සේයා ඝාතනයට හේතුව
සේයා ඝාතනයට හේතුව ඇති තැන අඳුරු නිසා පහන් ආලෝකය තුළ හේතුව සෙවිය හැකි ද?
සේයා මැරූ මිනීමරුවන් මරන බව ශපථ කරමින් ආවේගශීලීව හැසිරීම මේ වන විට ෆේස්බුක්හි සිට එම දැරියගේ මළගෙදර දක්වා ම විහිදී තිබෙන රැල්ලකි. සේයා දැරිය හඳුන්වා දීමට වචන නාස්ති කළ යුතු යයි මම නො සිතමි. කයිට්ස්හි විද්‍යා දැරිය ඝාතනයට ලක් වූ අවස්ථාවේදී ද මේ හා සමාන හැසිරීමක් යාපනයේ දක්නට ලැබිණි.
එම දැරියගේ නිවස අසල රැස් වූ පිරිස් ඝාතකයා හෙළිදරව් කරන්නැයි පොලිසියට බල කරමින් අවමංගල්‍යයට ද බාධා වන පරිදි හැසිරුණ හ. ඔවුන් ඇත්තෙන් ම කළේ විමර්ශනයට බාධා කිරීමයි. මිය ගිය දැරියට පවා සාමය අහිමි කර ඇත. ඝාතනයට එරෙහිව රට පුරා උද්ඝෝෂණ සූදානම් වෙමින් තිබේ. ඇත්තෙන් ම මෙම උද්ඝෝෂණ කරන්නේ කාට එරෙහිව ද යන්න කවුරුවත් දන්නේ නැත. අපරාධකරුවකුට එරෙහිව උද්ඝෝෂණය කළ යුත්තේ එම අපරාධකරුවා අපරාධයෙන් ගැලවීමට බලය යොදා ගන්නා බලවතෙකු නම් ය. පොලිසියට එරෙහිව උද්ඝෝෂණ කළ යුත්තේ පොලිසිය පරීක්ෂණ නිසි පරිදි කරන්නේ නැතිනම් හෝ ඝාතකයන් ආරක්ෂා කරන්නේ නම් ය. මහජන නියෝජිතයන්ට එරෙහිව උද්ඝෝෂණය කළ යුත්තේ ඔවුන් මෙම ක්‍රියා ප්‍රවර්ධනය කරනවා නම් ය. එහෙත්, මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේදී අපරාධකරුවන් මහජන නියෝජිතයන් ලෙස පත් කර නො එවන්නැයි දැවැන්ත ප්‍රචාරයක් රටේ තිබියදීත් අපේ ඡන්දදායකයෝ අපරාධකරුවන් නැවත පාර්ලිමේන්තුවට පත් කර එවූ හ. මේ උද්ඝෝෂණය කරන ජනතාව ඇත්තෙන් ම උද්ඝෝෂණය කරන්නේ තමන්ට ම එරෙහිව ය. මන්ද, දූෂකයා සිටින්නේ ඔවුන් අතර ය.
මෙම ඊනියා උද්ඝෝෂණ මාධ්‍යවලින් ආවරණය කිරීම නිසා ඒවා දිරිගැන්වී තිබේ. තඹ දොයිතුවකට වැඩක් නැති අදහස් ප්‍රකාශ කරන මුග්ධ ආවේගශීලීන් මාධ්‍ය විසින් වීරයන් කරනු දක්නට ලැබේ. සැකකරුවන් මරා දැමීමට දොඩන්දූවේ ජනතාව සූදානම් බව කියන කාන්තාවක් ජාතික රූපවාහිනියේ කතා කරන ආකාරය දුටිමි. තවත් එවැනි ආවේගශීලී කාන්තාවක් ඇමති රන්ජන් රාමනායකට කතා කරන්නේ හරියට වරදකරු ඔහු ලෙස සලකා ය. රන්ජන් රාමනායක සිය ෆේස්බුක් පිටුවේ එම වීඩියෝව ප්‍රචාරය කර තිබෙුණේ ය. ළමා කටයුතු භාර ඇමතිනී චන්ද්‍රානි බණ්ඩාර වැඩ භාර ගන්නා උත්සවයේදී සජිත් ප්‍රේමදාස කළ කතාවෙන් ද කියැවුණේ මෙවැනි අපරාධ කරන අයට නීතිය ක්‍රියාත්මක කර වැඩක් නැති බව හා ඔවුන් සමාජයෙන් තුරන් කර දැමිය යුතු බවයි. ඔහු කියන්නේ ද සැකකරුවන් මරා දැමිය යුතු බවයි.
මෙම ප්රශ්නයේදී රාජ්‍ය මාධ්‍යවල සිට දේශපාලකයන් දක්වා බොහෝ අය කටයුතු කරන්නේ මහජන ආවේග ඇවිස්සෙන ආකාරයට බව මෙම උදාහරණවලින් ඉතා පැහැදිලි ය. පෞද්ගලික මාධ්‍ය හා සමාජ මාධ්‍ය සුපුරුදු ලෙස ම ආවේග අවුස්සනසුළු භාවාතිශය වාර්තාකරණයක යෙදෙනු දක්නට ලැබිණි.
මේ රටේ ජනතාව හා ඔවුන්ගේ නායකයන් ජීවත් වන්නේ මොබ් මානසිකත්වයකින් බව අපි මීට කලින් ද පෙන්වා දුන්නෙමු. නො ගැඹුරු ආවේගශීලිත්වය, නීතිය අතට ගැනීම, ප්රචණ්ඩත්වය, විනාශකාරී ක්‍රියා හා ඉන් අනතුරුව පසුතැවිලි වීම හා නීතියට බිය වීම මෙම මොබ් මානසිකත්වයේ ප්‍රධාන ලක්ෂණ වේ.
මොබ් මානසිකත්වයෙන් සිටින පුද්ගලයන්ට යථාර්ථය අවබෝධ කර ගැනීම දුෂ්කර ය. තත්වය කෙතරම් භයානක ද යත්, අප මෙසේ ලියන විට ඔවුන් සිතන්නේ අප කතා කරන්නේ අපරාධකරුවන්ගේ අයිතිවාසිකම් ගැන ය කියා ය. ඒ අතර, අපි අපරාධකරුවන්ට පක්ෂග්රාහී ය වැනි අතාර්කික අදහස් පවා ඔවුන් තුළ පහළ වේ. පසුගිය දින කීපය තුළ මම මේ ලක්ෂණය ජවිපෙ ජාතික ලැයිස්තු අපේක්ෂකයන්, කවියන්, ගීත රචකයන් අතර පවා නිරීක්ෂණය කළෙමි.
එහෙත්, අපි දිගින් දිගට ම මෙසේ කතා කරන්නේ සමාජයක් ලෙස අප අපරාධකරුවන් බවට පත් වීම වළක්වාගන්නට ය. සේයා දැරිය දූෂණය කර මරා දැමූ ඝාතකයා මරා දැමීමට ඉදිරිපත් වී සිටින සජිත් ප්‍රේමදාසගේ සිට දොඩන්දූවේ කාන්තාව දක්වා අපේ රටේ මිනිසුන් ඇද වැටී තිබෙන තත්වයෙන් ඔවුන් ගලවා ගැනීම අපේ අරමුණයි. පව්කාරයන්ට ප්‍රතිචාර දැක්විය යුත්තේ අප ද පව්කාරයන් බවට පත් වීමෙන් නො වේ.
ඇතැම් මාධ්‍ය මෙම ඝාතනය සම්බන්ධ සැකය මිය ගිය දැරියගේ පියා වෙත ද යොමු කළේ ය. පොලිසිය ඔහු පිළිබඳ විමර්ශනය කරමින් දුරකථන කුළුණු දත්ත මාර්ගයෙන් ඔහු අපරාධය සිදු වන අවස්ථාවේ වෙනත් ස්ථානයක සිට ඇති බව තහවුරු කර ගත්තේ ය. ජනමාධ්‍ය විසින් අවුළුවන ලද ආවේගශීලිත්වය නිසා දැරියගේ පියාගේ ජීවිතය පවා අනතුරට ලක් විය.
අප මෙවැනි ගැටලු ආමන්ත්‍රණය කළ යුත්තේ ශිෂ්ට සමාජය ඒවා කරන ආකාරය අනුවයි. භාවාතිශය ලෙස මාධ්‍ය විසින් ආවරණය කරනු ලබන බිහිසුණු අපරාධයකින් පසු අධි සංවේදිත්වයක් පෙන්වමින්, බොළඳ වීරත්වයකින් යුක්තව අපරාධකරුවන් මරන්නෙමැයි, කපන්නෙමැයි, කොටන්නෙමැයි කියමින් හැසිරෙන සමාජ ස්ථරය අත තොරොම්බල් වන ප්‍රධාන සටන් පාඨයක් වන්නේ මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කළ යුතු ය යන්නයි. මරණීය දණ්ඩනය යනු ආවේග විමෝචනය කිරීමේ මාර්ගයක් නො වන බව අප මුලින් ම වටහා ගත යුතු ය. එය අයත් වන්නේ දණ්ඩනයට හා විශෝධනයටයි. දණ්ඩනය යනු දඬුවම් කිරීමයි. විශෝධනය යනු නිවැරදි කිරීමයි. රටක අධිකරණය හා සිරගෙවල් පවතින්නේ ඒ වෙනුවෙනි.
මරණීය දණ්ඩනය යනු අපේ රටට අලුත් දෙයක් නො වේ. පසුගිය ආණ්ඩුව කාලයේ මෙවැනි භයානක අපරාධකරුවන් සම්බන්ධයෙන් අනුගමනය කරන ලද ප්‍රතිපත්තිය වුණේ අපරාධයට යොදා ගන්නා ලද ආයුධ පෙන්නන්නට ගිය විට පැන යන්නට උත්සාහ කළා ය කියා වෙඩි තබා හෝ දියේ ගිල්වා හෝ මරා දැමීමයි. අඩු තරමේ මරා දමන ලද සැකකරුවා අපරාධකරුම ද යන්න තහවුරු කර ගැනීමේ කිසිදු විභාගයක් නො පවත්වා අවියම් අන්දමින් මරණ දඬුවම ක්‍රියාත්මක කරන ලදී. එම මරණ දඬුවම ක්‍රියාත්මක කළ පොලිසියට අධිකරණයේ හා රජයේ සහයෝගය ලැබුණු අතර එම ක්‍රියාමාර්ගය මහජන ප්‍රසාදයට ලක් විය. එහෙත්, අවසානයේදී සිදු වී තිබෙන්නේ කුමක් ද? අපරාධකරුවන් මේ අන්දමින් මරා දැමීමෙන් හෝ මෙවැනි අපරාධ සිදු වීම වැළැක්වී නැත. අවසානයේදී සිදු වී තිබෙන්නේ සමාජයක් ලෙස අප ද අපරාධකරුවන් බවට පත් වීම පමණි.
ප්රශ්නය ඇත්තේ වෙන තැනක ය. අප කරමින් ඉන්නේ යතුර නැති වූ තැන අඳුරු තැන එය සොයනවා වෙනුවට වීදි පහන යට නැති වූ යතුරු සොයනවා වැනි දෙයකි. මේ භයානක අපරාධ නැති කිරීම පහසු නැත. ඒ වෙනුවෙන් නීතියේ ආධිපත්‍යය තහවුරු කළ යුතු ය. සමාජ ආරක්ෂාව වැඩි දියුණු කළ යුතු ය. ඊටත් වඩා වැදගත් වන්නේ මෙවැනි අපරාධ ඇති වන්නට හේතු වන සමාජ ආකල්ප වෙනස් කිරීමයි. මෙවැනි අපරාධවලට ප්‍රතිචාර දක්වන ආකාරය හා සම්බන්ධ ආකල්ප ද වෙනස් විය යුතු ය. ඔබේ දරුවා පාසලෙන් ලබන අධ්‍යාපනය ගැන හා මාධ්‍යවලින් දකින දේ ගැන යළි මෙනෙහි කරන්නට මෙය අවස්ථාවක් කර ගන්න.
උපුටා ගැනීම : http://www.w3lanka.com/

Last edited: