සොරුන්ටත් නිගාදෙන පාපතරයක්
වතුර ඉල්ලා නිවසකට පැමිණ වයෝවෘද්ධ මවගේ
කරාබු දෙක කන්පෙති සමග කඩාගෙන ගිහින්
කරන්දෙණිය - අමල් ප්‍රියංකර
නියාගම, මත්තක, කිඹුලාවල ප්‍රදේශයේ වයෝවෘද්ධ මාතාවකගේ කරාබු යුගලය කන් දෙකද සමග කඩාගෙන ගිය ශෝචනීය පුවතක් පිටිගල පොලිසියෙන් අසන්නට ලැබේ. සොරුන්ටත් නිගාදෙන පාපතරයකු විසින් කරන ලද මෙම පහත් සොරකමට මුහුණපා ඇත්තේ ජී. එල්. සොපිනෝනා නමැති හැත්තෑ හැවිරිදි කාන්තාවකි.
වයස අවුරුදු තිස්‌පහක පමණ අයෙකු මෙම කාන්තාව විසූ කුඩා නිවසට දහවල් දොළහට පමණ පැමිණ වතුර වීදුරුවක් ඉල්ලා තිබේ.
කාන්තාව විසින් එම පුද්ගලයාට වතුර වීදුරුවක් ගෙනවිත් දී තිබේ. ඒ මොහොතේ නිවසේ වෙනත් කිසිවෙක් නොමැති බව දැනගත් සැකකරු වතුර වීදුරුව පානය කිරීමෙන් අනතුරුව බෙල්ලෙන් අල්ලා තදකර කරාබු දෙක කන් පෙතිද සමගම කඩාගෙන පළාගොස් ඇත.
දැඩි කම්පනයට පත් එම කාන්තාව කතාකර ගත නොහැකිව එහි ඇද වැටී තිබේ. කැඩීගිය කන්පෙතිවලින් ලේ රූරා වැටෙන්නට පටන් ගෙන ඇති අතර ඇය කිසිවක් කර කියාගත නොහැකිව වැටුණු තැනම වැතිරී සිට ඇත. පසුව කුලී වැඩ නිමවා දිවා ආහාරය පිණිස ඇගේ සැමියා නිවසට ආ විට ලේ ගලමින් වැටී සිටි මැය දැක අවට වාසීන්ට කෑගසා ඇල්පිටිය මූලික රෝහලට ගෙන ගොස් තිබේ.
පසුව මේ සම්බන්ධයෙන් පිටිගල පොලිසියට පැමිණිලි කර ඇති අතර පොලිසිය පරීක්‌ෂණ ආරම්භ කර තිබේ. එහෙත් අදාළ පුද්ගලයා සොයා ගැනීමට නොහැකි වී ඇත.