අද ලෝකයේ සෑම තැනකින්ම පාහේ අසන්න දකින්න ලැබෙන්නේ ස්වභාවික අනතුරු ගැනයි.නාය යෑම්,ගං වතුර,සුලි කුනාටු,භූමි කම්පා,සුනාමී මෙකී නොකී සෑම සියළු අකාරයේ,මීට පෙර නොවූ විරූ ස්වභාවික අනතුරු වලින් මුළු ලෝකයම ගිල ගනිමින් පවතිනවා.අපට වැරදුනේ කොතනද?,අප මින් ගොඩ එන්නේ කෙසේ ද?,ඔබ කිසි දිනෙක මෙලෙස ඔබේ සිතින්ම ප්‍රශ්න කරගෙන තිබේද?මදක් සිතන්න අද විශාල වශයෙන් ම ස්වභාවික අනතුරු වලට භාජනය වන රටවල් මොනවද කියල.ඒ රටවල් වලින් 95%ක්ම කාර්මික අතින් දියුණු වූවා යැයි උදම් අනන රටවල් නොවේද
?.
දැන් අපි ශ්‍රී ලංකාව දෙසට හැරෙමු.පසු ගිය අඩ සිය වස දෙස හැරී බලන විට අවස්ථා දෙකක දී පමණ හැරෙන්නට ශ්‍රී ලංකා ඉතා විශාල ස්වභාවික ව්‍යසන වලට මුහුණ පා නොමැත
(2004 දී ඇති වූ සුනමිය හා 1970 ගණන් වල සිදු වූ කුණාටු තත්වය).නමුත් පසු ගිය වසරක පමණ කාලය දෙස හැරී බලන විට ශ්‍රී ලංකාවේ කාලගුණ තත්වය කෙමෙන් කෙමෙන් වෙනස් වන බවට සාක්ශි ඉදිරිපත් කළ හැක. අප මේ ගමන් කරන්නේ තවත් අඳුරු පරිච්ඡේදයකටද
?
අප අතරින් කී දෙනෙක් සත්‍ය වශයෙන්ම ස්වභාව ධර්මයට ඇලුම් කරන්නේ ද
?.මදක් සිතා බලන්න ඔබ අහාරයට ගත් ටොෆියක කොළය කී වාරයක් නම් ඔබ විසින්ම පරිසරයට එක් කර ඇත්තද?ඔබේ ජීවිත කාලය තුළ ඔබ එක් වරක්වත් පැළයක් සිටුවා ඇත් ද
?.එහෙත් ගසකින් ගෙඩියක්,මලක් කොළයක් කඩා ගැනීමට නම් කිසි දිනෙක ඔබ පැකිලෙන්නේ නෑ නේද?
ආපසු හැරී බලන්න, එක දිගට වහිනකොට වැස්සට බැනීමත්,එක දිගට පායන විට අව්වට බැනීමත් හැරෙන්න ස්වභාව ධර්මයත් අපත් අතර සම්න්ධතාවයක් අප විසින් පවත්වාගෙන තිබේද?.
තවමත් ප්‍රමාද නැත.කළ හැකි දේ බොහෝය.කල යුත්තේ සවභාව ධර්මය අපට සපයන සහයෝගයට ප්‍රති උපකාර කිරීම පමණි!
සුදු ජාතිකයන් ඇමෙරිකාව යටත් කරගන්නා සමයේ එහි වාසය කළ රතු ඉන්දියානුවන්ගේ නායකය සියැටල්, සුදු ජාතිකයන්ගේ විනාශකාරී ක්‍රියා කලාපය දැක අපූරු කතාවක් සිදු කරනව.එම කතාවේ එන අලංකාර වැකියකින්ම මේ ලිපිය මා අවසන් කරනවා
!
"This we know the earth does not belong to man-man belongs to earth"
මෙන්න සියැටල්ගෙ සම්පූර්ණ කතාව
JB ගෙන්.......
?.දැන් අපි ශ්‍රී ලංකාව දෙසට හැරෙමු.පසු ගිය අඩ සිය වස දෙස හැරී බලන විට අවස්ථා දෙකක දී පමණ හැරෙන්නට ශ්‍රී ලංකා ඉතා විශාල ස්වභාවික ව්‍යසන වලට මුහුණ පා නොමැත
(2004 දී ඇති වූ සුනමිය හා 1970 ගණන් වල සිදු වූ කුණාටු තත්වය).නමුත් පසු ගිය වසරක පමණ කාලය දෙස හැරී බලන විට ශ්‍රී ලංකාවේ කාලගුණ තත්වය කෙමෙන් කෙමෙන් වෙනස් වන බවට සාක්ශි ඉදිරිපත් කළ හැක. අප මේ ගමන් කරන්නේ තවත් අඳුරු පරිච්ඡේදයකටද
?අප අතරින් කී දෙනෙක් සත්‍ය වශයෙන්ම ස්වභාව ධර්මයට ඇලුම් කරන්නේ ද
?.මදක් සිතා බලන්න ඔබ අහාරයට ගත් ටොෆියක කොළය කී වාරයක් නම් ඔබ විසින්ම පරිසරයට එක් කර ඇත්තද?ඔබේ ජීවිත කාලය තුළ ඔබ එක් වරක්වත් පැළයක් සිටුවා ඇත් ද
?.එහෙත් ගසකින් ගෙඩියක්,මලක් කොළයක් කඩා ගැනීමට නම් කිසි දිනෙක ඔබ පැකිලෙන්නේ නෑ නේද?ආපසු හැරී බලන්න, එක දිගට වහිනකොට වැස්සට බැනීමත්,එක දිගට පායන විට අව්වට බැනීමත් හැරෙන්න ස්වභාව ධර්මයත් අපත් අතර සම්න්ධතාවයක් අප විසින් පවත්වාගෙන තිබේද?.
තවමත් ප්‍රමාද නැත.කළ හැකි දේ බොහෝය.කල යුත්තේ සවභාව ධර්මය අපට සපයන සහයෝගයට ප්‍රති උපකාර කිරීම පමණි!
සුදු ජාතිකයන් ඇමෙරිකාව යටත් කරගන්නා සමයේ එහි වාසය කළ රතු ඉන්දියානුවන්ගේ නායකය සියැටල්, සුදු ජාතිකයන්ගේ විනාශකාරී ක්‍රියා කලාපය දැක අපූරු කතාවක් සිදු කරනව.එම කතාවේ එන අලංකාර වැකියකින්ම මේ ලිපිය මා අවසන් කරනවා
!"This we know the earth does not belong to man-man belongs to earth"
මෙන්න සියැටල්ගෙ සම්පූර්ණ කතාව
JB ගෙන්.......
Last edited: