කමෙන් අයින් වෙලා..!


සෙල්ලං ආණ්ඩුවක් හදා ඒ සෙල්ලං ආණ්ඩුවේ ඊයේ අගමැතිට ඇඳ ගත් මැදමූලනේ මහින්ද රාජපක්ෂ සහ නගර නිර්මාණ සහ ජල සම්පාදන ඇමැතිට ඇඳගත් ඔහුගේ මස්සිනා ලොහාන් රත්වත්තේ (යෝෂිත විවාහ වීමට යන්නේ ලොහාන්ගේ දුවක් සමග ය.) සෙල්ලං අගමැතිධූරයෙන් සහ සෙල්ලං ඇමැති ධූරයෙන් ඉවත් වී තිබේ. ඊට හේතු ලෙස විවිධ කතා කීවද සැබෑ හේතුව වී ඇත්තේ අද දිනය පුරා ඊට එරෙහිව නැගී ආ ජනතා විරෝධය සහ ජනතා අවඥාවයි. සමාජ මාධ්‍ය කිසිවෙක් මැදමූලන ගොබ්බයන්ගේ ගොං පාට් එක හොඳයි කියා නැති අතර ලංකා ඊ නිව්ස් ඇරඹූ උපහාස විවේචනය තවත් ඉදිරියට ගෙන ගොස් තිබිණ.

ජනතා විරෝධයට මූලික හේතු වී තිබුනේ රාජපක්ෂලා හොරු හැතිකරයටම සෙල්ලං ඇමැති ධූර ලබා දීමෙන් ඔවුන්ගේ හොරු රජ කිරීමේ ආකල්පය හෙලිවීමත් පවුලේ සියලු දෙනාට හොඳ හොඳ සෙල්ලං ඇමැතිකම් බෙදා ගනිමින් යලිත් පවුල්වාදය කරලියට ගැනීමත් සහ 19 වෙනි සංශෝධනය අනුව ඇමැති ධූර සංඛ්‍යාව තිස් ගණනකට අඩු කර තිබියදී පනහක් පමණ වූ තම කල්ලියේ සාමාජිකයන්ට සෙල්ලං ඇමැති කම් බෙදීමත් ය.

විරෝධතාවය නැගී ඒමෙන් පසු කර කියා ගත දෙයක් නොවූ මැදමූලනේ චෞර නායක මහින්ද රාජපක්ෂ සහ මස්සිනා සිද්ධියේ වගකීම ඩලස් අලහප්පෙරුම පිට පටවා ඇඟ ගලවා ගෙන තිබේ.

මෙහි ඇති අපූරු ගොං පාට් එක නම් සමාජ බල ගැන්වීම් සහ සමාජ සේවා සෙල්ලං ඇමැතිකම ලැබූ පවිත්‍රා ඊට විරෝධය පෑමයි. ඇය බලාපොරොත්තු වූයේ විදුලි බල ශක්ති ඇමැතිධූරය යැයි කියමින් ඇය තම විරෝධය දක්වා ඇත. කෙසේ වෙතත් සෙල්ලං අගමැති ඉවත් වීමෙන් පසු සෙල්ලං කැබිනට් එක ඉදිරියට ගෙන යා නොහැකිව ගෝලයන් නන්නත්තාර වී තිබේ.

දශකයක් පුරා රටක් වනචාරී යුගයකට ඇද දැමූ අරමුණක් දර්ශනයක් නැති ගොබ්බ හොරු රැලකට සෙල්ලං ආණ්ඩු හදනවාට වඩා දෙයක් කළ නොහැකි බවත් එයද ලත් තැන ලොප් කර ගත් බවත් මෙයින් පැහැදිලි වේ.