සොභාදහමේ අපූරු අභිරහස් නිර්මාණ

Hobs

Well-known member
  • Sep 14, 2014
    1,195
    548
    113
    Sri Lanka
    සොභාදහමේ අපූරු අභිරහස් නිර්මාණ

    අභිරහස් හා අරුම පුදුම විස්මිත දේවල් ගැන දැනගන්න ඔයාලා හැමෝම කැමතියි නේද ? මේ පළවෙන්නේ ලෝකයේ එක් එක් ස්ථාන වල සොභාදහම විසින්ම නිර්මාණය කරන ලද අපූරු පිහිටීම් කීපයක්. ස්වභාවික සෑදී ඇති මේ නිර්මාණ මිනිස් අතකින් හදන්න ගියා නම් කොහොම වෙයිද කියලා පින්තූර ටික බලලම හිතාගන්නකෝ...



    පිලිපීනයේ චොකලට් නිම්නය

    Hills-Wallpaper-chocolate-hills-Wallpapres-4.jpg

    කේතු හැඩැති කුඩා කඳුගැට වැනි වස්තූන් 1,770 පමණ මේ නිම්නයේ අඩංගුවේ. මේ අසාමාන්‍ය භූ පිහිටීමට හේතුව තාමත් භූ විද්‍යාඥයන්ට නම් අභිරහසක්. මේ අපුරු කේතු වර්ග කිලෝමීටර 50 ක් පුරා විහිදී පවතිනවා.


    නවසීලන්තයේ මොවුරකි කළුගල් පර්වත

    e71e99fa.jpg


    නවසීලන්තයේ දර්ශණිය “කොයිකොහේ”වෙරළ පුරා විසිරී ඇති මේ කළුගල් බෝල සංචාරකයන්ගේ නොමඳ අවධානයට පාත්‍ර වන දසුනක්. මේවා දුර්ලභ ඛනිජයකින් තැනී ඇති බවයි පැවසෙන්නේ. ඒ මීට අවුරුදු මිලියන 26 කට පමණ පෙරයි.




    ඕස්ට්‍රේලියාවේ කොත් කනු කාන්තාරය

    U7398P1274DT20120415130218.jpg

    හුණුගල් හා වැලිගල් කණු දහස් ගණනක් මේ කාන්තාරය පුරා විසිරී තිබේ. මේ කණු සමහරක් මීටර් හතරක් පමණ උස්වේ. මේ ආකාරයේ තවත් අමුතු ආකාරයේ පර්වත පිහිටීම් ඕස්ට්‍රේලියාව පුරාම පිහිටා ඇති අතර ඒ අපූරු පිහිටීම් ජනප්‍රිය සංචාරක ස්ථාන බවට පත්වී තිබේ.




    චීනයේ පාෂාණ වනාන්තරය

    images


    MG9370-M.jpg

    දකුණු චීනයේ වර්ග කිලෝමීටර 500,000 ක් පුරා පැතිරුනු භූ ලක්ෂණ අඩංගු මේ භූමිය යුනෙස්කෝ ලෝක උරුමයක් ලෙසද නම් කර තිබේ. මේ පාෂාණ කණු වල හැඩතල හා වර්ණ සංකල්නය එකිනෙකට වෙනස් වන අතර සොභාදහමේ තවත් විස්මිත නිර්මාණයක් ලෙස මෙය හැඳින්විය හැකියි.





    ඇමරිකාවේ ඇන්ටිලෝප කැනියම

    antelope-slot-canyon.jpg


    _LEE5194-2.jpg

    ඉතා විශ්මයජනක පර්වත පිහිටීම් ඇති ස්ථානයකි. මේ කැනියම ඉහල හා පහල ලෙස කොටස් දෙකකට ඛෙදේ. මේ පර්වත අතරින් ජලය ගලායෑම නිසා මේ අමුතු හැඩය ගෙන ඇතැයි පැවසෙන අතර ඉහල කොටසට වඩා පහළ කොටස ගැඹුරු වන අතර වඩාත් චමත්කාරජනක වේ.

    බම්ප් එකක් එහෙම දාලා සලකලා යන්න අනිත් කට්ටියටත් බලන්න. :D:D:D
     
    Last edited:

    Similar threads