සොරි.. මo හිතුවෙ මගෙ ගෑනි කියලා..

9.57

Well-known member
  • සොරි.. මo හිතුවෙ මගෙ ගෑනි කියලා..

    කුඩු වෙන්න ගහපු ඩයල් එකක් සෙනඟ පිරිච්ච බස් එකකට නැග්ගලු.
    සෑහෙන වෙලා වටපිට බල බල ඉන්ඳලා බස් එකේ මැදක් හරියෙ ඉන්න ගෑනියෙක්ව දැකලා
    සෙනඟ පෙරලා ගෙන ඇවිත් ගෑනිට කිස් එකක් දුන්නලු.:eek::eek::shocked:

    වටේම ඉන්න සෙනඟ ගෑනිගෙ කරේ ඉන්නව මදිවට
    බීපු යකෙක් ඇවිත් කිස් එකක් දුන්නම කොහොමට තියෙයිද...
    ගෑනිත් අනිත් පැත්ත හැරිල අරූට කණ පුපුරන්න පාරක් දුන්නලු මිනිහගෙ වෙරි හිඳෙන්නම...:shocked:

    කරකවලා අතෑරිය වගේ මිනිහටත් හොඳ සිහිය ආවලු...
    "අනේ සොරි මැඩම්... මo හිතුවෙ මගෙ ගෑනි කියලා...
    මගේ ගෑනිත් මැඩම් වගේමයි.."

    ගෑනිට තවත් මල පැන්නලු...
    "ඈ බොල වල් මීමෝ...
    ජරාවල් බීගෙන මේක අස්සෙ රිOගන්නෙ වෙන යන්න තැන් තිබ්බෙම නැද්ද??
    අසමජ්ජාති කාලකන්නි"

    අර යකා පුදුමෙන් වගේ..
    "පුදුමයිනෙ දෙයියනේ... නෝනා කතාකරන විදිහත් ඒ වගේමනේ..."
    :rofl::lol::rofl: