සෞදියේ_අනාගැනීම

tha123

Well-known member
  • Mar 4, 2015
    6,660
    1
    6,345
    113
    tfs...


    ElaKiri.com Message
    You must spread some Reputation around before giving it to hi.dushan again.
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,437
    25,682
    113
    මේකෙන් පේන්නේ මරා ,සෞදි රජාට වඩා පොරක් වගේ....මාධ්‍යවේදීන් ඝාතන වගේ නෙවේ නේ කැම්පස් කොල්ලෝ දෙන්නා මරපු හැටි.ඌ මරපු මේජර් විජිත යහතින් ඉන්නේ...ඔය ඇමෙරිකන් මාධ්‍ය සද්දේ දාන්නේ උන්ගේ වාසි වලට විතරයි.

    ඝාතන අනුමත නොකරමි.
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,126
    20,714
    113
    හස්තිශෛලපුර
    මේක මටනම් පෙන්නේ ඇමරිකාවේ ගේමක්... උන් සෙට් එකක් දාල අරුව මරලා දැන් අරුව පටලවන්න හදනවා... :sorry::sorry::sorry::sorry:


    දැන් ඉන්න සවුදියේ ලොකු එකා, ගෑනුන්ට ලයිසන් දුන්නා ඒවගේ දේවල් වලට සවුදියේ පල්ලියෙන් කෙස් මම හිතන්නේ... :baffled::baffled::baffled::baffled:
     

    kalana wasala

    Well-known member
  • Feb 23, 2016
    8,598
    1,319
    113
    සයිබර් අවකාශේ
    එක්කො සෞදි කාරය ඇනගන්නවා නැත්තම් ඇමරිකන්කාරයෝ....සෞදියේ නිතිය තද උනාට..ගෙරි ඇමරිකන් කාරයොනම් හදන්නෙ..බොර දියේ මාලු බාන්ඩ වගේ..

    Anyway GOOD POST REP+++
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    මේ සිද්ධිය ගැන පැහැදිලි කිරීමක් කරන්න හිටියේ. දැන් තමයි වෙලාවක් ලැබුනේ.

    මෙතන මෙහම දෙයකුත් තියෙනවා. මැරුණයි කියන හාදයා සවුදිකාරයෙක්. මිනිහට ඇමරිකන් පුරවැසිකමත් තිබ්බා. මිනිහා සවුදි වල වගේම එහෙං ගිහිං ඇමරිකාවේ මාධ්‍යවලත් වැඩ කරා.හැබැයි මිනිහ සවුදියට විරුද්ධව තමයි නිවුස් ලිව්වේ. සවුදි ඔටුන්න හිමි කුමරුව විවේචනය කරලත් තිබ්බා. ඒ වගේම මිනිහා මිට අවුරුදු තුන හතරකට කලින් සවුදියේ චැනල් එකක වැඩ කරන දවස් වල ඇමරිකන් ජනාධිපති ට්‍රම්ප්ව විවේචනය කරලා නිවුස් දැම්මා කියලා, සවුදි ආණ්ඩුව මිනිහව ඒ චැනල් එකෙන් එලෙව්ව. ඉතිං සවුදිය එහෙම කරේ ඒ තරම් උන් ට්‍රම්ප්ට හිතවත් නිසා.

    ඕක අපේ රටට ගත්තොත් අපේ රටේ ඉන්න මාධ්‍යවේදියෙක් වෙන රටක ඉන්න ජනාධිපතිකෙනෙක් විවේචනය කරලා අපේ රටේ නිවුස් එකක් ලිව්වා කියලා, අර මාධ්‍යවේදීයාව අපේ ආණ්ඩුව විසින් ගෙදර යවනවා වගේ වැඩක්.

    ඉතිං ඔය අස්සේ මේ මැරුණයි කියන හාදයා සවුදියේ සහ ඇමරිකාවේ පස මිතුරු රටක් වන තුර්කියට පලා යනවා. එහෙදි තමයි මේ මරණය වෙන්නේ.මේ අස්සේ සවුදිය එක්ක කේස් දාගෙන ඉන්න කටාර්වල මාධ්‍ය ආයතනයක් වල අල්ජසිරා එක මේ නිවුස් එක හිට් කරනවා.ඒ අස්සේ මේක ලෝක දේශපාලනයේ පසමිතුරු ඇමරිකාව සහ රුසියාව අතර ගැටුමකුත් බවට පත් වෙනවා.මොකද වර්ථමානයේ සවුදිය කියන්නේ ඇමරිකාවේ ලගම මිතුරෙක්. ට්‍රම්ප් ජනාධිපතිඋන ගමන් හා හා පුර කියලා ගියෙත් සවුදියට. සවුදිය එක්ක ඩොලර් කෝටි ගණනක ගනුදෙයි ඉදිරියේ සිදුවීමට නියමිතයි. ඒ වගේම ට්‍රම්ප්ගේ බෑනා සවුදි කුමාරයාගේ ව්‍යාපාරික සගයා.

    ඉතිං ඒ නිසා දැන් සවුදිය මේ මනුස්සයා මැරුවත් ඇමරිකාවට පොඩ්ඩක් මොනව හරි කියලා නිකං ඉන්නවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නෑ. ට්‍රම්ප් උනත් ඒකයි කිව්වේ 'ඒ අය හරි හොද මිනිස්සු, අපිට සල්ලි ගොඩක් දේවි' කියලා සවුදිය ගැන.

    මොකද මේ දක්වා අනාවරණය කැර ගෙන තියෙන භූගත ෆොසිල ඉන්ධන සංචිතවලින් 18% ඇත්තේ සෞදි භූමියේ. සවුදිය තමයි ලොකේ වැඩිම තෙල් අපනයනකරු වෙනෙක. සම්බාධක පැනෙව්වොත් වසරක් හෝ ඊට වැඩි කාලයක් වුවත් ගෝලීය වෙළෙඳපොළට ඉන්ධන නිකුත් නොකර සිටින්නට සවුදියට පුළුවන්. එහෙම උනොත් සමහරවිට බොරතෙල් බැරලයක මිල ඇඩො 200ක් පවා වෙන්නත් පුළුවන්.ඒ අස්සේ සෞදි අරාබිය අමෙරිකා එක්සත් ජනපදය සමග ඇඩො බිලියන 110ක අවි මිලට ගැනීම සඳහා ගිවිසුම් අත්සන් තියලා තියෙන්නේ. 2030 වනවිට මෙය ඇඩො 350 දක්වා ඉහළ නංවන්නට දෙරට ම කැමැත්ත පළ කරලත් තියෙනවා.

    අනික තමයි මැදපෙරදිග කලාපයේ සාමය පවත්වා ගෙන යන්නේ සෞදි අරාබියයි. අමෙරිකාව ප්‍රධාන බටහිර ඇලිය ඒ සම්බන්ධව සෞදියට බොහෝ ප්‍රශංසා කරනවා හැමදාම. සිය රටේ ජනයාට නිදහසේ වීදි බැස යන්නට අවස්ථාව ලබා දීම ගැන තෙරේසා මේ අගමැතිනිය සෞදි අරාබියට ස්තුතියිත් කරානි.අනික් වැදගත් දේ තාමයි අමෙරිකා එක්සත් ජනපදය ඉරානයට එරෙහිව පවත්වා ගෙන යන දැඩි ක්‍රියාමාර්ගවලට උදව් කරන්නේ සෞදි අරාබිය. සිරියාවේ ජනාධිපති බෂාර් අල්-අසාද් බලයෙන් එලවන්න කැරලිකාර කණ්ඩායම් දරන උත්සාහයේ දී සෞදි රජය ඔවුන්ට ආධාර කරනව. ඉරානය සහ රුසියාව එක්ව සිරියා රජයට ආධාර කරනවා. මෙහි තියෙන්නේ සුන්නි – ෂියා යුද්ධයකි. අමෙරිකා එක්සත් ජනපදය සම්බාධක පැනෙව්වොත් එවිට සෞදි අරාබිය රුසියාව සමග සන්ධාන ගතවනු වෙනවා කියලා දැන් තර්ජනයකුත් කරනවා.සෞදියේ සමස්ත ආනයනවලින් අටෙන් එකක් පමණ අමෙරිකා එක්සත් ජනපදයෙන් ගේන්නේ.

    ඉතිං ඔන්න ඔය කාරනා නිසා බැලුවම හිතෙන්නේ මේ නිවුස් එක මෙච්චර උලුප්පන්නේ සවුදියේ මානව හිමිකම් කැඩුන එක ගැන දුකෙන් නෙමේ, සවුදියට සල්ලි තියෙන නිසා ඒ රට ඇමරිකාවට හිතවත් කම පලුදු කරලා, රුසියාව, චීනය සමග එක්කාසු කරන්නද කියලා.


    ට්‍රම්ප් කාරය ශේප් න්‍යාය දානකොට සෙනෙට් එකෙන් කේස් දාපු හින්ද තමා පරීක්ශනයක් ඕන කියලවත් කිව්වෙ . කොහොමත් සවුදිය චීනෙට ලං වෙනවනම් හොදයි . උන්ට ලං උනා කියන්නෙ ආයෙ රටකට නැගිටීමක් නෑ . :D:D:D. ඇමරිකාවට කොච්චර බැන්නත් උන් එක්ක ඉන්න රටවල් ඔක්කොම හෙන දියුනුයි . අපේ ලින් මැඩියන්ට ඕව තේරෙන්නෙ නෑ
     
    • Like
    Reactions: Travz

    Similar threads