තීන්දුව

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
1-Hirunika1.jpg


ශ්‍රී ලංකාවේ අධිකරණය ධනවතුන්ට බලවතුන්ට සහන සලසන, දුප්පතුන්ට අසරණයන්ට දැඩිව ක්‍රියාත්මක වන අධිකරණයක් ලෙස දශක ගණනාවක් පුරා මහජනතාව අතර පැවැති මතය සුනු විසුනු කරමින් හිටපු ආරක්ෂක අමාත්‍යාංශ අධීක්ෂක මන්ත්‍රීවරයෙකුද, අතිශය ධනවතෙකුද, පාතාල මිනීමරුවන් ගෝලයන් සේ තබාගත් ‘ගෝඩ් ෆාදර්‘ කෙනෙකුද, මාධ්‍ය ආයතන හිමියෙකුද, නීතිය තමන්ට අවශ්‍ය ආකාරයට නවා ගත් බලවන්තයෙකුද වූ අරුමාදුර ලෝරන්ස් රොමෙලෝ දුමින්ද සිල්වා හෙවත් ආර්. දුමින්ද සිල්වාට ඊයේ(08) අධිකරණය විසින් මරණීය දණ්ඩනය නියම කෙළේය. ඒ භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර හෙවත් කාගෙත් ‘ලකී අයියා‘ නමැති හිත හොඳ මිනිහා සමග සිව් දෙනෙකු මහ දවාලේ, මහ පාරේ, අමු අමුවේ ඝාතනය කිරීමේ වරද සැකයෙන් තොරව ඔප්පු වී යැයි නඩුව විභාග කළ බහුතර විනිසුරුවන් පිරිසක් තීන්දු කළ නිසාය.
අධිකරණයේ මෙවැනි ස්වාධීන තීන්දුවක් මීට පෙර අසන්නට ලැබුනේ 1961 මැයි 11 වෙනිදාය. ඒ එස්. ඩබ්. ආර්. ඩී. බණ්ඩාරනායක අගමැති වරයා ඝාතනය කිරීමේ වරදට එදා ධනවතුන් බලවතුන් ආගමික නායකයන්ද වූ මාපිටිගම බුද්ධරක්ඛිත, තල්දූවේ සෝමාරාම, හේමචන්ද්‍ර පියදාස ජයවර්ධන තිදෙනාට මරණීය දණ්ඩනය නියම කරමින් විනිසුරු ටී.එස්.ප්‍රනාන්දු ලබා දුන් තීන්දුවය.
ඉන්පසු මෙවැනි තීන්දුවක් අද දක්වා අසන්නට නොලැබුණු බව මෙම ලියුම් කරුගේ මතය යි.
1971 කැරැල්ලට වැරදි කරුවන් වූ රෝහණ විජේවීරටද නඩු විභාගයකින් ලබා දුන්නේ ජීවිතාන්තය දක්වා සිර දඬුවමකි. 1978 දී සමාව ලබා නිදහස් වී පැමිණීමෙන් පසු ඔහු විසින් යලිත් සිදුකරන ලද පුද්ගල දේශපාලන ඝාතන රැල්ලට එරෙහිව 1989 දී දුන්නේ නඩු ඇසීමකින් තොරව මරණයකි. ප්‍රභාකරන්ටද නඩු විභාගයකට මුහුණ දී මරණීය දණ්ඩනයක් නොලැබුනු මරණයක් හිමි විය. ඇඹිලිපිටිය දරුවන් 32 ක් ඝාතනයට දුන් නියෝග ක්‍රියාත්මක කළ අයට දඬුවම් ලැබුනාට ඊට අනුබලය කුමන්ත්‍රණය සැලසුම නායකත්වය දුන් බලවන්තයන්ට දඬුවම් ලැබුනේ නැත. අඩුම ගණනේ ආණ්ඩුවක් බලයේ සිටියදී පවා මරා දැමුණු ඒ ආණ්ඩුවේම මන්ත්‍රීවරයෙක් වූ නාලන්ද එල්ලාවලගේ ඝාතනයේ ඇසින් දුටු සාක්කි තිබියදී පවා ඝාතකයන් බලවතුන් වූ බැවින් නිදහසේ සිටීමට හැකි වූහ. එසේත් නැතිනම් චුදිතයා බලවතෙක් වී නම් නීතිපතිවරයා විසින්ම නඩුව ඉවත් කර ගැනීමද සුලබ සිදුවීමක් විය.
මේ ආකාරයට 60 දශකයෙන් පසු අනුක්‍රමයෙන් අපට අසන්නට ලැබුනේ බලවන්තයන් කරන ලද අපරාධ වලට නඩු අසා දඬුවම් දීමක් නොවේ. නීතියත් අධිකරණයත් ජනතාවට මැජික් පෙන්වා බලවන්තයාට දඬුවම් නොලබා නීතියෙන් බේරී සිටීමට අවස්ථාව සලසා දීමකි. එසේත් නැතහොත් ඝාතකයා බලවන්තයෙක් නොවේ නම් බොහෝ විට ලැබුනේ නඩු නොඅසාම අවි පෙන්වීමට ගොස් හිමිවන සුලබ මරණය ය. ඒ කිසිවක් නීතියේ ආධිපත්‍යය ප්‍රදර්ශනය කිරීමක් හෝ ශිෂ්ඨ සම්පන්න අධිකරණ ක්‍රමයක් ප්‍රදර්ශනය කිරීමක් නොවීය. මේ තත්ත්වය 70 දශකයේ සුළුවෙන් ආරම්භ වී රාජපක්ෂගේ වනචර දශකය වෙද්දී උතුරා ගලා යමින් පැවතිණ. මහජනතාවද ඊට පුරුදු වී සිටියහ.
ඒ අනුව 2016 සැප් 08 වෙනිදා දුමින්ද සිල්වාට ලැබුණු මරණ දණ්ඩන තීන්දුව යනු ශත වර්ෂ භාගයකට පමණ පසු ශ්‍රී ලංකාවේ අධිකරණ ක්‍රමයේ සුබදායී හැරුම් ලක්ෂයක් සනිටුහන් කරන තීන්දුවකි. එය අධිකරණ ක්‍රමය ශිෂ්ඨ සම්පන්න මාර්ගයකට අවතීර්ණ වී ඇති බවට දුන් සඥාවකි. මේ පිලිබඳව ඉතිහාසය ලියන අය විසින් පද්මිනි එන්. රණවක ගුණතිලක විනිසුරුවරියගේ සහ එම්.සී.බී.එන්.මොරායස් විනිසුරුගේ නම රන් අකුරින් ලියනු ඇත.
ඒ මන්ද යත් ඔවුන් දෙදෙනාට මෙම තීන්දුවට පැමිණීමට තිබූ බලපෑම් මේ ලියුම්කරු විසින් දන්නා බැවිනි. පසුගිය ජූලි 25 වෙනිදා “භාරත ඝාතන තීන්දුවෙන් දුමින්ද ගලවා ගැනීමට සරත් එන් සිල්වා කුමන්ත්‍රණයක: කුඩු සල්ලි ඕසෙට: විනිසුරු අයෙක් බාගෙන: අයෙක් වැට උඩ“ මැයෙන් ලංකා ඊ නිව්ස් වාර්තා කෙළේ එබැවිනි. භාරත ලක්ෂ්මන් ඝාතන නඩුවේ විභාගය අවසන් කෙරුණේ, පසුගිය ජූලි මස 14 දාය. ඊ නිව්ස් ඒ සටහන තැබුවේ ජූලි 25 වෙනිදා ය. 26 වෙනිදා දුමින්ද සිල්වාගේ සොයුරා ලංකා ඊ නිව්ස් අමතා ප්‍රකාශයක් කෙළේද තත්ත්වය හෙලිදරව්වීම නිසා මිස අන් කිසිවක් නිසා නොවේ. අප පෙර කී ලෙසම අපරාධකාරී බලවන්තයන්ට දඬුවම් නොලබා පැන යෑමට සැලැස්වීමේ ජඩ සංස්කෘතිය එතරම්ම ප්‍රබල ලෙස සමාජය වෙලා ගෙන තිබිණ.
එය කොතෙක් ප්‍රබලද යත් නඩු තීන්දුවට පෙර දා අගමැතිවරයාගේ සාකච්ඡාවක් දුමින්දලාගේ රූපවාහිනියේ ප්‍රචාරය කරවා එමගින්ද නඩු තීන්දුවට බලපෑමක් එල්ල කරවා ගැනීමට තැත් දැරුවේය. අගමැතිවරයා ඊට සහභාගී වූයේ 4දා ඉරිදා දිනයේ වුවද ප්‍රචාරය කෙළේ 7 වෙනිදා නඩු තින්දුවට පෙර දා රාත්‍රියේ ය. එය අහම්බයක් යැයි අපි නොසිතමු.
මෝල් ගහක් වත් මිනී මරලා නැතැයි තීන්දු කළ ‘ටින්කර් බාස්‘

විනිසුරු මඩුල්ලේ සභාපති ශිරාන් ගුණරත්න විනිසුරු ඊයේ තමන්ගේ වෙනත් තීන්දුවක් ප්‍රකාශයට පත් කරමින් සියළු චූදිතයන් සියළු චෝදනාවන්ගෙන් නිදොස් කොට නිදහස් බව ප්‍රකාශ කෙළේය. ඔහු ඊට හේතු ලෙස කීවේ පැමිණිල්ලේ සාක්කි පරස්පර බවයි. නමුත් අප ජූලි 25 වෙනිදාම මෙය හෙළි කෙළේ මෙසේය. “ආර්. දුමින්ද සිල්වා ගලවා ගැනීම වෙනුවෙන් අධිකරණ කුමන්ත්‍රණය ක්‍රියාත්මක කරන්නේ කුප්‍රකට හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වා වන අතර සභාපති ශිරාන් ගුණරත්න යනු සරත් නන්ද සිල්වා විසින් විනිසුරුවෙක් ලෙස බව්තීස්ම කරන ලද අයෙකි. ඍජුවම සරත් නන්ද සිල්වා වාදියෙකි. එබැවින් ඔහු මේ වන විටත් සරත් නන්ද සිල්වාගේ වුවමනාව අනුව ආර්.දුමින්ද සිල්වා නිදහස් කිරීමට තීරණය කර තිබේ.“ ඔහු අපගේ කතාව ඊයේ සනාථ කෙළේය.
ශිරාන් ගුණරත්න අනෙක් විනිසුරුවරුන් දෙදෙනා මෙන් මහේස්ත්‍රාත්වරුන් ලෙස මහේස්ත්‍රාත් අධිකරණ වල සේවය කර මහාධිකරණයට පැමිණි අයෙක් නොවේ. ඔහු නීතිපති දෙපාර්තමේන්තුවේ නීතිඥයෙකු වශයෙන් සේවය කරමින් සිටියදී සරත් එන්. සිල්වා විසින් මහාධිකරණ විනිසුරුවරයෙකු ලෙස උත්තරාරෝපිත කළ අයෙකි. ඔහුට අනුව භාරත ලක්ෂ්මන් සහ තවත් සිව් දෙනෙකු ඝාතනයට වග කිව යුත්තෙක් නැත. අඩුම ගණනේ එදින මැතිවරණ නීතිය ක්‍රියාත්මක වූ දිනයක් වූ නමුත් දුමින්ද සිල්වලා අයුතු ජන රාශිය නමැති චෝදනාවටවත් වැරදි කරුවන් නොවේ. කිසිදු වරදක් සිදුව නැත. පුදුමයකි. මෝල් ගහක් වත් මිනීමරලා නැත.
කිසිදු වරදක් නොවූ බව පෙන්වීම වෘත්තීය කුසලතාවක් වන්නේ ටින්කරින් බාස් උන්නැහේලාගේ මිස විනිසුරුවරුන්ගේ නොවේ. වාහනයක බොඩියේ සිදුවන ඇදක් පළුද්දක් සිදු නොවූවා සේ පෙන්වීමට දක්ෂ ටින්කරින් බාස් උන්නැහේලාට ඉහල ඉල්ලුමක් පවතී. ඒ අනුව අප ශිරාන් ගුණරත්නට යෝජනා කරන්නේ නඩු ඇහිල්ල පසෙක තබා හෙට සිට ටින්කරින් වැඩ ඉගෙන ගන්නා ලෙස ය. එවිට ශිරාන් ගුණරත්නට මීට වඩා ජනතාවට සේවයක් සිදුකළ හැකි වනු ඇත. ‘මරු ටින්කරින් බාස් උන්නැහේ‘ කියා කීර්ති නාමයක්ද ගොඩ නගා ගත හැකි වනු ඇත. නැතිනම් ‘පගා ජජා‘ යන අපකීර්ති නාමයත් සමග ජීවත් වීමට සිදුවනු ඇත.
අතීතයෙන් බිඳක්

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනයෙන් අරුමාදුර ලෝරන්ස් රොමෙලෝ දුමින්ද සිල්වා බේරා ගැනීමේ කුමන්ත්‍රණය ආරම්භ වූයේ ශිරාන් ගුණරත්නගෙන් නොවේ. ඝාතනය සිදු කිරීමට ද පෙර සිට ය.
ඝාතනය සිදු වූ 2011 ඔක්තෝබර් මස 8 දා මැතිවරණ දිනය ට දෙදිනකට පෙර අවසන් ප්‍රචාරක රැස්වීම් වේදිකාවේදී භාරත ලක්ෂ්මන් කළ කතාවෙන් පසුව ඔහුව ‘ඉවත් කිරීමට‘ එකළ බලයෙන් උම්මතක වී සිටි රාජපක්ෂලාට අවශ්‍ය විය. මන්ද යත් එහිදී භාරත, ගෝඨාභය රාජපක්ෂ දුමින්ද සිල්වා සමග කුඩු ජාවාරම් කරුවන්ගේ නිවෙස් වලට ගිය බව කියමින් රාජපක්ෂලා කුඩු ජාවාරමුන් සමග ඇති පයුරු පාසානය හෙළි කළ නිසාමය. භාරත කතා කර වේදිකාවෙන් බැස ස්වල්ප මොහොතක් යද්දීම එවක ජනාධිපති මහින්ද රාජපක්ෂ ඔහුගේ දුරකථනයට කතා කරමින් කරන ලද කතාව ගැන බැන වැදුනේය. ඔහු කළ කතාව ඒ වන විටත් රාජපක්ෂලාගේ කණ වැකී තිබිණ. භාරත සමග රාජපක්ෂලාට තිබූ ආරෝව දකින්නට ලැබුනේ ඊට මඳ කලකට පෙර සිටම ය. ඒ නිසා භාරතව වරායේ ගුදමක පැය ගණනාවක් සිර කර තැබීමට ද රාජපක්ෂලා ක්‍රියා කළ බව ලංකා ඊ නිව්ස් එකල හෙළි කරන ලදී. 2011 මැතිවරණ දිනය දා භාරත ඝාතනය කරන්නේ එවැනි පෙර සූදානමක් මතය.
මැතිවරණ දිනය දා දුමින්ද ආර් සිල්වා සහ මැර පිරිවර ගොස් ප්‍රසන්න සෝලංගආරච්චිගේ නිවසට කඩා වැදී එහි සිටි ප්‍රසන්නගේ බිරිඳට පහර දුන් විට ඇය ඒ බව හඬමින් භාරතට කී නිසා ‘නංගී ඉන්න මං එන්නම්‘ යැයි කියා භාරත නිවසේ සිට ඒ දෙසට යන්නේය. සැලසුම පරිදි දුමින්ද සිල්වා සහ පිරිස අතර මැද දී හමුවේ. ගැටුම ඇතිවේ. මේ ගැන බොහෝ දෑ ලියැවී ඇති බැවින් වැඩි විස්තර සටහන් නොකරන නමුත් සිද්ධිය ඇසින් දුටු සහ ජීවිතය බේරා ගත් එකම සාක්කිකරු වූ භාරතගේ රියැදුරාගේ ප්‍රකාශය පමණක් සටහන් කර තබමු.
“අපි වල්පොල හන්දියට එනකොට හවස 3.30 ට විතර ඇති. ඡන්දය අවසන් වෙන්න පොඩි වෙලාවක්‌ තිබුණේ. මුල්ලේරියාව පැත්තෙ ඡන්ද මධ්‍යස්‌ථාන කීපයක්‌ පරීක්‍ෂා කරන්න භාරත මහත්තයට යන්න ඕනෙ කිව්වා. වල්පොල හන්දියෙදි දුමින්ද සිල්වා ප්‍රාඩෝ ජීප් තුනකින් ආවා. ඒ අය අපි ගිය වාහනේට මඟ හරස්‌ කරල නතර කළා. දුමින්ද සිල්වා පිස්‌තෝලෙකුත් අරගෙන ජීප් එකෙන් බැහැල කුණුහරුපයෙන් බැණගෙන ඉස්‌සරහට ආවා. භාරත මහත්තයත් ඒ වෙලාවෙ වාහනයෙන් බැස්‌සා. දෙන්නම බැනගත්තා. එක පාරටම දුමින්ද සිල්වා භාරත මහත්තයගේ කම්මුලට වේගයෙන් පහරක්‌ ගැහුවා. මහත්තයා ඒ පාරට බිම ඇදගෙන වැටුණා. එතකොටම දුමින්ද සිල්වා ‘වෙඩි තියපන් මූට‘ කියලා කිව්වා. ළඟ හිටපු කෙනෙක්‌ ටී 56 ආයුධයකින් භාරත මහත්තයගෙ කකුලට වෙඩි තිබ්බා. භාරත මහත්තය කකුල අල්ලගෙන දඟලන්න පටන්ගත්තා. එතකොට කව්දෝ කිව්වා ‘ඕකගෙ ඔළුවටම තියලා ඉවරයක්‌ කරලා දාපන්‘ කියලා. ඒත් එක්‌කම දුමින්ද සිල්වා ළඟ හිටපු අය පිට පිට භාරත මහත්තයගෙ ඔලුවටයි පපුව දිහාවටයි වෙඩි තියන්න ගත්තා. භාරත මහත්තය ළඟ හිටපු ආරක්‍ෂක නිලධාරියො දෙන්න මහත්තයව උස්‌සගෙන ජීප් එක පිටුපසට යන්න හැදුවා. එතකොටම දුමින්ද සිල්වාගෙ කට්‌ටිය ඒ දෙන්නටත් වෙඩි තිබ්බා”
ශිරාන් ගුණරත්න ටින්කරින් බාස් උන්නැහේට අනුව එහෙව් දුමින්ද සිල්වා නිදොස් කොට නිදහස් කළ යුතුය.
නඩුවෙන් එළියට නොපැමිණි රහස්

ඊයේ බහුතර නඩු තීන්දුව ප්‍රකාශයට පත් කරමින් පද්මිනි එන්. රණවක ගුණතිලක විනිසුරුවරිය කියා සිටියේ වෛද්‍ය වාර්තා අනුව එම අවස්ථාවේදී දුමින්ද සිල්වා බීමත්ව සිට ඇති නමුත් භාරත ලක්ෂ්මන් මත්පැන් පානය කර සිට නැති බවයි. අනෙක් ප්‍රබල හෙලිදරව්ව නම් භාරතට පමණක් නොව අනෙකුත් මරා දැමූ අයටද වෙඩි තබන ලද ගිනි අවිය එල්.ටී.ටී.ඊ.ය සතු ගිනි අවියක් බවයි. මේ සම්බන්ධයෙන් 2011 ඔක් 11 වෙනිදා එනම් ඝාතනයෙන් දින 3 කට පසුදා ලංකා ඊ නිව්ස් “භාරත ඝාතනයට එස්එස්පී දේශබන්දු ඍජුවම සම්බන්ධයි: මෙන්න සාක්කි“ යනුවෙන් මේ ගැන වාර්තා කෙළේ මෙසේය.
“භාරත ඝාතනයට ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කුප්‍රකට දේශබන්දු තෙන්නකෝන් ගේ ඍජු සම්බන්ධයක් තිබෙන බව ලංකා ඊ නිව්ස් වෙත වාර්තා වේ. ... ...ලංකා ඊ නිව්ස් වෙත වාර්තා වන අන්දමට දේශබන්දු සිට ඇත්තේ අංක 64-0940 දරණ වීදුරු කළු කරන ලද පැජරෝ වර්ගයේ රථය තුලය. මොහු සමග කමල් නමැති මිරිහාන පොලිසියේ පොලිස් නිලධරයෙකුද සිට ඇත. දේශබන්දුගේ පුද්ගලික ආරක්ෂක නිලධරයා සිට ඇත්තේ මෙම පැජෙරෝවට පිටුපසින් මරුති රථයක් තුලය. ගැටුමට පෙර කොලොන්නාවේ තිබෙන කන්දේ විහාරය නම් පන්සලෙන් පෝර බෑග් එකකට දමා ගත් ටී56 වර්ගයේ හොර ගිනි අවියක් දේශබන්දුගේ රථයට පටවා තිබේ.“
ඊයේ නඩු තීන්දුවේදී ප්‍රකාශ වූ එල්ටීටීඊය සතු ගිනි අවිය නම් එයයි. කෙසේ වෙතත් අවාසනාවකට නඩුවේදී දේශබන්ධු චුදිතයෙක් නොවීය.
දුමින්ද ආර් සිල්වා ‍බේරා ගැනීමට රාජපක්ෂ ඝාතක ආණ්ඩුව මැදිහත් වූ ආකාරය, ජනතාවට දැන් නොරහසක් බැවින් ඒ සිදුවීම් අලුතින් සටහන් කිරීම අනවශ්‍යය. මන්ද යත් දුමින්ද සිල්වාට අමතක වූවාට මේ රටේ ජනතාවට අමතක නැති බැවිනි. කෙසේ වෙතත් දුමින්දට එරෙහි සාක්කි විනාශ කිරීම සම්බන්ධයෙන් මෙතෙක් වාර්තා නොවූ සිදුවීමක් සටහන් කර තැබිය යුතුය.
ඊයේ නඩු තීන්දුව අනුව දුමින්ද සිල්වා සමග මරණ දඬුවම දුන් අනෙකුත් සිව් දෙනා මෙසේය. අනුර තුෂාර ද මෙල්, (දුමින්ද සමග සිටි පොලිස් නිලධාරියා) චමින්ද රවී ජයනාත් හෙවත් දෙමට‍ගොඩ චමින්ද, (කුප්‍රකට කුඩු චමින්ද මොහුය) සරත් බණ්ඩාර හා ප්‍රියන්ත ජානක බණ්ඩාර වෙති. මෙහිදී ප්‍රියන්ත ජානක බණ්ඩාර නමැත්තා නඩු විභාගයට නොසිටි අතර කියැවුනේ ඔහු අතුරුදහන් බවයි. එය නිකම්ම නිකම් අතුරුදහන් වීමක් නොවේ. දුමින්ද සිල්වා බේරා ගැනීම සඳහා රාජපක්ෂලා විසින් සිදුකරන ලද අතුරුදහන් කිරීමකි. ඔහු සාක්කි කරුවෙකු විය හැකි යැයි සිතා ඔහුව පැහැරගෙන ගොස් මරා දැම්මේය. මෙවැනිම තවත් පුද්ගලයෙකුද සැඟව සිටි නිවසින් රැගෙන ගොස් මරා දැම්මේ ය. ඔවුන් පාතාල නායකයන්ගේ ඝාතන ගොඩට දමා සිදුවීම් වසා දැම්මේය. මෙම නඩුවේදී දේශබන්ධු බේරුනා සේම එම ඝාතන 2 ද එළියට ආවේ නැත.
හිරුණිකාගේ සාධනීය ප්‍රකාශය

ඊයේ නඩු තීන්දුවෙන් පසු භාරතගේ දියණිය හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මන්ත්‍රීවරිය හඬමින් කළ ප්‍රකාශය වැදගත්ය.
“ආණ්ඩුව වෙනස් වුණේ නැතිනම් සමහරවිට මේ තීන්දුව වෙනස් වෙන්න ඉඩ තිබුණා. අලුත් ජනාධිපතිකෙනෙක් මේ රටට ඇවිල්ලා නීතියේ ස්වාධිපත්‍ය ආරක්ෂා වුණ නිසා තමයි හරි තීන්දුවක් ලැබුණේ. සතුටු වෙන්න බෑ. මොකද හැම කෙනාටම ලබා දුන්නේ මරණ දඬුවම. තව කෙනෙක් දුක්වෙන එක දිහා බලලා සතුටුවෙන්න තරම් අමානුෂික නෑ අපි. අසාධාරණයක් වෙලා තිබුණු අපිට සාධාරණයක් වුනා. අදටත් අපි දුක්විඳින්නේ නැති දවසක් නෑ. අදටත් ගෙදර ගියොත් තාත්තගේ කටහඬ ඇහෙනවා වගේ. අපිට ලැබුනා වගේම ලසන්ත, එක්නැලිගොඩ, තජුඩීන් ඝාතන වලටත් සාධාරණයක් වුනොත් තමයි ඒ අයත් සතුටු වෙන්නේ.“ ඇය තමාට සාධාරණට ඉටුවීමෙන් සෑහීමකට පත් නොවී අනෙක් අයටද සාධාරණය ඉටු විය යුතුය යන්න හඬ හඬා හෝ කීම අනාගත ශ්‍රී ලාංකික තරුණ දේශපාලන පරම්පරාවේ යහපත් පෙර නිමිති කියා පාන්නකි.
දුමින්දට යලිත් මතක නැති වීම

අධිකරණයේදී දුමින්ද සිල්වා තමා නිවැරදි කරු යැයි කියමින් කළ ප්‍රකාශයද වැදගත්ය.
“සිද්ධියෙන් මටත් වෙඩි වැදුණා. ඊට පස්සෙ සිදුවූ දේවල් මට මතක නැහැ.“ යි ඔහු යලිත් වරක් කීවේ ය.
සත්‍ය වශයෙන්ම යහපත් මනුෂ්‍යයෙකු ලෙස ජීවත් විය යුතු ආකාරය කෙසේදැයි කියා දුමින්ද සිල්වා ‘මතක නැති‘ කර ගත්තේ වෙඩි වැදීමට බොහෝ කාලයකට පෙර සිටය. රාජපක්ෂගේ දෑත් ශක්තිමත් කිරීමට බල්ටිය ගැසූ දිනයේ සිට ඔහුට යහපත් මිනිසා අමතක විය. එබැවින් බාල වයස්කාර දැරියන් (සොහොරියන්) දෙදෙනෙකුම ඔහු දූෂණය කෙළේය. එම අපරාධයෙන් ඔහු ගැලවුනේ රාජපක්ෂලාගේ එවක නීතිපතිවරයා විසින් නඩුව ඉවත් කර ගැනීම නිසාය. ඉන් පසු යහපත් මිනිසා පිලිබඳ මතකය වැඩි වැඩියෙන් අමතක විය. මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙකු ලෙස දිනකට හොරොයින් කිලෝ 5 ක් පමණ අලෙවි කරද්දී තව තවත් යහපත් ජීවිතය අමතකව ගියේය. ගෝඨාභය වැනි ගොබ්බ තකතීරුවෙකු වන්දනා මාන කිරීමේ ආනිශංසය අනුව තිබුණු ටිකද අමතක වී ගියේ ය.
මරණ දඬුවම විඳිද්දී හෝ ‘යහපත් මිනිසා‘ ගැන මතකයක් එළියට ආවොත් පරලොවට හරි යහපතක් වනු ඇත.


කෙසේ වෙතත් දුමින්ද ආර් සිල්වාට ඊයේ දුන් අධිකරණ තීන්දුව මතක් වන වාරයක් ගානේ මෘග චෞර රාජපක්ෂලාගේ කකුල් දෙක වෙවුලා යටි බස දෙසින් කොරයක් වැනි තිගැස්මක් ඇති වී විදුලියක් සේ සිරුර පුරා පැතිර යන බව නම් ස්ථිරය.
-විමල් ධීරසේකර විසිනි-






2-DumindaJ.jpg


3-Duminda-other-murdersJ.jpg


Dumiya_and_other_one_sentenced.jpg
 
  • Like
Reactions: AnuradhaRa

Arakku

Active member
  • Jun 28, 2016
    538
    123
    43



    කමින් සූන් බෙයිබෙ . පව් බයියාන්ගෙ අනාගත ජනාදිපතිට චු ගිහින් ඇති දැන්.



     
    • Like
    Reactions: AnuradhaRa

    waligamaya

    Well-known member
  • ශ්‍රී ලංකාවේ අධිකරණය ධනවතුන්ට බලවතුන්ට සහන සලසන, දුප්පතුන්ට අසරණයන්ට දැඩිව ක්‍රියාත්මක වන අධිකරණයක් ලෙස දශක ගණනාවක් පුරා මහජනතාව අතර පැවැති මතය සුනු විසුනු කරමින්:lol::lol::lol:

    හිරුනිකා කියන්නේ ආණ්ඩුවේ ප්‍රබල අත්තක්.
     

    helpWorld

    Member
    Aug 6, 2015
    400
    37
    0
    ලංකාවට කරපු තරමක් අපරාද කලේ unp එකෙන් අපු උන් .
    දුමියා ,ගාමිණී ලොකු ගේ ,අර රතනපුරේ කොල්ලා මරපු එකා .බටලන්ද ,අර බල්ලලු ඔය අපරාද ඔක්කොම කලේ unp එකෙන් අපු උන්
     
    Last edited:

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,110
    16,928
    113
    ශ්‍රී ලංකාවේ අධිකරණය ධනවතුන්ට බලවතුන්ට සහන සලසන, දුප්පතුන්ට අසරණයන්ට දැඩිව ක්‍රියාත්මක වන අධිකරණයක් ලෙස දශක ගණනාවක් පුරා මහජනතාව අතර පැවැති මතය සුනු විසුනු කරමින්:lol::lol::lol:

    හිරුනිකා කියන්නේ ආණ්ඩුවේ ප්‍රබල අත්තක්.

    :lol::yes:
     

    Arakku

    Active member
  • Jun 28, 2016
    538
    123
    43
    ලංකාවට කරපු තරමක් අපරාද කලේ unp එකෙන් අපු උන් .
    දුමියා ,ගාමිණී ලොකු ගේ ,අර රතනපුරේ කොල්ලා මරපු එකා .බටලන්ද ,අර බල්ලලු ඔය අපරාද ඔක්කොම කලේ unp එකෙන් අපු උන්

    ඉතින් තොපේ මහ එකා ලබු කෑවද අවුරුදු 10ක් ඒව හොයන්නෙ නැතුව . කොන්ද පනනැද්ද හොයන්න
     

    helpWorld

    Member
    Aug 6, 2015
    400
    37
    0

    ඉතින් තොපේ මහ එකා ලබු කෑවද අවුරුදු 10ක් ඒව හොයන්නෙ නැතුව . කොන්ද පනනැද්ද හොයන්න

    රගපාන්ට ඕනි උනේ නැ .රට දියුණු කරන්ට ඕනි උනේ .
    මුන් කරන්නේ රට දියුණු කරන එක පැත්තක තියලා බොරු සංදර්ශන දාන එක .
     

    waligamaya

    Well-known member
  • ලංකාවට කරපු තරමක් අපරාද කලේ unp එකෙන් අපු උන් .
    දුමියා ,ගාමිණී ලොකු ගේ ,අර රතනපුරේ කොල්ලා මරපු එකා .බටලන්ද ,අර බල්ලලු ඔය අපරාද ඔක්කොම කලේ unp එකෙන් අපු උන්

    සිරිල් මැතිව්, කලුජුලියේ ප්‍රදානම නළුවා
     

    waligamaya

    Well-known member
  • කැලණියයේන අපු ඔක්කොම එකයි .

    UNP ය එවෙලාවේ උන්ට විරුද්දව එන තරුණ බලවේගය මර්දනය කරන්න කලුජුලිය ඇතිකරලා සිංහල කොල්ලෝ කෙල්ලෝ දේශපාලන විරුද්ද වාදීන් මරුවා. දෙමල මිනිසුට ඇතිකරපු විනාශය නිසා දෙමල බෙදුම් වාදීන් ශක්තිමත් වීමෙන් අවුරුදු 30 සිංහල දෙමල කොල්ලෝ කෙල්ලෝ මැරුණා.
    UNP නායකයෝ සර්වජන චන්ද බලය දීමට විරුද වුනා, නිදහස් අද්ද්යාපන ලබාදීමට විරුද්දවුනා.
     

    helpWorld

    Member
    Aug 6, 2015
    400
    37
    0
    UNP ය එවෙලාවේ උන්ට විරුද්දව එන තරුණ බලවේගය මර්දනය කරන්න කලුජුලිය ඇතිකරලා සිංහල කොල්ලෝ කෙල්ලෝ දේශපාලන විරුද්ද වාදීන් මරුවා. දෙමල මිනිසුට ඇතිකරපු විනාශය නිසා දෙමල බෙදුම් වාදීන් ශක්තිමත් වීමෙන් අවුරුදු 30 සිංහල දෙමල කොල්ලෝ කෙල්ලෝ මැරුණා.
    UNP නායකයෝ සර්වජන චන්ද බලය දීමට විරුද වුනා, නිදහස් අද්ද්යාපන ලබාදීමට විරුද්දවුනා.
    බණ්ඩාර නායක මතක් උනා :lol:
    :lol::lol:
     

    waligamaya

    Well-known member
  • බණ්ඩාර නායක මතක් උනා :lol:
    :lol::lol:

    :lol::lol::lol: ගරුප්පුවෙන් කිරිබතුයි කට්ට සම්බෝලයි කාපු. "ක්‍රිස් (C.W.W Kannagara) හදන්නේ අපිට ගහකට නග්ගන්නවත් කොල්ලෙක් නැතිකරන්ද" කියලා අහපු ජාතික වීරයෙක් තමයි.
     
    Last edited:

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,261
    1
    13,150
    113
    Gotham City
    :lol::lol::lol: ගරුප්පුවෙන් කිරිබතුයි කට්ට සම්බෝලයි කාපු. "ක්‍රිස් (C.W.W Kannagara) හදන්නේ අපිට ගහකට නග්ගන්නවත් කොල්ලෙක් නැතිකරන්ද" කියලා අහපු ජාතික වීරයෙක් තමයි.



    එකෙන්ම මට මෙ රටෙ එකෙක්වත් ජාතික වීරයො නැහ.
     

    Arakku

    Active member
  • Jun 28, 2016
    538
    123
    43
    රගපාන්ට ඕනි උනේ නැ .රට දියුණු කරන්ට ඕනි උනේ .
    මුන් කරන්නේ රට දියුණු කරන එක පැත්තක තියලා බොරු සංදර්ශන දාන එක .

    දුමින්ද හරි පව් නේද ?:shocked:
     

    weranga.slk

    Junior member
  • May 4, 2016
    286
    8
    18
    ශ්‍රී ලංකාවේ අධිකරණය ධනවතුන්ට බලවතුන්ට සහන සලසන, දුප්පතුන්ට අසරණයන්ට දැඩිව ක්‍රියාත්මක වන අධිකරණයක් ලෙස දශක ගණනාවක් පුරා මහජනතාව අතර පැවැති මතය සුනු විසුනු කරමින්:lol::lol::lol:

    හිරුනිකා කියන්නේ ආණ්ඩුවේ ප්‍රබල අත්තක්.

    :yes::yes: