සරු පවුල් දිවියක් ගෙවීම ගැන වූ දෙසුමක දී, සොදුරිය පැසසීම ගැන වෙසෙසි ව කරුණු මතු කළේය. එ දින රෑ කෑමෙන් පසුව සොඳුරිය පැසසීම පිණිස "අද රෑ කෑම නම් හරිම රසයි" යනුවෙන් පවසා ඇය කෙතරම් සතුටු වන්නේ ද යන්න බලන ලෙස දේසකයා පැවසීය.
සිරිමල් මේ වදන් සිතේ තබාගෙන ගොස්, රෑ කෑමෙන් පසු හරි බරි ගැසී, "අද කෑම නම් පුදුමාකාර රසයි, බොහොම ස්තුතියි" යැයි පැවසීය.
"යකෝ අවුරුදු විස්සක් තිස්සේ මම කෑම උයලා දෙනවා අද තමයි කෑම රසයි කිව්වේ, පුදුමාකාර මිනිහෙක්." යැයි කෑ ගසමින් ඇය දෙස් දෙවොල් තබාගැනීමට පටන් ගත්තාය.
"ඉතිං, මම හොදක් නොවැ කිව්වේ. මොකක්ද ඒකේ වැරැද්ද" සිරිමල් විමසුවේය.
"අද අල්ලපු ගෙදර දානයක්, රෑ කෑම එව්වේ එහෙන් යකෝ!"
උපුටා ගැනීමකි