සොරි_ඩොට්_කොම්

Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
සොරි_ඩොට්_කොම්

අසභ්‍ය වචනයෙන් බැන වදිමින් ෆේස් බුක් මගින් අපහාස කරන පුද්ගලයන්ට ‘සොරි ඩොට් කොම්‘..!



Cyber_Criminals_danger.jpg


අන් පුද්ගලයන්ට අසභ්‍ය වචනයෙන් බැන වදිමින් ෆේස් බුක් හරහා අපහාස කරන පුද්ගලයන්ට අනතුරු අඟවන සිද්ධියක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේදී දකින්නට ලැබිණ.
ජනාධිපතිවරණයේදී ජනාධිපති අපේක්ෂකයෙකුට මඩ ගැසීමේ අරමුණින් අසභ්‍ය වචන අන්තර්ජාලයට මුදාහැරීමත්, අසභ්‍ය වචන අන්තර්ජාලයේ ෆේස්බුක් ගිණුම්වලට යොමුකරමින් කාන්තාවකගේ ඡායාරූප ප්‍රදර්ශනය කිරීමත්, අදාළ කාන්තාවට මානසික පීඩනයක් ඇතිවන අයුරින් අසභ්‍ය කාරණා ලිවීමත් හේතු කොට ගෙන දිසානායක මුදියන්සේලාගේ සුජිත් නිලන්ත නමැති බදුල්ල ප්‍රදේශයේ පුද්ගලයෙකු පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන අද (30) ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා හමුවට ඉදිරිපත් කර තිබිණ.
1983 අංක 22 දරන අසභ්‍ය ප්‍රකාශ සංශෝධන පනත යටතේ ද, 1997 අංක 15 දරන අපරාධ නඩු විධාන සංග්‍රහ පරිච්ඡේදයේ 136 (1) ආ වගන්තිය යටතේද ඔහු දඬුවම් ලැබිය යුතු වරදක් සිදුකර ඇතැයි පොලිසිය චෝදනා නගා තිබිණ. මෙම නඩුව ලබන 01 දා විභාගයට ගැනීමට විනිසුරුවරයා තීරණය කෙළේය.
කිසිදු සංවර කමක් නොමැතිව ඉතාමත් තිරිසන් ආකාරයෙන් රටේ ඕනෑම වැදගත් පුද්ගලයෙකුට කුණුහරුපයෙන් බැන වැදීමට ෆේස්බුක් හරහා පිරිසක් පුරුදු වී සිටින්නේය. ඔවුන් එලෙස පුරුදු පුහුණු කෙළේ පසුගිය කාලයේ රාජපක්ෂ රෙජීමය විසින් පෝෂනය කළ නානසාරවාදී තිරිසන් ජාතිවාදී ආගමික අන්තවාදීන් වන අතර දැන් එය පරාජිත මෘග චෞර මරාවාදීන් අතට ගෙන සිටින්නෝය. එවැනි පුද්ගලයන්ට ඉහත සිද්ධිය වැදගත් පාඩමක් වනු ඇත.
උපහාසය ලෝකයේ පිලිගත් සම්ප්‍රදායක් වුව, අසභ්‍ය ලෙස බැන වැදීම සහ අනෙකාගේ සිත් රිදවන අන්දමට අපහාස නිග්‍රහ කිරීමට නීතිමය වශයෙන් කිසිදු රටක කිසිදු ඉඩක් නැත. නමුත් සමාජයට වැරදි කරන බලවන්තයන්ගේ වැරදි හෙලිකර ඔවුන් නම් කර ලජ්ජාවට පත් කිරීමට (named and shamed) ඉඩක් ඇත. දෙමළා, තම්බියා, මට්ටයා, පාත්තයා, පොන්නයා ආදී වශයෙන් පුද්ගලයන්ගේ ජාති කුල ප්‍රදේශ ලිංග පදනම මත අපහාසාත්මක හිත්රිදවන වචන ලංකාවේ චීවරධාරීන් පවා ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළද ශිෂ්ඨාචාර බටහිර රටවල ‘කල්ලා‘ කියා කීම පමණක් නොව දැන් වනවිට ‘ආසියානුවා‘ ‘අප්‍රිකානුවා‘ කියා කීම පවා හිත්රිදවන වචන සේ සලකා බැහැර කර තිබේ.
ව්‍යාජ ගිණුම් මගින් මෙවැනි දේ සිදුකරන දැලිපිහිය අතට ගත් රිලවුන් වැනි ලංකාවේ නූගත් සුළුතරයක් සිතාගෙන සිටින්නේ ඔවුන් කවුදැයි අල්ලා ගත නොහැකි බවයි. වත්මන් දියුණු තාක්ෂනය අනුව එවැන්නන් හඳුනා ගැනීමට යන්නේ සති මාස ගණන් නොව පැය ගණනක් බව ඔවුන් නොදන්නවා විය යුතුය.
එනිසා කුර සහ අං ඇතිවුන් ලෙස ෆේස් බුක් වැනි සමාජ මාධ්‍ය භාවිතා කරන මුග්ධයන් ප්‍රවේසම් විය යුතු කාලය පැමිණ ඇත.
 

Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
දිල්වාලේ නමින් පෙනී සිටන අයට ලගදීම සොරි ඩොට් කොම්
 
Last edited: