සොයන්නද මා ඔබව....

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    සොයන්නද මා ඔබව....

    වචනයෙන් නොකියවෙන...
    අකුර‍කින් නොලියවෙන...
    ගීයකින් නොම ගැයෙන...
    ආදරේ හිත සොයන.....

    අහස් කුස පුරා නැග..
    ලොවට එළි පතුරුවන....
    හිරු සමග එකතු වී...
    සොයන්නද මා ඔබව.....
    තුරු හිසින් හමා යන...
    සිහිල බෙදලා මියෙන....
    සුලග සේ පියඹමින්....
    සොයන්නද මා ඔබව.....

    කෙලිදොලෙන් කල් ගෙවන..
    මිතුරු ඇසුරෙන් පිටව...
    පාළු දුර ඇති තැනක...
    සොයන්නද මා ඔබව.....
    අදුරු තැන එළිය දී.....
    දුබල තැන සවිය වී....
    තුන් ලොවේ දිරිය ගෙන....
    ‍සොයන්නද මා ඔබව......

    බිම වැටෙන හැම වරෙක..
    දිරිය වී ලග හිදින....
    යෙහෙලියක් සේ මගේ..
    සිතුම් හදුනා හිදින.....
    මා අසල සිටියමුත්...
    හදවතට නොම දැනෙන....
    අන්ධ ආලය තුලින්...
    සොයන්නද මා ඔබව....

    15f023ba37c07a6a45dace43a814d135_answer_1_xlarge.jpeg
     
    • Like
    Reactions: rcccc and Rex921

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    මොනවද තව සොයන්න තියෙන්නේ ?????
    හම්බුනා එකට අන්න නොදී තියා ගන්න :D
    btw nice as always :)