සොඳුරු දෙපාවල රහස..
ඇතැම් කාන්තාවන් තද කලිසම්, ගවුම්, කෙටි සාය සහ වෙනත් කෙටි ඇඳුම් අඳිනවා තියා අඳින්න හිතන්නෙවත් නෑ. තෑග්ගකට ලැබුණත් කවදාවත් ඒ වගේ ඇඳුම් අඳින්න ඔවුන්ගේ කැමැත්තක් නෑ. මේකට හේතුව තමයි ඔවුන්ගේ දෙපා ඔවුන්ට අනුව ඒ තරම් ලස්සන හෝ ආකර්ශණීය නැති එකයි.
ඕනම කාන්තාවක් කැමතියි තමන්ගේ මුළු ශරීරයම ලස්සනට සහ ආකර්ශණීය ආකාරයෙන් පවත්වගෙන යන්න. ඒ නිසා දෙපා ගැන ඔවුන් වැඩි අවධානයක් යොමු කරනවා. වියලුණු, අධික තරබාරු, කැළැල් සහිත, අව පැහැගැන්වුණු, රැළිවැටුණු දෙපා තියන කාන්තාවන් පාද නිරාවරණය වෙන ඇඳුම් අඳින්න කැමැත්තක් නැත්තේ ඒ නිසා ඔවුන්ගේ ආකර්ශණීයභාවයට පෙනුමට හානියක් වෙයි කියලා.
‘අපෝ..මූණනම් හඳ වගේ..ඒත් කකුල් දෙක නම් ගන්න දෙයක් නෑ ‘ කියලා කාන්තාවොම තවත් කාන්තාවන්ට කියනවා ඔබටත් ඇහිලා ඇති. ඒ නිසා ලස්සනට ඔබේ දෙපා පවත්වගෙන යන්න මෙන්න මේ දේවල් කරලා බලන්න.
ආහාර පාලනය
සාමාන්‍ය පිළිගැනීම තමයි ආහාර ගැනීමේදී ප්‍රෝටීන් 15% ක් මේදය 30% ක් කාබෝහයිඩ්රේට් 50% සහ අනෙකුත් පෝෂක 5% ලෙස ආහාර සමබර කිරීමයි. දිනකට අවශ්‍ය කැලරි ප්‍රමාණය 1800 කට ආසන්න නිසා මෙයට මදක් අඩුහෝ මේ ප්‍රමාණයෙන් ආහාර ගත්තේ නැත්නම් ඔබට විශාල සහ අලංකාර නැති කකුල් දෙකක් බවට ඔබේ ලස්සන දෙපා පත්වෙන ආකාරය කණගාටුවෙන් වුනත් බලාගෙන ඉන්න වෙයි.
ඒ වගේම දිනකට පානය කරන ජලය ප්‍රමාණය සමේ වියළීම අඩුකරන නිසා දිනකට ලිටර 1.5 – 2 අතර ජලය ප්‍රමාණයක් ආහාර ගන්න අතරේ සහ ඕනෑම වෙලාවක පානය කරන එක වැදගත්. නැත්නම් ඔබේ දෙපාවල සම ටික දවසකින් වේලුණු වැවක් ගාණට පත්වෙනවා.
ගැලපෙන ආහාර
ශරීරය ලස්සනට පැහැපත්ව තියාගන්නනම් විටමින් ඊ අනිවාර්යයි. රටකජු, ආමන්ඩ් වගේ දේවල්වල විටමින් ඊ අඩංගු වෙනවා. ඊට අමතරව ශරීරයේ විටමින් ඊ වෙනමම කරල් වශයෙන් ගන්නත් පුළුවන්. ඒ විතරක් නෙවෙයි මිදි,ගෝවා වගේ දේවල් නිසාත් විශේෂයෙන් දෙපාවලට පෝෂණය සැපයෙනවා.
ඇපල්, කෙසෙල් වගේ දේවල් නිතර ආහාරයට ගන්න කාන්තාවන්ගේ දෙපා බොහොම ලස්සනට පිහිටිනවා. මොකද ඒවායේ පෝෂණය නිසා ඔබේ මස්පිඩු සුමට සහ අලංකාර කරනවා. ඒ වගේම පිරිසිදු නැවුම් පළතුරු වල අඩංගු විටමින් සී ද ශරීරය ලස්සන කරගන්න ඉතාම වැදගත්.
ව්‍යායාම
ලස්සන දෙපා පවත්වගෙන යන්න කාලා බීලා ඉඳලා විතරක් හරියන්නේ නෑ. ටිකක් ඇඟ මහන්සි කරන්නත් වෙනවා. දිනපතා විනාඩි 20ක් ඇවිදීම, සතියකට වරක්වත් එක දිගට පැය 3ක් විතර ඇඟ වෙහෙසලා කරන ව්‍යායාම ලස්සන දෙපාවලට බොහොම ලොකු දායකත්වයක් සපයනවා.
ඒ වගේම පිහිනීම, නර්තනය, බයිසිකල් පැදීම, යෝගා ව්‍යායාම, Stretching වගේ දේවල් කරන්න පුළුවන්නම් තවත් හොඳයි. හැබැයි ටෙනිස්, බැඩ්මින්ටන්, බොක්සින් වගේ ක්‍රීඩාවලදි දෙපා වලට දරන්න වෙන අධික බර සහ වෙහෙසකාරී තත්වය එක්ක පාද ලස්සන පවත්වගෙන යන්නනම් ඒ ක්‍රීඩා එක්ක ටිකක් අමාරුයි.
සම්බාහනය
නිතර ඔලිව් තෙල් හෝ ආමන්ඩ් තෙල් වලින්. නැත්නම් ශරීරයේ තෙතමනය පවත්වාගෙන යන තෙල් හෝ ක්‍රීම් වර්ගයක් ආලේප කරලා දෙපා හොඳින් මසාජ් කරන්න පුළුවන්නම් ඉතාම හොඳයි.
ඒත් මෙන්න මේ දේවල්නම් කරන්නම එපා. තදට කලිසම්, ගවුම් දෙපා හිරවෙන ආකාරයට අඳින්න එපා. ඒ වගේම වාඩි වෙලා ඉන්නකොට පැය ගාණක් තිස්සේ කකුලක් පිට කකුලක් දාගෙන ඉන්නත් එපා. එයින් පාද පිටිපස මස්පිඩු විකෘති වෙන්න හේතුවෙනවා. අධික සීතල හෝ අධික උණුසුම් ජලයෙන් දෙපා සේදීම කරන්නත් එපා. ඒ වගේම දීර්ග වේලාවක් වායුසමනය කල ස්ථානවල ඉන්න එකත් සුන්දර දෙපාවලට දායකත්වයක් දෙන්නේ නෑ
උපුටා ගැනීම - www.her.lk