සොදුරු දඩයක්කරුවාගේ නික්ම යැම - වාස්

mr.tikko

Member
Nov 19, 2010
1,699
399
0
සොදුරු දඩයක්කරුවාගේ නික්ම යැම - වාස්

CVAASNT0728.jpg


වර්නකුලසුරිය පටබැන්දිගේ උශාන්ත ජොසප් චමින්ද වාස් සාමාන්‍යයෙන් ඔහුව දන්නේ චමින්ද වාස් නමිනි. ශ්‍රී ලාංකා කණ්ඩායමෙන් ලොවට දායාද කල හොදම මද වේග පන්දු යවන්නා ලෙස සදහන් කළද එය අතිශොක්තියක් නොවේ.



විචාරකයින් ඔහුව හදුන්වනු ලබන්නේ නව පන්දුවෙන් පන්දු යැවීමේ විශේෂන්යයෙක් ලෙසයි. ඔහුගේ නම ඉදිරියෙන් ඇති වාර්ථා අතර පළමු පන්දුවෙන් කඩුලු දවා ගැනීමේ වාර්ථා සුවිශේෂවේ. ඒ අතර ලොක කුසලාන තරගාවලියකදී පළමු පන්දු 3න් කඩුලු ත්‍රිත්වයක් ගැනීම ඉතා සුවිශේෂී.

කුඩාකල සිටම ආගමික ජීවන රටාවකට හුරුවුන පුද්ගලයෙකු ලෙස වාස් ප්‍රසිද්ධය. ඔහුගේ කුඩාකල අසාව වූයේ කතොලික පූජකයකු වීම වුවත් පසු කලක දෙවියන් වහන්සේගේ ආසව ඔහු ක්‍රිකට් ගහනව දැකීම වියහැකි බැවින් ක්‍රිකට් ක්‍රීඩාව වැඩිදුරටත් ක්‍රීඩාකළබව ඔහුගේ වචනවලින්ම පවසා ඇත.



වීඩියො : බංග්ලාදෙශයට එරෙහිව ලොක කුසලාන තරගාවලියකදි ප්‍රථම පන්දු ත්‍රිත්වයෙන් ලබාගත් කඩුලු ත්‍රිත්වය.


ලොක ක්‍රිකට් කවුන්සිලයේ ප්‍රථම තිළිණ ප්‍රධාන උත්වසයේදී (2004) ලොක ටෙස්ට් හා එක්දින කණ්ඩායම් දෙක සදහාම වාස් තොරා ගැනීම ඔහුගේ දක්ශතාවන් ලොක මිම්මෙන් මැනීමේදී ඉහළ තලයේ තිබූ බවට සැබැ සක්ශියකි. ඔහු නැවත 2005දී ද ලොව ප්‍රබලම ටෙස්ට් ක්‍රීඩකයන් අතරට තොරා ගන්න ලදී.


වමතින් මදවේග පන්දු යවන්නකු වන වාස් පන්දුව දොලනය කිරීමෙන් ප්‍රතිවාදී ක්‍රීඩකයන් කොටුකර තබා ගන්නෙක් ලෙස ප්‍රවීණ විචාරකයන් පෙන්වාදෙයි. එසේම ඔහුගේ කටර් පන්දු ඉතා සුක්ෂම අකාරයෙන් භවිතයේ ප්‍රවීනයෙක් ලෙසත් ඔහු ප්‍රසිද්ධය. අසියානු ක්‍රීඩා පිටිවල ඉතාහොදින් පන්දු යවන අවශ්‍ය ප්‍රධාන කඩුලු ලබාගත හැකි සුවිශේෂ පන්දු යවන්නෙකු වන වාස් ලාංකික වේග පන්දු කරණයට නව පනක් දුන් පන්දු යවන්නෙකි. කාලයක් රටට අත්‍යවශ්‍යව තිබූ වේග පන්දු යවන්නාගේ ස්ථානය ඔහු ඉතා ඉක්මනින් නතු කර ගත්තේය. ඔහු ලන්කා කන්ඩායමට අවතීර්ණය වුණ වකවානුවේ වේග පන්දු යවන්නාගේ කාර්යය වුනේ පන්දුව පරණ කර මුරලිදරන් අතට පන්දුව ලබා දීමයි. නමුත් ඔහුගෙන් පසු වේග පන්දු යවන්නට ලැබිය යුතු ස්ථානය කණ්ඩායමේ ලැබුණි. වාස්ගේ ඇති සිවිශේෂ හැකියාව එකම එල්ලයක් ලබාගෙන එකම අකාරයෙන් පන්දු යැවීමේ හැකියාවයි. එසේම කඩාවැටෙන පිතිකරු ලයිස්තුවට පසුපෙළ සිට පිත්තෙන් ශක්තියක් දීමේ හැකියාවද ඔහු සතුයි. ඔහු ටෙස්ට් ලකුණු 3000 සීමාව පසුකල පන්දු යවන්නෙකි. ටෙස්ට් ක්‍රීඩා ඉතිහාසයේ කඩුලු 200 හා ලකුණු 3000 ලබාගත් ක්‍රීඩකයන් සිටින්නේ ඉතා අල්ප වශයෙනි.

ඔහු දැනට කඩුලු 355 ක් හා ලකුණු 3089ක් ලබාගෙන සිටී එහිදී හොදම පන්දු යැවීම 7/71 ලෙස වාර්ථාවන අතර පිත්තෙන් නොදැවී ලකුණු 100 (2007 දී) ලබා ගැනීම අමතක කළ නොහැක. ඔහුගේ එම ශතකයද ලොක වාරථා අතරට ගිය ශතකයක් විය. ඒ ඔහු එම ශතකය ලබාගත්තෙ තමන්ගේ 97වෙනි තරගයෙදී වීම නිසාය. ටෙස්ට් දිවිය අරම්භ කොට ඒතරම් කාලයක් ගොස් ශතකයක් ලබාගත් එකම ක්‍රීඩකයා වශයෙනි.



චමින්ද වාස් ඉගෙනුම ලැබුවේ මරදාන ශාන්ත ජොශප් විද්‍යාලයෙනි. ඔහුගේ ක්‍රීඩාදිවියේ සුවිශේෂ කඩයිම වශයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට තම මංගල තරගයට 1994 දී සහභාගි විය. ඔහුගේ ක්‍රීඩාදීවියේ ප්‍රථම වසරේදීම ලන්කාවෙන් පිට ලන්කාව ලබාගත් ප්‍රථම ටෙස්ට් ජයග්‍රහණය ලබා දීමට දායක විය. ඒ නවසීලන්තයට එරෙහිව නැපියර්හිදීය. එහිදි ඔහු ප්‍රථම ඉනිමේ 5-47 ලබාගත් අතර දෙවන ඉනිමෙදී 5-43 ලෙස කඩුලු ලබා ගැනීමට සමත් විය. අදාල තරග ලකුණු පුවරුව


2003 ලොක කුසලාන තරගාවලියෙදී වාස් කඩුලු 23ක් ලබාගෙන තරගාවලියෙ ඉහලම කඩුලු ලාභියා බවටද පත් විය. වාස් තමන්ගේ 100 වෙනි ටෙස්ට් තරගයට එන්ගලන්තයට එරෙහිව ක්‍රීඩාකරන ලදී එම තරගය ලොක පූජිත අසහාය ක්‍රීඩක සනත් ජයසූරියගේ අවසාන ටෙස්ට් තරගයද විය.
2008 දී තවත් කඩඉමක් පසු කරමින් වාස් එක්දින කඩුලු 400ක් ලබාගත්පන්දු යවන්නන් සුලුදෙනා අතරට එක්විය. ඔහුගේ 400වෙනි කඩුල්ල වශයෙන් ඉන්දියානු ක්‍රීඩක යුවරාජ් සිං තමන් විසින්ම උඩපන්දුවක් ලබාගෙන දවා ගන්නා ලදී. මීට පෙර කඩුලු 400ක් ලබාගත් ක්‍රීඩකයන් වන්නේ ශ්‍රේෂ්ඨ ක්‍රීඩක මුරලිදරන් (534), වසීම් අක්‍රම් (502) හා වකාර් යුනිස් (416) පමණි. වාර්ථා පිටුව.


මේසා විශාල මෙහෙයක් කළා ලොක ප්‍රජාවගේ ජනාදරයට පත් වර්නකුලසුරිය පටබැන්දිගේ උශාන්ත ජොසප් චමින්ද වාස් නමැති සොදුරු දඩයක්කරුවා ටෙස්ට් දිවියෙන් 2009 ජූලි 29 වන දින සමුගැනීම ප්‍රකාශයට පත් කලේය. පකිස්තානය හා ලන්කාව සහභාගීවූ ටෙස්ට් තරගයෙන් අනතුරුවය. තරග විස්තරය

ඉන් පසු එක්දින පිටියේ දැකගත හැකිවූ වාස් එක්දින පිටියෙන් ද පසුගිය ලොක කුසලාන ආවසාන තරගයෙන් පසුව සමුගන්නා බව ප්‍රකාශයට පත් කළේය. ඒ ඔහුව දක්ශතා අතර සිටියත් කණ්ඩායමට තොරා නොගැනීම පිළිබදව අති සිත් තැවුල නිසාම විය හැක. ඔහුවැනි පන්දු යවන්නෙකුගේ අවශ්‍යතාවය ටෙස්ට් පිටියට ඉතාම අවශ්‍ය බව අප ඉදිරියෙ දැන් දිග හැරී ඇත.
ඔහු රටේ ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් කළ අමිල මෙහෙවරට රටේ සැම සියලු ක්‍රීඩාලොලියෙකුම හදවතින් ණයගැතිය. එසේම වාස් හට ඔහුගේ අවසාන තරගය ක්‍රීඩා පිටියේ සිට අවසන් කිරීමට එක් එක්දින තරගයක් හො ලබාදෙනු ඇතැයි අපි විශ්වාස කරමු. ඒ ඔහු ලන්කාවෙන් බිහිවූ අති දක්ෂ ලාන්කික ක්‍රිකට් ක්‍රීඩාව වෙනස් කිරීමට සමත්වූ ක්‍රිකට් තරුවක් නිසාවෙනි. එසේම ඔහු ක්‍රිකට් ක්‍රීඩාවේදී අදක්ශයෙකු නොවන නිසාවෙනි.
ඔහුගේ සේවාව රටේ ක්‍රිකට් වෙනුවෙන් ලබාගනු ඇතැයි අපි බලපොරොත්තු වෙමු.

මෙම ලිපිය පිලිබදව අදහස් හා යොජනා පහතින් දක්වන්න. ඔබ දන්න ක්‍රිකට් ඔබේ වචනයෙන් ලියන්න CricTurf වෙත එකතු වන්න.



106214.jpg


106419.jpg



ක්‍රික්ටර්ෆ් සදහා නිර්මාණය කළ ලිපියක් වන අතර මෙම ලිපිය උපුටා පළකිරීමේදී මෙම වෙබ් පිටුව සදහන් කිරීමට කාරුණික වන්න.
 
Last edited:
  • Like
Reactions: maxxaa

virajintel

Member
May 9, 2008
2,286
242
0
colombo
apita hitapu hodama fast bowler kiyala kiyanna puluwan. ODI match wala palamu overs 5 athulatha wickets ganna puluwan niyama dakshayek. god bless u!
 

Similar threads