සේකර,ඔන්න පතී ඇවිත්

ncbrando

Member
Jan 31, 2014
838
115
0
සේකර,ඔන්න පතී ඇවිත්

සේකර,ඔන්න පතී ඇවිත්...-

සේකර ලියු පද වැලට
මුසුකොට මාස්ටර් සංගීතය
ගයනවා ඇති ජෝති
පතිගේ චිත්‍රපටයක “දෙව්ලොව“ නම්

සරාසඳ විත් පති ළඟට
මුමුණනවා ඇති දැන්
කරළියක් ගැන අලුත්
ටෝනි,ජෝ හා එක්ව

සේකර එවිට යළි
නොකෙරුණු සලරුවට
පිඹුරුපත් සකසනු ඇති
ගාමිණි, විජය හා එකම එක මදුවිතෙන්

ඉන්පසු සේකරට හෙට
ලියාවි පතී විවරණ
අප නොදන්නා ඔවුන්ගේ බසින්
අප නොදුටු සලරුවට

-මාලන් විදානපතිරණ
 
  • Like
Reactions: somalal