සොඳුරු ආඥාදායකයා, ධීවර ගමක් සුපිරි රටක් ක&#352

rocat90

Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    සොඳුරු ආඥාදායකයා, ධීවර ගමක් සුපිරි රටක් ක&#352

    L-620x351.jpg




    ලෝකයේ අති සාර්ථක ආර්ථික කතාන්දරයක් ලෙසින් සැලකිය හැකි සිංගප්පූරුව ලෝකයේ සුපිරිතම ආර්ථිකයක් බවට හැරවූ අසාහය නායක ලී ක්වාන් යූ අවුරුදු 91 ක් ආයු වළදා පරලෝ සැපත්විය. සිංගප්පූරුවට මෙම වාසනාව ගෙන දුන්නේ ලී විසින් නිර්මාණය කළ අවංක මෙන්ම ප්‍රායෝගික ආණ්ඩුව හේතුවෙනි. ජාතික ආණ්ඩුවක් නිර්මාණය කරමින් ඉදිරියට යෑමට දඟලන අපිටද මෙම ප්‍රායෝගික නායකයාගේ ජීවිතයෙන් ඉමහත් ආදර්ශයක් ලබාගත හැකිය.
    1959 දී සිංගප්පූරුව නැමති ධීවර ගම්මානයේ අග්‍රාමාත්‍යවරයා බවට පත්වී වසර 31 ක් එම ධූරය දරා 1990 දී ඔහු අග්‍රාමාත්‍ය ධූරයෙන් සමුගන්නා විට සිංගප්පූරුව ආයෝජන පාරාදීසයක් බවට පත්ව තිබුණි.
    1990 දී ඔහු අග්‍රාමාත්‍ය ධූරයෙන් සමුගත්තද සිංගප්පූරුවේ ප්‍රතිපත්ති සම්පාදනය වෙනුවෙන් ඔහුගේ යෝධ සෙවණැල්ල මියයන තුරුම වැටී තිබුණු බව අනාවරණය වේ.

    ලී, ඉපදෙන්නේ සිංගප්පූරුව බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන්ගේ යටත් විජිතයක්ව තිබියදීයි. ඔහු තරුණ වියට පත්වන විට ජපානය විසින් සිංගප්පූරුව මත මුදාහළ යටත් විජිතවාදී පාලනයේ විලිලැජ්ජා සහිත බව ඔහුගේ හදවතේ ගැඹුරටම කිඳා බසී.
    පසුව, උසස් අධ්‍යාපනය සඳහා ලන්ඩනයට යන ලී, කේම්බ්‍රිජ් සරසවියේ දීප්තිමත් ශිෂ්‍යයෙකු වන්නේය. ඔහු යුද්ධය අවසන් වූ පසුව නැවතත් සිංගප්පූරුව බලා පැමිණෙන්නේ යටත් විජිතවාදයට එරෙහි අරගලයට පණ දීම සඳහායි. මේ අනුව, පීපල්ස් ඇක්ෂන් පාටි (PAP) නැමති දේශපාලන පක්ෂය බිහිකිරීමේ පුරෝගාමියෙකු ලෙස ලී, පෙරමුණේ සිටී.
    සිංගප්පූරුව 1959 දී බ්‍රිතාන්‍යයෙන් ස්වයං රාජ්‍යත්වය දිනාගැනීමේදී මෙම පක්ෂයේ නායකයා වූයේ ඔහු වන අතර ඔහු සිංගප්පූරුවේ අග්‍රාමාත්‍යවරයා බවට පත්විය.
    ලී ක්වාන් යූ මහතාගේ දේශපාලන දර්ශනය ආන්දෝලනාත්මක එකක් වන අතර සමහරුන් දැඩි ලෙස විවේචන එල්ල කරද්දීත් ඔහු සිංගප්පූරුවට දැඩි නීති සහ දඬුවම් හඳුන්වාදීමට පියවර ගත්තේය. මේ ආකාරයෙන් සිංගප්පූරුව විනය ගරුක සහ පිරිසිදු රටක් බවට පත්කිරීමට ඔහුට හැකිවිය.
    ලී ක්වාන් යූ යටතේ සිංගප්පූරුව ආණ්ඩුවේ දැඩි පාලනයට යටත්වූ රාජ්‍යයක් බවට පත්වන අතර වාර්තා වන ආකාරයට තිබී ඇත්තේ ඉතා සීමා සහිත මහජන උද්ඝෝෂණ ප්‍රමාණයකි. මෙවන් පරිසරයක් තුළ සිංගප්පූරුවේ අඩු බදු, ඉතා දියුණු පාසැල් පද්ධතිය, අපරාධ අඩුවීම, ආයෝජනයට හිතැති නීති, දැවැන්ත යටිතල පහසුකම් ගොඩනැංවීම නිසා බටහිර සමාගම් විසින් ඉතාමත් ආකර්ශනීය ආයෝජන මධ්‍යස්ථානයක් ලෙසින් සිංගප්පූරුව තෝරා ගන්නේය.

    මේ අනුව, අග්නිදිග ආසියාවේ සහ නැගෙනහිර ආසියාවේ ව්‍යාපාරික කටයුතු කරන බොහෝ යුරෝපීය සමාගම් ප්‍රමුඛ ලොව දැවැන්ත සමාගම් සිය මෙහෙයුම් මධ්‍යස්ථානය බවට පත්කර ගන්නේ සිංගප්පූරුවයි.
    ඒකාධිපති නායකයෙකු ලෙසින් වැජඹුණු ලී ක්වාන් යූ හට සිංගප්පූරුව දැවැන්ත ලෙස පාලනය කිරීමේ බලය තිබුණු අතර ඔහු විසින් සිය විරුද්ධවාදීන් සිරගත කර තිබෙන අවස්ථාද තිබේ.
    වාර්තාවන ආකාරයට ඔහුගේ සමයේදී ජනමාධ්‍යවේදීන් සහ දේශපාලන විරුද්ධවාදීන් පාලනය කිරීම සඳහා විශාල වශයෙන් අධිකරණය භාවිතා කර තිබෙන අතර මේ පිළිබඳව ලී, වෙත දැඩි විවේචන එල්ල වී ඇත.
    සිංගප්පූරුව අපිරිසිදු වන බව පවසමින් ලී ක්වාන් යූ එරට chewing gum අලෙවිය පවා වරක් තහනම් කර තිබේ.
    කෙසේවෙතත්, ඔහු මෙවන් ගමනක් රැගෙන ගොස් කුඩා සිංගප්පූරුව ලොව ධනවත්ම රාජ්‍යයක් බවට පත්කිරීමට සමත්විය.
    අනාගත අවස්ථාව තම මනසින් දැක අධිෂ්ඨානයකින් යුතුව සිය ජනතාව එය වෙත රැගෙන ගොස් ඔවුන්ගේ ජීවිත ආලෝකමත් කළ හෙයින් ඔහු ලෝක සම්භාවනාවට පාත්‍රවී තිබෙන්නේ ඒකාධිපතියෙකු ලෙසින් නොව අසාහය නායකයෙකු ලෙසයි.
    වර්ග කිලෝමීටර් 716 කින් යුතු ලක්ෂ 53 ක් පමණ සිටින නගරයක් වන සිංගප්පූරුව ලෝකයේ දැවැන්ත රාජ්‍ය සමග කරට කර සිටින රටක් බවට පත්කිරීම ඔහුගේ අද්විතීය නායකත්වයේ ප්‍රබලත්වය පෙන්වීමට තිබෙන ජීවමාන සාක්ෂියයි.
    ලී, ඔබට සුභ ගමන්



     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    සිංගප්පූරුවේ නිර්මාතෘවරයා ලෙස පිළිගැනෙන ලී ක්වාන් යූ අද අලුයම මියගියේය. මියයන විට 91 වැනි වියේ පසුවූ ලී ක්වාන් යූ එරට ප්‍රථම රාජ්‍ය නායකයා වූයේය.
    මලයාසියානු අර්ධද්විපයේ දකුණු ප්‍රදේශයේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය යටතේ පාලනය වූ වර්ග සැතපුම් 226ක විශාලත්වයකින් යුතු සිංගප්පූරුව මැලේසියාවෙන් වෙනව ස්වාධීන රාජ්‍යයක් බවට පත්කරන ලද්දේ 1959 වර්ෂයේ දී ය. රාජ්‍ය නායකත්වයට පත්වූ ලී ක්වාන් යූ කියා සිටියේ ඔහු තම රාජ්‍යය ශ්‍රී ලංකාවක් බවට පත්කරන බවයි.
    1923 සැප්තැම්බර් මස 16 දා උපන් ලී බ්‍රිතාන්‍යෙය් කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයෙන් සිය උසස් අධ්‍යාපනය ලැබීය. බ්‍රිතාන්‍යයේ අධ්‍යාපනය ලැබූ කාලයේ ඔහු නීතිඥයෙකුසේම උපාධිධාරියකුද වූ අතර, පරිණත දේශපාලනඥයකුද විය. ළමා වියේ සිටම සමාජ සේවා දේශපාලන කටයුතුවලට කැමැත්තක්‌ දැක්‌වූ ලී කොමියුනිස්‌ට්‌ දේශපාලන පක්‍ෂයක්‌ වන සමාජවාදී මහජන විමුක්‌ති පක්‍ෂය නමින් පක්‍ෂයක්‌ 1954 දී පිහිටුවා එහි ලේකම් පදවිය දැරීය. අනතුරුව 1955 දී සිංගප්පූරුවේ ව්‍යවස්‌ථාදයක සභාවේ නියෝජිතයෙකු ලෙසද පත්වූයේය.
    ඇමෙරිකාවේ ජනාධිපති බැරක් ඔබාමා වරක් කියා සිටියේ ලි ක්වාන් යූ යනු සිංගප්පූරුවේ යෝධයා බවයි.
     

    trng

    Well-known member
  • Jul 18, 2008
    1,066
    362
    83
    ලී ක්වාන් යූ ගියෙ General Hospital එකට,, අපෙ අය කෑස්සටත් යන්නෙ සින්ගප්පුරු Mount Elizabeth hospital එකට :angry::angry::angry:
     
    Last edited:

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    ලී ක්වාන් යූ ගියෙ General Hospital එකට,, අපෙ අය කෑස්සටත් යන්නෙ සින්ගප්පුරු Mount Elizabeth hospital එකට :angry::angry::angry:
    :angry::angry::angry:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    මේ වගේ මැරෙන්න තිබ්බ අපෙහ් මැදමුලන ගන්කබරයා බලයට ධනයට ඇති කෑදරකම නිසා බල්ලෙක් වගේ මැරෙන්න යන්නේ
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    මේ වගේ මැරෙන්න තිබ්බ අපෙහ් මැදමුලන ගන්කබරයා බලයට ධනයට ඇති කෑදරකම නිසා බල්ලෙක් වගේ මැරෙන්න යන්නේ
    eyata arthika darshnayak thibbe na ban ,udden passe hoda arthika drshnayak one

    ARTHIKA DANUMA saha kalamana karanaya danna hoda business man kenek enna one ban janadi pathita ,me yakku hriyanne na