සොක්‍රටීස් ගේ පෙරහන් තුන...

WaterMelon

Active member
  • Aug 1, 2017
    377
    182
    43
    සොක්‍රටීස් ගේ පෙරහන් තුන...

    සොක්‍රටීස් මහා ප්‍රඥාවන්තයෙක්.

    ඒ කාලේ හැටියට .සියල්ල දත් කෙනෙක් විදියට සැලකුවත් වරදක් නෑ.

    දවසක් ඔහු මුණ ගැහෙන්න ආවා විශේෂ පුද්ගලයෙක්. අමුත්තා මහා දාර්ශනිකයෙක්.

    ''සොක්‍රටීස්, ඔබ දන්නවා ද ඔයාගේ යාළුවා ඔයා ගැන මට කියපු දේ?''

    ''පොඩ්ඩක් ඉන්න''

    සොක්‍රටීස් හරස් කැපුවා. ''මගේ යාළුවා ගැන ඔබ මට කියන්නට පෙර ඔබ කියන්න හදන දේ පෙරහන් ක්‍රමයකින් පිරිසිදු කර ගනිමු'

    තුන් පෙරහන් ක්‍රමය කියලා හඳුන්වා දෙන්න කැමතියි.''

    ''තුන් පෙරහන් ක්‍රමය!? ඒ මොකක්ද?"

    "භාවිතයෙන් තේරුම් ගනිමු. පළමු පෙරහන මෙහෙම යි. ඒකට කියන්නේ සත්‍ය පෙරහන කියල යි. ඔබ මට කියන්න හදන දේ සම්පූර්ණයෙන් ම සත්‍ය බවට ඔබට විශ්වාස ද?''
    ''අනේ එහෙම නෑ'' දාර්ශනිකයා පිළිතුරු දුන්නා. "මට අහුන දේ ..
    "ඔහොම ඉන්න." සොක්‍රටිස් හරස් කැපුවා. "ඔබ කියන්න හදන දේ සත්‍ය ද කියා ඔබ හරියට ම දන්නේ නෑ එහෙනම්. දැන් අපි දෙවන පෙරහනට දාලා බලමු. ඒකට කියන්නේ යහපත් පෙරහන කියල යි. ඔබ මගේ යහළුවා ගැන කියන්න හදන දේ යහපත් දෙයක් ද?"
    "හපොයි, නෑ... ඒත්, අනෙක් පැත්තෙන් බැලුවොත් ....."
    "ඉතින්, ඔබ කියන්නට හදන්නේ මගේ මිත්‍රයා ගැන නරක දෙයක්. ඒ වගේ ම ඒක සත්‍ය දැයි දන්නෙත් නෑ. තවත් පරීක්ෂණයක් ඉතිරි වෙලා තියෙනවා. ඒක තුන්වන පෙරහනග ඒකට කියන්නේ ප්‍රයෝජ්‍ය පෙරහන කියලයි.".
    "මගේ මිත්‍රයා ගැන ඔබ කියන්න හදන දේ මට වැදගත් වෙනවා ද?"
    "හ්ම්... ඒ විදියට බැලුවොත් නම් වැදගත් නෑ තමයි ..."
    "ඉතින්, 'ඔබ කියන්නට හදන දේ, සත්‍යයකුත් නෙවෙයි නම්, හොඳ එකකුත් නෙවෙයි නම්, වැදගැම්මකට ඇති දේකුත් නෙවෙයි නම් මොන එහෙකට මට කියනවද".. සොක්‍රටිස් උත්තර දුන්නා.

    ... ... ... ... ... ... ...


    ගුවන් විදුලියට සවන් දෙනවා ද?
    රූපවාහිනිය නරඹනවා ද?
    පුවත්පත් බලනවා ද?
    බුකියේ සැරිසරනවා ද?‍‍
    ‍දේශපාලන රැස්වීම් ... (එක්කෝ ඕන නෑ)
    ... ... ... ... ... ... ...
    තුන් පෙරහන පාවිච්චි කළොත්
    ඔබට වෙලාව ඉතිරි කර ගන්නට පුළුවන් ගොඩක්...


    fb
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,741
    1
    15,141
    113
    fb deactivate kale na but I avoiding fb now. bayyoi toyyoi maragannawa. youtube kaarayo wall eka puraa spam karanawa. ads watenawa ehen mehen. I use only the messenger now