සෙලෙන්ස්කි රුසියානු ජනතාව අමතයි

Hyperx99

Well-known member
  • Jul 12, 2018
    1,403
    1,209
    113
    අද දින රුසියාව යුක්‍රේනය ආක්‍රමණය කිරීමට සැරසෙද්දී යුක්‍රේනයේ ජනාධිපති වලොද්මීර් සෙලෙන්ස්කි ජාතිය අමතමින් සංවේදී කතාවක් කළේ ය. ඔහු ඉන් ආමන්ත්‍රණය කරන්නට උත්සාහ කළේ රුසියානු ජනතාවටයි. මේ එහි සිංහල පරිවර්තනයයි.

    🇺🇦

    "මම අද රුසියානු ෆෙඩරේෂනයේ ජනාධිපතිවරයා වෙත දුරකථන ඇමතුමක් ගත්තා. එයට ප්‍රතිචාරය වූයේ නිහැඬියාවයි. සබැවින්ම නිහැඬියාව පැවතිය යුත්තේ දොන්බාසයේයි. එනිසයි මට අද රුසියානු ජනතාව අමතන්නට අවැසි ව තිබෙන්නේ. මම ඔබ අමතන්නේ ජනාධිපතිවරයෙකු ලෙස නොවෙයි. මම ඔබ අමතන්නේ යුක්‍රේන පුරවැසියෙකු ලෙසයි.

    කිලෝමීටර 2000ක දේශ සීමාවක් අප බෙදමින් ඇඳී තිබෙනවා. මේ සීමාව දිගේ ඔබේ හමුදාව ස්ථානගත කර තිබෙනවා. 200,000ක පමණ සෙබළුන් ද හමුදාමය යාන වාහන දහස් ගණනින් ද එහි රඳවා තිබෙනවා. ඔබේ නායකයන් අඩියක් ඉදිරියට තබා ඔවුන්ට අන්‍ය දේශ සීමාවකට ඇතුළු වීමට අවසර දී තිබෙනවා. මේ පියවර යුරෝපානු මහද්වීපය මත සිදුවන මහා යුද්ධයක ආරම්භය විය හැකියි.

    අපට යුද්ධයක් අවැසි නැති බව අපි ප්‍රත්‍යක්ෂ ව ම දන්නවා. සීතල යුද්ධයක් හෝ උණුසුම් යුද්ධයක් හෝ දෙමුහුම් යුද්ධයක් හෝ අපට අවශ්‍ය වන්නේ නැහැ. නමුත් සතුරු හමුදා අපට පහර දී අපගේ රට, අපගේ නිදහස, අපගේ ජීවිත, අපගේ දරුවන්ගේ ජීවිත උදුරාගන්නට තැත් කරන්නේ නම් අපි ආත්මාරක්ෂාව සලසාගන්නවා. අප පහර දියත් කරන්නේ නෑ. නමුත් අප ආත්මාරක්ෂාව සලසා ගන්නවා. එබැවින් ඔබ අපට පහර දෙන විට දකිනු ඇත්තේ අපගේ මුහුණයි. අපගේ පසුපස නොව ඉදිරිපසයි.

    යුද්ධය සුවිසල් ව්‍යසනයක්. මෙලොව ඇති සෑම දෙයකින් ම ඉහළ ම වන්දියක් ගෙවිය යුතු ව්‍යසනයක්. මිනිසුන්ට මුදල්හදල්, කීර්තිය, ජීවිතයේ ගුණාත්මක භාවය ඉන් අහිමි වනවා. ඔවුන්ගේ නිදහස ඉන් අහිමි වනවා. නමුත් ප්‍රධානතම කරුණ නම් මිනිසුන්ට ඔවුන්ගේ ආදරණීයයන් අහිමි වීමයි. ඔවුනට ඔවුන්ම අහිමි වීමයි.

    යුක්‍රේනය රුසියාවට තර්ජනයන් මතුකරන බව ඔවුන් පවසනවා. අතීතයේ දීත් වර්තමානයේ දීත් අනාගතයේ දීත් එය නොවෙයි සත්‍යය වන්නේ. ඔබ NATOවෙන් ආරක්ෂාව පිළිබඳ සහතික ඉල්ලා සිටිනවා. නමුත් අපත් ආරක්ෂාව පිළිබඳ සහතිකයක් ඉල්ලා සිටිනවා. ඔබගෙන් සහ අනෙකුත් බුඩපෙස්ට් සංදේශ⁣යේ හවුල්කාර රාජ්‍යයන්ගෙන්.

    නමුත් අපගේ මූලිකම අරමුණ යෙදවී ඇත්තේ යුක්‍රේනයේ සාමය පවත්වා ගැනීම හා යුක්‍රේනියානු ජනතාවගේ ආරක්ෂාවටයි. ඒ වෙනුවෙන් ඔබ ද ඇතුළු ව ඕනෑම අයෙකු සමග, ඕනෑම වේදිකාවක, ඕනෑම ආකාරයේ සාකච්ඡාවක ⁣නිරත වීමට අප සූදානම්. යුද්ධය සෑම දෙනෙකුගේ ම ආරක්ෂාව පිළිබඳ සහතිකයන් උල්ලංඝනය කරාවි. ඉන් මතුවට කිසිවෙකුගේ ආරක්ෂාව පිළිබඳ සහතික වීමට නොහැකි වේවි. ඉන් වැඩිපුරම විඳවුම් ලබනු ඇත්තේ කවුරුන් ද?ජනතාවයි. යුද්ධය වැඩිපුරම අනවශ්‍ය දෙයක් වනු ඇත්තේ කාට ද? ජනතාවට! එය වැළැක්විය හැක්කේ කාට ද? ජනතාවටයි. නමුත් එවැනි ඉනතාවක් ඔබ අතරේ සිටිත් ද? සිටින බව මට විශ්වාසයි.

    මගේ කතාව ඔවුන් රුසියානු ටෙලි නාලිකා හරහා විකාශය නොකරන බව මම දන්නවා. නමුත් රුසියානු ජනතාව මෙය දැකිය යුතුයි. ඔවුන් සත්‍යය දැනගත යුතුයි. ඒ සත්‍යය නම්, තවත් පමා වන්නට ඉඩ නොහැර මෙය නවතා දැමීමට වේලාව පැමිණ ඇත යන්නයි. රුසියානු නායකයක් අප සමග එක මේසයක හිඳගන්නට නොකැමැති වනු ඇති නමුත් ඔබ සමඟ එකට හිඳගනු ඇති. රුසියානුවන් හට යුද්ධයක් අවැසි ද? මම ඊට පිළිතුරු දැනගන්නට කැමැතියි. නමුත් එම පිළිතුර රඳා පවතින්නේ ඔබ මතයි. රුසියානු ෆෙඩරේෂනයේ පුරවැසියන් මතයි."

    © Sathya Hettiarachchi
     
    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,399
    5,755
    113
    මුන් පව් ඇත්තටම, ඒත් මෝඩයි. ඇමරිකා-නේටෝ ලනු කාල රුසියාවෙන් කනවා. රුසියාව යක්ශයෙක් වගෙ, ලේ රහෙන් ඉන්නෙ, එහෙම එකෙක්ව අවුස්සගත්තෙ ඇමරිකා-නේටෝ ලනු කාල, හරි වැරද්ද දැන් වැඩක් නෑ, යුක්‍රේන් කනවා, රුසියාව ලෝකෙන් කොන් වෙලා දිය වෙලා යයි. පාඩුව යුක්‍රේන් මිනිස්සුන්ටයි, රටටයි.

    ඇමරිකා-නේටෝ ඊලගට රටට යයි, බටහිර විශ්වාස කරපු එක තමා ලොකුම මෝඩකම
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl
    මුන් පව් ඇත්තටම, ඒත් මෝඩයි. ඇමරිකා-නේටෝ ලනු කාල රුසියාවෙන් කනවා. රුසියාව යක්ශයෙක් වගෙ, ලේ රහෙන් ඉන්නෙ, එහෙම එකෙක්ව අවුස්සගත්තෙ ඇමරිකා-නේටෝ ලනු කාල, හරි වැරද්ද දැන් වැඩක් නෑ, යුක්‍රේන් කනවා, රුසියාව ලෝකෙන් කොන් වෙලා දිය වෙලා යයි. පාඩුව යුක්‍රේන් මිනිස්සුන්ටයි, රටටයි.

    ඇමරිකා-නේටෝ ඊලගට රටට යයි, බටහිර විශ්වාස කරපු එක තමා ලොකුම මෝඩකම

    okkoma USSR eken galawunu ratawal balanne west ekka deal karanna. un open wenne e side ekata. mokada hodata economy eka hadagena living standard wedi karaganna puluwan.

    mulin EU join wenawa passe NATO join wenawa
    Europe wala thaman economy hadana gaman military lokuwata karanawata wada collective security scene ekata yanawa NATO

    ow ow NATO wage ekak haduwe poid ratawal wenuwen e wagema eha paththen russia mattu karanna

    Oya track eke giyapu ratak tamai Estonia. 1990 mula Russia walin galawunama kanna bonna nathi ratak awurudu 30kin hoda level ekakata awilla. Ada lankawe ewunuth ehe gihin work karanna balanawa. Godak EU software companies, aluth startup hadenawa. Skype unat ehe haduwe.

    Ukraine yannet oya track eke. ehema natiwa unta USA ekka athi deyak naha
    scene eka NATO Russia border ekata lokuwata danenawa Ukraine set unata (Estonia already border wela tiyenne)

    Russia okata pissuwen wage hasirenawa. kawadawat ratakata ehema gahana eka anumatha karanna baha
    habai Cuban missile crisis eke Nuke tika dammanam Cuba walata USA unat okama tamai karanne
    antime podi ratawal tamai duk windinne
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,453
    49,821
    113
    සේදවත්ත
    රටක් දියුනු වෙනවට බලාගෙන ඉන්න බැරි එකාධිපතියන් .රටක් තනියම තම යුධ ශක්තිය ආර්ථිකය ගොඩනගාගන්නව බලන් ඉන්න බැරි එකාධිපතියන්. දැන් කීපවරක් බලයේ ඉදලත් රට තවම දියුණු මට්ටමට ගේන්න බැ වෙන එකෙක් එම වෙනකොට පුකේ කටු ඇනෙනවා උන්ට. පිටසක්වල උන්ට පුකෙන් හිනා ඇති අඹ ඇටයක් වගේ එක්ක මුං තියන ඉඩම් ටිකටත් මරගන්නවා කියලා
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,891
    17,959
    113
    රටක් දියුනු වෙනවට බලාගෙන ඉන්න බැරි එකාධිපතියන් .රටක් තනියම තම යුධ ශක්තිය ආර්ථිකය ගොඩනගාගන්නව බලන් ඉන්න බැරි එකාධිපතියන්. දැන් කීපවරක් බලයේ ඉදලත් රට තවම දියුණු මට්ටමට ගේන්න බැ වෙන එකෙක් එම වෙනකොට පුකේ කටු ඇනෙනවා උන්ට. පිටසක්වල උන්ට පුකෙන් හිනා ඇති අඹ ඇටයක් වගේ එක්ක මුං තියන ඉඩම් ටිකටත් මරගන්නවා කියලා
    Pitasakwala unta kiyapan film wala wage awit american unwa marala danna kiyala. World peace enne edata tamai.
     
    • Like
    Reactions: Hyperx99

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,515
    1
    32,212
    113
    - උඩරට -
    මුන් පව් ඇත්තටම, ඒත් මෝඩයි. ඇමරිකා-නේටෝ ලනු කාල රුසියාවෙන් කනවා. රුසියාව යක්ශයෙක් වගෙ, ලේ රහෙන් ඉන්නෙ, එහෙම එකෙක්ව අවුස්සගත්තෙ ඇමරිකා-නේටෝ ලනු කාල, හරි වැරද්ද දැන් වැඩක් නෑ, යුක්‍රේන් කනවා, රුසියාව ලෝකෙන් කොන් වෙලා දිය වෙලා යයි. පාඩුව යුක්‍රේන් මිනිස්සුන්ටයි, රටටයි.

    ඇමරිකා-නේටෝ ඊලගට රටට යයි, බටහිර විශ්වාස කරපු එක තමා ලොකුම මෝඩකම
    රුසියාව ලෝකෙන් කොන් වෙලා යන්නේ නෑ බන් 🤣
    රුසියාව වටා තව රටවල් එකතු වෙනවා..
    බයිඩා වගේ ගොන් ආතල් ගත්තේ නෑ..
    බයිඩා කරන්නේ රටින් රටට ගිහින් කොටවලා පැත්තකට වෙලා බලන් ඉන්නවා..
    නේටෝ කියන්නේ යුද්ද මැවුම්කරුවෙක්.

    යුක්‍රේන් මෝඩයා ඉල්ලන් කෑවේ
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    රටක් දියුනු වෙනවට බලාගෙන ඉන්න බැරි එකාධිපතියන් .රටක් තනියම තම යුධ ශක්තිය ආර්ථිකය ගොඩනගාගන්නව බලන් ඉන්න බැරි එකාධිපතියන්. දැන් කීපවරක් බලයේ ඉදලත් රට තවම දියුණු මට්ටමට ගේන්න බැ වෙන එකෙක් එම වෙනකොට පුකේ කටු ඇනෙනවා උන්ට. පිටසක්වල උන්ට පුකෙන් හිනා ඇති අඹ ඇටයක් වගේ එක්ක මුං තියන ඉඩම් ටිකටත් මරගන්නවා කියලා
    තෝ දන්නේ නැත්නම් දන්නේ නෑ කියපන්…බලපන් පුටීන් රටේ වත් කම් කොච්චර වැඩි කරලද කියල…පිස්සු හරක් හරියට හොයල බලන්නේ නැතුව මොංගල් මගුල් කියවනවා…🤭
     
    • Like
    Reactions: Hyperx99

    Nandhimitra

    Active member
  • Feb 24, 2022
    187
    203
    43
    Dehiwala
    ඈ පොන්නයෝ තොපේ ඕකුන් කොහෙද ඉදියේ යුක්‍රේන් උන් වතුර ඇල වහද්දි crimia වල.යුක්‍රේන් army එක මිනිස්සු න්ව මරද්දි donbas වල?
     
    • Like
    Reactions: Hyperx99

    Nandhimitra

    Active member
  • Feb 24, 2022
    187
    203
    43
    Dehiwala
    රටක් දියුනු වෙනවට බලාගෙන ඉන්න බැරි එකාධිපතියන් .රටක් තනියම තම යුධ ශක්තිය ආර්ථිකය ගොඩනගාගන්නව බලන් ඉන්න බැරි එකාධිපතියන්. දැන් කීපවරක් බලයේ ඉදලත් රට තවම දියුණු මට්ටමට ගේන්න බැ වෙන එකෙක් එම වෙනකොට පුකේ කටු ඇනෙනවා උන්ට. පිටසක්වල උන්ට පුකෙන් හිනා ඇති අඹ ඇටයක් වගේ එක්ක මුං තියන ඉඩම් ටිකටත් මරගන්නවා කියලා
    මොලේ පුකේ තමා.680$ dollar reserves😂👌
     
    • Like
    Reactions: Hyperx99 and ruka!

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    රුසියාව ලෝකෙන් කොන් වෙලා යන්නේ නෑ බන් 🤣
    රුසියාව වටා තව රටවල් එකතු වෙනවා..
    බයිඩා වගේ ගොන් ආතල් ගත්තේ නෑ..
    බයිඩා කරන්නේ රටින් රටට ගිහින් කොටවලා පැත්තකට වෙලා බලන් ඉන්නවා..
    නේටෝ කියන්නේ යුද්ද මැවුම්කරුවෙක්.

    යුක්‍රේන් මෝඩයා ඉල්ලන් කෑවේ
    :yes:
     
    vee_kurulla

    Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    ඈ පොන්නයෝ තොපේ ඕකුන් කොහෙද ඉදියේ යුක්‍රේන් උන් වතුර ඇල වහද්දි crimia වල.යුක්‍රේන් army එක මිනිස්සු න්ව මරද්දි donbas වල?
    🥴
     
    • Like
    Reactions: Hyperx99

    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,399
    5,755
    113
    රටක් දියුනු වෙනවට බලාගෙන ඉන්න බැරි එකාධිපතියන් .රටක් තනියම තම යුධ ශක්තිය ආර්ථිකය ගොඩනගාගන්නව බලන් ඉන්න බැරි එකාධිපතියන්. දැන් කීපවරක් බලයේ ඉදලත් රට තවම දියුණු මට්ටමට ගේන්න බැ වෙන එකෙක් එම වෙනකොට පුකේ කටු ඇනෙනවා උන්ට. පිටසක්වල උන්ට පුකෙන් හිනා ඇති අඹ ඇටයක් වගේ එක්ක මුං තියන ඉඩම් ටිකටත් මරගන්නවා කියලා
    world 2nd largest reserve, only 10% dollar dependence, 2nd strongest army, 8th largest economy, 2nd powerful man on earth, only 30% national debt against GDP (japan 230%, us 98%), on of most self-independence countries in the world.

    in summary Putin made russia great again.
     
    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,285
    4,644
    113
    anna ekane. lankawata nam gahan na loweth. ai lesi wen na. swayanposhita naya nathi loketama gahanna puluwan ratak tienne apita kauru nisa da? 💪
     
    • Like
    Reactions: Hyperx99

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    යුක්රේන් උන්ට තිබ්බේ අඩුම ගානේ යුද්දෙට ලැහැස්ති වෙලා ගේම ඉල්ලන්න. මුන් හරියට ෆොන්සේකා නැතිව නන්දි පාල ප්‍රබාකරන්ට බිත්තර ගහ ගහ හිටියා වැඩක් කරගත්තේ.
     
    ruka!

    Well-known member
  • Jun 17, 2011
    767
    871
    93
    රටක් දියුනු වෙනවට බලාගෙන ඉන්න බැරි එකාධිපතියන් .රටක් තනියම තම යුධ ශක්තිය ආර්ථිකය ගොඩනගාගන්නව බලන් ඉන්න බැරි එකාධිපතියන්. දැන් කීපවරක් බලයේ ඉදලත් රට තවම දියුණු මට්ටමට ගේන්න බැ වෙන එකෙක් එම වෙනකොට පුකේ කටු ඇනෙනවා උන්ට. පිටසක්වල උන්ට පුකෙන් හිනා ඇති අඹ ඇටයක් වගේ එක්ක මුං තියන ඉඩම් ටිකටත් මරගන්නවා කියලා

    p**ka thama :P

    land size එකෙන් ලෝකේ ලොකුම රට රුසියාව. උන්ට land අල්ලන්න යුද්ද කරන්න ඕනි නෑ. උන්ට ඕනි NATO එක උන්ව බිත්තියට තියල හිර කරලා border එක වටේම US/NATO missiles and bases එන එක නතර කරගන්න.

    සෝවියට් යුනියන් එක වැටුනට පස්සේ චෝර වෙලා ගිය රුසියාව පරණ ලෙවෙල් එකට, අපහු super power එකක් විදියට එන්න සැහෙන්න කැප උන එකෙක් පුටින් .

    යුක්රේන් කියන්නේ අමාරුවෙන් තනියම තම යුධ ශක්තිය ආර්ථිකය ගොඩනගාගන්න දගලන රටක් නෙවෙයි බං. රුසියන් උන් උන්ගේ gas / oil pipelines යුක්රේන් උඩින් යන එකට ගෙවපු ට්‍රාන්සිට් ෆී තමයි උන්ගේ main income mrthod එකක් උනෙත්. රුසියන් උන් NordStream project එක පටන් ගත්ත එකටත් උන්ට ලොකු අමාරුවක් තිබුන.
     
    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,542
    6,316
    113
    යුක්රේනය කියන්නේ විශාල නන්දි ගවයෙක් ....
    Ranil Wickremesinghe.jpg
     
    • Like
    Reactions: Red Soda