සේරම හොරු අරන්

suranga84

Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    සේරම හොරු අරන්

    තිලංක රාජ්‍ය සංස්ථාවක ඉහළ තනතුරක් දැරූ නිලධාරියෙක්. ඔහු කොළඹ තරු පහේ හෝටලයක තිබුණු රාත්‍රි සාදයකදී පදම ඉක්මවා බිව්වා. ඊට පස්සේ කෑවයින් නොකෑවයින් ඔහු විදුලි සෝපානයට ගොඩවෙලා හෝටලයේ බිම් මහළට ඇවිත්. හෝටලයේ රථ ගාල දිහාට ටිකක් අසීරුවෙන් පිය නැගුවා.
    තමන්ගේ වාහනයට ගොඩවෙලා. ඔහු රථය පණ ගන්වන්න හිතාගෙන තම සුරත සුක්කානමටත් දෙපය බ්රේක් පැඩලයටත් තැබුවා. අතයි කකුලුයි නිකම්ම ලිස්සලා ගියාම ඔහු දෑස් පිහදාලා පුදුමයෙන් ඉදිරිපස බැලුවා. වාහනයේ ඩෑෂ් බෝඩ් එකයි, සුක්කානමයි අතුරුදන් වෙලා ඔහු එහෙමම ඉඳගෙන හෝටලයේ ආරක්ෂක අංශයට තම ජංගම දුරකථනයෙන් කතා කළා.

    හලෝ මගෙ කාරෙකේ ඩෑෂ් බෝඩ් එකයි සුක්කානමයි හොරු අරගෙන ගිහින්. ඒ මදිවට බ්රේක් පැටල් එකයි ඇක්සලේටරෙයත් නැහැ...” ඔහු මොරදුන්නා.

    හෝටලේ ආරක්ෂක නිලධාරියෙක් වහාම කාර් එක ළඟට දුවගෙන ආවා.

    “සර්, ඔය කිව්ව මොකවත් නැතිවෙලා නැහැ. සර් ඔය නැඟලා තියෙන්නෙ කාර් එකේ පස්සෙ සීට් එකටනෙ” ආරක්ෂක නිලධාරියා බයාදු ලෙස කිව්වා.

    :lol::lol::lol:

    ~සිළුමිණ~
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    හම්බ වුණේ මෙච්චරයි

    රාත්‍රි මුර සංචාරයේ යෙදී සිටි පොලිස් භටයන් දෙදෙනෙකු හට පාර අයිනේ බෝක්කුවක සඟවා තිබූ අත් බෝම්බ තුනක් හමුවුණේ, සැක කටයුතු යමක් එතැන තිබෙන බවට මගියකු දුන් ඔත්තුවක් අනුව ය.
    ඔවුහු ඒවා තම පොලිස් ස්ථානය වෙත රැගෙන ගොස් එහි ස්ථානාධිපතිවරයාට භාර දීමට කතිකා කර ගත්හ.
    “බැරි වෙලාවත් මේවයින් එකක් හරි ගෙනියද්දී පිපුරුවොත් හෙම...” එක් පොලිස් භටයෙක් කීවේ තරමක තැති ගැන්මකින් යුතුවයි.
    “ඒකට ප්‍රශ්නයක් නෑ...” අනෙකා සැහැල්ලුවෙන් සිනා සී පිළිතුරු දුන්නේ ය.
    “අපි කියමු... අපිට හම්බ වුණේ දෙකයි කියලා”

    :nerd:
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    සොරි පුතා

    මොහාන් බොහොම නිහඬ චරිතයක්. රජයේ දෙපාර්තමේන්තුවක නියෝජ්‍ය කොමසාරිස්වරයකු ලෙස සේවය කළ ඔහු ගෙදර යද්දී බාර් එකකට ගොඩවෙලා පොඩි ඩ්රින්ක් එකක් දාලම ගෙදර යන පුරුද්දක් තිබුණා. එහෙම ඩ්රින්ක් එකක් දැම්මාම තම නිහඬ චරිතය යට ගිහිල්ලා දොඩමලු වන සිරිතක් ඔහු තුළ තිබුණා.
    දවසක් දා රාජකාරි නිම වෙලා රොහාන් ගෙදර ආවේ ටිකක් වැඩිවෙලා. බස් එකෙන් බැහැලා මහපාර පැනලා තම නිවෙසට යන හරස් පාරට හැරෙන කොටම කරුවලේ ඔහුගේ ඇගේ කවුදෝ හැපුණා.
    ඔහු ‘සොරි පුතා’ කියල හැපුණු කෙනාට තට්ටුවක් දාලා යන්ඩ ගියා.
    ඒ පිටුපසින් යමින් සිටි අසල් වැසි කුමාර්ට මේ සිද්ධිය දැකලා බකස් ගාලා හිනා ගියා. රොහාන් හැපිලා තිබුණේ පාර අයිනේ හිටි හරකෙකුගේ ඇගේ ‘සොරි පුතා’ කිව්වේ ඒ හරකාට.

    :rofl::rofl:

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    ඇත්ත කතාව

    ප්‍රකට එෆ්.එම්. ආයතනයක නිවේදිකාවක් වූ මනෝරි හිමිදිරි පාන්දර සේවය සඳහා ගොස් නැවත නිවෙසට එන්නේ හවස් යාමයේ ය. ඇය නිවසේ නොමැති කාල සීමාව තුළදී ඇගේ දරු දෙදෙනාට කවා පොවා හොඳින් රැක බලාගන්නේ ඇගේ මෑණියන් වන චන්ද්‍රාය.
    “ආච්චි අම්මේ, ඔන්න අද අපිට ලස්සන කතාවක් කියල දෙන්න ඕනෙ” මනෝරිගේ දරුවන් දෙදෙනා දිනක් දහවල චන්ද්‍රා වෙත දිව අවුත් කීවෝ ය.
    “මං අද ඔය දෙන්නට හුඟාක් ලස්සන කතන්දරයක් කියල දෙන්නංකො. ඔන්න පුතේ දිව්‍ය ලෝකෙ ඉන්න ලස්සන සුරංගනාවියක්, බෝනික්කො වගෙ ලස්සන චූටි ළමයි දිව්‍ය ලෝකෙන් ගෙනල්ලා ඒ ගොල්ලන්ගෙ අම්මලා ළඟින් තියලා යනවා. දැන්... ඔය පුතාලා දෙන්නත් ඔය ගොල්ලන්ගෙ අම්මට ගෙනත් දුන්නෙ ඒ සුරංගනාවි තමයි.” චන්ද්‍රා කවියක් කියන්නාක් මෙන් ඇද පැද දිග සුරංගනා කතාවකට මුල පිරුවා ය.
    “අයියෙ මේ... අපි ආච්චි අම්මට ඕකෙ ඇත්ත කතාව කියල දෙමු ද?” බාල සොයුරා, තම අයියාගේ කනට කොට හෙමින් ඇසුවේ ය.

    :eek:
     
    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    11.gif
     
  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    තිලංක රාජ්‍ය සංස්ථාවක ඉහළ තනතුරක් දැරූ නිලධාරියෙක්. ඔහු කොළඹ තරු පහේ හෝටලයක තිබුණු රාත්‍රි සාදයකදී පදම ඉක්මවා බිව්වා. ඊට පස්සේ කෑවයින් නොකෑවයින් ඔහු විදුලි සෝපානයට ගොඩවෙලා හෝටලයේ බිම් මහළට ඇවිත්. හෝටලයේ රථ ගාල දිහාට ටිකක් අසීරුවෙන් පිය නැගුවා.
    තමන්ගේ වාහනයට ගොඩවෙලා. ඔහු රථය පණ ගන්වන්න හිතාගෙන තම සුරත සුක්කානමටත් දෙපය බ්රේක් පැඩලයටත් තැබුවා. අතයි කකුලුයි නිකම්ම ලිස්සලා ගියාම ඔහු දෑස් පිහදාලා පුදුමයෙන් ඉදිරිපස බැලුවා. වාහනයේ ඩෑෂ් බෝඩ් එකයි, සුක්කානමයි අතුරුදන් වෙලා ඔහු එහෙමම ඉඳගෙන හෝටලයේ ආරක්ෂක අංශයට තම ජංගම දුරකථනයෙන් කතා කළා.

    හලෝ මගෙ කාරෙකේ ඩෑෂ් බෝඩ් එකයි සුක්කානමයි හොරු අරගෙන ගිහින්. ඒ මදිවට බ්රේක් පැටල් එකයි ඇක්සලේටරෙයත් නැහැ...” ඔහු මොරදුන්නා.

    හෝටලේ ආරක්ෂක නිලධාරියෙක් වහාම කාර් එක ළඟට දුවගෙන ආවා.

    “සර්, ඔය කිව්ව මොකවත් නැතිවෙලා නැහැ. සර් ඔය නැඟලා තියෙන්නෙ කාර් එකේ පස්සෙ සීට් එකටනෙ” ආරක්ෂක නිලධාරියා බයාදු ලෙස කිව්වා.

    :lol::lol::lol:

    ~සිළුමිණ~
    :rofl::rofl::rofl::rofl::rofl::rofl: