සේන සමරසිංහයන්ගේ මතකය.
මට හදිසියේම දුරකථන ඇමතුමක් ලැබුණා " මල්ලී උබ ලියන්නෙ මිල්ටන් ගැනනෙ ඕකට ඔය ලපයි සිපයි හරියන්නෑ අපි යමු සේන සමරසිංහ මහත්තයා හම්බවෙන්න" ඒ රිචඩ් අයියගෙ (රිචඩ් වීරක්කොඩි) මිහිරි වචන කීපය මට මහත් වූ අස්වැසිල්ලක් උනා. ඉන් දින කීපයකට පසු අපි රඹුක්කන බලා පිටත්ව ගියා. "ආ රිචා ඔයා ආවද මට ටිකක් සනීපත් නැති නිසා නිදාගෙන හිටියෙ" කියමින් සමරසිංහයන් අපිවත් රැගෙන නාන තටාකය දෙසට ගමන් කලා. ඊලග නිමේෂයේදී සිහින් පොදකින් හැඩ උන හැන්දෑව සමරසිංහයන්ගේ මතකයෙන් තව තවත් හැඩවෙන්නට පටන් ගත්තා.
මම කුඩා කල පාසලේදී ඡයාරූපකරණය ඉගෙන ගත්තා. ඒ වගේම මා ගාව කැමරා කීපයකුත් තිබුණා. කුඩා කාලයේ සිටම ඒවගෙන් ෆොටෝ ගහන්න රූ ගත කිරීම් කරන්න මගෙ හිතේ ආසාවක් තිබුණා. ඔය අතර 1970/71 කැරැල්ල වෙලාවෙ අපේ ගෙදරට ටිකක් කරදර සිද්ද උනා. ඒ නිසා මම ටික කාලයකට වත්තලට ගිහින් හිටියා. ඔය කාලෙ ඩොමී ජයවර්ධන, විජිත මල්ලිකා වැනි කලාකරුවන් මම ලගින්ම ඇසුරු කලා. මගේ වාහනත් එයාල රූ ගත කිරීම් වලට රැගෙන යනවා. ඒ යාළුකම නිසා සමහරක් වෙලාවට මම ස්ටුඩියෝවට ගිහින් ෂූට්න් කරනවත් බලන් ඉන්නව. මාස කීපයකට පසු මම නැවත රඹුක්කනට ඇවිත් ව්‍යාපාර ආරම්භ කළා. ඒ වෙනකොට මට හිතුනා ව්‍යාපාර වලට අමතරව තවත් මොනව හරි කරන්න ඕන කියල. ඔය අතර දවසක් මට යාළුවෙකුගෙ ගෙදර පාටි එකකදී චිත්‍රපට නළුවෙකු වෙන මිල්ටන් ජයවර්ධන හම්බවෙලා ඇහුව සේන චිත්‍රපටයක් කරමුද කියල. මම යාළුවා හින්ද හා කීව. ඔන්න ඔහොම තමා සදහටම ඔබ මගේ චිත්‍රපටය හරහා මා සිනමාවට පැමිණෙන්නෙ.
හැමෝම කරා වගේ පළවෙනි චිත්‍රපට තුන සදහා මගෙත් ප්‍රධාන නළුව උනේ ගාමිණී, පසුබ්ම් ගායකයා උනේ ජෝතිපාල. ඔය කාලය වෙනකොට මිල්ටනුත් මාත් අතර ලොකු බැදීමක් ඇති වෙලයි තිබුණෙ. මට මතකයි ඔහු දැන හැදින ගත්ත පලවෙනි දවස, මම 1970 මුල කොල්ලො කට්ටියක් එක්ක කෑගල්ලෙ පිට්ටනියෙ ෂෝ එකක් බලන්න ගියා එතකොට මිල්ටනුත් ඇවිත් කොන්ඩෙ පීරනව මම ලගට ගිහින් කතා කළා. එතනදී ඇති උන මිතුදම නිසා ඔහු කෑගල්ල පැත්තෙ ෂෝ එකකට ආවොත් අපේ ගෙදර ගොඩ වැදිල යන්න අමතක කලේ නෑ. මගේ ගෙදර අයත් එයාට ගොඩක් කැමති උනා. මිල්ටන් මේ වෙනකොට තරුණ තරුණියන්ගේ ජනප්‍රියතම ගායකය වෙලත් හමාරයි. ඔය පසුබ්ම මත මම ඔහු නිල්ල සොයා චිත්‍රපටයට ගාමිණීට පසුබ්ම් ගී ගයන්න යොදා ගත්තා. එතැන් පටන් ඔහු මගේ චිත්‍රපට සියල්ලටම පාහේ ගීත ගායනා කළා. මම අදටත් විස්වාස කරන දෙයක් තමා ජෝතිගේ කටහඩ ගැලපෙන්නෙ විජයට, මිල්ටන්ගේ කටහඩ ගැලපෙන්නෙ ගාමිණීට.
මිල්ටන් ගැයූ ගීත අතර කැන්දන් යන්නම් ගීතයට සරසවියෙන් සම්මානයක් ලැබුණා. ඔය ගීතය පටිගත කලේ සරසවි චිත්‍රාගාරයේ. මුලින්ම ග්රේෂනුයි ප්‍රියයි ඇවිත් ඒ දෙන්නගෙ කොටස ගායනා කරල ගියා. මිල්ටන් ආවෙ අන්තිමට. මිල්ටන්ගේ කොටස ගායනා කරල ඉවර උනාම අපිට ඕක වාදනය කරල අහන්න ඕන උනා. ගීතය වාදනය කරනකොට හිතේ තියන සතුටට මිල්ටන් නටන්න පටන් ගත්තා. ඒ වෙනකොට මට අයිති බස් ව්‍යාපාරයකුත් තිබුණ. අපි රෙකෝඩින් ඉවර කරල ආපහු එන්නෙ බස් එකේ. ඔන්න ඉතින් මිල්ටන් බස් එකේදිත් කැන්දන් යන්නම් ආපහු ගායනා කරන්න පටන් ගත්ත. එයත් එක්ක බස් එකේ හැමෝම සින්දුව ගායනා කළා. ටික වෙලාවකින් මිල්ටන් වචන වෙනස් කරල හින්දි වලින් කියන්නත් පටන් ගත්තා. ඒව බොරු හින්දි. ඔය අතර පදමට සප්පායම් වෙලා හිටපු දසේගෙ (සරත් දසනායක) මූන ඇබුල් වෙලා මොනවද යකෝ තෝ ඔය කියන්නෙ කියලත් මිල්ටන්ගෙන් ඇහුවා. දසේ එහෙම කිව්වේ තරහට නෙමෙයි. ඒක හරිම රසවත් කාලයක්.
ඔහු මල්කැකුළු සහ යලි හමුවෙන්නයි චිත්‍රපට දෙකෙහිම ගීත දෙකක් සදහා දර්ශන තලයෙහි පෙනී හිටියා. මුලින් එයා ඉන්න බෑ කීව, මොකද එයා වේදිකාවේ සින්දුවක් කීවත් ඉන්නෙ ගල් ගැහිල වගේනෙ. ඒත් අවසානෙ මගෙ වචනෙට බෑ කියන්න බැරි කමට ඔහු රූ ගත කිරීමට ආව. ඔය ගීත දෙකම රූ ගත කලේ අපේ ගෙදර සාලේ. මුලින්ම රෙකෝඩ් කලේ මල්කැකුළු චිත්‍රපටයේ "ලස්සන දෑසක්" ගීතයයි. ඔන්න මිල්ටන් පටන් ගත්ත තැන ඉදන් ඇඹරෙන්න ගත්තා. "මට බෑ සේන ගෙදරින් දන්නවනම් බැනුම් අහන්නත් වෙනව" කොහොම කීවත් අවසානෙ ඔහුට දර්ශනයට පෙනී සිටින්න උනා. දර්ශන තලයට ගියපු ඔහු ඇහි ගෙඩි දෙකත් ලොකු කරගෙන මා දිහා බලා හිටිය. සින්දුව පටන්ගන්නකොට ඔන්න හරි කියල මට අත උස්සලා මිල්ටන්ට කියල දෙන්නත් සිද්ද උනා. ඕක කලේ ශ්‍යාම් ෆොන්සේකත් එක්ක. මිල්ටන් විටින් විට මා ලගට ඇවිත් කියනව එයාට වැඩිය ලගට එන්න එපා කියන්න කියල. මිල්ටන් හරි බයයි. වැඩිය කෙල්ලොත් එක්ක කතා කරන්නත් එයා අකමැතියි. මම හොදටම දන්නව ඔහුගේ චරිතය ගැනනම් ආය කියන්න දෙයක් නෑ.
මට පසු කාලීනවනම් යාළුවෝ ගොඩක් හිටිය. ඒත් සිනමාව පටන් ගත්ත කාලයේ මට හොදම යාළුවෝ කියල හිටියෙ දෙන්නයි. එක්කනෙක් ගාමිණී ෆොන්සේකා, එයා වරෙක කියලත් තිබ්බ සේන කියන්නෙ මගේම මල්ලි කෙනෙක් කියල. අනිත් එක්කනා තමයි මිල්ටන් මල්ලවආරච්චි. මම ජීවිතේ අනියතභාවය හොදට තේරුම් ගත්ත මිනිහෙක්. මගෙ අම්ම නැති උනේ කුඩා කාලයේදිමයි. තාත්තත් එහෙමයි. බිරිඳත් නැති උනා. කුඩා කාලයේ රිය අනතුරකින් මගෙ දුවකුත් නැති උනා. ඊට පස්සෙ පුතෙකුත් නැති උනා. ඔය කිසි අවස්ථාවක මම ඇඩුවෙ නෑ. හැබැයි ගාමිණීගෙ මලගෙදර ගිය වෙලාවෙ මට දරාගන්න බැරිව ඇඩුණා. මම එලියට ගිහින් ගහක් යටට වෙලා කණස්සල්ලෙන් ඉන්නකොට ඔහුගේ පව්ලේ උදවියත් හිතවතුනුත් ඇවිත් ඇයි සේන කියල මාව සැනසුවා. මිල්ටන්ගේ මලගෙදර ගිහිල්ලත් මිනිය දැක්කෙ හැටියෙ මට ඇඩුණා. මට ස්වර්ණට වදින්නවත් අමතක උනා. මම ඔළුව අත ගාල විජහට එලියට ගිහින් ගෙදර යන්න ගියා. මට නැවත මිනිය බලන්න බෑ කියල හිතුන. මගෙ ජීවිතේටම මලගෙදරක ඇඩුවනම් ඇඩුවෙ ඔය අවස්ථා දෙකේදී විතරයි.
දැන් රාත්‍රි දහයත් පසු වෙලා ටිකක් වේදානාබර අවසන් මිනිත්තු කීපය සමනය කරමින් සමරසිංහයන් "කෑම ලෑස්තියි අපි දැන් කමු නේද ? රිචා බෙදා ගන්න. ඔයා මොනවද කන්නෙ. ඕන දෙයක් කියන්න. මම හදන්න කියන්නම්." අපිට කොච්චර සැලකුවත් ඔහුගේ හිතට මදි බවක් මට තේරුණා. අපි කෑම කාල පිටත්වෙද්දිත් පසු ගමන් ආපු ඔහු "පුතා ඕන වෙලාවක එන්න, කතාකරන්න මම දැන් නිදහසේ ඉන්න මනුස්සයෙක්. ඔහු එදා කියපු සියළු දේ මට වැටහුණා එක දෙයක් ඇරෙන්න ඒ චිත්‍රපට ක්ෂේත්රයේ හිටපු දැවැන්තයෙක්, හොද ව්‍යාපාරිකයෙක්, ඉඩම් හිමියෙක් වගේම මිල මුදල් යහමින් ගැවසුණු මෙවැනි පුද්ගලයෙක් කොහොමද මෙච්චර නිහතමානී සරල මනුස්සයෙක් උනේ කියල.
සටහන : තිලාන් අබේකෝන්.
(මේ විස්තරේ ෆේස්බුක් එකේ තිබුනේ. මිල්ටන් මල්ලවාර්ච්චී මහතාගේ ලොබ බැඳුනු රසිකයෙක් නිසා මේක එලකිරියේ ශෙයා කරා අනික් අයටත් බලන්න. මේ ලිපියේ සම්පූර්ණ් අයිතිය පලමු මේ ලිපිය බෙදාගත් පලමු අයිතිකරු සතුය)