සෙල්ලම්_පිස්තෝල
සෙල්ලම් පිස්තෝල නගරාධිපති අත් අඩංගුවට : නීතිය ක්‍රියාත්මක වෙද්දී වහල්ලු බියවෙති
හම්බන්තොට නගරාධිපති එරාජ් ප්‍රනාන්දු හෙවත් ‘සෙල්ලම් පිස්තෝල නගරාධිපති‘ පොලිස් විශේෂ විමර්ශන කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක වරයා පවසයි.
ඔහු අත් අඩංගුවට ගෙන ඇත්තේ සෙල්ලම් පිස්තෝල සිද්ධියට නොවන අතර 2014 මාර්තු මාසයේ සන්ධාන අපේක්ෂකයකුට අම්බලන්ගොඩ පොලිසියේ දී පහරදී පොලිස් අත්අඩංගුවේ සිටි තවත් පුද්ගලයකු පැහැර ගැනීම සම්බන්ධයෙනි.
එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හම්බන්තොට වරාය හා මත්තල ගුවන්තොටුපොල සම්බන්ධ නිරීක්ෂණ චාරිකාවක් කළ අවස්ථාවේ පිස්තෝලයක් අතැතිව තර්ජනය කිරීමේ සිද්ධිය සම්න්ධයෙන් ඔහු එය සෙල්ලම් පිස්තෝලයක් යැයි හැඳින්වීම නිසා ඔහුට සෙල්ලම් පිස්තෝල නගරාධිපති ලෙස නම් පට බැඳින.
පසුගිය රෙජීමයේ අවනීතික පාලන කාලයේදී නීතිය අතට ගෙන දූෂණ සහ මැර ක්‍රියා වල යෙදුනු බලවතුන්ට එරෙහිව මේ වන විට නීතිය ක්‍රියාත්ම වෙමින් පවතී. ආගමික සමගිය පිලිබඳ පැවැත්වූ මාධ්‍ය හමුවකට කඩා වැදී එය සංවිධානය කළ හිමිවරුන්ට පහර දීමට තැත් කඑ එළවා දැමීම සම්බන්ධයෙන් බොදු බල සේනාවේ නානසාර නමැති බේබදු චීවරධාරියාටද එරෙහිව නීතිය ක්‍රියාත්ම කර ඇත අතර එම සිද්ධිය සම්බන්ධයෙන් ඔහු අධිකරණයට කැඳවා තිබිණ.
මූල්‍ය අපරාධ පිලිබඳ සෙවීමට වෙනම විශේෂ ඒකකයක් ගෙඩනගා පරීක්ෂණ පවත්වමින් සිටිති. බැසිල් රාජපක්ෂ අත් අඩංගුවට ගත්තේද එම ඒකකය විසිනි.
මෙලෙස නීතිය ක්‍රියාත්මක වීම දූෂණයේ සහ අවනීතියේ යෙදුනු පිරිස් වෙත දිරවීම අපහසු බැවින් සහ තමන්ට එරෙහිව ක්‍රියාත්මක වෙතැයි ඇති බිය නිසා මේ වන විට ඊට එරෙහි වී සිටිති. ඒ අනුව ඩලස් අලහප්පෙරුම ඊයේ ප්‍රකාශ කර සිටියේ මූල්‍ය අපරාධ පරීක්ෂණ පැවැත්වීමට පිහිටැවූ විශේෂ ඒකකය පත් කරන ලද ගැසට් පත්‍රය අහෝසි කළ යුතු බවයි. හේතු ලෙස කියා සිටියේ ඒ පිලිබඳ පාර්ලිමේන්තුව නොදන්නා බවකි. විශේෂ ඒකක යොදා තමන් සහ පවුලෙන් පලිගැනීම නවතන්නැයි පරාජිත මහින්ද රාජපක්ෂද පවසා තිබිණ.