සොදුරු පාසැල් මතකයක්
ඉන්ටවල්
මචං උඹ අත් හේදුවද....?
ඇයි ටැප් වල වතුර ඉවරද....
නැත්තම් යන්ඩ කම්මැලිද...
ඔන්න ඔහෙ කාපන් බන්
ඌරන්ට මොන සෞක්යද...?
සම්බද, නාඩුද, කැකුලුද
බාස්මතීද, කැඩුණු හාල්ද
ඔය මොනව උනත්
'ඉතින් අපිට පාන්ද...?'
පොරකකා බත් කනකොට
ජාතකේ හොයන්නෙ මොකටද....?
දර ලිපේ, ගෑස් ලිපේ ඉදෙන
ඔය කොයි කෑමත්
එකට කලවම් උනහම,
ලුණු රසත් වැඩිය දැනෙනවා
අත් නොසෝදා කනකොට....
කෑම එක ගෙනාවෙ නැත්තන්,
බත් මුල අමතක උනානම්,
කැන්ටිමට සල්ලි මදිනම්,
බලබල ඉන්ඩ එපා බන්
ඇවිත් මේ බත් එකෙන් කාපන්....
කාගෙද බන් කොළ මැල්ලුම
පොල් සම්බෝලෙටයි වැඩිම ඉල්ලුම
බිමට හැලෙනව උනත්
කඩල උඩ දාල කන එකත් මරු සෙල්ලම
එක බත් මුලකින් එක කටක්
කන එකත් ලොකු තරගයක්
ෆ්රයිඩ් රයිස් මුලක්නම්
ආයු කාලය තප්පර දෙක තුනක්
බඩ පිරුනත් නැතත්
හිතනම් පිරෙනවා ලොවෙත් නැති තරම්...
බත් එක ඔතන් ආ පත්තරේ
තිබ්බොත් නිළියෙකුගෙ විස්තරේ
ඒක කියවන්ඩ කට්ටිය පොරේ
ඔය අතරෙ තව එකෙක්
ගිලදමයි බිත්තරේ....
පොරකකා කන විදිහට
දෙතුන් සීයක් බිම බත් ඇට
ජීවිතේට කොස්සක් අතින්වත් නොඅල්ලන,
අතුගාන දවසට පරක්කු වී එන,
උනුත් අතුගානව ඒ වෙලාවට...
මගෙ බත් එකෙන් උඹ කනකොට
උඹෙ බත් එකෙන් මම කනකොට
බත් මාලු එකට කලවම් වෙනකොට
උඹ ගෙනාවද, මම ගෙනාවද
වෙනසක් නැතුවම
බෙදාගෙන අපි කනකොට
සහෝදරකම, යාළුකම
පොත් වලින් උගන්නන්ඩ ඕනෙද...?
මුහුණුපොතෙන්....
මචං උඹ අත් හේදුවද....?
ඇයි ටැප් වල වතුර ඉවරද....
නැත්තම් යන්ඩ කම්මැලිද...
ඔන්න ඔහෙ කාපන් බන්
ඌරන්ට මොන සෞක්යද...?
සම්බද, නාඩුද, කැකුලුද
බාස්මතීද, කැඩුණු හාල්ද
ඔය මොනව උනත්
'ඉතින් අපිට පාන්ද...?'
පොරකකා බත් කනකොට
ජාතකේ හොයන්නෙ මොකටද....?
දර ලිපේ, ගෑස් ලිපේ ඉදෙන
ඔය කොයි කෑමත්
එකට කලවම් උනහම,
ලුණු රසත් වැඩිය දැනෙනවා
අත් නොසෝදා කනකොට....
කෑම එක ගෙනාවෙ නැත්තන්,
බත් මුල අමතක උනානම්,
කැන්ටිමට සල්ලි මදිනම්,
බලබල ඉන්ඩ එපා බන්
ඇවිත් මේ බත් එකෙන් කාපන්....
කාගෙද බන් කොළ මැල්ලුම
පොල් සම්බෝලෙටයි වැඩිම ඉල්ලුම
බිමට හැලෙනව උනත්
කඩල උඩ දාල කන එකත් මරු සෙල්ලම
එක බත් මුලකින් එක කටක්
කන එකත් ලොකු තරගයක්
ෆ්රයිඩ් රයිස් මුලක්නම්
ආයු කාලය තප්පර දෙක තුනක්
බඩ පිරුනත් නැතත්
හිතනම් පිරෙනවා ලොවෙත් නැති තරම්...
බත් එක ඔතන් ආ පත්තරේ
තිබ්බොත් නිළියෙකුගෙ විස්තරේ
ඒක කියවන්ඩ කට්ටිය පොරේ
ඔය අතරෙ තව එකෙක්
ගිලදමයි බිත්තරේ....
පොරකකා කන විදිහට
දෙතුන් සීයක් බිම බත් ඇට
ජීවිතේට කොස්සක් අතින්වත් නොඅල්ලන,
අතුගාන දවසට පරක්කු වී එන,
උනුත් අතුගානව ඒ වෙලාවට...
මගෙ බත් එකෙන් උඹ කනකොට
උඹෙ බත් එකෙන් මම කනකොට
බත් මාලු එකට කලවම් වෙනකොට
උඹ ගෙනාවද, මම ගෙනාවද
වෙනසක් නැතුවම
බෙදාගෙන අපි කනකොට
සහෝදරකම, යාළුකම
පොත් වලින් උගන්නන්ඩ ඕනෙද...?
මුහුණුපොතෙන්....

sundara pasal kalaya
